~(Roopaya....)~

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔව්, අපි ඉඳුරන් පරිහරණය කරන්නෙ වැඩි වශයෙන්ම අයෝනිසෝමනසිකාරයෙන්. ඉතින් දුක දැක්කත් පේන්නෙ නෑ; අනිත්‍ය දැක්කත් පේන්නෙ නෑ.
මා හඳුනන මවක්, සහකරු විසින් පහර දෙනු ලැබ සිහිකල්පනාව තොර වූ ඇගේ දියණිය බලා ගත්තා වසර 8ක් තිස්සෙ. නහයෙන් බටයක් දාලා දියර වර්ග විතරයි දුන්නෙ. දර කොටයක් වගෙයි. ඇඳේම මළමූත්‍ර පහ කරනවා; හරවපු අතට හැරිලා ඉන්නවා; කතා කරන්න බැහැ. ඇහෙන, පෙනෙන දෙයක් තේරෙන්නෙ නැහැ. නමුත් මේ දියණිය මැරුණට පසුත් මව කීවෙ, "අනේ, දර කොටයක් වගේ හරි කමක් නෑ, දුව හිටියනම්" කියල.

ඒ වගේ, උපතක් ලැබූ රූපයකට විඳින්න සිදුවෙන දේ ඇස් පනාපිට පෙනි පෙනී, ඒ රූපය නිසා තමනුත් දුක් විද විඳ, අපි තව දුරටත් හිතන්නෙ රූපය වටිනවා කියලයි. මගේ කියන අදහස අයින් කරන්න හරි අමාරුයි.

මේ කතාව කියවනකොට දේවදූත සූත්‍රය මතක් වුනා..යම පල්ලා අහනවලු නේද ඔහොම අය දැක්කද කියලා...:shocked::shocked::shocked::shocked:
 
sudunone

Member
May 23, 2009
3,781
121

හ්ම් හ්ම්. අපි ඔක්කොම ඔහොම අය දැකල තියෙනවා. ඒ වෙලාවට 'අනේ...' කියල ඊට පස්සෙ අමතක කරල දානවා. අපේ රූපයටත් ඕකමයි වෙන්නෙ. අපි ආදරෙයි, ආසයි කියල බාර ගන්න රූපවලටත් ඔච්චරයි වෙන්නෙ.

තව ඕනෙද ඔය වගේ කතා?

දවසක් අපේ වාටුවට ඇතුලු කළා වයසක පියෙක්. අංශබාගයට ලක් වෙලා එක් තැන් වී ඉන්න ඔහුගෙ උඩු තල්ලෙ විශාල ගෙඩියක්. ඒක චලනය වෙන නිසා රුධිර ගමනය වෙන, රුධිරවාහිනීවලින් පිරුණු භයානක ගෙඩියක් වෙන්නැති, ඉක්මණට ඔපරේෂන් කරන්න ඕනෙ කියල තමයි ඇතුලු කළේ.
නමුත් වාට්ටුවෙදි මේ ගෙඩිය පුපුරා ගියා. ඒකෙ හිටියෙ පණුවො. එක්තැන් වෙලා, සෙලවෙන්න බැරුව කට ඇරගෙන හිටිය මනුස්සයගෙ තල්ලෙ මැස්සෙක් බිත්තර දාල. ඒව පුපුරලා ආ පණුවො තමා දඟලල තියෙන්නෙ. කට පුරාම පණුවො.
බොරු බේගල් කියනකොට, කේළම් කියනකොට, පරුෂ වචන කියනකොට, කටට පණුවො ගහන්න ඕනෙ කියල කියන්නෙ ඔන්න ඕකයි.:baffled:
 
මැස්සෙක් බිත්තර දැම්මම කොහොමද පණුවො එන්නෙ..මම හිතන්නෙ පණුවෙක් ඇතුලට යන්න ඇති..සමහර පළතුරු වල එහෙම පණුවො ඉන්නවානෙ..ෂුවර් එකට ඔය කියන්නෙ නෙමටෝඩා වංශිකයෙක් ගැන වෙන්න ඕනි..
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0
"මහා ගිනි අගුරු වලක් තිබේ. බඹ ගණනක් පළලය. මිනිසකු පොවනා තරම් ගැඹුරුය. අගුරු පමණක් පිරීතිබේ. ගිණිසිළු නැත. දුම් දැමිමක් නැත.
හැඩි දැඩි මිනිසුන් දෙදෙනෙක් සුවපහසු ලෙස ජීවත්වනු කැමති, අහිංසක මිනිසෙකු අල්ලා ඒ ගිනි වළ දෙසට ඇදගෙන එති. ඔහු පස්සට අදියි. බේරෙන්න වෙර වීරිය කරයි. ඒ අතට නැමෙයි. මේ අතට නැමෙයි. පසු පසට හැරෙයි. අත පය ගස්සයි. බිම වැටෙයි. ඇයි, පෝලිතය, ඒ මිනිසා එසේ කරන්නේ?"

"ස්වාමීනී, බුදුරජාණන්වහන්ස, ගිනි අගුරු වළට දැමුවොත්, "මා මැරෙනවා නැතිනම් මරණාසන්න දුකට පත්වෙනවා" යි ඒ මිනිසා දන්නා නිසයි".

"පෝලිතය, මේ කම් සැපතද ගිනි අගුරු වළක් වැනිය. බොහෝ දුක් සහිතයි, පීඩාදායකයි. ධර්මාවබෝධයෙන් යුතු තැනැත්තා එහි ආදීනව දනී. එබැවින් ඒවායින් වෙන් වන්නට මහන්සි දරයි".

( ම. නි. පෝලිත සුත්‍රය )

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මැස්සෙක් බිත්තර දැම්මම කොහොමද පණුවො එන්නෙ..මම හිතන්නෙ පණුවෙක් ඇතුලට යන්න ඇති..සමහර පළතුරු වල එහෙම පණුවො ඉන්නවානෙ..ෂුවර් එකට ඔය කියන්නෙ නෙමටෝඩා වංශිකයෙක් ගැන වෙන්න ඕනි..

තෝ දන්න ඉටිගෙඩිය. (හොර) දොස්තරලා ඕවා ඉගෙන ගත්තෙ උඹට කලින්..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මැස්සෙක් බිත්තර දැම්මම කොහොමද පණුවො එන්නෙ..මම හිතන්නෙ පණුවෙක් ඇතුලට යන්න ඇති..සමහර පළතුරු වල එහෙම පණුවො ඉන්නවානෙ..ෂුවර් එකට ඔය කියන්නෙ නෙමටෝඩා වංශිකයෙක් ගැන වෙන්න ඕනි..

මම බිත්තර දාපු සතාගෙ වරිගෙ හොයන්න ගියෙ නෑ බොල. පණුවො සියගානක් හිටියා- මොකෙක් හරි සතෙක් බිත්තර දාලා ඒවා පිපිරිලා කීටයො ඇවිත්.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම බිත්තර දාපු සතාගෙ වරිගෙ හොයන්න ගියෙ නෑ බොල. පණුවො සියගානක් හිටියා- මොකෙක් හරි සතෙක් බිත්තර දාලා ඒවා පිපිරිලා කීටයො ඇවිත්.

කලින් කියන් එපැයි කීටයෝ කියලා...:P