හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

    මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි...
    කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු
    ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්...

    මම ටික කාලෙකට කලින් අපේ යාලුවෝ කීප දෙනක් එක්ක මේ ගමන ගියා.. ඒකෙ ලබපු
    අත්දැකීම් සහ තව යන්න කැමති කෙනෙකුට අවශ්‍ය විස්තර මේ ත්‍රෙඩ් එකේ මම සටහන් කරනව..

    අපි බලමු මේ ගමන කොච්චර සුන්දරද කියලා....


    ඉස්සෙල්ලම කරන්න ඕනෙ මේ සදහා වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවෙන් අවසර ගන්න
    එක.ඒකට අපිට යනන් වෙනවා මාලබේ තියෙන වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවට. මේක
    තියෙන්නෙ කඩුවෙල කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ. බස් එකේ යනවා නම් ඒක ඉස්සරහම
    බහින්න පුලුවන්.පාර අයිනෙමයි තියෙන්නේ. තවත් ලේසි වෙන්න මෙන්න google map
    එක.


    wildlife.jpg



    හැබැයි අපිට නොමිලේ නම් මේ පහසුකම් ලැබෙන්නේ නෑ... මේකට අපි යම් කිසි ගෙවීමක්
    කරන්න ඕනේ. එක රාත්‍රියකට වෙන්කිරීමේ ගාස්තුව රුපියල් 2500 ක් විතර වෙනවා. මේ
    කාර්යාලයේ නම් ඉතාම මිත්‍රශීලී සේවක පිරිසක් ඉන්නේ. ඒක නිසා ඉක්මනටම තමන්ගේ කාර්‍යය
    කරගෙන එන්න පුලුවන්.ආ... තව දෙයක්... අපි කඳවුරු බිම (camp site) එක වෙන් කරගන්නකොට එයාලා අහනවා site 01 ද.. site 02 .. ද ඔහොම කියලා... මම නම්
    recommend කරන්නේ site 01 එක... එතන යන්න ලේසියි... ලේසියි කිව්වට
    ඒක ටිකක් අමාරු ගමනක්. කදු 2ක් නැගලා බැහැලා යන්න ඕනේ. ඒත් එතන ගොඩක් පහසු
    තැනක්. දැන් කට්ටිය බලයි හෝර්ටන් තැන්නේ කොහෙද කදු කියලා..?? මම මේ කියන්නේ
    අපි හෝර්ටන් තැන්නේ සාමන්‍යයෙන් ඇවිදින පාර ගැන නෙමෙයි... අපිට සිද්ද වෙනවා පාරෙන්
    පිට පැනලා වන උද්‍යානයේ ඇතුලට යන්න...

    දැන් අපිට තියෙන්නේ ගමනට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න..
    .

    මෙන්න මේවා අනිවාර්යෙන් ඕන කරනවා...


    * කූඩාරම (වතුරට ඔරොත්තු දෙන එකක් විය යුතුයි)
    * ගෑස් ලිපක් ( අපිට වනෝද්‍යානයට දර අරන් යන්න තහනම්)
    * අධික පින්නට ඔරොත්තු දෙන උනුසුම් ඇඳුම්. (බොහෝ වෙලාවට හෝර්ට්න් තැන්න ලාවට වැහි
    පොද වගේ වැටෙන ප්‍රදේශයක්. අපි නිකමට රෙදි වලින් ඇඟ පෙරවන් ඉන්න ගියොත් ඉක්මනටම
    තෙත බරිත වෙනවා)
    * අත් මේස් (Glows - මේවා house of fashion එකෙන් ගන්න පුලුවන්.
    කුට්ටමක් රුපියල් 575 - 850 විතර වෙනවා.)
    * ලන්තෑරුම් හෝ ගෑස් ලාම්පුවක්.
    * නිදාගන්න අවශ්‍ය කරන camp beds .
    * වාඩිවෙන්න අකුලන පුටු කීපයක් ගන්න පුලුවන් නම් හොඳයි.
    * අනිවාර්යෙන් කෝපි පැකට් එකක් ආරගෙන යන්න.
    * කැමති අය ඇඟ රත් කරගන්න අනිත් දේවල් ගන්න. (හැබැයි මේවා අරන් යන් තහනම්.
    මගදි පරික්ෂා කරලා බලනවා.. ඒත් ඉතාම සුහදව කතා කරොත් අරන් යන්න පුලුවන්.)



    කූඩාරම , camp beds සහ බූමිතෙල් ලන්තෑරුම් අපිට හෝර්ටන් තැන්නේම පිහිටලා තියෙන
    වනජීවී භාරයේ කාර්යාලයෙන් ගන්න පුලුවන්. ඒත් අපිට ඊට කලින් පිටකෝට්ටේ තියෙන වනජීවී
    භාරයේ ප්‍රධාන කාර්යාලයෙන් ඒවාට මුදල් බැඳලා වෙන කරගන්න වෙනවා. වනජීවී භාරය පිහිටා
    තියෙන්නේ පිටකෝට්ටේ cargills food city එක කිට්ටුව. 0112809891
    අංකයෙන් අජිත් ව අමතලා මේ ගැන විස්තර දැනගන්න පුලුවන්. නමුත් මේකෙන් ලබා දෙන
    කූඩාරම නම් බාල වර්ගයේ එකක්. ඒක නිසා කෝකටත් තමන්ම එකක් හොයාගෙන ගියා නම් තමයි හොඳ.

    තව දෙයක්. camp site එක ලඟම වැසිකිලියක් තියෙනවා.. ඒක නිසා වැසිකිලි ප්‍රශ්නය ගැන බය වෙන්න ඕනේ නෑ..

    කෑමට පුලුවන් තරම් අඩුවෙන් උයන්න ඕන දේවල් අරන් යන්න... sausages ,
    noodles , meat balls වගේ දේවල්. මේවා ඔක්කොම නුවරඒලියෙ food
    city එකෙන් ගන්න පුලුවන්. බොන දේවලුත් ඇතිවෙන්න තියෙනවා..


    වනෝද්‍යනයේ කඳවුරු බිමට ඇතුල් වෙන්න පුලුවන් දවල් 12 ට. පිටවෙන්න ඕනේ පහුවෙනිදා 11 ට. නමුත් කඳවුරු බිමෙන් පිටවෙලා හෝර්ටන් තැන ඇතුලේ රෑඳී ඉන්න පුලුවන්. මම නම් අනුමත කරන්නේ දවස් දෙකක් ඒ කියන්නේ රෑ දෙකක් ඉන්න පුලුවන්නම් හොඳයි කියලා.. මොකද අපිට ඒ පරිසරයට හැඩගැහෙන්න පලවෙනි දවස යනවා.. දෙවෙනි දවසේ තමයි අපිට නියම විදිහට අපේ ගමන රසවිඳින්න පුලුවන් වෙන්නේ.

    ඔන්න එහෙනම් ගමනේ විස්තර ඉවරයි. මෙන්න මම ඔයාලට බලාගන්න ගමනේ ඡායාරූප ටිකක්
    දානවා...


    මේ යන අතරමග Cent Claire දිය ඇල්ල.... බොහෝ විට ඉහල කොත්මලේ ව්‍යාපාරය නිසා මේ සුන්දරත්වය නැති වී යන්න ඉඩ තියෙනවා...

    28012010359.jpg




    මේ හෝර්ටන් තැන්නට යන අතරමගදී හමුවෙන තවත් සුන්දර ජලාශයක්. (මට නම නම් අමතකයි:baffled:)


    29012010427.jpg


    මේ අඹේවෙල ගොවිපලේ තණ බිම්...

    29012010433.jpg


    අපේ කට්ටිය බඩුමුට්ටු උස්සගෙන කඳවුරු බිමට යනවා...

    dsc01651m.jpg



    මෙන්න කඳවුරු බිමේ දර්ශන

    30012010517.jpg


    dsc01653pz.jpg


    dsc01655l.jpg


    s3500104.jpg


    s3500106.jpg


    s3500110.jpg


    s3500112.jpg


    s3500114.jpg


    s3500137.jpg


    s3500142.jpg


    s3500186.jpg


    dsc01657be.jpg



    ආපහු එන ගමන්...


    s3500194.jpg


    s3500199.jpg


    s3500211.jpg



    බේකර්ස් ඇල්ල​

    s3500227.jpg



    (මෙම ඡායාරූප වල සිටින්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර
    ඇති බව කරුණාවෙන් සලකන්න)


    මෙම විස්තර වල සහ ඡයාරූප වල සම්පූර්ණ අයිතිය මා සහ ElaKiri.com සතුය.උපුටා
    වෙනත් වෙබ් අඩවි වල පලකිරීම තහනම්ය.


    (මෙච්චර විස්තර කියපු එකේ බලලා නිකන් යන්න එපා.. comment එකක් දාලා කැමති නම්
    rep එකකුත් දාලා යන්න :P:P:P)
     
    මල්කවියා(ගොවියා) හොඳ හොඳ රවුම් ගහන-අඩවු අල්ලන මෑන් කෙනෙක්නේ.:):):)
    මගේත් තියනවා සංචාරක සටහන් ගොඩක්,ඒත් පික්චර්ස් නැතුවදාලා වැඩක් නෑ.නමුත් පික්චර්ස් දාන්නත් බෑ.මොකද මේ වගේ තැනක දාන්න හිතාන ගත්ත ඒවා නෙවෙයි.පුද්ගලිකත්වය හා සංස්කරණයේදී වටිනාකම් නැතුව යන නිසා.
    ඉස්සරහට කොමන් ෆොටොස් ටිකකුත් ගන්න ඕන.:yes:
    :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇඟ රත්කරගන්න මොනවහරි අරං ගියාට කමක් නෑ ලු හුහ් කියපු හැටි විතරක් :P
    දඩමස් ටිකකුත් කොටාබාගත්තට කමක් නැද්ද :P
    Anyway Good thread malkavi bro Keep posting :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    niyamai machan :D .. balanakotath seethalai (fan eke hulan paara):lol: aaith yanna aasa hithaynawa dekka ma :)
    +++

    හික්.හි.. අපි යන කාලේ නම් පට්ට සීතලයි... :P:P ස්තූතියි මචං... :):)


    maru pics tika kavi ayya :D
    rep uth dunna onna ;)

    meka ela :D

    හි..හි... තෑන්ක්ස් මල්ලි... :):)
     
    • Like
    Reactions: minipura

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්කවියා(ගොවියා) හොඳ හොඳ රවුම් ගහන-අඩවු අල්ලන මෑන් කෙනෙක්නේ.:):):)
    මගේත් තියනවා සංචාරක සටහන් ගොඩක්,ඒත් පික්චර්ස් නැතුවදාලා වැඩක් නෑ.නමුත් පික්චර්ස් දාන්නත් බෑ.මොකද මේ වගේ තැනක දාන්න හිතාන ගත්ත ඒවා නෙවෙයි.පුද්ගලිකත්වය හා සංස්කරණයේදී වටිනාකම් නැතුව යන නිසා.
    ඉස්සරහට කොමන් ෆොටොස් ටිකකුත් ගන්න ඕන.:yes:
    :D

    හික්..හික්.. මම ලංකාවේ හතර වටේ යන මිනිහෙක්... :P
    ඔව්... මටත් තව පින්තූර තිබුනා.. ඒත් දාන්න පුලුවන් වුනේ මෙච්චරයි...
    ස්තූතියි.. :):)


    maxxa machan patta :D :D

    ස්තූතියි මචං... :):):)

    godak hithalada
    mama Nuwara Eliyenam Gihin thiyenawa

    ඒ තරම වගේ තමයි.. ඒත් රෑට ඉන්න වෙන්නෙ එලියෙනේ... අනිත් එක හුලඟත් එක්ක සීතල එන්නේ... ටිකක් අමාරුයි... :):):)

    sahenna meedumane :baffled: nice post ayya.. thanks for sharin :D

    අම්මෝ ඔව්... හවස් වෙනකොට tent එක වටේටම මීදුම...මුකුත් පෙන්නේ නෑ....
    තෑන්ක්ස් නංගි... :):):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇඟ රත්කරගන්න මොනවහරි අරං ගියාට කමක් නෑ ලු හුහ් කියපු හැටි විතරක් :P
    දඩමස් ටිකකුත් කොටාබාගත්තට කමක් නැද්ද :P
    Anyway Good thread malkavi bro Keep posting :D

    :rofl::rofl::rofl:

    බොන කෙනෙක්ට ඔහේ ගිහිල්ලා නොබී ඉන්න අමාරුයි.. :yes:

    ඒත් ඉතින් මම නම් බිව්වේ නෑ... :yes::D


    thanks malli.. :):):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ah malkaviya rawum gahala wage :D:D:D

    ee wagema Horton Plains yanna inna ayata deela thiyena wadagath tips tikatath thanks machan
    :yes::yes::yes:

    Rep+

    ඔව් ඔව්.. අපි ඉතින් සංචාරක පක්ශියෝ නේ... :P

    අපි මේ ටික හොයාගෙන කරගන්න මාර කට්ටක් කෑවා මචං.. ඒකයි ඔක්කොම විස්තර ටික දැම්මේ... තෑන්ක්ස්... :):)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි පැණි කවියා
    අවුරුදු 4ක් ඉදලා දාපු පලවෙනි හොද පොස්ට් එක වෙන්න ඇති මම හිතන්නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි පැණි කවියා
    අවුරුදු 4ක් ඉදලා දාපු පලවෙනි හොද පොස්ට් එක වෙන්න ඇති මම හිතන්නේ

    ඔන්න ඉතින් කිව්වා..:frown:

    ඒ කාලේ දාපු ඒවා දැන් යට ගිහිල්ලා... ඇත්තටම කාලෙකින් තමයි අලුත් ත්‍රෙඩ් එකක් දැම්මේ.. :yes::yes:
     

    bjpperera

    Member
    Feb 20, 2008
    80
    3
    0
    Malabe
    malkaviya uba nam deiyek machanz. maru adauwak allala tiyenne. me para aniwa yanawa sapak ganna. thank you soooooooo much machanzzzz.