පියඹා එන බියකරු මාරයා ඩෙංගු

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පියඹා එන බියකරු මාරයා ඩෙංගු

    dengue20booklet.jpg


    ඩෙංගු මදුරුවා දෂ්ඨ කරන නියමිත වේලාවක් තිබෙනවාද?

    ඕනෑම මදුරු විශේෂයක් මිනිසුනට දෂ්ඨ කරනු ලබන, දෂ්ඨ කිරීමට පි‍්‍රය කරන වේලාවක් තිබෙනවා. ඒ; එම මදුරුවන් ආහාර සොයා යාමට පි‍්‍රය කරන වේලාව. මදුරුවන් එළියට බසින්නේ අපගේ සම්මත වේලාවට වඩා පරිසරයේ පවතින ආලෝක තත්ත්වය අනුව යැයි මෙහිදී පැවසීම වඩාත් නිවැරදියි. ඩෙංගු මදුරුවන් ආහාර සොයා යන්නේ සාමාන්‍ය දිනක වේලාවෙන් සවස 5 ත් 6 ත් අතර කාලයේදී; එම වේලාවට පරිසරයේ ඇති ආලෝකය පවතින අවස්ථාවේදී.

    යම් දිනෙක මෙම ආලෝක තත්ත්වය දහවල් 12.00 ට ඇති වුවත් එම අවස්ථාවේදීත් ඩෙංගු මදුරුවන් අපට දෂ්ඨ කළ හැකියි. ඒ නිසා සුළු අඳුරක් ඇති අවස්ථාවල ඩෙංගු මදුරුවන් පරිසරයේ බහුලයි. සාමාන්‍යයෙන් අනෙක් මදුරුවන්ට වඩා දිවා කාලයේදී ඩෙංගු මදුරුවන් දෂ්ඨ කරනවා යැයි කීම නිවැරදියි. රාත්‍රී 7, 8 වන විට ඩෙංගු මදුරුවන් දෂ්ඨ කරන්නේ නැතැයි කියා එයින් අදහස් වන්නේ නෑ. එහෙත් මෙම මදුරුවන් ආහාර සොයා යන්නේ මඳ අඳුරක් පවතින දිවා කාලයේදී.

    ඒ නිසා පාසල් දරුවන්, රැකියාවලට නිවෙසින් පිටවන්නන් ඩෙංගු රෝගයට ගොදුරු වනවා වැඩියි. ඒ නිසා වෙනත් මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට අප යොදා ගන්නා මදුරු කොයිල්, මදුරු දැල් ආදියෙන් ඩෙංගු රෝගයෙන් මිදිය නොහැකියි.

    ඩෙංගු රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?

    මෙහි මූලික ලක්‍ෂණ වන්නේ අධික උණ, තද හිසරදය, දෑස් ඉහළින් අධික වේදනාව මෙන්ම ශරීරයේ අත්පා අස්ථිවල එන අධික වේදනාව, කෑම අරුචිය වැනි ලක්‍ෂණ.

    ඩෙංගු රෝගය හඳුන්වන්නේ ඉළ ඇට කැඩී ඇති ආකාරයෙන් ඇතිවන අධික වේදනාවක් සහිත උණ (Break bone fever) යනුවෙන්.

    කිසිඳු වෛද්‍යවරයකුට මූලික අවස්ථාවේදී මෙම රෝගය හඳුනාගැනීමේ හැකියාවක් ඇත්තේ නෑ. ඩෙංගු රෝගය වැළඳුණු 75% ක් පමණ පුද්ගලයින්ගේ කිසිඳු රෝග ලක්‍ෂණයක් නොපෙන්වා රෝගය සුවවී යනවා. එසේ වුවත් එම පුද්ගලයාගේ ශරීරයේ වෛරසය තිබෙන කාලයේදී වෙනත් පුද්ගලයකු වෙත මදුරුවකු මගින් බෝකිරීමේ හැකියාව තිබෙනවා. ඉහත දැක්වූ ඩෙංගු රෝගයේ මූලික ලක්‍ෂණ පෙන්නුම් කිරීමට අමතරව රෝගය උග්‍රවීම නිසා සංකූලතා ඇතිවීමේ අවස්ථාවට පත්වීමට ඉඩ තිබෙනවා.

    එහිදී ශරීරයේ කිසියම් ස්ථානයක රුධිර වහනයක් සිදුවිය හැකියි. ශරීරයේ සමේ තැනින් තැන රුධිර ලප ඇතිවිය හැකියි. එමෙන්ම විදුරුමසින්, දත් අතරින් හෝ මුඛයේ වෙනත් ස්ථානයකින් රුධිර වහනයක් සිදුවිය හැකියි. එන්නතක් හෝ සේලයින් දියරය ශරීරයට දීමට සම සිදුරු කරන විට රුධිර වහනයක් විය හැකියි. එහෙන්ම මළ පහ, මුත්‍රා සමඟද රුධිරය යා හැකියි. ඒ නිසා තදින් උණ ගැනී ඇති අයකුගේ මළ කළු පැහැයෙන් හෝ රුධිරය මිශ්‍රවී යන්නේ ද, මුත්‍රා තද පැහැයෙන් පහවන්නේද කියා සොයා බැලීම වැදගත්.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇතැම්විට බාහිර හෝ අභ්‍යන්තර රුධිර වහනයක් නොවීම, ඩෙංගු රෝගියකු අසාධ්‍ය තත්ත්වයට පත්වීමට හැකිවීමයි. ඩෙංගු රෝගයේ භයානකම අවස්ථාව වන්නේ ශරීරයේ තරල ශරීරයෙන් පිටතට ගොස් තරල ප්‍රමාණය අඩුවන අවස්ථාවයි. මෙම අවස්ථාවේදී ශරීරයෙන් ඉවත්වන තරල ප්‍රමාණය බාහිරව ශරීරයට ලබාදීම වැදගත්. එහිදී විවිධ දියර වර්ග මෙන්ම ජීවනී ලබාදීමද සුදුසුයි.

    ඩෙංගුවලට බේත් නැතිද?

    වෛරස් ආසාදනවලට ඖෂධ නොමැති නිසා ඩෙංගු රෝගයෙන් මිදීමට ඖෂධ ඇත්තේ නෑ. මෙහිදී ඇතැමෙකුට ගැටලුවක් මතුවිය හැකියි, ඖෂධ නැති නම් රෝහල් ගතවන්නේ කුමකටදැයි කියා. රෝහල් ගත විය යුත්තේ ඩෙංගු රෝගය නිසා ඇතිවන සංකූලතාවලට ගොදුරු නොවී සිටීමටයි.

    ඩෙංගුවලදි අධික උණක් ඇත්නම් පැරසිටමෝල් ලබා දෙනවා. ශරීරයෙන් තරල පිටවී ඇත්නම් භාහිරව තරල ලබා දෙනවා. රුධිරයේ රුධිර පට්ටිකා අඩු නම් ඒවා ලබා දෙනවා. රුධිර වහනයක් සිදුවී ඇත්නම් සම්පූර්ණ රුධිරය ලබා දෙනවා.

    ඒ අතරේ ඩෙංගු නිසා ඇතිවන වෙනත් සංකූලතාවලට ප්‍රතිකාර කිරීමයි රෝහලේදී සිදුවන්නේ. මේවා වෛද්‍ය උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ සිදුවිය යුතුයි. ඒ නිසයි ඩෙංගු රෝගයේදී වහා රෝහල්ගත විය යුත්තේ. මෙහිදී ඇතිවන සංකූලතා හෘදය, අක්මාව, වකුගඩු, ආමාශය වැනි අවයවයන්ට බලපෑ හැකියි.

    ඒ නිසයි, ඩෙංගු වැළඳුණු අයකුට විවේකය අත්‍යාවශ්‍ය වන්නේ. ඒ නිසා මේ දිනවල දිනක් දෙකක් උණ පවතී නම් පැරසිටමෝල් බිබී රැකියාවට යාම සුදුසු වන්නේ නෑ.

    මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඩෙංගු රෝගියකුට වෛද්‍යවරු ප්‍රතිකාර කරන අතරතුර එම රෝගියාගේ ශරීරයෙන් පිටවන මුත්‍රා ප්‍රමාණය නිවැරදි ලෙස මනින ලෙස වෛද්‍යවරු උපදෙස් දෙනවා. ඒ පිටවන තරල ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් පිටතින් ලබා දිය යුතු නිසයි.

    රෝගියා බලාගන්නා උදවිය එම දත්ත නිවැරදිව ලබාදීම ඉතා වැදගත්. එසේ නොවුනහොත් සිදුවන්නේ වැරදි සහගත තරල ප්‍රමාණයක් රෝගියකුට ලබාදීමයි. එය රෝගය උත්සන්නවීමට හේතු විය හැකියි.

    අප මොකද කළ යුත්තේ

    මේ දිනවල දින 3 කට වැඩියෙන් උණ ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. එහිදී කරුනු ලබන සම්පූර්ණ රුධිර පරීක්‍ෂාවකින් වැළඳී ඇත්තේ වෛරස් උණක්දැයි හඳුනාගත හැකියි. ඊට පසුව දිනපතා කරනු ලබන රුධිර පරීක්‍ෂා මඟින් රෝගියාගේ තත්ත්වය හඳුනාගත හැකි වෙනවා. එහිදී නිසි ප්‍රතිකාර කිරීමෙන් සුව අතට හැරීමේ හැකියාව ලැබෙනවා. රෝගයෙන් මිදී වෛද්‍ය උපදෙස් අනුව විවේක ගැනීමත් ඉතා වැදගත්. එමෙන්ම උණ අඩුකර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ හැර ඇස්පි‍්‍රන් වර්ගයේ ඖෂධ ලබානොදීමට වග බලා ගත යුතුයි.

    ඩෙංගු උවදුරෙන් මිදීමට හැකි සෑම දෙයක්ම කිරීම අප සැමගේ වගකීමක්. ඒ නිසා සෑම දින 7 කට වරක්ම අප අවට පරිසරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ යුතුයි. එය දින 8 ක් නොවීමට වගබලා ගත යුතුයි. ඒ; දින 7 කින් මදුරුවාගේ ජීවන චක්‍රය සම්පූර්ණ වන නිසයි.


    dengue-protect.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    macahn man podi info ekak dennum...Dengu hadunama Blood adu wenawa neh..ekata honda bethak tamailu GASLABU dalu,kola kotala e isma bona eka...but bonna num maara amarui lu...e tharam thitha nisa...but biuwoth hari lu...e anthima unoth tama..ape baappa kenekuth Dengu hadila marenna gihin berune ehemai...
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඩෙංගු

    හැඳින්වීම

    ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ග‍යක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යයි. මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.
    ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. වඩාත් රෝගයට බල පෑ දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.


    රෝගකාරක


    ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් - ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.
    ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු / රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
    මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන්. වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.


    රෝග ලක්ෂණ

    තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය.
    ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,
    දින 2 - 7 දක්වා පවතින අධික උණ
    සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම
    අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව
    ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,
    සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම.


    සංකූලතා

    ඩෙංගු කම්පන තත්වය නිසා මරණය පවා සිදුවිය හැක.
    අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම. - රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.


    ප්‍රතිකාර

    රුධිර පරීක්ෂණ - රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම
    රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම
    උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
    වැඩිපුර දියර වර්ග ගැනීම
    උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල්ද, ඇල් ජලයෙන් තෙමීමද කල හැක. කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
    රතු පාට ‍හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගැනීම.
    දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න.


    සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම

    සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්
    පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ.
    මදුරු නාශක ඉසීම, දුම් ගැසිම
    මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම
    මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.
    ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.