නීල කඳුගැටේ ගේන නිදහසේ මතින් මත් උනා
කුළුඳුල් ආදරේ
තුරුණු මල් වියේ සුවද මල් පිපි ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ
නොදුටුව පෙම් ගංගා නෙත් ඉවුරේ හංගා
මසිත කළඹනවා
ග්රීස්මයෙත් සුව කැන්දා වසන්තයත් කර පින්නා
සිසිල ගෙන එනවා... එනවා
රන්තරු දිලේ ඔය ඇස් වගේ රන් කඳ මගේ
පිවිතුරු ආදරේ
ජීවන මගේ පණනල හඳේ සිත නලවනවා
පෙම්රස ආකරේ
පෙම් හැගුම් මවනා මල් සිනා දෙනවා
මිණිමුතු අගේ නැත ඔබ වගේ පෙම් කඳ මගේ
රන්දොර ආදරේ
චන්දන වගේ සුවඳට ඔබේ මන්මත් වෙනවා
සොඳුරුයි ජීවිතේ
පෙම් හැගුම් මවනා සිනා මල් දෙනවා....
නීල කඳුගැටේ ගේන නිදහසේ මතින් මත් උනා
කුළුඳුල් ආදරේ
තුරැණු මල් වියේ සුවද මල් පිපි ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ
නොදුටුව පෙම් ගංගා නෙත් ඉවුරේ හංගා
මසිත කළඹනවා
ග්රීස්මයෙත් සුව කැන්දා වසන්තයත් කර පින්නා
සිසිල ගෙන එනවා... එනවා...එනවා