සොමිසේන සිරියා ප්‍රේම පුරාණය
සොමියා:
සුදු කෙල්ලෙ දන්නවනෙ
කවුරුත්ම මට නෑනෙ
කෝම අපි එක් වෙන්නෙ
යමු ද රෑ හදපානෙ
සිරියා:
එහෙම කොහොම ද අයියෙ
හදපානෙ අපි යන්නෙ
බස් එකේ නම් යන්නෙ
ටිකට් ගිනි ගණන්නේ
සොමියා:
අනේ මගෙ මෝඩියේ
හදට නෙවි අපි යන්නෙ
හදපාන කියන්නෙ
හද පෑයු රැයටනේ
සිරියා:
අනේ සොරි සොරි අයියෙ
මිස්ටේක් වෙනවනේ
ඉතිං ඔය හද එළියෙ
කොහෙ කියල අපි යන්නෙ
සොමියා:
අපෙ ගෙදර තියෙන්නේ
මේ ළගක නෙමෙයිනේ
හෙට රෑට හොදයිනේ
හද පායා තියෙයිනේ
සිරියා:
හෙට අයියෙ ක්ලාස් නේ
අනිද්දට හොදයි නේ
තාත්තිට කියන්නේ
ටෝච් හෙම ලැබෙයිනේ
සොමියා:
අනේ මැටි හරකියේ
හදපාන නෑ ඕන
තාත්තිට කියන්නේ
වෙන එකෙක් හොයන්නේ
සිරියා:
අනේ මගෙ සොමි අයියා
එහෙම කරනව ද මට අයියා.....
ආදී නොයෙකුත් ලෙස සිරියා හඩා වැලපුනද, සොමියා ඒ වන විටත් ඇයට ගුඩ් බායි කියා අවසානය. මේ දැනගත් ගම්මු මහත් සේ සිත් තැවුලට පත් වූහ. කාගේත් අවසන් මතය වූයේ මොවුන් දෙදෙනාගේ ප්‍රේමයට, එනම් සොමිසේන සිරියා ප්‍රේම පුරාණයට, රෝමියෝ ජුලියට් ගේ පමණක් නොව, ඊලගට ඔවුන්ගේ පෙම හමුවේ පරාජය වැළද ගැනීමට සිටි ශාහ්ජහාන් මුම්ටාස් ගේ ද ඇස්වහ වැදුනු බවයි. එපමණෙකින් නොනැවතුනු ගම්මු මෙම කපල් එක නැවත කපල් කිරීමේ අටියෙන් "සොමිසේන සිරියා කපලිංග් කොමිටිය" පත්කරන ලදහ.
සියලු හිමිකම් ඇවිරිණි. අයිතිය ~#TakurZ#~ සතුය.
සොමිසේන සිරියා ප්‍රේම පුරාණය
සොමිසේන සිරියා වනාහි රෝමියෝ ජුලියට් පරදා, ශාහ්ජහාන් මුම්ටාස්ටත් අභියෝගයක් උන අද කාලයේ පෙම් යුවලකි. සොමියා ටිකක් මොළකාරයෙකි. සිරියා නම් අමුම අමු මැටි ගොඩකි. එනම් මැටි වලත් ටිකක් හොද එකය. කවුරුත් දන්නා පරිදි බුද්ධිය, නුවණ ආදරයේ දී අන්ධ වුව ද, ඒ අන්ධ වන බුද්ධියම නැති කමින් ආදරය සුන්නත් දූලි වී, තොලෙංචි වී යන බව පසු කලෙක සිරියා තේරුම් ගත යුතුව තිබුණි. කෙසේ හෝ දෙමාපියන් ද නැතුව හැදුනු සොමියා තනිකඩ ජීවිතේ බෝරිං වී, තමාගේ ඉන්ටනැෂනල් ප්‍රේමයට හත් වසක් පිරෙද්දී, සිය පෙම්වතිය වූ සිරියාට මෙසේ මගුල් යෝජනාවක් ගෙන හැරපීය. එම ආශ්චර්යමත් මොහොතේ දී සිදු වූ ප්‍රේමාන්විත වචන හුවමාරුව නිමාවූයේ සොමිසේන සිරියාගේ ප්‍රේම පුරාණයට කණ කොකා හඩලා, සිරියාද හඩවා, සොමියාට මල ද පන්නවා.., තවද අනගිභවනීය වූ උත්කෘෂ්ඨ වූ ප්‍රේමයක අවසානය ද සනිටුහන් කරමිනි. ඒ ඛේදනීය ආන්දෝලනාත්මක පෙම් පුවතේ "අවසන් වචන හුවමාරුව" මෙසේ සටහන් කරන්නෙමු.
සොමියා:
සුදු කෙල්ලෙ දන්නවනෙ
කවුරුත්ම මට නෑනෙ
කෝම අපි එක් වෙන්නෙ
යමු ද රෑ හදපානෙ
සිරියා:
එහෙම කොහොම ද අයියෙ
හදපානෙ අපි යන්නෙ
බස් එකේ නම් යන්නෙ
ටිකට් ගිනි ගණන්නේ
සොමියා:
අනේ මගෙ මෝඩියේ
හදට නෙවි අපි යන්නෙ
හදපාන කියන්නෙ
හද පෑයු රැයටනේ
සිරියා:
අනේ සොරි සොරි අයියෙ
මිස්ටේක් වෙනවනේ
ඉතිං ඔය හද එළියෙ
කොහෙ කියල අපි යන්නෙ
සොමියා:
අපෙ ගෙදර තියෙන්නේ
මේ ළගක නෙමෙයිනේ
හෙට රෑට හොදයිනේ
හද පායා තියෙයිනේ
සිරියා:
හෙට අයියෙ ක්ලාස් නේ
අනිද්දට හොදයි නේ
තාත්තිට කියන්නේ
ටෝච් හෙම ලැබෙයිනේ
සොමියා:
අනේ මැටි හරකියේ
හදපාන නෑ ඕන
තාත්තිට කියන්නේ
වෙන එකෙක් හොයන්නේ
සිරියා:
අනේ මගෙ සොමි අයියා
එහෙම කරනව ද මට අයියා.....
ආදී නොයෙකුත් ලෙස සිරියා හඩා වැලපුනද, සොමියා ඒ වන විටත් ඇයට ගුඩ් බායි කියා අවසානය. මේ දැනගත් ගම්මු මහත් සේ සිත් තැවුලට පත් වූහ. කාගේත් අවසන් මතය වූයේ මොවුන් දෙදෙනාගේ ප්‍රේමයට, එනම් සොමිසේන සිරියා ප්‍රේම පුරාණයට, රෝමියෝ ජුලියට් ගේ පමණක් නොව, ඊලගට ඔවුන්ගේ පෙම හමුවේ පරාජය වැළද ගැනීමට සිටි ශාහ්ජහාන් මුම්ටාස් ගේ ද ඇස්වහ වැදුනු බවයි. එපමණෙකින් නොනැවතුනු ගම්මු මෙම කපල් එක නැවත කපල් කිරීමේ අටියෙන් "සොමිසේන සිරියා කපලිංග් කොමිටිය" පත්කරන ලදහ.
ගම්මු ජෝඩුව නැවත සෙට් කරන තුරු කතාව නිමියේය.

සියලු හිමිකම් ඇවිරිණි. අයිතිය ~#TakurZ#~ සතුය.
Last edited: