තර්කය
බුදුරජාණන් වහන්සේ සංශෝදකයකි. නමුත් බෞද්ධයන් එතුමාට දෙවියෙකු සේ සලකා එතුමාගේ නමින් අඹන ලද පිළිම වලට වන්දනා කරයි.
********************************************
මෙම තර්කය ඇතුළත් වන්නේ අබු අමීතාහ් බිලාල් ෆිලීප්ස් විසින් රචිත එස්. ඇම් මන්සූර් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද "සත්‍ය ආගම" නැමති ග්‍රන්ථයේය. එය Sailani විසින් මෙහි පෝස්ට් කරන ලදී.
පිළිතුර
ප්‍රථමයෙන් කිවයුතු කරුණ නම් බුදුරජාණන් වහන්සේ "සංශෝධකයෙක්" යැයි මෙහි සදහන් කරුණ අසත්‍ය බවයි. ඊට හේතුව සංශෝධකයෙක් ළග ඇති රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් බුදුවරයෙක් තුල නොතිබීමයි. වරක් බුදුරජාණන් වහන්සේ උත්කට්ඨා නුවරත් සේතව්‍යා නුවරත් අතර ප්‍රදේශයේ දී දෝණ නම් බමුණා සමග සිදු කළ පහත සදහන් සංවාදය මීද නිදසුන්ය.
මෙම සංවාදය තුලින් පැහැදිලි වන කරුණක් ඇත. එනම් බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුට පමණක්(අසමසම) විනා දෙවියෙකුටවත් සංශෝධකයෙකුටවත් නොවන බවයි.
මොවුන් ඊළගට ඉදිරිපත් කරන තර්කය නම් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට දෙවියෙකු සේ සළකන බවයි.
නැවතත් මෙම පුද්ගලයා පොට පටලවාගෙන, වලිගය පාගා ගෙන ඇත. ඉහත සංවාදයෙන්ද පැහැදිලි වන පරිදි බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙක්ට පමණි. බෞද්ධයන් බුදුරජාණන් වහන්සේව දෙවියෙකු සේ සළකන්නේ නැත. එබැවින් අබු අමීතාබ් ඉදිරිපත් කරන මෙම තර්කය හුදෙක් කරුණු නොදන්නාකම නිසා හෝ කුහකකම නිසා ඉදිරිපත් කරන ලද හරසුන් තර්කයකි.
එසේම බෞද්ධයන් බුදු පිළිම වලට වන්දනා කර ඉන් පිහිටක් බලාපොරොත්තු වන්නේ ද නැත. බෞද්ධයන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේ කළ සේවය වෙනුවෙන් එතුමාට ගෞරව කිරීමකි; ආචාර කිරීමකි. බුදු පිළිමය යොදාගන්නේ බුදුරජාණන් වහන්සේ නියෝජනය කිරීමට යොදන සංකේතයක් ලෙස පමණි.
එය මෙවැනි දෙයකි.
හමුදා සෙබලෙක් ජාතික ධජයට ආචාර (salute) කරයි. එහිදී ඔහු කරන්නේ සිය රටට ගෞරවය ප්‍රකාශ කිරීමකි. ජාතික ධජය යොදාගන්නේ රට නියෝජනය කිරීමට යොදන සංකේතයක් (symbol) ලෙසය. මෙසේ කරන ආචාර කිරීම "ජාතික ධජයට වන්දනා කරනවා" යැයි කිව නොහැක.
එලෙසම බුදුන් වහන්සේ විසින් කළ සේවය අගයමින් බෞද්ධයන් බුදුන් වහන්සේට ගෞරව කර ආචාර කරයි. ඉහත දී හමුදා සෙබලා රට නියෝජනය කිරීමට සංකේතයක් ලෙස ජාතික ධජය යොදාගත්තා මෙන් බෞද්ධයන් බුදුහු නියෝජනය කිරීමේ සංකේතයක් ලෙස බුදුපිළිමය යොදාගනී. මෙසේ ආචාර කිරීම "වන්දනාවක්" යැයි සැළකිය නොහැක. (Buddhism is NOT an idolaters' religion)
********************************
තමන්ගේ වර්ගයා විතරක් පොලොව මත සිටිය යුතු යැයි යන මතයේ සිටිනා මෙවන් පරපීඩාකාමී මනෝව්‍යාධිකයන්ගේ තර්කයන් හමුවේ බුදුදහම පසුනොබසින බව අවසන් වශයෙන් කිව යුතුය.

“ඔබ දෙවියෙක් ද?”
“නැත බමුණ , මම දෙවියෙක් නොවෙමි”
“ඔබ එහෙනම් ගාන්ධර්වයෙක්ද?”
“නැත බමුණ , මම ගාන්ධර්වයෙක්ද නොවෙමි”
“එහෙනම් ඔබ යක්ෂයෙක්ද?”
“බමුණ ,මම යක්ෂයෙක්ද නොවෙමි.”
“එහෙනම් ඔබ මනුෂ්‍යයෙක්ද?”
“බමුණ , මම මනුෂ්‍යයෙක්ද නොවෙමි.”
“භවන්ති, මේක හරි පුදුම කථාවක්නේ , එහෙනම් ඔබ කවුද?” බමුණ ,දෙවියන් ගාන්ධර්වයන් හා යක්ෂයන් ළඟ කාමාදී කෙලෙස් තිබේ. කාම කෙලෙස් කිසිවක් නැති මම දෙවියෙක් හෝ ගාන්ධර්වයෙක් හෝ යක්ෂයෙක් නොවෙමි. එසේ ම මිනිසුන් තුළත් කෙලෙස් පිරී තිබේ. සියලුම කෙලෙස් නැති කළ නිසා මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද නොවෙමි. බ්‍රාහ්මණය, ජලයෙහි ම ඉපදී ,ජලයෙහි ම වැඩී , ජලයෙන් ඉහලට මතු වී ජලයෙහි නොගෑවී සිටිනා මහනෙල් මල් නෙළුම් මලක් හෝ සුදු නෙළුම් මලක් පරිද්දෙන් මිනිසුන් අතරම ඉපදී , මිනිසුන් අතරම වැඩී , මිනිසුන්ගෙන් ඉස්මතු වී මිනිසුන් සමඟ නොගෑවී , නොබැදී ඉන්නා කෙනෙකි මම . බ්‍රාහ්මණය , මම සියලුම කෙලෙස් නැති කළ උසස්ම මනුෂ්‍යයෙක්.බමුණ, මම බුදුවරයෙක්
මෙම සංවාදය තුලින් පැහැදිලි වන කරුණක් ඇත. එනම් බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුට පමණක්(අසමසම) විනා දෙවියෙකුටවත් සංශෝධකයෙකුටවත් නොවන බවයි.
මොවුන් ඊළගට ඉදිරිපත් කරන තර්කය නම් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට දෙවියෙකු සේ සළකන බවයි.
නැවතත් මෙම පුද්ගලයා පොට පටලවාගෙන, වලිගය පාගා ගෙන ඇත. ඉහත සංවාදයෙන්ද පැහැදිලි වන පරිදි බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙක්ට පමණි. බෞද්ධයන් බුදුරජාණන් වහන්සේව දෙවියෙකු සේ සළකන්නේ නැත. එබැවින් අබු අමීතාබ් ඉදිරිපත් කරන මෙම තර්කය හුදෙක් කරුණු නොදන්නාකම නිසා හෝ කුහකකම නිසා ඉදිරිපත් කරන ලද හරසුන් තර්කයකි.
එසේම බෞද්ධයන් බුදු පිළිම වලට වන්දනා කර ඉන් පිහිටක් බලාපොරොත්තු වන්නේ ද නැත. බෞද්ධයන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේ කළ සේවය වෙනුවෙන් එතුමාට ගෞරව කිරීමකි; ආචාර කිරීමකි. බුදු පිළිමය යොදාගන්නේ බුදුරජාණන් වහන්සේ නියෝජනය කිරීමට යොදන සංකේතයක් ලෙස පමණි.
එය මෙවැනි දෙයකි.
හමුදා සෙබලෙක් ජාතික ධජයට ආචාර (salute) කරයි. එහිදී ඔහු කරන්නේ සිය රටට ගෞරවය ප්‍රකාශ කිරීමකි. ජාතික ධජය යොදාගන්නේ රට නියෝජනය කිරීමට යොදන සංකේතයක් (symbol) ලෙසය. මෙසේ කරන ආචාර කිරීම "ජාතික ධජයට වන්දනා කරනවා" යැයි කිව නොහැක.
එලෙසම බුදුන් වහන්සේ විසින් කළ සේවය අගයමින් බෞද්ධයන් බුදුන් වහන්සේට ගෞරව කර ආචාර කරයි. ඉහත දී හමුදා සෙබලා රට නියෝජනය කිරීමට සංකේතයක් ලෙස ජාතික ධජය යොදාගත්තා මෙන් බෞද්ධයන් බුදුහු නියෝජනය කිරීමේ සංකේතයක් ලෙස බුදුපිළිමය යොදාගනී. මෙසේ ආචාර කිරීම "වන්දනාවක්" යැයි සැළකිය නොහැක. (Buddhism is NOT an idolaters' religion)
********************************
තමන්ගේ වර්ගයා විතරක් පොලොව මත සිටිය යුතු යැයි යන මතයේ සිටිනා මෙවන් පරපීඩාකාමී මනෝව්‍යාධිකයන්ගේ තර්කයන් හමුවේ බුදුදහම පසුනොබසින බව අවසන් වශයෙන් කිව යුතුය.

අපි මීට වඩා මේ දේවල් ගැන අවදානයෙන් ඉන්න ඕනේ..