මිනිසා

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් අයට ප්‍රයොජනවත් විය හැකි වැදගත් කරුණූවලින් සමන්විත ත්‍රේඩ් එකක්. දිගට ම කරගෙන යන්න.
     
    • Like
    Reactions: heshi32

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගර්ත

    alveoli.gif

    alveoli.jpg

    මිදි පොකුරක් වැනි හැඩයක් ඇත.වැඩුනු පුද්ගලයෙකුගේ හර්දයේ මිලියන 300ක් පමණ ගර්ත දක්නට ලැබේ.මෙම ගර්ත සියල්ලේහිම වර්ගපලය ටෙනිස් පිටියක වර්ගපලයට පමණ සමානවේ.රුධිරය සමඟ වායු හුවමාරුව සිදු කරන්නේ මෙම ගර්ත සහ ගර්තික ප්‍රනාලයි.වායු හුවමාරුව කාර්යක්ශම වීම සඳහා ගර්ත වටා විශාල වශයෙන් රුධිර කේශ නාලිකා දක්නට ලැබේ.

    humrespsys3.gif

    alveoli.gif

    තනි සෛල ස්තරයකින් සෑදි ඇති මෙම ගර්ත තුල තරලයක් අන්තර්ගත වේ.මෙය ගර්තික තරලය ලෙස හැඳින්වේ.මෙමගින් පහත කාර්යන් සිදුකරයි.

    1.ප්‍රශ්වාසයේදි ගර්ත බිත්ති එකිනෙක ඇලිම වලක්වයි
    2.ආශ්වාසයේදී ගර්ත තුලට දේහ තරලය ඇතුල් වීම වලක්වයි(ආස්‍රැති පීඩන සමාන කිරිම මගින්)
    3.ගර්ත බිත්තිය හරහා වායු හුවමාරුව පහසු කරයි.

    ගර්තික තරලය ස්‍රාවය කරනු ලබන්නේ ගර්ත බිත්තියේ ඇති විශේෂ ලිපිඩ්ස්‍රාවී සෛලයක් මගිනි.මෙම තරලයේ ඇති surfactant ලෙස හැඳින්වෙන තරලය මගින් වාත-තරල අතුරු මුහුණතේ ඇති පෘෂ්ඨික ආතතිය අඩු කරනු ලබයි.

    මේකේදි ටිකක් අමුතු වචන ටිකක් යෙදුනා.කරන්න දෙයක් නැ.පුලුවන් තරම් සරලව තමා දැම්මේ.තේරෙන්නේ නැතිදෙයක් තියෙයි නම් අහන්න.

    56195705.png
     
    • Like
    Reactions: heshi32

    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    ඔන්න මාත් එහෙන් මෙහෙන් පොඩ්ඩක් හොයා ගත්තා. :)
    1)සාමාන්‍ය වෙලාවලට මිනිහෙක් අඩුම තරමේ 14-16 පාරක්වත් විනාඩියකට හුස්ම ගන්නවලු. exercise කරපු වෙලාවක නම් ඒක 60 ක් වෙනකම් වෙඩි වෙන්නත් පුලුවන්ලු. :nerd:
    2)ඉපදුන ගමන් ළමයෙක් විනාඩියට 40 වතාවක් විතර හුස්ම ගත්තත් අවුරුදු 5 වෙනකොට ඒක 25 ට විතර අඩුවෙනවලු.
    3)ශරීරය අතුලෙ තියෙන, වතුරෙ පාවෙන එකම ඉන්ද්‍රිය පෙනහලු ලු.:rolleyes:
    4)දකුණු පෙනහැල්ල වම් පෙනහැල්ලට වඩා පොඩ්ඩක් ලොකුයිලු. :baffled:
    5)ශ්වසනය මගින් දවසකට වතුර ලීටර් බාගයක් විතර අපෙ ඇඟෙන් ඉවත් වෙනවලු. :no:
    6)මෙච්චර කාලෙකට වාර්තා වෙලා තියෙන speed එක වැඩිම කිවිසුමේ වේගය 90 miles per hour ලු. :oo::oo:

    thawa passe daannam
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location

    maxxa bro.keep it up!:):):)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    3)ශරීරය අතුලෙ තියෙන, වතුරෙ පාවෙන එකම ඉන්ද්‍රිය පෙනහලු ලු.:rolleyes:

    අද කතාව මෙතනින් පටන්ගන්න හිතුවා.

    ඔව්.මේක ඇත්ත.එත් පෙනහලු තියෙන්නේ ජලයේ නම් නෙමි. ප්ලුරා ලෙස හැඳින්වෙන තරලයකින් වට වෙලා තමා පෙනහලු පිහිටන්නේ.එත් ඔයාලට හිතෙයි ඒ මොකටද කියලා. ඇත්තටම කිව්වොත් මේ තරලය නැත්නම් අපිට හුස්ම ගන්න බැ.එ මොකද කියලා පස්සේ තේරෙවි.

    0199210896.pleura.1.jpg

    pleura.jpg

    ඔයාලට පේනවා ඇති මේ ප්ලුරා තරලය පිහිටන්නේ පටල 2කින් වටවූ අවකාශයක කියලා.ඒ කියන්නේ අන්තරන්ග ප්ලුරා පටලය හා බාහිර ප්ලුරා පටලය කියන පටල 2කින් වට වෙලා තීයෙනවා.

    මේ ප්ලුරා තරලයේ අවශයතාව ශ්වසන යාන්ත්‍රණයේදී තේරේවි.:):)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ශ්වසනය සිදුවන ආකාරය

    brain.gif

    ඉස්සේල්ලම වෙන්නේ සුෂුම්නා ශීර්ශකයේ(medulla) ඇති ශ්වස්න පාලක මධයස්ථානය ඉබේ උත්තේජනය වෙන එකයි. මේමගින් ඇතිවන ආවේග බාහිර අන්නර් පර්ශුක පේශි වලටත් මහා ප්‍රාචීරයේ පේශි වලටත් යවනවා.

    p_2110275.jpg

    expiration-or-exhalation.jpeg

    මේ ආවේග නිසා ම්හා ප්‍රාචීරය හා බාහිර අන්ත‍්ර පර්ශුක පේශි සංකෝචනය වෙන්න පටන්ගන්නවා.මේ නිසා උරස් කූඩුව තුල පරිමාව වැඩි වෙනවා.මේ නිසා ඊට සම්බන්ධව තියෙන ප්ලුරා පටලයෙත් පරිමාව වැඩි වෙනවා.මේ නිසා ප්ලුරා තරලයේ පීඩනය අඩුවෙලා අන්තරංග ප්ලුරා පටලයත් එකට ඇදලා ගන්නවා.මේ නිසා පෙනහලු තුල බාහිර පීඩනයට වඩා අඩුවෙලා පීඩන අන්තරය 0 වෙනකන් වාතය ඇතුලට ඇදෙනවා.පේශි සංකෝචයනය වෙන්න ශක්තිය අවශ්ය නිසා ආශ්වාසය ශක්තිය වැයවන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනවා

    දැන් ඔයාලට තේරෙනවා ඇති ප්ලුරා තරලයේ වැදගත්කම. ප්ලුරා පටලයේ හිලක් තීයේ නම් ඒ අයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙනවා

    ප්‍රශ්වාසයේදි සුෂුම්නා ශීර්ශකය මගින් ලබාදුන් ආවේගය නවත්වනවා.මේ නිසා ම්හා ප්‍රාචීරය හා බාහිර අන්ත‍්ර පර්ශුක පේශි ඉහිල් වීමෙන් පෙර ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය සිදුවීමෙන් ප්‍රශ්වාසය සිදුවෙනවා

    92936-034-8881E781.jpg
     
    Matti PuuSa

    Member
    Dec 10, 2009
    2,026
    43
    0
    “Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.”

    Albert Abasingha

    “The religion of the future will be a cosmic religion. The religion which based on experience, which refuses dogmatic. If there's any religion that would cope the scientific needs it will be Buddhism....”

    Albert Edirisingha
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    “Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.”

    Albert Abasingha

    “The religion of the future will be a cosmic religion. The religion which based on experience, which refuses dogmatic. If there's any religion that would cope the scientific needs it will be Buddhism....”

    Albert Edirisingha

    aiyoo mama hituwe me thread1kata wath religion gewichcha nethi comment1k dawi kiyala.koheda ithin...:angry::angry::angry::oo::oo::oo:
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    wachana tika therunaata pictures ekka process eka galapa ganna bariuna.
    sinhala word eka issaraha picture eke english wordekath dammanam hari
    Anyway im trying to understand this. keep posting elaaz