oooo රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ... oooo

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
oooo රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ... oooo

රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ...

18 මැයි 2010, අඟහරුවාදා.

අද මට හදිස්සියේම පානදුර යන්න උනා මගේ යාලුවෙක් හමුවෙන්න,
මම කොටුවෙන් පානදුර බලා යන බස් එකකට ගොඩ උනා.සෙනග හුගාක් හිටිය නිසා වාඩිවෙන්න ඉඩක් තිබ්බෙ නැහැ.ඒත් වෙලාව මදි නිසාත්,දහදිය වර්ෂාව නිසාත් මම මේ බස් එකේම යනවා කියල හිතුවා.රියදුරා බස් රථය පදවන ගමන්ම රේඩියෝවේ ශබ්දය වැඩි කළා,එහි ඇසෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගැයූ රනමලක් ලෙස කියන ගීතය,හිතට ලොකු සතුටු ආවේගයක් අභිමානයක් ආවා එම ගීතය අහනකොට,හේතුව මමත් කාලයක් මගේ මව්බිම වෙනුවෙන් යුධ පිටියට ගිය රණවිරුවෙක් නිසා,මට ලොකු ආඩම්බරයක් දැනුනා. අපේ ජනතාව අපි ගැන කොච්චර ආඩම්බර වෙනවද කියල.මොහොතින් මොහොත කොන්දොස්තර කොල්ලා කෑ ගහනවා
"කට්ටිය ඔහොම යන් ඉස්සරහට ඉස්සරහට ..". යන්න ඕන කම තිබුනත් මට යන්න බැරිවුනා ඒ මගේ ආබාධය නිසා.
බස් රථය කෙමෙන් කෙමෙන් ඇදුනා .කොල්ලුපිටිය ලඟට බස් රථය එනවිට මට වේදනාව තවත් දරාගැනීමට බැරි උනා ,මාගේ පා ආබාධය හුගාක් රිදුම් දීමට පටන් ගත්තා .මම ළඟ උන් කෙනෙක්ට හෙමීට කොදුරලා ",මම ඉස්සර forces හිටියේ අයියේ, මට කකුලේ ආබාධයක් තියෙනවා ,පොඩ්ඩක් මට වැඩිවෙන්න ඉඩ දෙන්න " කියලා ...ඔහු නිශ්ශබ්ධයි.මම අනෙක් අතට හැරුනා, ..එක කාන්තාවක් එහි වුනා..ඇයගෙන් ද මම ඇහුවා "අපිත් අමාරුවෙන් අල්ලගත්තේ" මම හුගාක් අසරණ උනා..හේතුව මම කාටවත් කරදර කරන්නට උත්සාහ කලේ නෑ ,මට තිබු වේදනාව නිසා එහෙම ඇහුවේ.

දැන් වේදනාව දැනෙන්නේ පයට නොව හිතටයි.මොවුන් වෙනුවෙන් මම මගේ පවුලෙන් ඈත් වී,ඒ රුධුරු යුධ බිමේ අපගේ ජීවිතය ඇපයට තබා සටන් කලේ කිසිවක්
බලාපොරොත්තුවෙන් නොවේ. නොදිදා ගත කල රාත්‍රී ,අවිගත් දෑත් නොදුටු මහන්සිය,පතුරන් වලට බිය නොවූ එඩිතර පෙර ගමන මේ සියල්ල අප ඉටු කලේ, අප මෙහි පැමිණියේ අප ජනතාවගේ නිදහස වෙනුවෙන් .. . සැවොම මාගේ මවක්,පියෙක්,සහෝදරයෙක්,සහෝදරියෙක්,පුතෙක් දුවෙක් . කොහොම නමුත් මේ සිතුවිලි තුලින් මගේ වේදනාව මට තුරන් වී ගොස් තිබුණා..මොහොතකින් මා පිටත පරිසරයට නෙත් යොමු කලා..බසය පානදුර නගරයට ලගා වෙලා..මාගේ නැවතුම්පලට තරමක් දුර වුනා..මාගේ මෙම සිද්ධිය බලා සිටි අයද බොහොමයක් ,මා හට උසුළු විසුළු කල තරුණයින් පිරිසක්ද ඒ අතර සිටියා
.බසයෙන් නික්මයාමට පෙර ඔවුන් සියලු දෙනාටම මාගේ සිතට දැනුනු දෙය කියන්නට මට ඕන උනා.

මම ඒ පුද්ගලයා දිහා බැලුවා " අයියේ, දෙවියෝ ආයෙත් මට මගේ නැතිවුණ කකුල දුන්නොත් , මම ආයෙමත් ඔයාල වෙනුවෙන් රණ බිමට යනවා"

ඒක අහගෙන හිටිය අය,එයාලගේ හිස් පහතට නමා ගත්තා.

හෙමින් පඩි පෙලින් බැසගත් මා දැඩි හුස්මක් හෙලුනෙන් ..ඉදිරියට ගමන් කලේ යුධ පිටියේ අහිමි වූ මාගේ පාදය නිසා ඇතිවන ශෝකය පසෙකට තබා කුරිරු ත්‍රස්තවාදය තුරන් කල පසු නිදහසේ ගමන් කරන ඔවුන්ගේ සිනහවේ ඡායාව මගේ සිතේ රදවා ගනිමින් .

මාගෙය් දේශයට මා සදා ආදරෙයි!!!
මාගේ දේශයට දෙවි පිහිටයි!!!



2ir0pl2.jpg
 
Last edited:

fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද
Ranaviruwan kiyanne jiwithe api kawadawathma amathka karanda bari parshawayak owun ape rata wenuwen kala de api wenuwen kale de kiyala nima karanadabaha..................................me wage dewal ahanakota harima dukai...........................
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Ranaviruwan kiyanne jiwithe api kawadawathma amathka karanda bari parshawayak owun ape rata wenuwen kala de api wenuwen kale de kiyala nima karanadabaha..................................me wage dewal ahanakota harima dukai...........................

Aniwa saho ..api adha mehema nidhahsey inna ekama hethuwa..deshapalgyo wath oya watin boru badge gahaganna ayawath newei..awiyak athata arana divi paradhuwata thiyala yuddha karapu eey ranawiruwa kiyana weeraya nisai..
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හරිම දුක හිතෙන කතාවක් අයියා
    අපේ හොද මිනිස්සු අතරේ ඔයවගේ අයත් ඉන්නවා
    දැන් නම් මම හිතන්නේ ඕව වෙන එකක් නෑ
    ඇයි අපිට බැරි ඔය වගේ දෙයක්වත් රණවිරුවෙක් වෙනුවෙන් කරන්න
    රණවිරුවෝ විදපු දුක් අපේ මිනිස්සු නොදැන නෙමේනේ
    රෙප් දෙන්න බෑ කියනවා
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Kohomath ape rate inne kelehigunaya kiyala danna ewun newei...

    Hamudapathige idan uda bime hitapu solderz la wenakam hamotama salakanne ohoma thama... :(


     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේක ඇත්තම එකක් ද ?
    හරිම දුකයි එහෙමනම් ..:(:(
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හරිම දුක හිතෙන කතාවක් අයියා
    අපේ හොද මිනිස්සු අතරේ ඔයවගේ අයත් ඉන්නවා
    දැන් නම් මම හිතන්නේ ඕව වෙන එකක් නෑ
    ඇයි අපිට බැරි ඔය වගේ දෙයක්වත් රණවිරුවෙක් වෙනුවෙන් කරන්න
    රණවිරුවෝ විදපු දුක් අපේ මිනිස්සු නොදැන නෙමේනේ
    රෙප් දෙන්න බෑ කියනවා

    ow malli adha mama ranawiruwek thema karagena mey kathaawa liwwey api kaa athinwath mehema waradhak siddhwenna hodha naha kiyala pathagena.