මහින්ද තව වරක් ජනාධිපති ......

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද තව වරක් ජනාධිපති ......

ව්‍යවස්ථාව වෙනස් කරන්නේ මහින්දට තව වරක් ජනාධිපති වෙන්න" ෆවුසිගේ කතාවෙන් හෙළි වේ




2010 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 18:12

fausy.png
මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට බව පැවසුවත් එම සංශෝධිත ව්‍යවස්ථාව කුමක්දැයි මෙතෙක් රටට හෙළි කර නැත. නමුත් පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ඇමැති ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ කතාවකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය කුමක් සඳහාද යන්න හෙළි විය.


මෙහිදී ෆවුසි අමාත්‍යවරයා පැවසුවේ "තමුන්නාන්සේලා ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්න. එතකොට අපිට පුළුවන් මහින්ද රාජපක්ෂ මහතාට තවවරක් ජනාධිපති තර‍‍ඟෙට ඉදිරිපත් වෙලා තමුන්නාන්සේලාගේ ජනාධිපති හැටියට වැඩ කරන්න." යනුවෙනි.

ෆවුසි ඇමැතිරවරයාගේ මෙම ප්‍රකාශය අනුව මෙවර මහ මැතිවරණයේදී ශක්තිමත් ආණෟඩුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ ජනතාවට සහන ලබා සැලසීම සඳහා නොව වරත්මානයේ පවතින ව්‍යවස්ථාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි වූ ව්‍යවස්ථා නීතිය සංශෝධනය කොට නැවත වරන් මහහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව ජනාධිපතිවරයා වීමටය. ආණ්ඩුව පවසන සුභ අනාගතය මෙයද? අපට නැගෙන ගැටළුව මෙයයි.
 
  • Like
Reactions: Renesas
Jan 24, 2009
3,532
130
0
ඉතින් අන්කල් විවස්තාව වෙනස් කොරාට මදි නේ. මිනිස්සු චන්දේ දෙන්නත් ඕන නේ ජනාධිපති වෙන්න.අන්කල් දැම්මම ඊලග චන්දෙත් පරාද වෙනවා කියලා පිලිඅරගෙන වගේ:D:D:lol::lol::P:P
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඒ කියන්නෙ අතුල පිලිඅරන් මේ පාර තුනෙන් දෙකක් ආන්ඩුවට ලැබෙනව, කියල, අංකල් වල කජ්ජ ගහනකංම ඉතින් වෙන ආන්ඩුවක් එන එකක් නැහැ, අනේ මන්ද, එක්කො අංකල්ගෙ කරුමෙ, නැත්නම් රනිල්ගෙ කරුමෙ
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඉතින් අන්කල් විවස්තාව වෙනස් කොරාට මදි නේ. මිනිස්සු චන්දේ දෙන්නත් ඕන නේ ජනාධිපති වෙන්න.අන්කල් දැම්මම ඊලග චන්දෙත් පරාද වෙනවා කියලා පිලිඅරගෙන වගේ:D:D:lol::lol::P:P

ඒකට බැසිලුයි ඊලඟ මැකෝයි ඉන්නවා.


:lol::lol::lol::lol::lol::lol:
 
Jan 24, 2009
3,532
130
0
ඒකට බැසිලුයි ඊලඟ මැකෝයි ඉන්නවා.


:lol:
:lol::lol::lol::lol::lol:


මේවා ඉතින් අන්කල්ලගෙම වැරදි තමයි. රනිල්ගේ තාත්තා තව පුතෙක් හැදුවේ නෑ. අන්කල්ලට බලය තියෙන කාලේ අපක්ශපාතී (ඌ ඈන් පී පක්ශපාතී) කොමෙක්ව පත්කරගත්තේ නෑ:lol::lol:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඉතින් අන්කල් විවස්තාව වෙනස් කොරාට මදි නේ. මිනිස්සු චන්දේ දෙන්නත් ඕන නේ ජනාධිපති වෙන්න.අන්කල් දැම්මම ඊලග චන්දෙත් පරාද වෙනවා කියලා පිලිඅරගෙන වගේ:D:D:lol::lol::P:P
:yes:
 
Sep 1, 2009
2,359
215
0


මේවා ඉතින් අන්කල්ලගෙම වැරදි තමයි. රනිල්ගේ තාත්තා තව පුතෙක් හැදුවේ නෑ. අන්කල්ලට බලය තියෙන කාලේ අපක්ශපාතී (ඌ ඈන් පී පක්ශපාතී) කොමෙක්ව පත්කරගත්තේ නෑ:lol::lol:

:lol::lol::lol::lol::lol:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
elane!!! suddanta baya nathi mahinda wage presidentz la thawa kauda lankawe inne?


ලංකාවට චණ්ඩියා වෙන්න "විදෙස් බලපෑම්" ගෙන්වාගන්න ආණ්ඩුව සෑහෙන්න වියදම් කරලා



2010 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 19:15 ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් බලපෑම් සිදුවන බවට ප්‍රධාන උදාහරණය ලෙස ඉදිරිපත් කළ එක්සත් රාජධානියේ ආරක්ෂක කටයුතු පිළිබඳ විකල්ප අමාත්‍ය ලියම් ෆොක්ස් මහතාගේ ශ්‍රී ලංකා සංචාර සඳහා මුදල් ගෙවා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම යැයි හෙළිදරව් වී ඇත. මෙය හෙළි වී ඇත්තේ බ්‍රිතාන්‍ය දේශපාලඥයින්ගේ මූල්‍ය විනය පිළිබඳව BBC ලෝක සේවය විසින් කළ ගවේෂණයකදීය. ලියම් ෆොක්ස් මහතා මෙරටට පැමිණි සෑම අවස්ථාවකම ආණ්ඩුව විදෙස් බලපෑම් පිළිබඳව චෝදනා කළ අතර, ඒ මහතා මෙරටට පැමිණි කිහිප අවස්තාවකදීම එම පැමිණීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ උද්ඝෝෂණ පවා සිදු කරන ලදී. මෙම විරෝධය මුළුමනින්ම වංචාවක් බව අලුත්ම තොරතුරු හෙළිදරව් කරයි.

ලියම් ෆොක්ස් මහතා 2007 වසරේදී එක්වරක්ද, 2008 වසරේ එක්වරක්ද, 2009 වසරේ තුන්වරක්ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඊට අදාල සියලු වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශ රටක අනුග්‍රහයෙන් විදේශ ගත වන්නේ නම් ඊට අදාලව මුදල් වාර්තා සති 4 ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ලියම් ෆොක්ස් මහතා එම සම්ප්‍රදාය කඩ කර ඇත. 2007 නොවැම්බරයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් කළ සංචාරයට අදාල වාර්තා ඉදිරිපත් කර ඇත්තේ 2008 පෙබරවාරි මාසයේදීය. 2008 මාර්තු, 2009 මාර්තු, 2009 අගෝස්තු, 2009 නොවැම්බර් කළ සංචාරවලට අදාල ඔහු වාර්තා ඉදිරිපත් කර නැත.

මීට අමතරව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රී ඇන්ඩ්‍රැ ලෝව් 2006 අප්‍රේල් මස හා 2008 මාර්තු මස ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුත් ඊට අදාලව නීති රීති අනුගමනය කොට නැත. විදේශීය රටවලින් අනුග්‍රහ ලබන මන්ත්‍රීවරුන්ට එම රටවලට ආධාරදීම පිළිබඳව පාර්ලිමේන්තු යෝජනා ඉදිරිපත් කළ නොහැකි වුවත්, ලියම් ෆොක්ස් මහතා 2008 අප්‍රේල් 30 දින ද ලෝව් මහතා 2006 මැයි 24 වනදා ද ශ්‍රී ලංකාවට ආධාර දීම පිළිබඳ යෝජනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභා ගත කොට ඇත. මේ පිළිබඳ බ්‍රිතාන්‍ය තුළ දැඩි විරෝධයක් ගොඩ නැගී තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව තමන් විදෙස් මැදිහත්වීම්වලට එරෙහි යැයි කියමින් ඇතැම් විදෙස් නියෝජිතයින්ට එරෙහිව උද්ඝෝෂණය කරමින් කරන වංචාවද හෙළි දරව් වී තිබේ. මෙම බොහෝ විදෙස් මැදිහත්වීම් "අතින් ගෙවා" ගෙන්වා ගත් ඒවා බව මේ අනුව පැහැදිලිය.

Mahinda_Fox.jpg
Source
http://lankatruth.com/sin/index.php?...8-51&Itemid=27