කෘතගුණ අමුඩය.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    කෘතගුණ අමුඩය.


    මෙසේ නග්නභාවයට පත්වූ රජ්ජුරුවෝ ප්‍රමුඛ අඳබාලයන් රැළ තම නව උපායමාර්ගයේ තීක්ෂණභාවය පිළිබඳව ගත හිරිපොළා ගියාහු තම සෙළුව පිළිබඳවැ අංශුමාත්‍රවූද අවධානයෙක් නොමැතිව සුරා පානයෙන් මත්වැ නිඝණ්ඨ රැළක් මෙන් සෙළුවෙන්ම නටන්නට පටන්ගත්හ.මෙසේ තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ නටාපියා අවසන්වැ සිහි එළඹගත්තාහු තම තමා නිරුවත් බව දැන දැනත් අනෙකාගේමැ අසුවල් අවයවයැ පෙන්නාපියා උසුළු විසුළු කරන්නාහ.


    “කොල,තොපේ සළුව කොහිදැ?ඉදින් අපිනම් නග්නවැ වෙසෙන්නට විළි ඇත්තම්හ.වහ වහා සළුවක් ඇඳපියව”යයි එකිනෙකාටමැ විසුළු කොටැපියන්නාහ.


    මෙවිට උදාසනක් සේමැ රජවාසළ පැමිණියාවූ දොරටු පල්ලෙක් විළි වැදැ තෙළ නිඝණ්ඨ රළ අමතා මෙසේ කියන්නාහ.”මහරජ බලුගැත්තා ගැන කමත්වා.මුඹ වහන්සේ ප්‍රමුඛ අසූ කෙළක් අමාත්‍ය මණ්ඩලයේද,ඌරුවංශයාගේද නිරුවත හෙළිවී ඇති නියාය.ඉදින් මහාජනයා කැට මුඟුරු ගෙන අපි ඇම පළවාපියන්නට පෙර යම්තම් වස්ත්‍රයෙක් වත් ඇඳැපීම යුක්තවන්නේනම් මැනැවි”.


    එකල්හි උන් ඇමගේ පශ්චාත්භාගයන් සීතලවැ ගියාහු මහත්සේ බියපත්වැ තූෂ්ණිම්භූත වූහ.රජ්ජුරුවෝ වහ වහා ඌරුවංශයා විචාරන්නාහු”බලව තගේ නුනුවණකම් නිසා අප ඇමගේ ඇඳිවත ගැලැවුණු නියාය.වහා සුදුසු සළුවක් ගෙන්වාපියා අපට අඳවාපියව.නොඑසේනම් හුණපත්තෙන් මරවා පිටිකරැ ගස්වමි”යි කීහ.


    ඌරුවංශයා නොපමාවැ රාජ භාණ්ඩාගාරය විවෘතකරවා සැටකෝටියක් සළු ගෙන්වාපියා රජ්ජුරුවන් විළි වසන්නට තැත්කළමුත් එකදු සළුවෙක් උන් හිණැ නොරැඳෙන්නේය.


    එම සළු කිහිපයෙක් වනාහි මෙසේ යයි දතයුතුය.

    01.ඒකීය රාජ්‍ය සළුව

    02.විදේශ කුමණ්ත්‍රණ සළුව

    03.මැදමුලනී චින්තන සළුව

    04.පණ ඇති නායකත්ව සළුව

    05.සෞඛ්‍ය අභිවෘද්ධි සළුව

    06.මරක්කයාගේ පන්කෝටියේ අත්ලස් සළුව

    07.කලා අභිවෘද්ධි සළුව යනාදී වශයෙනි.


    මේ කවර සළුව ඇන්දද උන්ගේ සෙළුවමැ පෙනේ.එකල්හි ඌරුවංශයා රජ මාලිගයේ අටු කොණෙක තිබී වියතෙක පමණ ගොරෝසු රෙදිකඬක් සොයාපියා රජ්ජුරුවෝ හැඳවූහ.එයින් යම්තම් උන්ගේ විළි වැසුණු නමුත් එහි සිටි නොඑක් ආකාර මැක්කන් ආදිය කෑමෙන් අසුවල් ස්ථානයේ බලවත් කැසිල්ලක් අටගත්තැයි දතයුතුය.මේ කැසිල්ල කරණකොටැගෙන රජ්ජුරුවෝ මහාජනයා අමතාපියන තැන් වලදී හිටවනමැ දෑසින් කඳුළු වැගිරෙන්නේයැ,හිටිවනමැ නිරුත්තර වන්නේයැ,හිටිවනමැ උන්තැන් අමතකවැ සොළී බසින් රටවැසියා අමතන්නේයැ,හිටිවනමැ කෝප වන්නේයැ.


    මේ මහාර්ඝ සළුව වනාහි කෘතගුණ අමුඩය නමි.



    Original :- http://palaamalla.wordpress.com/2010/03/08/කෘතගුණ-අමුඩය/

    Thanks a lot for original writer....!! :yes: :)


    See more :- http://www.elakiri.com/forum/showthread.php?t=583207

    For More :-

    Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

    Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

    Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

    Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

    Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

    Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

    Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

    Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
     
    ”මහරජ බලුගැත්තා ගැන කමත්වා.මුඹ වහන්සේ ප්‍රමුඛ අසූ කෙළක් අමාත්‍ය මණ්ඩලයේද,ඌරුවංශයාගේද නිරුවත හෙළිවී ඇති නියාය.ඉදින් මහාජනයා කැට මුඟුරු ගෙන අපි ඇම පළවාපියන්නට පෙර යම්තම් වස්ත්‍රයෙක් වත් ඇඳැපීම යුක්තවන්නේනම් මැනැවි”.:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ”මහරජ බලුගැත්තා ගැන කමත්වා.මුඹ වහන්සේ ප්‍රමුඛ අසූ කෙළක් අමාත්‍ය මණ්ඩලයේද,ඌරුවංශයාගේද නිරුවත හෙළිවී ඇති නියාය.ඉදින් මහාජනයා කැට මුඟුරු ගෙන අපි ඇම පළවාපියන්නට පෙර යම්තම් වස්ත්‍රයෙක් වත් ඇඳැපීම යුක්තවන්නේනම් මැනැවි”.:lol::lol::lol:

    :lol::rolleyes::rolleyes::lol: