ආදරණීය අබේ....

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
picture.php

අපව හැරදා ගියද සමුගෙන
රැඳෙනු ඇත ඔබ සදා සවනත
එපමණක් නොව ඔබ ලබා දුන්
මිහිර අපමණ තරම් විය මට....

නොදැක ඇති මුදු නුඹව හැබැහින්
හදවතේ නුඹ හට ඉඩක් විය...
ඒ ඉඩෙහි නුඹ කරපු හරඹය
සදාකල් මා හදට සුවඳය...

අපව සැනසූ ඒ සොඳුරු හඬ
යලිත් පතනට දිරිය නැත මට
නිවන් පුර රන් දොරටු හැරගෙන
යන්න පින් පෙත් පතමු නුඹ හට....
.

පිංතූරෙ ගත්තෙ මෙතැනින්..
 
Last edited:
  • Like
Reactions: Amalka101

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
mara gayakeyek
dinga dinga apita hoda kalakarayo ahimiwemin yanawa

ඔව් සහෝ... මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන වගේ ම අබේවර්ධන බාලසූරියත් අපේ හදවතට ඉතා හොඳින් දැනෙන්න ගී ගයපු ගායකයෙක්.. ඔහු අප සවන්පත් අතර සදා රැඳේවි...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අබේ ගායකයෙක් විතරක් නෙවේ දක්ෂකම්පිරි නිශ්පාදකයෙක්, ඔහු ඔපකල මිණිමුතුවක් තමයි රූපවාහිනියේ ගොඩාක් ප්‍රසිද්ධ වූ නන්දන වින්දන සංගීත ප්‍රසංගය.

අබේ නිසා ගොඩාක් අය ඉදිරියට ආවා රූපවාහිනිය තුලින්.

ගායකයෙක් වශයෙන් ඉතා ප්‍රියකර අයෙක්. ඒ ගී හඬ කවදත් රැව්දේවි...

සොයුරාණෙනි අබේ, ඔබට නිවන් සුව!
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අබේ ගායකයෙක් විතරක් නෙවේ දක්ෂකම්පිරි නිශ්පාදකයෙක්, ඔහු ඔපකල මිණිමුතුවක් තමයි රූපවාහිනියේ ගොඩාක් ප්‍රසිද්ධ වූ නන්දන වින්දන සංගීත ප්‍රසංගය.

අබේ නිසා ගොඩාක් අය ඉදිරියට ආවා රූපවාහිනිය තුලින්.

ගායකයෙක් වශයෙන් ඉතා ප්‍රියකර අයෙක්. ඒ ගී හඬ කවදත් රැව්දේවි...

සොයුරාණෙනි අබේ, ඔබට නිවන් සුව!

ඔව් මට මතකයි අපි කුඩා කාලයේ ඉතාමත් ප්‍රිය කළ වැඩසටහනක් "නන්දන වින්දන". ඔහුගේ අති මධුර ගී රැස අතුරින්...

රැලකින් තනිවී...
මලක මෙලෙක....
රෑ පැල් රකින....
දිනෙක මතුදා...
මගෙ සිත පිරී තිබෙන්නේ ... (නිරංජලා සමග)
විහඟක වූ ඔබ....
පෙඳ පාසි සොයාලා...
සැරසිලි ගොක්කොල ...
මං නැති දා...
නැති බැරි මොහොතක....
ඔබෙන් තොර ලෝකයක්...
කල්පනා ලොව මල්වනේ...
මුදු මුහුණේ... (නිරංජලා සමග)
පියාණනේ මා නැවත උපන්නොත්....
බොඳ මීදුම් කඳුරැල්ලේ... (සුජාතා සමඟ)
......
කොහොම ලියලා ඉවර කරන්නද...?
ඒ තරම් මියුරු ගී රැසක් ලයාන්විතව ගායනා කරපු ඔහු ගැන කොහොම ලියලා ඉවර කරන්නද..?
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අබෙවර්ධන බාලසූරිය කියන්නෙ අසහාය ගායකයෙක් විතරක්ම නෙවි විවිධ කුසලතා වලින් පිරි ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් චතුර. මමත් ගොඩක් අාසම කලා කරුවෙක්. ඔහු නැති ඒ අඩුව කවදාවත් පිරවෙන ඒකක් නෑ. අපි පාසැල් යන කාලෙ මම ලියාපු පුංචි පුංචි පද පේලි කටහඩ මුසු කරල කනිටු සරසවියට කිව්වෙ නිරංජලයි, සමන් අතාවුදහෙට්ටි අයියයි. ඒ කාලෙ අබෙ අයිය ඒ වැඩසටහන් නිශ්පාදනය කලේ. මමත් කවදාවත් ඔවුන්ව දැකල නැහැ. නමුත් අදටත් ඒ අය ගැන ලොකු ෙගෟරවයක් හිතේ තියෙනව. ඔහුට නිවන් සුව පතමින්, ඔබට මෙ නිර්මානයට ස්තූතිය !
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අබේ අයියා මං හැබැහින් ඇසුරු කල කෙනෙක්..මං කලාව හා සම්බන්ධව සිටි ලස්සන අතීතයක් මටත් තිබුනා. ඒ අතීතයේ දැල්වුන පහනේ එක් පහන් තිරයක් තමයි මෙ සොඳුරු මිනිසා..

අබේ අයියාට නැවත අප අතරම ඉපදී අපව පෙර මෙන් ලයාන්විත ගීයෙන් සනසන්න ලැබේවා කියල මහ ආත්මාර්කාමී සිතුවිල්ලක් මගේ සිතේ ඉපදෙනවා ඔහුට නිවන් සුව පතනවට වඩා...

ඒත් අබේ අයියා ආයේ කවදාවත් එන්නේ නෑ කියල හිතෙනකොට ඒ අඩුව පුරවන්න කල්ප කාලාන්තරයක් ගියත් කාටවත් බැරුව යයි කියල හිතට මහ අමුතු වේදනාවක් හීනියට තුරුල් වෙනවා...

මල්ලියා හොඳ මානුෂික සැමරුමක්...මල්ලියට පින්...
 
nwnbs

Member
හොඳ මිනිස්සු දවසින් දවස අපෙන් සමුගන්නව. ඔවුන්ගෙන් හිස් වෙන තැන් පුරවන්නට තබා ඒ අසලින් සිටින්නටවත් කෙනෙක් බිහිවෙනවානම්... රොන් අයියා කිව්ව වගේ නැවතත් අප අතරම ඉපදී අප සිත් සනසාලන්නට හැකිවෙන්න කියල පතන්න හිතෙනව. ඒත්... එතුමාට නිවන් සුව පතමු...!!!
බොහොමත්ම අගනා නිර්මාණයක් යාළුවා...
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අබෙවර්ධන බාලසූරිය කියන්නෙ අසහාය ගායකයෙක් විතරක්ම නෙවි විවිධ කුසලතා වලින් පිරි ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් චතුර. මමත් ගොඩක් අාසම කලා කරුවෙක්. ඔහු නැති ඒ අඩුව කවදාවත් පිරවෙන ඒකක් නෑ. අපි පාසැල් යන කාලෙ මම ලියාපු පුංචි පුංචි පද පේලි කටහඩ මුසු කරල කනිටු සරසවියට කිව්වෙ නිරංජලයි, සමන් අතාවුදහෙට්ටි අයියයි. ඒ කාලෙ අබෙ අයිය ඒ වැඩසටහන් නිශ්පාදනය කලේ. මමත් කවදාවත් ඔවුන්ව දැකල නැහැ. නමුත් අදටත් ඒ අය ගැන ලොකු ෙගෟරවයක් හිතේ තියෙනව. ඔහුට නිවන් සුව පතමින්, ඔබට මෙ නිර්මානයට ස්තූතිය !

අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි සොයුරිය...
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හදවතට සමීප වන්නට හැකි වූ තවත් කලා කරුවෙක්.
එවැනි කලා කරුවන් පිළිබද කරන ලද නිර්මාණයට ස්තූතියි සහො.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අබේ අයියා මං හැබැහින් ඇසුරු කල කෙනෙක්..මං කලාව හා සම්බන්ධව සිටි ලස්සන අතීතයක් මටත් තිබුනා. ඒ අතීතයේ දැල්වුන පහනේ එක් පහන් තිරයක් තමයි මෙ සොඳුරු මිනිසා..

අබේ අයියාට නැවත අප අතරම ඉපදී අපව පෙර මෙන් ලයාන්විත ගීයෙන් සනසන්න ලැබේවා කියල මහ ආත්මාර්කාමී සිතුවිල්ලක් මගේ සිතේ ඉපදෙනවා ඔහුට නිවන් සුව පතනවට වඩා...

ඒත් අබේ අයියා ආයේ කවදාවත් එන්නේ නෑ කියල හිතෙනකොට ඒ අඩුව පුරවන්න කල්ප කාලාන්තරයක් ගියත් කාටවත් බැරුව යයි කියල හිතට මහ අමුතු වේදනාවක් හීනියට තුරුල් වෙනවා...

මල්ලියා හොඳ මානුෂික සැමරුමක්...මල්ලියට පින්...

අයියාටත් ගොඩාක් පිං