පුන්‍යවන්ත පරණ පෙම්වතී 😔😔😔

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,061
    6,162
    113
    ඕවා ගෑනුන්ගෙ ෆැක්ට්‍රි ෆෝල්ට් 🤣 මේ යකා අමු ගොනා බොක්කෙ තියන ඇත්තම කෙලලා ඇරලා උකාගෙන 🤣 ඒවා කියනකොට කෙටියෙන් උඩින් පල්ලෙන් කියලා ගෑනිව උඩ තියලා අරුන්ට බනින එකනෙහ් කරන්න ඕන 🤣
    :yes::yes::yes: :baffled:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,586
    43,542
    113
    සේදවත්ත
    පුන්‍යවන්ත පරණ පෙම්වතී 😔😔

    මං මගේ ගොං කමට මගේ පරන ප්‍රේම කතා සහ ප්‍රේමවන්තියන් ගැන හැම විස්තරයක්ම බිරිඳට කිව්වා ඇත්තම කිව්වොත් ඒව මං කිව්වා නෙමෙයි එයා ඒව හාර හාර මගෙන් අහගත්තා බේරෙංඩ බැරිකමට මට කියංඩ සිද්ද උනා.
    දවසක් හැන්දෑවරුවක තේ එකක් බිබී ඉන්නැද්දි එයා කතාවට මුලපිරුවෙ මෙහෙමයි

    " දැං අපි බැඳලත් ගොඩක් කල්නෙ අනේ මං හරි ආසයි ඔයාගෙ පරන ලව් ස්ටෝරි අහංඩ ඒව හරි ජොලි ඇති නේ..
    මට ඔයා අවංකවම ආදරේනම් ඔයා ඒව මට කියන්න ඕනෙ හොරයක් බොරුවක් නැතුව,
    හැබැයි මට ඇත්තම දැනගංඩ ඕනෙ මං ඔයාගෙ බිරිඳ මට ඒව දැනගන්න අයිතියක් තියනවා හරිද "
    හරිම හුරතල් විදිහට එහෙම තමා මේ කතාවට එයා මුල්ගල තිබ්බෙ

    එයා ඉතිං එහෙම කිව්වට මම එකපාරටම පරන දේවල් කියංඩ ගියෙත් නෑ මොකද ඕව ඉතිං කටක් ඇරල බිරිඳකට කියංඩ පුලුවං කාරනා කාරනා නෙමෙයිනෙ එහෙම පරණ දේවල් කියන එක හොදත් නෑනෙ ඒත් එයාගෙ තදබල ඇවිටිල්ල නිසා එක පොඩි කතාවක් දෙකක් කිව්වට පස්සේ එහෙමට අව්ලක් නොව්න නිසාත් එයා ඒවලින් සතුටුවෙන බව දැනුන නිසාත් මම පරන ස්ටෝරි එකින් එක කියල දැම්ම සමාර කතාවලට සමාර දේවල් අතිනුත් දාල කිව්ව රස වැඩිකරංඩ.

    "අයියේ ඔය එෆෙයාර්වලින් ඔයාගෙ හිත වැඩිපුරම ගිය එෆෙයා එක මොකක්ද"

    "ඕව දැං අහල වැඩක් නෑනෙ නදීශා හරි පරණ දේවල්නෙ"

    "අයියෝ අයියෙ මං එහෙම පටුවිදිහට හිතන කෙනෙක් නෙමේ ඒව ඉතිං පරණ කතා කියල මම දන්නවනේ අනික මම ගතානුගතික කෙනෙක් නෙමේ ඔයා දන්නවනේ ඒක"

    එයාගෙ බේරෙංඩ බැරි අවිටිල්ල නිසාම මම මගේ නෑදෑයෙකුත් වෙච්චි ප්‍රමිල එක්ක තිබ්බ මගේ සීරියස් ලව් එකේ අකුරක් නෑර කියල දැම්මා සමහර සිද්දි එයාට කියන්න උනත් මතක් කරනකොට හදවතට මොකක්දෝ සතුටකුත් දුකකුත් කාංදු උනා

    "එයා හරී ලස්සනයි එයාගෙ හම නිකං වෙල්වට් වගේ මම වින්ද සෞම්‍යම ස්පර්ශය එයාගේ..එයාගෙ ඇස් දෙක තමයි මං ආස කරපුම ඇස්දෙක ඒ ලස්සන හිනාව වෙන කාගෙන්වත් මං දැක්කෙ නෑ නියපොතු කකුල් කඩහඬ ඒ ඔක්කොම මම කෙල්ලෙක්ගෙන් දැක්ක හොදම ලස්සනම දේවල් කිසි කෙනෙක්ගෙන් ආයෙ ඒ වගේ දේවල් දැක්කෙ නෑ එයා හරි පුන්‍යවන්තයි"
    මං ප්‍රමිලගේ විස්තර හඳවතින්ම බිරිඳ එක්ක කිව්වා

    "එතකොට ඔයා එයාව එක්කගෙන මේ කාර් එකෙත් ගිහිල්ල තියනවද"

    "නෑ එතකොට මේක තිබ්බෙ නෑනෙ මගේ මිනිකූපර් එකේ තමයි එයත් එක්ක හැමතැනම ගියේ ඒකට කතාකරංඩ පුලුවන්නං කියයි මරු කතා ටිකක්"

    "මේ අපේ ගෙදර තියන අපේ මිනි එකේ "

    "ඔව් ඒක මංගාව තියෙන්නෙ ගොඩාක් කල් ඉදලනේ"

    "අයියේ ඇත්ත කියන්නකෝ ආයෙ ආත්මෙක ඔයාට කැමති කෙනෙක් ලබන්න පුලුවන්නම් ඔයා ප්‍රමිලව ලබාගන්න කැමතිද"

    "පිස්සු කියන්නෙ නැතුව ඉන්න නදීශා"

    "මං කිව්වනෙ මට ඇත්ත කියන්න කියල මං පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් අයියේ ජීවිතේ ඔහොම තමයි අනේ මං නිකමට අහන්නේ"

    ඉතා පලල්ව යථාර්ථවාදීව සිතන මෙවැනි බිරිඳක් ලැබීම ගැන මම සතුටු උනෙමි.

    "ඔව් ඉතිං ප්‍රමිලව ආයෙ වෙන ආත්මෙක ලැබෙනවනං මං කැමතියි"

    "එයා ඔයාට තාම කතා කරනවද"

    "ඔව් එයා මගේ ලගම නෑදෑයෙක් කියල ඔයා දන්නවනෙ ඉදල හිටල කතාකරනව"

    එච්චර කාලයක් ගෙවිල ගියේ නෑ සතියයි ඔව් සතියයි මගේ බිරිඳ ටිකින් ටික වෙනස් වෙන්න ගත්තා මම එක්ක කතාකරනකොට වෙනදා මූනේ තිබ්බ හැගීම ඒ විදිහට තිබ්බෙ නෑ නිකං මොකක්දෝ අසනීපයක් තියනවා වගේ මම දවසක් පිටිපස්සෙන් ගිහින් එයාව වැලඳගත්තම මගේ අත ගසාබසා දාල කේන්තියෙන් වගේ ගියා..

    "මොකද අනේ වෙලා තියෙන්නෙ මොකද මාව තල්ලුකරල අහකට ගියේ"

    "නෑ ඉතිං වැඩක් නෑනෙ අපේ හම වෙල්වට් වගේ නෑනෙ"

    ඇත්තටම මෙයා කියපු හරුපෙ මට එච්චර මීටර් උනේ නෑ

    "මොකක්ද ඔය වෙල්වට් කතාව"

    "ඇයි ඔයාගෙ ප්‍රමිලගෙ ඇඟ වෙල්වට් වගේ කිව්වෙ ඔයාලටත් අපි කොච්චර කලත් පිටගෑනු තමයි අගේ අපේ තියෙන්නෙ කබර හං වෙන්නැති"
    ඇය නෝක්කාඩුව පිටකරයි

    "මේ අහන්න මං ඕව කිව්වෙ නෑ ඔයා හාර හාර ඇහුව නිසා මං කිව්වෙ ඔයා කිව්වනෙ ඔයා වැරදියට හිතන්නෙ නෑ කියල ඒව ගොඩාක් ඉස්සර ඉවරකරපු කතා"

    "අනේ නිකං ඉන්න හිතේ හිරකරගෙන හිටපු ඒවනෙ ඔයා ඒ කියල දැම්මෙ මට හොදට මතකයි තමුසෙ ඒකි ගැන වර්නනාව ගහනකොට තමුසෙගෙ මූනෙ තිබ්බ හිනාවයි සංතෝසෙයි"

    ඇය කාමරයට වැදී දඩාස් ගා දොරවසා ගත්තීය.
    මුංනං මාර ගෑනු තමයි අප්පා මගෙංම එක එක ඒව හාර හාර බලෙංම අහගෙන දැං ඒවලින් මටම ගහනවා

    මේකතාව තවත් භයානක වූයේ මේ සිදුවීමෙන් දින දෙකකට පසු උදාවූ විවේකී සෙනසුරාදා දිනයේයි
    ගුවන්විදුලියේ වාදනය වූ මිහිරි ගීතයක් මම දෑස් පියාගෙන රසවිඳිමින් සිටියෙමි

    🎵🎶අහසයි ඔබ මට නිම්හිම් නොපෙනෙන ඉනිමං බඳිනු බැරී 🎵
    🎶පොලොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමී 🎶

    දඩ දඩාස් ගා විශාල ශබ්දයක් සමග ගීතය නතරවීම නිසා මා මා ඇස් ඇර බැලූවිට දුටුවේ කේන්තියෙන් පුපුරන බිරිඳත් බිම වැටී කැබලිවලට කැඩී ඇති රේඩියෝ යන්ත්‍රයත්ය

    "මොකක්ද ඔයා කරපු ඒ වැඩේ"

    "කරපු වැඩේ මං මෙතන මැරීගෙන ගෙදර වැඩ තමුසෙ ඇස්දෙක පියාගෙන අහසයි ඔබමට කියකිය අරකිව මතක් කරකර සින්දුව අහගෙන මනෝපාර ගහගෙන ඉන්නවා තමුසෙ ජරා මිනිහෙක් තාම ඒකි ගැන හිතහිත මේ ලව් සින්දු අහ අහ ඉන්නෙ"

    "ඔයාට පිස්සුද "

    " ඔව් තමුසෙ දැං මට පිස්සු කියලත් කියනවද ඔව් ඒකි වගේ එකියක් අදවෙනකම් ජීවිතේට දැක්කෙ නෑ කියලත් කිව්වනෙ අපි මොක්කුද නේද ඊලග ආත්මෙත් පතන්නෙ ඒකි කිව්වනෙ"

    "මේ ඔයා මගෙත් යකා අව්ස්සගන්න එපා ඔයාමයි මගෙං ඇහුවේ වෙන ආත්මෙක කව්රු හරි පතනවනම් කාටද කැමති කියල"

    "ඔව් මම ඇහුව තමයි ඒත් තමුසෙ මාව පතනව කියල කිව්වෙ නෑනෙ ඒකිවනෙ පතනව කිව්වෙ"

    "ඔයා ඇහුවේ පරන අයගෙන් කොයි කෙනාටද කැමති කියල"

    "මං ඇහුවෙ කැමති කෙනෙක් කියල ඉතිං තමුසෙ ඒකිට තාමත් කැමති නිසානෙ ඒකිව පතනව කිව්වෙ ඒකිට කැමති නැත්තං ඒම කියන්නෙ නෑනෙ මං තමුසෙගෙ හිතේ නෑ තමුසෙ මට ආදරේ ඇති කියල හිතාගෙන මං රැවටුනා ඒකි පුන්‍යවන්ත ගෑනි මම පව්කාර ගෑනි"

    'ඇත්තටම තත්වය දැන් දැන් බරපතලවීගෙන එනබව මට තේරෙමින් තිබ්බෙ.

    ඊටත් දවස් දෙකකට පස්සේ උදෑසන අහාරය ගනිමින් ඉන්නකොට තමයි ෆෝන් එකට ටීං ගාල කාගෙන්ද මෙසේජ් එකක් ආවෙ කවදාවත් මගේ ෆෝන් එක නොබලන බිරිඳ ටක් ගාල ෆෝන් එක අරන් මෙසේජ් එක බැලුවා

    "මං කිව්වෙ මං කිව්වෙ මේ අරකිගෙං ප්‍රමිලගෙං මෙසේජ් එක @Don GasCan ඔයා හොදින්ද කියල අහල තමුසෙ එතකොට @Don GasCan ද උගෙත් තිබ්බෙ හොර ලව් එකක්නෙ ප්‍රමිල එක්ක හා තමුසෙත් එහෙනං කරන්නෙ ඒක.. දිවිත් පුදයි ඒකි වෙනුවෙන්"

    නෙදකිං මුනුත් ඉදලා ඉදලා මෙසේජ් එකක් එවන්නේ මරු වෙලාවල් බලල..දැන් ඉතිං තෙල් ලිදකට මිසයිලයක් ගැහුව වගේ තමයි නිමන්න ලේසිවෙන්නෙ නෑ ශික්..

    දවසින් දවස තත්වය දරුණුවෙන්න ගත්තා එක දවසක් මම මගේ මිනි කාර් එක ලගට ගියාම දැක්කේ ඒකෙ හෙඩ් ලයිට් කඩලා ටේල් ලයිට් බිදලා බඳ ඔක්කොම තියුනු දේකින් හූරල ඒක ඇතුලට කුස්සියෙන් විසිකරන කුනු ඉදුල් දාල තිබ්බ ගන්න දෙයක් නෑ ගඳේ බෑ.

    මේක ගොඩාක් ඔලුව පාවිච්චිකරන්න ඕනෙ වෙලාවක් කියල මට හිතුන දැන් දැන් ගෑනි හැසිරෙන්නේ වියරුවෙන් වගේ මගේ ජීවිතයට උනත් අනතුරක් තියෙනවා

    මං මේ වගේ ප්‍රශ්නයක් ආවම කතාකරල උපදෙස් ගන්න මිත්‍රයෙක් ඉන්නවා සුමිත් කියල ඌ හම්බවෙලා මේ සියලුම විස්තර කිව්වට පස්සෙ ඌ කිව්වේ මගේ පැරනි ප්‍රේම කතාව නිසා නෝනට මානසික ප්‍රශ්නයක් ඇතිවී ඇති බවත් ඒ පිලිබදව හොදම මානසික විශේෂඥ වෛද්‍යවරියක් වන පබාසරී ගිනිගේ මහත්මිය හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසත්ය

    ඊලග ප්‍රශ්නය උනේ මේක ඇයට කියන එකයි
    ලිඳට වැටුන එකා ලිං කටෙන්ම ගොඩ ආයුතු හෙයින් මම හිමීට දවසක් මේ යෝජනාව ඇයට කලා

    "මේ මැනික ඔයාට මේ දවස්වල හරියට කේන්ති යනවනේ මං හිතන් ඉන්නෙ ඔයාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න මම ඩොක්ටර්ව චැනල් කලා හෙට හවස එයාව හම්බවෙන්න යමු"

    "මේ මිනිහෝ මට ඇති ලෙඩක් නෑ තමුසේ අරකි ගැන වර්නනාව ගහන නිසා මට තියෙන්නෙ කේන්තිය මං කව්ද ඒකිනෙ තමුසෙගෙ පැනි කෑල්ල ඇඟ වෙල්වට් වගේ ලස්සනම හිනාව ඊලග ආත්මෙත් පතන එකීනෙ කටහඬ මිහිරි පුන්‍යවන්ත ගෑනි ඒකිනෙ මං කරුමක්කාරි"

    කතාව ආයෙමත් මුලට ඇදී එයි මෙය ලේසි පාසු කාරියක් නොවේ.

    "මං කියනවට යමුකෝ සුදෝ"

    "මට මොකටද සුදෝ කියන්නෙ අරකිනෙ සුදු වැඩට ගියාම තමුසෙ මං කියන ඒව ඒකිට කිය කිය උඩ පැන පැන හිනාවෙනව ඇති මං දන්නව පිරිමින්ගෙ හැටි"

    "ඔයාට පිස්සුද මං එහෙම කරනවද"

    "තමුසෙ කරල තියන හරිය මදෑ ඔය පොඩි කාරෙකට තමුසෙ පන වගේ සලකන්නෙ ඕකි එක්ක එහෙ මෙහෙ රව්ම් ගැහුව නිසානෙ හෙටම ඕක විකුනන්න දානව නැත්තං බලාගත්තැකි මගේ හැටි"

    "අනේ ඒක කරංඩ බෑ මං ඔය කාරෙකට හරි ආදරෙයි"

    "තමුසෙ ආදරේ කාරෙකට නෙමේ ඕකෙ අරකි එක්ක රව්ම් ගහපු නිසා මේ කාරෙක දකින දකින පාර ඒව මතක් කරකර මනෝ ලෝකෙක ඉන්න පුලුවන්නෙ තමුසෙට"

    "විකාර කියන්න එපා මං පබසරී ගිනිගේ මැඩම්ව චැනල් කලා"

    "පබසරී ගිනිගේ...මේ මාව එයා ගාවට ගෙනියංඩ තමුං හිතන්නෙ මට පිස්සු කියලද ඔයා අරකි එක්ක මගුල් නැටුව මදිවට මට පිස්සු බේත් අරංදෙංඩ යනවා හිටපං උබට හොද වැඩක් කරන්නම්"

    කෑකෝ ගැසීම් බැනවැදීම් බඩුමුට්ටු පෙරලීම් සිද්දිදාමයකට පස්සෙ බිරිඳ ලොකු බෑග් දෙකක ඇදුම් කැඩුම් අඩුක්කරගෙන ත්‍රීරෝද රථයකින් තම මෑණියන්ගේ නිවස බලා පිටත්ව යනු ලැබුවා..

    වටේ පිටේ ගෙවල්වල ආරංචිය ගියේ මම පැරණි පෙම්වතියක් සමග ඇති හුටපටයක් බිරිඳට ආරංචිවීම නිසා බිරිඳ නිවසින් ගොස් ඇතිබවයි
    එදින සවස නැංදම්මා මා ඇමතූ අතර

    "පුතා මං හිතුවෙ නෑ ඔයා මේ වගේ කෙනෙක් කියල ඔයා ඉස්සෙල්ල යාලුවෙලා හිටිය කෙල්ලෙක්ගෙ වර්නනාව නිතරම නදීශා එක්ක කියනවලු එන ආත්මෙත් එයාවම පතනව කියනවලු අර පොඩි කාර් එකේ එයාව දාගෙන හැමතැනම ගියා කියනවලු ඕව තමංගෙ ගෑනි එක්ක කියන කතාද පුතා ඒ මදිවට ඒ කෙල්ල පුන්‍යවන්තයි මගේ දුව කරුමක්කාරයි කියලත් කියනවලු ඒ කෙල්ලගෙ කටහඬ මිහිරියි මගේ දුවගෙ කටහඬ ගොරෝසුයි කියනවලු ඒවට විරුද්දව දුව කතා කරනකොට එයාට පිස්සු කියල මානසික විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියංඩ හැදුවලු ඔයා අපි හිතපු ජාතියෙ කෙනෙක් නෙමේ බලාගෙන යනකොට ඇයි ඔයා මගේ දුවට මෙහෙම කලේ"
    ඇය මේ ටික පවසා දුරකතනය විසන්දිකල අතර නැවත ඇය ඇමතීමට ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ විය

    දින කිහිපයකට පසු ප්‍රමිලා කතාකොට මා හට පවසා සිටුනු ලැබූයේ මේ සිද්දිය ඇගේ සැමියාටද ආරංචි වී ඇගේ ගෙදර පව්ලේ ආරවුල් ඇතිවී ඇති බවත් නැවත කිසිදිනෙක ඇගේ දුරකථනයට ඇමතුම් හෝ කෙටි පනිවිඩ ලබා නොගන්නා ලෙසත්ය

    දැං වේලාව සවස පහයි නුවර අමායා චැනලින් සෙන්ටර් එකේ මම මේ බලාගෙන ඉන්නේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය පබාසරී ගිනිගේ එනකං මගේ නොම්බරය දහතුන ඇය එන්න තියෙන්නෙනං හතරට ඒත් තාමත් ඇය කාමරයට ඇවිත් නැහැ දෙපාරක් බෙහෙත් ගත්තත් තාම මගේ ඔලුවෙ තෝන්තුව හොද නැහැ මේ පාර මේක හොද නොව්නොත් අම්මපා වහ ටිකක් කනවා...

    © Dhammika Wickramaarachchi
    2024/03/11

    Original Post
    https://www.facebook.com/share/p/MLP4FNp6T8qExpQR/?mibextid=oFDknk
    "මං කිව්වෙ මං කිව්වෙ මේ අරකිගෙං ප්‍රමිලගෙං මෙසේජ් එක @Don GasCan ඔයා හොදින්ද කියල අහල තමුසෙ එතකොට @Don GasCan ද උගෙත් තිබ්බෙ හොර ලව් එකක්නෙ ප්‍රමිල එක්ක හා තමුසෙත් එහෙනං කරන්නෙ ඒක.. දිවිත් පුදයි ඒකි වෙනුවෙන්"

    wtf බ්‍රෝ y me
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,143
    2,770
    113
    එකට කමක් නෑ. මේ ඉන්නේ ඩොක්ටර් "පබාසරී ගිනිගේ"... මොකද කියන්නේ ලෙඩක් හදා ගමුද???
    FB_IMG_1710572083849.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,986
    28,572
    113
    එකට කමක් නෑ. මේ ඉන්නේ ඩොක්ටර් "පබාසරී ගිනිගේ"... මොකද කියන්නේ ලෙඩක් හදා ගමුද???View attachment 226421
    මේ ඩොක්ට පබසරී ගිණිගේ නෙවෙයි යකෝ 🤣 මේ මලයාලම් actress කෙනෙක්. මැඩෝනා සෙබස්තියන් 🤣
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    241
    238
    43
    "මං කිව්වෙ මං කිව්වෙ මේ අරකිගෙං ප්‍රමිලගෙං මෙසේජ් එක @Don GasCan ඔයා හොදින්ද කියල අහල තමුසෙ එතකොට @Don GasCan ද උගෙත් තිබ්බෙ හොර ලව් එකක්නෙ ප්‍රමිල එක්ක හා තමුසෙත් එහෙනං කරන්නෙ ඒක.. දිවිත් පුදයි ඒකි වෙනුවෙන්"

    wtf බ්‍රෝ y me
    දස්කොන් ~=දොන් ගස්කැන්
    😁😁
     
    • Haha
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,974
    3,788
    113
    ගෑනුන්ට ලිංගික ඉරිසියාව කියන එක උපරිමයි. ගොන් පිරිමි ඒක දන්නේ නැතුව ලොකු කම් කියවන්න ගියාම ඔහොම වෙනවා.
     
    • Like
    Reactions: sahan50 and Amstrak

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,456
    1,940
    113
    පොළවේ පය ගහලා ඉන්න ගෑණියෙක් නෙවෙයි පොළවට පස්වෙලා ඉන්න ගෑණියෙක් උනත් කැමති නෑ තමන්ගේ මිනිහගේ හිතේ කොනකවත් තමන් ඇරෙන්න වෙන එකියක් ඉන්නවා කියලා අහන්න. එහෙම ඒකෙ මේ ගොනා ඉල්ලගෙන කාලා
    100% , Me loke deyak ganita kiyanna honda na, echchara open mind ehekin loke dakina ganu lankawe thama na.
     
    • Like
    Reactions: Amstrak

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,077
    22,496
    113
    ඒකා ගොනා නෙමේද පුතා. මගේ යාළුවෙක් ජැෆ්නා දෙමළ... ඒකා ඉස්කෝලේ යන කාළේ සීන් එකක් වයිෆ්ට කියලා. දැන් කරදරේ සදහටම.