සිතේ දුවන රිදුමක සැබෑ කතාවක් කිව්වොත් නිවැරදිද මන්දා......
අපි ගොඩාක් වෙලාවට තැවෙනවා අපිට ලැබි දේ ගැන මෙන්ම නොලැබි දේ ගැනත්.....ඒත් අපි තැවෙන තරමක් තැවෙන්නේ අපිට අහිමි දේ ගැනමයි.ඒ ඇයි කියලා මාත් තවම උත්තරයක් හොයනව ඔය ප්රශ්ණයම මා තුලත් තබා ගනිමින්.....
අද දක්වා අපි යම් දුරක් දිවිමඟ පසුකරන් ආවද, ඊ සමගම අපිත් එක්කම අත්දැකීම් කියන දේත් එකති වීම නොරහසක්....ඒ තුළින් අපිට කියාඩෙන පාඩම් ගොඩායි.....
ප්රශ්ණ හමුවේ පැනලා යනව කියන එක නෙවෙයි ප්රශ්නයකට පිළිතුර වෙන්න ඌනා.ඒකට මුහුන දෙන එකයි.....අත්දෙකීමෙන් කියන්නේ මට අහිමි උන දෙවල් ගොඩායි සිත් තැවුල් නිසා....ඒවා නැවත් ලබා ගන්න බැරි බවත් මන් දන්නවා.ඒක නිස හොදම දේ, ඒ සිදුවුන සියල්ලම අත්ඩෙකීම් කරගෙන ඉදිරියට මුහුන දෙන එකමයි; ජීවිතයට පිටුපාන්නේ නැතිව
හොදම දේ තමයි නව අරමුණක් ඇති කරගෙන ජීවිතය ඉදිරියටම ගෙන යන එක.......
ජය කණුව අපිට පෙනි පෙනි සමහර විට නැති වෙලා යන්න පුලුවන් ඒත් අපි ඒ ගැන සැලෙන්නේ නැතිව ජය මාවත් හොයාගෙන යමු.........
ජය නිසැකවම අපිට අත වනයි.....
අනාගතයට සුභ මාවතක් විවර වෙන්න කියල පතනවා.......
මේ නිර්මානය ගෙනහැර පෑවට තුති, මන්ද මින් අදහස් රැසක් හුවමාරු වන බව දන්න නිසා