ELAKIRI POSON POOJAWA ! ! !

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එළකිරි පොසොන් පූජාව නිමිත්තේන් බැති සිතින් පුදන මේ යාගයට ඔබත් සාදූකාර දෙන්නට එක්වන්න . . .

    :love::love::love::love:


    සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
    තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා


    image-E028_4C23C39C.jpg


    මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.

    ඔබ සැමට සුභ පොසොන් මංගල්‍යයක් වේවා ! ! !

    ඒ වෙනුවෙන් ඔබට පිදෙන LORD BUDDHA'S LIFE PICTURES මාලාවේ 3 වන කාණ්ඩයයි


    මෙහි පින්තූර 34 අඩංගු බැවින්, දර්ශණය වීමට මද කාලයක් ගතවීමට ඉඩ ඇත.

    LORD BUDDHA'S LIFE PICTURES

    Part 01
    Part 02

    :love::love::love::love:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    z_p25-head.jpg


    z_pic350.jpg

    දෙවනපෑතිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු මාහිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ආදර්ශ සම්පන්න ය. උන්වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹරුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූ හ.

    මහරජ – ‘මේ ගසේ නම කුමක්දැයි’ ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජුගෙන් ප්‍රශ්න කළහ.

    රජතුමා - ‘මෙය අඹ ගසෙකියි පිළිතුරු දුන්නේ ය.’

    මිහිඳු මාහිමි – ‘මේ හැර තවත් අඹ ගස් තිබේද?’


    රජතුමා - ‘එසේ ය, ස්වාමීනී! බොහෝ අඹ ගස් ඇත.’

    මිහිඳු මාහිමි – ‘මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?’

    රජතුමා - ‘ස්වාමීනී, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නොවේ’.

    මිහිඳු මාහිමි – ‘මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?’

    රජතුමා - ‘ඇයි ස්වාමිනි, මේ අඹ ගස?’

    මිහිඳු මා හිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’

    මිහිඳු මාහිමි – මහරජ!. තොපට නෑයෝ සිටිත් ද?’

    රජතුමා - ‘එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්’

    මිහිඳු මාහිමි – ‘මහරජ, තොපට නො නෑයෝත් සිටිත්ද?

    රජතුමා - එසේ ය, ස්වාමීනි! බොහෝ නො නෑයෝත් සිටිති.’

    හිඳු මාහිමි –ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත්ද?

    රජතුමා - ‘ඇයි ස්වාමීනි, මම?’

    මිහිඳු මාහිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’

    මෙසේ පරීක්‍ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබෝධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමඟ තිසරණ පන්සිල් හි පිහිටුවීමෙන් බෞද්ධයෙක් විය.





    සම්පූර්ණ් කතාව මෙතැනින් කියවන්න
     
    Last edited: