පියඹා එන බියකරු මාරයා ඩෙංගු
ඩෙංගු මදුරුවා දෂ්ඨ කරන නියමිත වේලාවක් තිබෙනවාද?
ඕනෑම මදුරු විශේෂයක් මිනිසුනට දෂ්ඨ කරනු ලබන, දෂ්ඨ කිරීමට පි‍්‍රය කරන වේලාවක් තිබෙනවා. ඒ; එම මදුරුවන් ආහාර සොයා යාමට පි‍්‍රය කරන වේලාව. මදුරුවන් එළියට බසින්නේ අපගේ සම්මත වේලාවට වඩා පරිසරයේ පවතින ආලෝක තත්ත්වය අනුව යැයි මෙහිදී පැවසීම වඩාත් නිවැරදියි. ඩෙංගු මදුරුවන් ආහාර සොයා යන්නේ සාමාන්‍ය දිනක වේලාවෙන් සවස 5 ත් 6 ත් අතර කාලයේදී; එම වේලාවට පරිසරයේ ඇති ආලෝකය පවතින අවස්ථාවේදී.
යම් දිනෙක මෙම ආලෝක තත්ත්වය දහවල් 12.00 ට ඇති වුවත් එම අවස්ථාවේදීත් ඩෙංගු මදුරුවන් අපට දෂ්ඨ කළ හැකියි. ඒ නිසා සුළු අඳුරක් ඇති අවස්ථාවල ඩෙංගු මදුරුවන් පරිසරයේ බහුලයි. සාමාන්‍යයෙන් අනෙක් මදුරුවන්ට වඩා දිවා කාලයේදී ඩෙංගු මදුරුවන් දෂ්ඨ කරනවා යැයි කීම නිවැරදියි. රාත්‍රී 7, 8 වන විට ඩෙංගු මදුරුවන් දෂ්ඨ කරන්නේ නැතැයි කියා එයින් අදහස් වන්නේ නෑ. එහෙත් මෙම මදුරුවන් ආහාර සොයා යන්නේ මඳ අඳුරක් පවතින දිවා කාලයේදී.
ඒ නිසා පාසල් දරුවන්, රැකියාවලට නිවෙසින් පිටවන්නන් ඩෙංගු රෝගයට ගොදුරු වනවා වැඩියි. ඒ නිසා වෙනත් මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට අප යොදා ගන්නා මදුරු කොයිල්, මදුරු දැල් ආදියෙන් ඩෙංගු රෝගයෙන් මිදිය නොහැකියි.
ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
මෙහි මූලික ලක්ෂණ වන්නේ අධික උණ, තද හිසරදය, දෑස් ඉහළින් අධික වේදනාව මෙන්ම ශරීරයේ අත්පා අස්ථිවල එන අධික වේදනාව, කෑම අරුචිය වැනි ලක්ෂණ.
ඩෙංගු රෝගය හඳුන්වන්නේ ඉළ ඇට කැඩී ඇති ආකාරයෙන් ඇතිවන අධික වේදනාවක් සහිත උණ (Break bone fever) යනුවෙන්.
කිසිඳු වෛද්‍යවරයකුට මූලික අවස්ථාවේදී මෙම රෝගය හඳුනාගැනීමේ හැකියාවක් ඇත්තේ නෑ. ඩෙංගු රෝගය වැළඳුණු 75% ක් පමණ පුද්ගලයින්ගේ කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය සුවවී යනවා. එසේ වුවත් එම පුද්ගලයාගේ ශරීරයේ වෛරසය තිබෙන කාලයේදී වෙනත් පුද්ගලයකු වෙත මදුරුවකු මගින් බෝකිරීමේ හැකියාව තිබෙනවා. ඉහත දැක්වූ ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කිරීමට අමතරව රෝගය උග්රවීම නිසා සංකූලතා ඇතිවීමේ අවස්ථාවට පත්වීමට ඉඩ තිබෙනවා.
එහිදී ශරීරයේ කිසියම් ස්ථානයක රුධිර වහනයක් සිදුවිය හැකියි. ශරීරයේ සමේ තැනින් තැන රුධිර ලප ඇතිවිය හැකියි. එමෙන්ම විදුරුමසින්, දත් අතරින් හෝ මුඛයේ වෙනත් ස්ථානයකින් රුධිර වහනයක් සිදුවිය හැකියි. එන්නතක් හෝ සේලයින් දියරය ශරීරයට දීමට සම සිදුරු කරන විට රුධිර වහනයක් විය හැකියි. එහෙන්ම මළ පහ, මුත්‍රා සමඟද රුධිරය යා හැකියි. ඒ නිසා තදින් උණ ගැනී ඇති අයකුගේ මළ කළු පැහැයෙන් හෝ රුධිරය මිශ්‍රවී යන්නේ ද, මුත්‍රා තද පැහැයෙන් පහවන්නේද කියා සොයා බැලීම වැදගත්.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇතැම්විට බාහිර හෝ අභ්‍යන්තර රුධිර වහනයක් නොවීම, ඩෙංගු රෝගියකු අසාධ්‍ය තත්ත්වයට පත්වීමට හැකිවීමයි. ඩෙංගු රෝගයේ භයානකම අවස්ථාව වන්නේ ශරීරයේ තරල ශරීරයෙන් පිටතට ගොස් තරල ප්‍රමාණය අඩුවන අවස්ථාවයි. මෙම අවස්ථාවේදී ශරීරයෙන් ඉවත්වන තරල ප්‍රමාණය බාහිරව ශරීරයට ලබාදීම වැදගත්. එහිදී විවිධ දියර වර්ග මෙන්ම ජීවනී ලබාදීමද සුදුසුයි.
ඩෙංගුවලට බේත් නැතිද?
වෛරස් ආසාදනවලට ඖෂධ නොමැති නිසා ඩෙංගු රෝගයෙන් මිදීමට ඖෂධ ඇත්තේ නෑ. මෙහිදී ඇතැමෙකුට ගැටලුවක් මතුවිය හැකියි, ඖෂධ නැති නම් රෝහල් ගතවන්නේ කුමකටදැයි කියා. රෝහල් ගත විය යුත්තේ ඩෙංගු රෝගය නිසා ඇතිවන සංකූලතාවලට ගොදුරු නොවී සිටීමටයි.
ඩෙංගුවලදි අධික උණක් ඇත්නම් පැරසිටමෝල් ලබා දෙනවා. ශරීරයෙන් තරල පිටවී ඇත්නම් භාහිරව තරල ලබා දෙනවා. රුධිරයේ රුධිර පට්ටිකා අඩු නම් ඒවා ලබා දෙනවා. රුධිර වහනයක් සිදුවී ඇත්නම් සම්පූර්ණ රුධිරය ලබා දෙනවා.
ඒ අතරේ ඩෙංගු නිසා ඇතිවන වෙනත් සංකූලතාවලට ප්‍රතිකාර කිරීමයි රෝහලේදී සිදුවන්නේ. මේවා වෛද්‍ය උපදෙස් සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයි. ඒ නිසයි ඩෙංගු රෝගයේදී වහා රෝහල්ගත විය යුත්තේ. මෙහිදී ඇතිවන සංකූලතා හෘදය, අක්මාව, වකුගඩු, ආමාශය වැනි අවයවයන්ට බලපෑ හැකියි.
ඒ නිසයි, ඩෙංගු වැළඳුණු අයකුට විවේකය අත්‍යාවශ්‍ය වන්නේ. ඒ නිසා මේ දිනවල දිනක් දෙකක් උණ පවතී නම් පැරසිටමෝල් බිබී රැකියාවට යාම සුදුසු වන්නේ නෑ.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඩෙංගු රෝගියකුට වෛද්‍යවරු ප්‍රතිකාර කරන අතරතුර එම රෝගියාගේ ශරීරයෙන් පිටවන මුත්‍රා ප්‍රමාණය නිවැරදි ලෙස මනින ලෙස වෛද්‍යවරු උපදෙස් දෙනවා. ඒ පිටවන තරල ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් පිටතින් ලබා දිය යුතු නිසයි.
රෝගියා බලාගන්නා උදවිය එම දත්ත නිවැරදිව ලබාදීම ඉතා වැදගත්. එසේ නොවුනහොත් සිදුවන්නේ වැරදි සහගත තරල ප්‍රමාණයක් රෝගියකුට ලබාදීමයි. එය රෝගය උත්සන්නවීමට හේතු විය හැකියි.
අප මොකද කළ යුත්තේ
මේ දිනවල දින 3 කට වැඩියෙන් උණ ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. එහිදී කරුනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාවකින් වැළඳී ඇත්තේ වෛරස් උණක්දැයි හඳුනාගත හැකියි. ඊට පසුව දිනපතා කරනු ලබන රුධිර පරීක්ෂා මඟින් රෝගියාගේ තත්ත්වය හඳුනාගත හැකි වෙනවා. එහිදී නිසි ප්‍රතිකාර කිරීමෙන් සුව අතට හැරීමේ හැකියාව ලැබෙනවා. රෝගයෙන් මිදී වෛද්‍ය උපදෙස් අනුව විවේක ගැනීමත් ඉතා වැදගත්. එමෙන්ම උණ අඩුකර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ හැර ඇස්පි‍්‍රන් වර්ගයේ ඖෂධ ලබානොදීමට වග බලා ගත යුතුයි.
ඩෙංගු උවදුරෙන් මිදීමට හැකි සෑම දෙයක්ම කිරීම අප සැමගේ වගකීමක්. ඒ නිසා සෑම දින 7 කට වරක්ම අප අවට පරිසරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ යුතුයි. එය දින 8 ක් නොවීමට වගබලා ගත යුතුයි. ඒ; දින 7 කින් මදුරුවාගේ ජීවන චක්‍රය සම්පූර්ණ වන නිසයි.