තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#

අප රට අපකීර්තියට පත් කිරීම සදහා තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්- මෙවර ආසියාවෙන්!

2:55 PM // 0 comments // Sri Lanka Guardian // Category: // හෝටලයක නැවතී සිටියත් හොද හෝටලයකින් කෑවත් එය සිහිවන පිණිස යමක් අරගෙන ඒම සමහරුන්ගේ සිරිතක් ය. එය පුංචි හැන්දක් ගෑරුප්පුවක් හෝ ඊට වඩා තරමක වටිනා එකක් ද වීමට ඉඩ තිබේ. ඒ මොකක් ගෙනාවත් හොරකමකට නම් ‍නොවේ. සමරු සටහනක් ලෙස අරන් තියා ගැනීමට ය.

‍ඉතින් අපේ රටේ තනාපති කාර්යාල මණ්ඩලයට අයිති කෙනෙක්ද ජපානයේ ගෘහභාණ්ඩ සහිතව ගෙයක් කුලියට ගෙන ඉද එනවිට මතක් වෙන්නට සමරු භාණ්ඩ කීපයක් රැගෙන විත් තිබේ.

ඒවා අතරට ඉපැරණි පියා‍නෝවක් ද තිබී ඇති බව සැබෑ ය. ඒ වුනත් ඉතින් ඒවා ගෙන ආවේ සුන්දර මතකයන් රදවා ගැනීමට සමරුවක් හැටියට බව ගෙයි අයිතිකරුට තේරුම් ගැනීමට බැරිව තිබේ. කොහෙද පිටරට එවුන් පොළොවෙ පය ගහගෙන ඉන්න එවුන් යැයි?

ඇත්තටම ඒ මහතා එහෙම හොරකමක් නම් කරන කෙනෙක් නොවේ. එතුමා ශ්‍රීලනීප නීතිඥ සංගමයේ සාමාජිකයෙක් වන අතර පරණ පොලිස් කාරයෙක් ද වෙයි.

එයින් කියවෙන්නේ වෙන කාටත් වඩා හොදින් නීතිය දන්නා කෙනෙක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙන්ම අර්ථ නිරූපනයේ ද හසල පළපුරුද්දක් සහිත බවත් ය. ඊටත් අමතරව රටට සුභ අනාගතයක් පතන පක්ෂයක එතුමා ක‍්‍රියාකාරී සමාජිකයෙක් ද බවත් ය

එහෙම කෙනෙක් හොරකමක් කරයි කියා හිතන්න පුලුවන් ද?

මට නම් හිතෙන්නේ මේ ජපනා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන්ට කඩේ යන මිනිසෙකු විය හැකි බව ය. නැතිනම් පියානොවක් වැනි පුංචි දෙයක් සමරුවක් ලෙස අරගෙන ගිය පළියට ඔය තරම් කෑකොස්සන් ගහන්නට වුවමනා ද?

ඒ මදිවාට මේ ගෙය කුලියට ගැනීමේ දී ශ්‍රී ලංකා තනාපති කාර්යාලය විසින් තැන්පත් කර ඇති රු 762500 ක් වටිනා ඇප මුදලද නැවත නොගෙවන බවට ජපනා කයිවාරු ගසා ඇත. මූ නම් බෑන් කී මූන් ගේ නෑදැයෙක් විය හැකි යයි මට නම් සිතේ.

අප රට අපකීර්තියට පත් කිරීම සදහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තවත් සාක්කි ඕනෑ ද?

අපේ නායකතුමා ආසියාවේ ආශ්චාර්ය බවට අපේ රට පත් කරන්නට සූදානම් වන බවට තොරතුරු ලැබීමෙන් පසු ජපනාට මල පනින්නට ඇත. ඉස්සරහට අපට කෙළවන්නට කට්ටිය සෙට්වන්නේ ආසියාවෙන් විය හැකි බව මේ අනුව පෙනී යයි. මියන්මාර් කාරයින් වුනත් ඕනෑවට වඩා මේ තත්වය යටතේ විශ්වාසයට ගත යුතු නැතැයි ජනාධිපති තුමාට කවුරු හරි කියා සිටියොත් හොද ය.
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
hora wada karala panala awil la

qualifications nathi nadayo, yaluwo embassy welata yaw wama wena de

sudus sata sudusu thana den ne naha

raja ge, amathi ge nadayo, yaluwonta job den ne

rata banana republic ekak wela
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
hora wada karala panala awil la

qualifications nathi nadayo, yaluwo embassy welata yaw wama wena de

sudus sata sudusu thana den ne naha

raja ge, amathi ge nadayo, yaluwonta job den ne

rata banana republic ekak wela

yea that's mostly true but don't forgot how UNP ruled this country when they had the power
1 The 198X
2 JR Stupid Constitution which mainly targeted the power of the government
he thought his party can hold the power forever but it's not the truth
3 Sell the some of valuable Ancient places to foreign countries
4 The Money based agreement with praba when he used to be the Prime Minister

So MR
1 Mr mainly got the Money based Corrupted background unlike Ranil got
but don't forgot it belongs to the Innocent people