පොසොන්_පොහෝ_දිනය_අදයි!

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    mainpic.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝය.
    ලක්වාසීන් බෞද්ධ සංස්‌කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි!


    දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන ඉදිරිපත් කරමින් සුහද සංවාදයක යෙදුණහ. මෙය ලොවේ පැරැණිතම බුද්ධි පරීක්‍ෂණය ලෙස ද සලකනු ලැබේ. නුවණැති රජතුමා ගැන පැහැදුණු අනු බුදු මිහිදු හිමියෝ ඇත් පිය උපමාවෙන් යුතු වූ ‘චුල්ලහත්ථි පදෝපම සූත්‍රය’ සුමිහිරි නාදයෙන් දේශනා කළ සේක
    මෙසේ අසරණ වූ ලංකාවාසීන්ට අනුකම්පා කළ අනුබුදු මිහිඳු හිමියෝ දඹදිව වේදසගිරි නුවරින් ලක්දිව මිස්සක පව්වට වැඩම කළේ ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ අද වැනි සුපින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
    දොළොස් මහේ පොහොය අතුරින් සුවිශේෂි වූ පොසොන් මහේ පුර පසළොස්වක පොහොය ලාංකේය ජනතාවගේ සිත සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කරවා ලක්දිව්තලය මාණික්‍යයක් සේ සද්ධර්මයෙන් බැබළ වූ අසිරිමත් දිනයයි.
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    බෝසතාණන් වහන්සේ අවිද්‍යාව නමැති කැණිමඬල නසා ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුද්ධත්වයෙන් පිදුම් ලැබූ සිව්වන සතියෙහි සවණක් ගණ බුදු රැස් මාලාවන්ගෙන් රුවන් ගෙය බැබළවූයේ ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
    කෙලෙස් ගිනි දැල් වලින් වෙලී අඳුරේ සිටි ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් සසර කතරින් එතෙර වන මඟ පෙන්වා දුන් සම්බුදු පියාණන් වහන්සේගේ පහසින් ලක්දිව් තලය තෙවරක්ම පිවිතුරු කරවූ සේක. එහෙත් එකල ක්‍රමවත් දහමක් නොඇදහූ බහුතර ලාංකේය ජනතාව ඉර, හඳ, තාරකා දේවත්වයෙන් සලකා යක්‍ෂ හා වෘක්‍ෂ වන්දනාවන්ට යොමු වී මිත්‍යාවේ ගැලී සිටියහ.
    මෙසේ අසරණ වූ ලංකාවාසීන්ට අනුකම්පා කළ අනුබුදු මිහිඳු හිමියෝ දඹදිව වේදසගිරි නුවරින් ලක්දිව මිස්සක පව්වට වැඩම කළේ ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ අද වැනි සුපින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
    මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල රහතන් වහන්සේත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකතුමාත් මෙම අසිරිමත් ලංකාගමනයට එක් වූහ.
    පාලි ත්‍රිපිටකයත්, අටුවාත් රැගත් මෙම ධර්මදූත පිරිස සෘද්ධි බලය පා මිහින්තලාවට වැඩම කර නිර්මල වූ සදහම් ගංඟාව ලක්දිව් තලයෙහි උතුරා ගලා යැවූහ. මේ බව ථෙරවාදී සම්ප්‍රදාය, සමන්තපාසාදිකාව, දීපවංශය හා මහා වංශය වැනි පුරාතන වංශ කතාවල ද සඳහන් ය.
    එකල ලක්දිව රාජාභිෂේක ලත් දේවානම් පියතිස්ස රජතුමා පොසොන් සැණකෙලි උලෙළ දා හතළිස් දහසක් පිරිවර පිරිවරා දඩකෙළියට සූදානමින් සුන්දර වූ සෑගිරි වන පියසට පිවිසුණහ.
    එහිදී මිහින්තලා පව්ව අධිපති දෙව්රද තණ පඳුරක් ආහාරයට ගනිමින් සිටි මුවෙකුගේ දසුන මවා පා කුළු මුදුනේ වැඩ සිටින අනුබුදු මිහිඳු හිමියෝ රජතුමාට දැකීමට සැලැසීය.
    ආහාර ගනිමින් සිටි සතා දඩයම් කිරීම නුසුදුසු යැයි සිතූ මේ තේජවන්ත රජතුමා දුනු හී ශබ්ද නාද කර මුවා පන්නා දමා ඒ පසු පසම ලුහු බැන්දේ ය. එහිදී ‘තිස්ස’ නමින් ඇමතූ හඬ ඇසී විශ්මිත වූ රජු සසල වී නිසසල වන අරණේ පිහිටි මිහින්තලා පව්වෙහි වැඩ සිටි අනුබුදු මිහිඳු හිමියන්ගේ ශාන්ත වූ දසුනින් සැනසුණේ ය.
    ලාංකේය අපට මහත් වූ අනුකම්පාවෙන් සෙල් තලාවට වැඩම කළ අනුබුදු මිහිදු හිමියන් ධර්ම රාජයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් බව සුහද සංවාදයකින් හඳුනා ගත් රජතුමා තම අදෘෂ්ට මිත්‍ර සැදැහැවත් දම් සෝ නිරිඳු මතකයට නැගී අපමණ වූ ප්‍රීතියට පත් වුයේ ය.
    මිහින්තලා කඳු මුදුන කසාවතින් බබළවා විහිදුණු සදහම් කිරණේ ආලෝකයෙන් සැනසුණු රජතුමා දුනු හී ඉවත දමා පිරිවර සමඟ පිරිවරා ඉඳ ගත්හ.
    ‘චක්‍රවර්ති සීහනාද සූත්‍රයෙ’න් බුදුරදුන් වදාළ පන්සිල් සුරැකීමේ චර්යා ධර්මතාවයෙහි අගය ලාංකේය අපට නැවත වටහා දුන්නේ අනුබුදු මිහිඳු හිමියෝ ය.
    දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන ඉදිරිපත් කරමින් සුහද සංවාදයක යෙදුණහ. මෙය ලොවේ පැරැණිතම බුද්ධි පරීක්‍ෂණය ලෙස ද සලකනු ලැබේ.
    නුවණැති රජතුමා ගැන පැහැදුණු අනු බුදු මිහිදු හිමියෝ ඇත් පිය උපමාවෙන් යුතු වූ ‘චුල්ලහත්ථි පදෝපම සූත්‍රය’ සුමිහිරි නාදයෙන් දේශනා කළ සේක.
    තෙරුවන් ගුණ බලයෙන් සැනසුණු රජතුමා සමඟ හතළිස් දහසක් පිරිවර සැදැහැති බෞද්ධයන් වී මේ පින්බිම බුදු දහමේ සුපින්බර පුවතින් බැබළවූයේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
    අනාගාමී වූ භණ්ඩුක උපාසක මෙම සූත්‍ර දේශනාවෙන් පැහැදී අනුබුදු හිමියන්ගේ සෙවණෙහි පැවිදි වී උපසම්පදාව ලබා උතුම් වූ රහත් ඵලය පසක් කර ගනිමින් මුල්ම උපසම්පදා පුණ්‍යෝත්සවයෙන් ලක්දිව් තලය බැබළවීය.
    සුමන සාමණේරයන් වහන්සේ ධර්ම ඝෝෂාවෙන් කළ ආරාධනාව බඹ ලොව දක්වා රැව් පිළිරැව් දෙද්දී රැස්වූ අසංඛ්‍ය සංඛ්‍යාත දෙවියන්ට අනුබුදු මිහිදු හිමියෝ “සමචිත්ත පරියාය සූත්‍රයෙන්” ශ්‍රී සද්ධර්මය සුමිහිරි නාදයෙන් දේශනා කළ සේක. සදහම් අමා දිය දහරින් මේ පින්බිම දෝවනය කරවා හරවත් බොදු උරුමයන් රැසක් ලාංකේය බෞද්ධයාට දායාද කරවූයේ අනුබුදු හිමියන්ගේ අසිරිමත් ලංකාගමනය අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදු වූ නිසාය. සඟමිත් තෙරණියගේ වැඩම කරවීමෙන් ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කරවා බුද්ධත්වයට සෙවණ සැලැසූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවක් ලක්දිව බෞද්ධයාට උරුම වූයේ ද අනුබුදු මිහිදු හිමියන්ගේ උදාර මඟ පෙන්වීම නිසාය.
    ධර්ම ප්‍රදීපිකාව, දම්පියා අටුවා ගැටපදය, පන්සිය පනස් ජාතක පොත, පූජාවලිය, මුවදෙව්දාවත ආදී විශිෂ්ට ග්‍රන්ථ රැසකින් බෞද්ධ දර්ශනයේ අගය ලොවට දායාද කළ මහින්දාගමනය ලක්දිව බොදු සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් ද සිදු කළේය.
    එදා හෙළ කලාකරුවා මහින්දාගමනයෙන් ලැබූ ජීවය අති මහත් බව මුඛ පරම්පරා ජනකතා, පුරාවිද්‍යා ග්‍රන්ථ, මහා වංශය හා දීප වංශය වූ වංශ කතාවල ද සඳහන්ව ඇත. ගොරහැඩි ගල් කුළු මත කුළුණුබර බුදු පිළිම නෙලූ හෙළ කලාකරුවා තැනිතලා ගල්තලා බිතු සිතුවම් රූ මගින් අලංකාර කළේය. වනයට වසන් වූ ගල් ගුහා රහතන් වහන්සේ වැඩ විසූ ලෙන් බවට පරිවර්තනය වූයේ ද මහින්දාගමනයෙන් ලක්බිම බැබළ වූ නිසාය.
    ලක්දිව බෞද්ධ ශිෂ්ඨාචාරයේ මධ්‍යස්ථානය වූ මිහින්තලය ලොවෙහි ද අද්විතීය පූජනීයත්වයෙන් පිදුම් ලද සුවිශේෂී පුද බිමක් ලෙස ලක්දිව බෞද්ධයාට දායාද කරවූයේ අනුබුදු මිහිදු හිමියන් ගේ අසිරිමත් ලංකාගමනයයි.
    එදා මිස්සක පව්වෙන් උතුරා ගලා ගිය සදහම් ගංඟාවේ සිසිලසින් පිබිදුණු ලාංකේය අපි අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනක දී මහින්දාගමනයෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත් හරවත් බොදු උරුමයනුත් දිවි හිමියෙන් සුරකිනා සැබෑම බෞද්ධයෝ වීමට අධිෂ්ඨාන කරගනිමු.
    ***
    Media Bureau ©2015/6
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝය.
    ලක්වාසීන් බෞද්ධ සංස්‌කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි!.................................



    :)
    +8
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    උබට පුලුබන්නම් එක උඩට දාප්න් එඩිට් කරල.

    :no: මේක ගිය අවුරුද්දේ දාපු ත්‍රෙඩ් එකක්. :sorry:
     

    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    සාධු` සාධු` සාධු` ...තෙරුවන් සරණයි .....