හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

    හොල්මං කතා ගොඩක් තියෙනවා, කියවලා බලනකෝ...!!!

    1954 වසරේ දිනක බ්‍රිතාන්‍යයේ විසු රෙදි වියන්නෙකු වු ගිල්බටි කැමිප්බල් ගේ නිවසෙහි දොරට සිගන්නෙකු තටිටු කලේය."මහත්මයා මම දවස් දෙකකින් කිසිම දෙයක් කාලා බීලා නෑ කරුණාකරලා මට කෑම ටිකක් දෙන්න පුළුවන්ද?" කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා එළවා ගත්තේ පරුෂ වචනයෙන් බැණ වදිමිනි.
    ඊළග මොහොතේ සිගන්නා කතා කලේ තර්ජනාත්මක ස්වරයෙනි.තමුසේ මට පාන් ගන්න මුදලක් දෙනවද?නැද්ද?මෙම තර්ජනය හමුවෙ වඩාත් කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා පිටත සිටියදී හඩ නගා දොර වසා ගත්තේය.
    "හොදයි මහත්මයා අපි බලා ගනිමු.මට මෙහෙම සැලකීම ගැන ඔබ පසු තැවෙන දිනයකුත් ඒවි." පිටත සිටි සිගන්නා වෙගවත් හඩින් පවසනු ඇසිණ.
    සිගන්නාගේ තර්ජනය "කැමිප්බල්" මහතාට සුළු මොහොතකින් අමතකව ගියේය.
    සති කිපයක් ගෙවි ගියේය. හිටි හැටියේ "කැමිබප්ල්" නිවස තුළ නොයෙක් අද්භූත ශබ්ද නැගෙන්නට විය. මුලින්ම ඇසෙන්නට වුයේ කුඩා දරුවෙකුගේ සෙල්ලමි නලාවකින් ඇසෙන නලා හඩක් බදු ශබිදයකි. මෙය නිවස තුල පමණක් නොව ගෙවත්තෙහිද ඇසිණි. මුලින්ම මෙම නලා හඩ ඇසී තිබුණේ ළිදෙන් වතුර ගෙන ඒමට ගිය "කැමිප්බල්" මහත්මියටය. ඒ මොහොතේ අසල්වැසි කාන්තාවක්ද ඇය අසල විය. නලා හඩ පමණක් නොව කිසිවෙකු "කැමිප්බල්" මහත්මියව "ළිදට තල්ලු කර දමන බවට" තර්ජනය කරන කටහඩක් ද දෙදෙනාටම ඇසිණි.
    මුල්වරට සිගන්නාගේ තර්ජනය පිළිබද භීතියක් "කැමිප්බල්" මහත්මියට ඇති වුයේ මෙම සිදු විමෙන් පසුවය.පසු දින සිට නිවසේ දොර ජනෙල් හා දුමිකවුළු තුළින් ගල් කැට විසි කිරීම ආරමිභ විය. "කැමිප්බල්" නිවසෙහි සැරි සරන අවතාරය පිළිබද ගම පුරා පැතිර යන්නට වු අතර අවතාරය දිනෙන් දින වඩාත් දරුණු වුවා සේ විය.

    "කැමිප්බල්" මහතා වියන රෙදි කතුරකින් කීතු වන සේ කපා දැමීම නොකඩවා සිදුවිය. "කැමිප්බල්" පවුලේ උදවිය හැද සිටින කබා හිස්වැසුමි හා ඇදුමි ද තැනින් තැන කතුරකින් කපා දමා තිබුණේ ඔවුන් එවා ඇද සිටිද්දීමය. අදෘශ්‍යමාන හස්තයකින් මෙම සියල්ල සිදු කෙරිණ.
    රාත්‍රියට ඔවුනට නින්දක් නොවිය. නොපෙනෙන කිසිවෙකු ඇද ඇතිරිලි පමණක් නොව ඇඳ සිටින ඇදුමිඳ ඉවත් කර දමන්නට විය. නිවසේ අල්මාරි සහ කබඩි හිටි හැටියේ ඇර දමා ඒවායෙහි ඇති භාණ්ඩ බිම විසිරුවා දැමීම ද සිදු වන්නට විය.
    "කැමිප්බල්" මහතා රෙදි විවීම සඳහා උපයෝගී කරගන්නා භාණ්ඩ හිටි හැටියේ අතුරුදහන් වන්නට වු අතර දින ගණනකට පසු නිවසේ අහුමුළු වල තිබී ඒවා හමුවිය. වියු රෙදි සියල්ල කපා දැමිම නොකඩවා සිදු වු බැවින් තම ජිවන වෘත්තිය නතර කර දැමීමට "කැමිප්බල්" මහතාට සිදු විය.

    ආරක්ෂාව පතා දරුවන්‍ පමණක් හෝ ඥතීන්ගේ නිවස් වලට පිටත් කර හරින ලෙසට හිතවතුන් කළ අවවාද නොතැකු "කැමිප්බල්" මහතා තව දුරටත් නිවසෙහිම රැඳි සිටියේය.

    එක් ඉරු දිනක දිවා කාළයෙහි "කැමිප්බල්" නිවස තුළ අද්භූත ගින්නක් හට ගත්තේය.අසල්වැසියන් මැදිහත් වී ගින්න නිවා නොදමන්නට නි‍වෙස අළු ගොඩක් වන්නට ඉඩ තිබිණ.
    නිරතුරුවම දෙවියන් යදිමින් තමා මෙම අදෘශ්‍යමාන බලවේගයෙන් මුදා දෙන මෙන් "කැමිප්බල්" පවුල ඉල්ලා සිටියදී ඊ ළග අගහරුවාදා දින උදැසන නමයට පමණ නැවතත් අදෘශ්‍යමාන ගින්නක් ඇතිවිය. මෙවරද ගින්න නිවා දැමීමට අසල්වැසියන් සමත් වුහ.

    "කැමිප්බල්" නිවැසියන් බොහෝ විට රාත්‍රියට ගත කළේ නිදි වර්ජිතවය. ගෙමිදුලෙහි වු මල් පාත්ති අවුල් කිරීම, මිදුලෙහි වු තණකොළ උදුරා දැමීම, මඩුවෙහි වු පිදුරු තැන තැන විසිරුවා දැමීම, ඇදුමි අතුරුදහන් වීම, නිවැසියන්ගේ සිරුරු වලට අල්පෙනෙති තුඩු වලින් අනිනවාක් මෙන් දැනීම අත්භූත ක්රිරයාවලියට අළුතෙන්ම එක්විය.

    දිනක් පවුලේ බාල දරුවා වු "ටොමි" කිසිවෙකු තමා අමතමින් තම පියාගේ නිවසේ නොරැ‍‍දෙන ලෙස පැවසු බව කී‍්වෙය.එළෙසින්ම එදින සිට "ටොමි" භූත ආත්මයේ දැඩි අතවර වලට ලක් වු අතර මෙය නිසාම ඔහු පාසල් නේවාසිකාගාරයක නැවැත්වීමට සිදුවිය.

    මෙම අවවාදාත්මක කටහඩ නිවසේ අනෙකුත් අයටද ඇසෙන්නට පටන් ගැණිනි.එම කටහඩ කලකට පෙර නිවසට පැමිණි සිගන්නා ගේ කටහඩට සමාන බව "කැමිප්බල්" මහත්මිය‍ගේ අදහස විය.නිවස ආශිර්වාද කිරීමට ගෙන්වන ලද පුජකවරයාට මෙ‍ම අද්භුත කටහඩ ඇසිණි. පුජකවරයාට යාචිඤ කරන තුරු නිහඩව සිටින අවතාරය යාචිඤව නැවතුණු වහාම පෙර ලෙස පෙරළි කරන්නට විය.

    දිනක් පුජකවරයා යාචිඤ කරන අතරෙහි අද්භූත කටහඩ කතා කරන්නට විය. "මට ඉස්කෝප්පයක් සහ උදැල්ලක් දෙන්න.ඉන් පසු නිවසේ සියළු දෙනාම සත් දිනකට නිවසින් පිටවී සිටිය යුතුයි. ඒ කාලය ඇතුලත මම වලක් හාරා එතුළ වැතිරෙනවා. ඉන්පසු මගෙන් ඔබට කරදරයක් නැහැ."
    මෙම තීරණයට "කැමිප්බල්" තදින්ම විරුද්ධ විය. ඒ මොහොතෙහිම නොපෙනෙන තැනකින් පිටත ආ වැළමිට සිට ඇගිලි තෙක් ඇති දෑතක් වියරු වු ලෙසින් පොළවට ගසාගෙන ගියේ සියල්ලන්ම භීතියට පත් කරවමිනි.

    පසු දිනක කේක් කැබලි කීපයක් දරුවන් අත‍ර බෙදමින් හුන් "කැමිප්බල්" මහත්මිය ගෙන් අවතාරය කෑමට යමක් ඉල්ලුයේ හඩ නගාය. එදිනම උදෑසන නිවසෙහි සේවිකාව වු මාග්ර ටි පාන් කමින් සිටින විට කිසිවෙකු තමා අත වු පාන් කැබැල්ල උදුරා ගත් බව දන්වා තිබිණ. මේ අතර නිවස ගිනි තබන බවට අවතාරය නැවත නැවත තර්ජනය කරන්නට විය. නිවසේ තිබු ආහාර දුව්‍ය අතුරුදහන් ‍විමට පටන් ගෙන තිබු අතර ඒවා නැවත හමුවුයේ ඇදක් යට හෝ ඇතිරිලි යට තිබියදීය. කිසිවෙකු නිවසෙහි එහා මෙහා යන හඩ රාත්‍රිය පුරාම ඇසෙන්නට විය.
    එක් රාත්‍රියක නිවසෙහි වු ඇදක් ගිනිගෙන දැවෙන්නට වීම මෙම අද්භූත ක්‍රියාවලියේ අ‍වසානය විය. අධෛර්යට පත් නොවි "කැමිප්බල්" පවුල තවමත් නිවසෙහි සිටීම අවතාරය දුර්මුඛ වීමට හේතුවිය.

    මෙය අතර ලැබුණු තවත් ආරංචියකින් කියවුණේ "කැමිප්බල්" මහතාට තර්ජනය කළ හිගන්නා මෙම අද්භූත සිදුවිමි පටන් ගැනිමට දින කිපයකට පෙර මිය ගිය බවයි.............


    උ.ගැ-කලුවර අඩවිය :love::love::love::love:
     
    Last edited:

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මෙම සිදුවීම සිදුව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පාලම් කඳවුර නම් උහන ප්‍රදේශයට ආසන්න ගමකින්ය.මීට වසරකට පමණ පෙර සමන බැද්ද මහා විහාරස්ථානයේ කඨින පිංකම අති උත්සවාකාරයෙන් සිදුකෙරුණි කඨින වස්ත්‍රය ගෙන යාම සඳහා ප්‍රදේශයේ තරුණ පිරිස දායක විය එහි දී අත් ට්‍රැක්ටර් දෙකකින් මුලු ගමම ආවරණය වන සේ ගමන් කිරීමට තරුණ පිරිස සියලු කටයුතු සුදානම් කළේය එහි එක් අත්ට්‍රැක්ටරයක රියදුරු වූයේ සනත් මහතාය එම අත් ට්‍රැක්ටරය කඨින චීවරය රැගත් ට්‍රැක්ටරය පසුපසින් ගමන් කිරීමට නියමිතව තිබිණ එහි ඉදිරි පස අසුනේ සනත් අයියාට හිතවත් තරුණයින් දෙදෙනෙකුද වාඩිවූ අතර පිටුපස ද කිහිප දෙනෙක් ගොඩවිය අත් ට්‍රැක්ටර් දෙකම රාත්‍රී 10ට පමණ සමන බැද්ද පන්සලෙන් ගමන ආරම්භ කළේය.

    රාත්‍රී 2 පමණවන විට දෙමටමල් පෑලැස්ස පාසල අසලට පැමිණීමට ඔවුන්ට හැකිවිය පසල පසුකර ටික දුරක් යනවිට ඒ ප්‍රදේශයේ පාර දෙපැත්තේ ඇත්තේ ඉතාමත් ඝනට වැඩුන එරමිණියා වැල් එතුන විශාල කටු අකුල්ය අඩුම තරමින් හාවකුට වත් රින්ගා යා නොහැකි අන්දමෙන් මෙම අකුල් සැදී තිබුණි. සනත් අයියාගේ අත් ට්‍රැක්ටරයේ අනෙක් ට්‍රැක්ටරයේ සේම ප්‍රධාන ලාම්පුවට අමතරව පැට්‍රල් ලාම්පුවක්ද එල්ලා තිබුණි.එකවරම සනත් අයියා දුටුවේ කෙනෙකුන් ඉදිරියෙන් පාර හරහා පනින ආකාරයකි වහාම ඔහු ට්‍රැක්ටරය නැවැත්තුවේ ඉදිරියෙන් ගමන් කළ ට්‍රැක්ටරයෙන් බැස ගත් කෙනෙකු තමන්ලගේ ට්‍රැකිටරයට පැමිණෙනවා යැයි සිතූ නිසාය නමුත් ශණිකව ඔහු පාරේ වම් පැතිතේ සිට දකුණු පැත්තට මාරුවී කටු පදුරු අස්සෙන් නොපෙනී ගියේය.ඉදිරි අසුනේ සිටි තරුණයින් දෙපලද මෙම සිද්ධිය සියැසින් දුටුවේය නමුත් තිදෙනාටම මේ පුද්ගලා දුටුවිට සිහින් දාඩිය දමා ඇත්තේ මේ පුද්ගලයා මීට පෙර නොදුටු අසාමාන්‍ය උසකින් යුක්තවූ පුද්ගලයකු නිසාය එසේම ශරීර වර්ණය ලයිට් එළියට දිස්වූයේ ද ඉතාම පැහැපත් දිලිසෙන සුළු ආකාරයකට බව සනත් මහතා පවසයි.පුදුමයට කරුණ නම් ට්‍රැක්ටරය නවතා ඒ අවට පරික්ෂා කර බැලූ විට මිනිසෙකුට ඇතුල් වීමට නොහැකි සේ ඒ ස්ථානයේ වන වඳුල සකස්වී තිබීම බව සනත් මහතා පවසයි. සනත් මහතා සහ දෙපස සිටි තරණියින් දෙපල අදටත් එම සිදුවීම පිළිබද විමතිය පළකරයි.




    උ.ගැ- හොල්මන් අඩවිය
    තොරතුරු සැපයීම පිළීබඳ විශේෂ ස්තුතිය අම්පාර උදයගිරිය මහා විද්‍යාලයේ කීර්ති ගුරුමහතාට
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    වත්සලාගෙ හොල්මන

    ..

    වත්සලා නම් සුරූපී තරුණියක් අනුරාධපුරයේ සිට තිස්සමහාරම ප්‍රදේශයට පැමිණියේ තම නෑදෑ කෙනෙකුගේ නිවසේ නවාතැන් ගන්නටය ඇය ටිකෙන් ටික තිස්සමහාරාමයටම හුරු පුරුදු විය නිමල් නැමැත්තා සමඟ ප්‍රේමසම්බන්ඳයක්ද ඇති කරගත් මැය නිතර නිමල් හමුවන්නටද පුරුදුවී සිටියේය. එසේම ඒ අතර වාරයේ මැයගේ ජීවිතයට කනකොකා හැඬුවේ ඒ ආදරය අතරට පැමිණි විරාජ් නම් තරුණයා නිසාය..නිමල්ට වඩා විරාජ් හොඳබව නිතර ඇයට සිතෙන්නට විය ඒ නිසාම නිමල් මඟහැර විරාජ් සමඟ පෙම් කරන්නට ඇය නොදැනුවත්වම පෙළඹුනේය..කෙසේ වෙතත් නිමල් ද ප්‍රදේශයේ තරමක සෙල්ලක්කාර චරිතයකි ඔහු තරමක් ආවේග ශීලී පුද්ගලයෙක්ද විය ..

    දිනක් තම මිතුරකු මාර්ගයෙන් වත්සලා විරාජ් සමඟ තිස්ස-මාතර බස් රථයක පිටිපස අසුනේ පෙම් සුව විඳිමින් මාතර ප්‍රදේශයට ගමන් ගත් බව දැන ගත්තේය එසේම රහසේම ජංගම දුරකථනයෙන් එම දෙදෙනාගේ ඡායා රූපයක්ද එම මිතුරා ගත්තේ තම මිතුරාගේ ආදරය රැවටීමක් බව ඔප්පු කිරීමටය මෙය දුටු නිමල් කෝපා විශ්ඨ විය තමාට කුමක් සිදුවූයේ දැයි සිතා ගත නොහැකි විය ඒවන තෙක් නිමල් සමඟද ඇය පෙම් බස් තෙපලමින් පෙම් සුව විදිමින් සිටියේ විරාජ්ට අසුනොවන අයුරිණි. තමාට මේ තරම් වංචාවක් කළේ මන්දැයි ඇසීමට ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළද එය ඒ මොහොතේ සාර්ථක නොවිය එසේ ඇමතුමක් ගත්තා නම් මේ කථාව මීට වඩා වෙනස් එකක් වන්නට ද තිබුණි.

    එදින තම මිතුරන් සමඟ දැඩිලෙස සුරා පානය කළ නිමල් තම මිතුරන්ටද හඬමින් මේ කථාව සැල කරසිටියේය.කෙසේ හෝ තමාගේ එක් පාපතර මිතුරකු ඔහුට කදිම අදහසක් දුන්නේය එනම්...."මේ බව උඹ වත්සලාට කියන්න යන්න එපා..කෙල්ලො කපටියි..ඒ නිසා උඹ ෂේප් එකේ ඒකිට කෙහේ හරි යන්න කථා කරපන් ...ඊට පස්සෙ කරන්න ඕන දේ දන්නව නේ අපිත් ඔනනම් සපොර්ට් එකක් දෙන්නම් මගේ වීල් එක තියනවනේ ඕන තැනක යමනං"..ආදීවශයෙනි. නිමල්ද ඇය කෙරෙහි ඇතිවූ වෛරය නිසාම ඒ අදහසට කැමැත්ත පළකළේය.ඒ මෙහොතේම සිදුවන ආකාරය ප්ලෑන් කළ මොවුන් වත්සලාගේ ජීවිතය විනාශ කිරීමේ මුල් පියවරට අත තැබුවේය......

    ඉන් දින කිහිපයකට පසුව සුපුරුදු අයුරින් වත්සලා හා කථාබහ කළ නිමල් හමුවීමට ස්ථානයක්ද යෝජනා කළේය කිසිවක් නොදත් ඇය වෙනදා මෙන්ම නිමල් කෙරෙහි විශ්වාසයෙන් එයට කැමැත්ත පල කළේය ඒ දිනය උදාවිය තම මිතුරාගේ ත්‍රී වීලරයෙන් ගමන යෑම සඳහා පිටත් විය.(ගිය ස්ථානය දැනගැනීමට නොහැකි විය) එසේ යමි ස්ථානයකට ගොස් දෙදෙනාම තනිවී පෙම් බස් මුමුණන්නට විය එහෙත් ටික වෙලාවකින් නිමල්ගේ සැබෑ ස්වරූපය මතුවන්නට විය නිමල්ගේ අතින් වත්සලාගේ ජීවිතය ඒ මොහොතේ විනාශවී ගියේය...එතනින් නොනැවතුණ නිමල් තම මිතුරාටද අවස්ථාව ලබා දුන්නේ මාරා වෙශයෙණි හිත් පිත් නැති මිතුරා තම අශාවද රිසිසේ ඉටු කරගත්තේ වත්සලාගේ විලාපය මැදය..කෙසේ නමුත් නිමල්ට ඇති වූ අනුකම්පාව නිසා ඇය නොමරා නැවතත් වීරවිල හංදිය අසලට ගෙනවිත් දමා මිතුරාද කැඩුව වේගයෙන් තිස්ස බලා ධාවනය කළේය..දැඩි ලෙස අසරණව සිටි වත්සලාට දරාගත නොහැකි සිදුවීම හමුවේ තම ජීවිතය පවා එපා වුයේය ඇය මේ පාපතර ලෝකය හැර යන්නට හිතා ගත්තේ ශණිකවය ඈතින් වේගයෙන් ආ බස්රථය පැන්නේ නිමල් සහ ඔහුගේ මිතුරාගෙන් පළිගන්නා බව සිතමින් විය යුතුය..වත්සලාගේ සෙල්ලක්කාර ජීවිතය එතනින් නිමා වුණි....

    වත්සලාගේ අවසන් කටයුතු ඉටු කිරීමෙන් දින කිහිපයකට පසුව ‍තිස්සමහාරාම අලුත්ගොඩපාරේ දී නැවතත් වත්සලා උපත ලැබුවේ අවතාරයක් ලෙසිණි...රාත්‍රී කාලයේ එම පාරෙන් ගමන් ගන්නා ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුම වත්සලාගේ ගන්ධබ්බ රුව දැකඇත පිස්සියක සේ කෙස් රොද හේලාගෙන පාවී එන මේ රුව දුටු කිහිප දෙනෙකුම අලුත්ගොඩ පාරේ ඇති බව කිව යුතුය..

    දිනක් ගොම්මන් යාමයක ගැබිණි මවක් අලුත්ගොඩපාරෙන් තනිවම පැමිණ ඇත එකවරම වත්සලාගේ අර්ධ රුව ඒ මව වෙත කඩාපැන ඇත එතැන් පටන් එම ගැබැණි මව පිස්සියක සේ විකාරයෙන් යම් යම් දේ පවසන බව ද නිතරම ත්‍රීරෝද රථ ගැන පවසන බවද ගම්මුන් කියති නිමල්ටද එම මිතුරාටද එදින සිට මේ දක්වා හරියට නින්දක් නොමැත රෑ කාලයේදී තමන්ට නොයෙකුත් අද්භුත ශබ්ද ඇසෙන බව හිතවතකු සමග පවසා ඔහු සහ එම මිතුරා දැනට ප්‍රදේශය හැරගොස් ඇති බවද ආරංචිවෙයි කෙසේ නමුත් මෙහි සත්‍යතාව සොයාබැලීමට පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙහි පැමිණ ඇති නමුත් ඒ කිසිම කෙනෙක්ට මෙතෙක් හෝඩුවාවක් හෝ දැනී නොමැත නමුත් අහම්බෙන් ඒ පාරෙන් රෑ බොවී ගමන් කරණ ඔනෑම කෙනෙක්ට යම් යම් අද්භූත තත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නොරහසකි. මෙසේ අසාධාරණයකට ලක්වූ ඒ අවතාර යුවතියටවත් සමාජයේ මෙවන් විපත් භිය ගන්වා හෝ වැළක්වීමට හැකි නම් එය හොල්මන් අඩවියේ ද ප්‍රශංසාවට ලක්වනු ඇත......



    උ,ගැ- හොල්මන් අඩවිය:yes::yes:

    :love::love:රෙප් + එකක් දෙනවද???:love::love:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචන්,
    කොහෙන් හරි උස්සපු එකක් වුනත්..:P
    මමත් මේ වගේ කතා තමයි හොයාගෙන හිතියේ.. :)
    පුලුවන් තරම් මේ ත්‍රේඩ් එකට තවත් කතා එකතු කරන්න..

    මේ ත්‍රේඩ් එක පුරාවටම හොල්මන් අඩවියක් කරමු.. :D

     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ෆයිනස් කැලේ

    එදා සඳ අමාවක දිනයකි..ගුණසේකර හා සුරංග මාතර රදම්පල ප්‍රදේශයට යෑමට කතිතා කරගත්තේ එදිනය.කෙසේ නමුත් රෑ බෝවන තෙක්ම ගමන ආරම්භ කිරීමට ඔවුන්ට නොහැකි විය යාන්තමට සවස 7 පමණවනවිට මාතර තිහගොඩ ප්‍රදේශයෙන් යතුරුපැදියකින් ගමන ආරම්භ කිරීමට දෙදෙනාටම හැකිවිය.කෙටිපාරක් නොදත් බැවින් මාතර නගරය හරහා රදම්පල දක්වා ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය සාර්ථකව ගමන අවසන් කළ ඔවුන් රුක්ෂාන් ගේ ‍නිවසේ ඔවුන් වෙනුවෙන් පිළීයෙල කර තිබූ ආහාර භෝජන සංග්‍රහයද භුක්ති විද රාත්‍රී 11.30ට පමණ නැවතත් ඒමට පිටත් විය.ප්‍රදේශය ගැන දන්නා හඳුනන පුද්ගලයකු තිහගොඩට යෑමට කෙටි මඟ ගැන ඔවුන්ට පැවසූවේය නමුත් ඔහු තරයේ කියා සිටියේ විශාල ෆයිනස් කැළය අද්දරින් වැටී තිබෙන මාර්ග ඉතාම කෙටි වුවත් එමඟින් නොයන ලෙසයි හේතුව විමසුවද ඔහු "කිව්වම යන්න එපා! " යැයි කෝපයෙන් ගුගුලේය....

    පසුව ඔවුන් ගමන ආරම්භ කළේය ටිකදුරක් යනවිට සුරංග පැවසූවේ "අපි ෆයිනස් කැළෙන් යමු ඉක්මනට යන්න පුළුවන්නේ" ගුණසේකර කීවේ "අපෝ බෑ අරමිනිහ යන්න එපා කිව්වෙ තේරුමක් ඇතුව වෙන්න ඇති නේ.." සුරංග නැවතත් "ඕනනම් මංකොල්ල කාරයින් ඉඳීවි අපේ මොනවද ගන්න තියෙන්නෙ මගේ ලඟ නමි රුපියල් දෙසීයයි තියෙන්නෙ ඔන්න ඔහේ යමු" යයි කියමින් යතුරු පැදිය ෆයිනස් කැළය දෙසට හැරවුවේය..දෙදෙනා වේගයෙන් ෆයිනස් කැළය පාරේ ටික දුරක් ගමන් කළේය නමුත් එතැන් සිට ඔවුන්ට දුෂ්කර මාර්ගයක් තරණය කිරීමට සිදුවිය තැනින් තැන මහා වලවල් හා ගල් කැටයි එය ඉතා අපහසු ගමනක් විය.ෆයිනස් කැළය පටන්ගන්නා තැන සිට මීටර් 500ක් පමණ ඔවුන් අසීරුවෙන් යතුරුපැදිය පැදවූහ හිටි හැටියේ පොඩි වැහි පොදක්ද වැටෙන්නට විය එය කුඩා පින්නක් තරම් එකකි..සිදුවූයේ අකරතැබ්බියකි විදුලි ලාම්පුව හිටි හැටියේ අක්‍රීය විය කරකියා ගන්නට දෙයක් නොවූ ඔවුන් ගුණසේකර ලඟ තිබූ 1100 නොකියා ජංගම දුරකථනයේ විදුලි පන්දම ක්‍රියාත්මක කළේය...එහි එළිය ප්‍රමාණවත් නොවුවද වෙලාවේ හැටියට ඒකත් ඔවුන්ට පිහිට විය.

    එසේ අසීරුවෙන් ගමන් ගත් ඔවුන්ට එකවරම ඈතින් හුළු අත්තක් වනමින් පුද්ගයෙකු ඉදිරියට එන ආකාරයක් දැකගත හැකි විය පුද්ගලයාගේ උඩුකය යාන්තමට සුදුපාටීන් දිස්විය...අවට ගෙයක් දොරක් හෝ නොමැති ඉසව්වක හුළුඅත්තක් රුගෙන එන්නා කවුරුන්දැයි දෙදෙනාටම ප්‍රශ්නයකි "ෂුවර් එකටම හොරගමනක් යන මිනිහෙක් " යැයි සුරංග කිවේය... නමුත් පුදුමය නම් යතුරු පැදිය ඉදිරියට ගියද නිතරම සමාන දුරකින් මෙය දර්ශනය වීමයි දෙදෙනාටම තැති ගැනීමක් ද ඇති වූයේ එ බැවිණි. ඒ නිසාමම කුණුහරුපයෙන් බැන "කවුද යකෝ...බලු *** **" කියමින් මොවුන් දෙදෙනාද නොනැවතී ඉදිරියට ගියේය...යතුරු පැදියේ හඬ පරදවමින් ෆයිනස් ගස් සුළඟට වැනෙන විට එන ශබ්දයද සමඟ එම ප්‍රදේශයේ මහා මූසල බවක් ද ඔවුන්ට දැනෙන්නට විය..හුළු අත්තද ඒ මේ අත වනමින් එකම දුරකින් දර්ශනය විය එලෙස හැතැක්ම කාලක් පමණ දුරක් ඉදිරියට ආවේය.එකවරම එම හුළු අත්ත තමන්ට මදක් ළංවන බව දැනින දෙදෙනාගේ හද ගැස්ම ඉතාම වැඩි වුවද ආපස්සට යාමට අදහසක් නොවිය. එම මොහොතේ ඔවුන්ගේ හිතට අමුතු ශක්තියක් ආ ඔව ඔවුන් පවසති..එසේ තමන්ට පේන නොපෙනෙන දුරකට සුදු කමිසය හා හුළු අත්ත දර්ශනය විය එකවරම මහා ගිනි ජාලාවක් පත්තුවෙමින් හුළු අත්ත නිවී ගියේය ඒ සමඟම යතුරු පැදියේ විදුලි ලාම්පුවද ක්‍රියාත්මක වුයේ දෙදෙනාම මවිත කරවමිණි එම හුළුඅත්ත සැඟවුණ ස්ථානය අසලට විත මිනිසකුගේ හෝඩුවාවක් හො ඇද්දැයි බැලීමට සිත් වූ නමුත් එය එතරම් ඇඟට හොඳ නැතැයි සිතූ මොවුන් වේගයෙන් යතුරුපැදිය පැදවූවේය ඔවුන්ට එම ස්ථානයේදී සතකු කුණුවී ගිය කුණු ගඳක්ද වහනය වී ඇත. පසුපස හැරී නොබැලූ දෙදෙනාම වේගයෙන් ඉදිරියට පියාඹා ගියේය හිතට සැනසුම දෙන දර්ශනයකින් දෙදෙනාම සැනසුම් සුසුම් හෙළුවේය ඒ ෆයිනස් කැළය අවසානයේ ඇති සිල් ආරාමය ඇස ගැටීමත් සමඟය එතැන් සිට තිහගොඩට පැමිණියේ සිනා මුසු මුහුණින්ය..

    ගුණසේකර පසුදා අලුයම සිදුවූ අබැද්දිය රුක්ෂාන්ට දුරකථනයෙන් පැවසූ පසු ඔවුන් කීවේ "දෙන්නම මෝඩ වැඩක් නේ කරල තියෙන්නෙ රෑ 6න් පස්සෙ ඔය රෑස්ස කැළේ යන්නෙ කවුද? ගියොත් මොකක් හරි අද්භුත සිදුවීමක් වෙනවාමයිලු" කියාය.


    උ.ගැ-හොල්මන් අඩවිය:love::love:
     
    • Like
    Reactions: malkavi

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    නියමයි මචන්,
    කොහෙන් හරි උස්සපු එකක් වුනත්..:P
    මමත් මේ වගේ කතා තමයි හොයාගෙන හිතියේ.. :)
    පුලුවන් තරම් මේ ත්‍රේඩ් එකට තවත් කතා එකතු කරන්න..

    මේ ත්‍රේඩ් එක පුරාවටම හොල්මන් අඩවියක් කරමු.. :D

    උස්සපු තැන දැම්මා හොදේ..!!
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    සයිස් දහයේ සෙරප්පුව

    මීට වසර ගනනාවකට පෙර දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්‍රියන්ත ගුණසේකර මහතාද එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නි‍යෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි පළමු තරඟය ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල් ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය .


    නමුත් එදින රැය එතරම් භිහිසුණු වේයැයි කිසිම කෙනෙකු කිසිවිටකත් නොසිතා ඇත...එකල ක්‍රීඩා ගුරුවරයා වූයේ අම්පාරේ වසන්ත ගුරුමහතාය..සංවිධායක මණ්ඩලය විසින් මොවුන්ට පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල නවා තැන් සඳහා වෙන් කර දී ඇත මිතුරන්ද කැටුව ප්‍රියන්ත මහතාද නිද්දට සැරසෙන විට රෑ දහය පසුවී තිබුණි ශාලාව පුරා කොල්ලන්ගෙන් පිරී තිබුණි.ප්‍රියන්ත මහතා ලැගුම් ගත්තේ ශාලාවේ දකුණු කෙළවරේය...වසත්ත ගුරුමහතාද මොවුන් අසලම ඩෙස්බංකු කිහිපයක් දමා ඒ මත නිදාගැනීමට සැරසී ඇත මෙසේ සියල්ලෝම නින්දට වැටිණ නාමල් වැව පෙදෙසින් හැමූ සීතල සුළඟත් මහන්සියත් නිසා නොදැනුවත්වම සියල්ලම පාහේ තද නින්දට වැටිණ.

    එකවරම පැරණි දොරක් අරින විට නැගෙන සබ්දය ශාලාවේ වම් කෙළවරින් ඇසෙන්නට විට එය ශාලාවේ වම් පස තිබූ බිත්ති කබඩ්එක විවෘත වන හඩයි සබ්දයට ළමුන් සියල්ලන්ම ඇහැරුනත් සුළඟට කබඩ් එක විවෘත වූවා යැයි සිතා නැවතත් සැවොම නින්දට වැටිණ නමුත් ගතවූයේ සුළුමොහොතකි ශාලාවේ වම්පස සිට පුද්ගලයකු අඩි හප්පමින් දකුණු පස දෙසට ඇවිද යන ආකාරයක් ඇසෙන්නට විය වසන්ත ගුරුමහතා ඇතුලූ සියලුම ළමයින් වහා නැගිට විදුලි පන්දම් ගෙන සෝදිසි කරන්නට වූයේ සොරකු තමන් සතු බඩු භාහිරාදිය සොරා ගැනීමට පැමිණ ඇතැයි සැක සිතූ බැවිණි එමෙන් පලමු බිත්ති කබඩ් එකද විවෘතවී තබුණි ප්‍රියන්ත මහතා ඇතුළු සැවොම සිතුවේ කබඩ් එකෙහි සැගවී සිට පුද්ගලයකු ශාලාවේ ඇවිද ගිය බවයි නමුත් පාසල් වත්ත පුරා ද විදුලිපන්දම් යොදා සෝදිසි කරද කිසිම සලකුණක් හෝ සොයාගැනීමට අපෝසත් විය.

    නැවතත් බල්ලකු හෝ විය හැකි යැයි සිතා සියල්ලෝම නින්දට සැරසුණි සියල්ල තැන්පත්වූ විගසම වම් පස සිට දෙවන කබඩ් එකද හඬ නංවමින් විවෘත විය සියල්ලම නිසොල්මනේ සිටියේ මෙය කුමක්දැයි දැන ගැනීමටය ඒ සමඟම ශාලාවතුල කවුරුන් හෝ දුවන බවක් ඇසෙන්නට විය තෙවන කබඩ් එක ද එකවරම විවෘතවිය සියල්ලම නැගිටිනවාත් සමගම ප්‍රියන්ත මහතා අසලම තිබූ බිත්ති කබඩ් එකද හඬනංවා විවෘත විය සියල්ලම භයෙන් ත්‍රස්තවිය ළමයින් ඒ මේ අත දිවයන්නට පටන් ගත්තේය වසන්ත ගුරුමහතා දැඩි වෙහෙසක් දරා සියල්ලම පාලන කර ගැනීමට සමත් විය නමුත් විදුලිපන්දම් ගෙන සෝදිසි කරබැලුවද සියලුම බිත්ති කබඩ් විවෘත වී ඇති ආකාරය පමණක් දැක ගත හැකි විය පුදුමය නම් අගුලු දමා තිබූ බිත්ති කබඩ් පවා විවෘතවී තිබීමයි කෙසේ වෙතත් සියලු දෙනාම එක තැනකට රොක්වී නිදිවර්ජිතව රැය පහන් කළේය....හිමිදිරියේ සිදුවූ සිද්දිය පිළිබඳ සොයා බැලුවද කිසිම සලකුණක් අඩි සලකුණක් හෝ තිබී නැත නමුත් ශාලාවේ බංකුවක් අසල සයිස් 10යේ තනි සෙරෙප්පුවත් තිබී හමුවිය නමුත් එම සෙරෙප්පුව කෙරෙහි අවධානයක් යොමුවූයේ නැත.

    සිද්ධිය පිළීබඳ කතා කරමින් සියල්ලම නාමල්වැවට මුහුණ සේදීමට ගියේය එවිට එතන සිටියේ තරමක් වයසැති පුද්ගලයෙකි. වසන්ත ගුරුතුමා ඔහු සමඟ ඊයේ රෑ වුන සිදුවීම පැවසීය එකවරම ඔහු ඇසුවේ සයිස් 10 සෙරෙප්පුවක් තිබුණාද? කියාය සියල්ලන්ටම දෙලොව රත්වූයේ එම පුද්ගලයා පැවසු කථාවෙනි..."මහත්තයෝ...ඔය හෝල්එකේ බාල්කෙ එල්ලිලා ගෑණු මනුස්සයෙක් මැරුණ නේ ...හැබැයි මරණ පරික්ෂණයෙදි හෙලිවූණේ ඒක සියදිවි හානිකර ගැනීමක් නොව මිනී මැරුමක් කියල...ඔය ගෑනිගෙ අවතාරෙ ගමේ කීප දෙනෙක් දැකල තියනව..ඔය හෝල් එකේ කාටවත් ඉන්න දෙන්නෙ නෑ හිටියොත් ඔය වගේ අද්භුත දේවල් සිදුවෙනව ඒ වගේම උදේ බලද්දි සයිස් 10 සෙරෙප්පුවක් කොහෙන් හරි හෝල්එක ඇතුලෙ තියනව..මිනිස්සු නම් කියන්නෙ ඔය ගෑනිව මරල එල්ලල තියෙන්නෙ සයිස් 10 සෙරෙප්පු දාන කෙනෙක් නිසා මේ අවතාරය ඒ බව මිනිස්සුන්ට අඟවන්න එහෙම කරනව ඇති කියල..."

    උ.ගැ- හොල්මන් අඩවිය:love::love:

    :love::love:රෙප් ++ එකක් දාන්න හොදේ...!!!:love::love: