සරසවි කුරුටු ගී

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
පාඩමo අරහo තානo
විභගo භයo කරo
බඩගින්නo ඉවසo බොලo
නින්දනo පරමo සුඛo



( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
කඳුලැල් සලා
මමත් වැළපෙමි
ආදරය නිසා
ඔබ දන්නේ නෑ
සෙනෙහෙ කඳුලක
වේදනා පවා

( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ගණඳුර කැටි වුණ හදවත්
කුටියේ
බලා හිඳින්නෙමි තනිය දරා
ගණඳුර දුරලන සඳ රැල්ලක් වී
මගේ ලොවට ඔබ වඩින තුරා

( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
නිමා විය වසන්තය සරසවියෙ සැරිසරා
ගමරටට යා යුතුය දැන් ඉතින් පය ගසා
කාටවත් නොපෙනෙන්න සිතින් ඉකි ගස ගසා
නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා

( කොලඹ විශ්ව විද්‍යාලය )
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ලවර්ස් ලේන් එකේ සුදු මල් පිබිදේවා
වෙනදා වගේ සවසට වැසි නොවැටේවා
මගෙ කාමරය ගන අඳුරින් නොවැසේවා
ප්‍රවීණතා ප්‍රතිඵල පිට නොවේවා


( පේරාදෙණිය විශ්ව විද්‍යාලය-කලා පීඨය- මාක්ස් ප්‍රනන්දු ශාලාව )
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
"සයිකො" ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා "බූට්" එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට

( පේරාදෙණිය විශ්ව විද්‍යාලය-කලා පීඨය- ජයතිලක ශාලාව )
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
තැන තැන ගොසින් බිජු දමනා කිරිල්ලකි
හොඳ ගති තිබෙන්නේ මොහොතකි ඇසිල්ලකි
මිනිසුන් නසන රුදු පාරා වළල්ලකි
ගැහැණිය මිනී වල කපනා උදැල්ලකි....



:yes::yes::yes::yes::yes::yes:
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

11.gif
tnx saho