ඔව්, අපි ඉඳුරන් පරිහරණය කරන්නෙ වැඩි වශයෙන්ම අයෝනිසෝමනසිකාරයෙන්. ඉතින් දුක දැක්කත් පේන්නෙ නෑ; අනිත්‍ය දැක්කත් පේන්නෙ නෑ.
මා හඳුනන මවක්, සහකරු විසින් පහර දෙනු ලැබ සිහිකල්පනාව තොර වූ ඇගේ දියණිය බලා ගත්තා වසර 8ක් තිස්සෙ. නහයෙන් බටයක් දාලා දියර වර්ග විතරයි දුන්නෙ. දර කොටයක් වගෙයි. ඇඳේම මළමූත්‍ර පහ කරනවා; හරවපු අතට හැරිලා ඉන්නවා; කතා කරන්න බැහැ. ඇහෙන, පෙනෙන දෙයක් තේරෙන්නෙ නැහැ. නමුත් මේ දියණිය මැරුණට පසුත් මව කීවෙ, "අනේ, දර කොටයක් වගේ හරි කමක් නෑ, දුව හිටියනම්" කියල.
ඒ වගේ, උපතක් ලැබූ රූපයකට විඳින්න සිදුවෙන දේ ඇස් පනාපිට පෙනි පෙනී, ඒ රූපය නිසා තමනුත් දුක් විද විඳ, අපි තව දුරටත් හිතන්නෙ රූපය වටිනවා කියලයි. මගේ කියන අදහස අයින් කරන්න හරි අමාරුයි.
මේ කතාව කියවනකොට දේවදූත සූත්‍රය මතක් වුනා..යම පල්ලා අහනවලු නේද ඔහොම අය දැක්කද කියලා...







