හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

Bagwell

Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    Ela kiri machan!!!

    Machan SL horror stories daapan, thanks!!!

    (mahasona , eeri yaka , mohini, ) SL horror stories , keep up the good work!!!!
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    Ela kiri machan!!!

    Machan SL horror stories daapan, thanks!!!

    (mahasona , eeri yaka , mohini, ) SL horror stories , keep up the good work!!!!
    එල එල ..මොනවා වුනත් ලංකාවෙ හොරර් නම් සිරා.. ඒවට තරම් වෙන එකකටවත් බය හිත්තෙන්නෙ නෑ... :baffled::baffled::baffled::baffled:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    "ස්කොටිලන්තයේ" සුන්දර මුහුදු බඩ ගමිමානයක විසු "රැබී" ගමිමානයෙහි සිටි පළපුරුදු පාවහන් නිෂ්පාදකයා විය. උදෑසන හතේ සිට බොහෝ රෑ බෝ වන තුරු තම නිවසට යාබදව ඇති වෙළද සැල තුළට වී පාවහන් නිපදවන "රැබී" ගමිමුන්ට නැතුවම බැරි කිහිපදෙනාගෙන් කෙනෙකි. ‍


    දෙසැමිබර් මාසයේ එක් ශිතල උදෑසනක සුපුරුදු පරිදි "රැබී" තම වෙළද සැල තුළට වී පාවහන් යුවළක් තනමින් සිටියේය.


    හරියටම හෝරා යන්ත්‍රය උදෑසන අට නාද කරනවාත් සමග වෙළද සැළට පැමිණි අමුත්තෙකි. ශීතල හා මීදුම නිසා අදුරු පැහැ ගත් වීදිය අතරින් මතුව ආ අමුත්තා වෙළද සැල තුළට විත් දොර වසා දැමුවේය.


    "රැබී" හිස ඹසවා අමුත්තා වෙත දෙනෙත හෙලුවේය. කළු පැහැති දිගු කබායක් හැදගත් ඉතා උස මිනිහෙකුගේ සිනහවකින් තොර මුහුණය ඹහුගේ නෙත ගැටුණේ.


    මොකක්ද උවමනාව මහත්මයා ? "රැබී" විමසුවේය.


    අමුත්තා මොහොතක් නිහඩවම වියළි බැල්මකින් යුතුව "රැබී" දෙස බලා සිටියේය. "ඹබ වැඩ කරන හැටියි මම බලාගෙන හිටියේ ඹබ ඉතා සීරුවට වැඩ කරනවා. සපත්තු හදන්න පටන් අරන් ගොඩක් කල් වෙනවද?" අමුත්තා රළු හඩකින් විමසුවේය. වැඩ අධික උදෑසන අනවශ්‍ය අමුත්තන් පැමිණිම සාමාන්‍යයෙන් "රැබී" නොරුස්සයි. එම නිසා ඹහු පිළිතුරු දුන්නේ ඹිනැවට එපාවට මෙනි.


    "මුලින්ම මෙතැනදීම මගේ තාත්තාට අත් උදවි දෙනකොට මට වයස අවුරුදු 10 යි. අවුරුදු 26 ක් මම කළේ පාවහන් හැදීම".


    "ඇත්තටම?" අමුත්තා විශ්මය පළ කළේය.


    "එහෙනමි ඹබත් ඹහුගේ අඩි පාරේ යනවා වගේ" මේ කියමනත් සමගම අමුත්තා වියරු සිනහවක් පෑවෙන් "රැබී" මදක් නොසන්සුන් වුවේය. උවමනාවෙන් ඹහුගේ මුහුණ දෙස බැලු "රැබී" ට ඹහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලි බව පෙනිණි.


    "ඹබට යමක් මිලදී ගන්න තියනවාද?" අමුත්තා පිටු දකින රිසියෙන් "රැබී" විචාළේය.


    "ඹබ හදන සපත්තු කුටිටම හරි අගෙයි.ඒක විකුණනවද?" අමුත්තා ප්‍රශ්න කළේය.


    "මේ සපත්තු කුටිටමේ එක සපත්තුයි මම දැනට ඉවර කරලා තියෙන්නෙ අනිත් සපත්තුව ඉවර වෙනකොට හෙට දවල් වෙයි. සපත්තු කුටිටම නමි සිලිං අටක් වෙනවා"


    "හොදයි මම ඒක මිලයට ගන්නවා" අමුත්තා කීවේය.

    "ඒත් ඹබ සපත්තුව දාල බැලුවෙ නැහැනෙ."


    " කමක් නැහැ මට බැලු බැල්මට කියන්න පුළුවන් ඒක මට ප්‍රමාණයෙන් හරි බව" අමුත්තාගේ පිළිතුර විය.


    කෙසේ නමුත් "රැබී" සාද නිම කළ සපත්තුව අමුත්තා වෙත පෑවේය. පැළදගෙන හුන් ඉතා පරණ වී ගිය දුඹුරු පැහැති සපත්තුව ඉවත දැමු අමුත්තා අළුත් සපත්තුව පැළද ගත්තේය.


    "මම කිවිවෙ ඒක මගේ කකුළට හරියටම හරි.මෙතන සිලිං අටක් තියෙනවා. ඉතුරු සපත්තුව ගෙනියන්න මම හෙට දවල්ට එනවා" අමුත්තා පැවසුවේය.


    "එහෙම නමි ‍හෙට හවස හතරට විතර එන්න." අමුත්තාගේ අද්භූත හැසිරීමෙන් විමතියට පත්ව සිටි "රැබී" කිවේය. ඹහු තවත් පුදුමයට පත්කරවමින් එක් පයකික් ගලවා ගත් පැරණි සපත්තුව සාක්කුවෙහි ලා ගත් අමුත්තා එක් කකුලක අළුත් සපත්තුවත් අනික් කකුලෙහි පරණ සපත්තුවත් සමග නික්ම ගියේය.


    තම අත්ල මත අස්වාභාවික ලෙස දිළිසෙන කාසි කිහිපය දෙස බලමින් "රැබී" කල්පනාවට වැටුණේය. ඒ සමගම අගනා පාවහන් ජෝඩුව වෙනුවෙන් සිලිං දහයක් අය කළා නමි වඩා හොද බව සිතමින් ඹහු මුදල් පොකැටිටුවේ ළා ගත්තේය.


    එක්වරම වෙළදසැල වෙත ගලා ආ දැඩි ශීතලත් "රැබී" ට දැණින.ගිනි උදුන දැල්වෙද්දී දැණෙන දැඩි ශීතල පිළිබදව "රැබී" විමසිලිමත් වුවද ඊට හේතුව සොයා ගැනිමට ඹහුට අපහසු විය. ඒ අතරම පෙර පැමිණි අමුත්තාගේ අත්භුත හැසිරීම නැවත ඹහුට සිහි වු අතර පසුදා සවස ඹහු ආපසු එන විට සපත්තුව නිම කර නොතිබුණහොත් උද්ගත විය හැකි තත්ත්වය පිළිබදව දැඩි බියක් ද රැබී ට දැනෙන්නට විය. ඹහු වහාම සපත්තුව තැනීම ආරමිභ කළේය.


    ඒ සමග නොපුරුදු ශීතල තමා අසල දැවටෙන්නට වුයේ අමුත්තාගේ පැමිණීමත් සමගම බව ඹහුට කල්පනා විය. අද්භුත බලවේගයක් තමා වටා කැරකෙන්නාක් මෙන් "රැබී" ට දැණිනි. මේ අද්භුත බලවේගය විසින් මෙහෙයවන ලැබු රැබී කබාය හා තොප්පිය පැළදගෙන ශීතල වීදියට බැස්සේය.


    තමා හමුවට ආ අමුත්තා පසුපස හඹා යාම ඹහුගේ අභිලාශය විය.


    සුළු මොහොතක් ගෙවෙන තැන තමා ඉදිරිපසින් නැගෙන පාවන් හඩ "රැබී" ගේ සවන පතිත විය. පාළු මගෙහි පැතිර ගත් මීදුම අතරින් වුව ද තමා ඉදිරියෙන් ඇදෙන අමුත්තා හදුනාගැනිම "රැබී" ට අපහසු නොවීය.


    "රැබී" විමතියට පත් කරවමින් අමුත්තා ගමිමානයේ සුසාන භුමිය තුළට ඇතුළු වනු පෙණින.සොහොන් කොත් අතරින් ඇවිද යන ඹහුගේ ගමන් වේගය කෙමෙන් වැඩි විය.එක් තැනක අමුත්තා නතර විය. සොහොන් ගලකට මුවා වී සිටි "රැබී" ට තම සිරුර අප්‍රාණික වන බව දැනෙන්නට වුයේ අමුත්තා එතැන තිබු අළුතෙන් සාරන ලද වලක් තුළට බැස පස් දැතින් ඇද ගනිමින් වල වසන බව දැකීමෙනි. මොහොතකින් අමුත්තා සගවා ගනිමින් වල වැසී ගියේය.


    පසුපස නොබලා සුසාන භුමියෙන් දිව ගිය "රැබී" ඒ අසල වු මිතුරෙකුගේ දොරට තටිටු කළේ අසිහියෙනි. සිදු වු සියල්ල පැවසු "රැබී" ඒ අසල වු වෙනත් අසල්වැසියන් කිහිප දෙනෙකුද කැටුව සුසාන භුමියට දිව ගියේය. සිදු වු සියල්ල යන අතරමගදී "රැබී" පැවසු බැවින් උදළු ගල්කටු ආදිය රැගෙන ගිය පිරිස රැබී විසින් පෙන්වන ලද වල හාරන්නට වුහ.


    සියල්ලෝම භීතියට පත් කරමින් "රැබී" දුටු අමුත්තාගේ සිරුර පෙටිටියකින් තොරව වල තුළ තිබිණ. නොඅනුමානව ඹහු මියගොස් සිටියේය. "රැබී" ගෙන් මිළදී ගත් සපත්තුව පවා ඹහුගේ පයේ රැදී තිබිණ. මෙම කලබලය මැද්දේ "රැබී" එම සපත්තුව සිරුරේ කකුලෙන් ගලවා ගත්තේය. එය එසේ තිබෙන්නට හැරීම නාස්තියක් කොට සලකමිනි.


    අද්භුත සිදුවීම පිළිබදව නොයෙකුත් මත පළකරමින් පිරිස විසිර ගිය අතර මෙම සිදුවිම තම නිවෙස් වල උදවියට නොපැවසිය යුතු බවටද ඹවුහු ගිවිස ගත්තේ විශේෂයෙන් කාන්තාවන් අනවශ්‍ය බියක් ඇති කර ගන්නා බව නිසැක නිසාය.


    පසු දා දහවල් අහාරයෙන් පසු තරමක් අසනීප ගතියෙන් පෙළෙන්නට වු "රැබී" ගේ බිරිද නින්දකට වැටී සිටී අතර රැබී සුපුරුදු පරිදි පාවහන් තැනිමෙහි නිරතව සිටියේය.


    ගතවුයේ මොහොතකි.කමිපා කරවන විලාපයකින් භිතියට පත් රැබී ගේ බිරිද අවදි වුවාය. වහා "රැබී" වැඩ කරමින් හුන් තැනට ගිය ඇයට දක්නට ලැබුණේ ප්‍රාණය නිරුද්ධ වු රැබී ගේ සිරුරයි.


    ඒ බියකරු මොහොතේ "රැබී" අත්දුටු දෙය පිළිබදව නිවැරදි ව පවසන්නට අන් කිසිවෙකු නොවුවද දින කිපයක් ඇතුලත "රැබී" ගේ මිතුරන් මාර්ගයෙන් ගම පුරා පැතිර ගිය කතා වේ අවසානය වුයේ නියමිත වේලාවට "රැබී" ගෙන් ඉතිරි සපත්තුව පමණක් නොව තමාගෙන් ගලවා ගත් සපත්තුවද ගෙන යැමට අද්භුත මිනිසා ආපසු පැමිණි බවය.


    එය එසේ නොවෙතියයි සිතිය හැක්කේ කාටද ??



    (ඹයාලා කතාව කියවල Comment එකක් දැමිමට අපි තරහ නැ........):love::love::love::love:

    ela kathawa ekath :D
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    tawa dana , a wagama tawath hoyala ma gana ape ta kiyana....ape ta bari da ek aka holan walin batta kanna friend kanak wa hoya gana...atkotta mawa apa eye walin ma bala gana pluwan
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ඔන්න රෙප් දුන්නා......... තව කතා ඕන......... එල වැඩක්.දිගටම කරගෙන යන්න
     

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    එල එල ..මොනවා වුනත් ලංකාවෙ හොරර් නම් සිරා.. ඒවට තරම් වෙන එකකටවත් බය හිත්තෙන්නෙ නෑ... :baffled::baffled::baffled::baffled:



    Ow machan, Lankawe pitisara gum wala horror stories thama ela.....

    If you have those stories or other SL stories post them, keep this thread going machan.... thanks!!!
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    උස්සන්ගොඩ කොට මිනිහා.............!!

    මේක උනේ මීගමුව පැත්තේ කොල්ලො 4 දෙනෙක්ට (නම් ගම් හරියටම කියන් නැත්තේ මුන් තාම ඉන්න නිසා ). මේ කොල්ලො 4 දෙනා එක ලඟ ගෙවල්වල ඉන්න යාලුවෝ 4 දෙනෙක්.මුන් හතර දෙනා ට්‍රිප් එකක් සෙට් කර ගත්තා යන්න.තනියම නෙවේ.යාලුවෙලා ඉන්න කෙල්ලොත් එක්ක.ට්‍රිප යන්න සෙට් කර ගත්තේ කතරගමට. ට්‍රිප් එකට දිනේකුත් දාගෙන යන්න ඔක්කොම ලෑස්ති කරගත්තා.කොල්ලො හතරයි කෙල්ලො තුන්දෙනයි.වෑන් එක්ක එක්ක යන්නේ.වෑන් එක drive කරන කොල්ලගේ කෙල්ලට එන්න විදියක් නෑ ගෙදරින් පොඩ්ඩක් තදයි.
    කතාව කිව්වේ drive කරපු එකා.අපි උට දැනට "සමීර" කියලා කියමු.
    කට්ටිය කතාකරගත්ත දවසෙ හරියටම උදෙන්ම ගමන පිටත් උනා.පලවෙනි දවසේ රෑ වෙනකොට කතරගමට ගියා.කතරගම එදා රෑ නැවතුනා.නැවතිලා පහුවදා උදෙන්ම ආපහු එන්න ආවා නුවරෙ එලිය පැත්තේන්.එන්න එනකොට උන්ට පරන යාලුවෙක් සෙට් උනා කතරගමින්.ඌ කිව්වා නුවර එලියේ යන්න ඕන නෑ උස්සන්ගොඩ කියලා මරු ප්ලේස් එකක් තියනවා ,එහෙ ගිහිල්ලා රෑ උන්ගේ කලුතර ගෙදර නවතින්න පුලුවන් කියලා.කෙල්ලෝ තුන්දෙනා එහෙන් මෙහෙන් බර බරේ දැම්මත් බෝතල් දෙක්කුත් දාගෙන කට්ටියම උස්සන්ගොඩ ගියා.
    උස්සන් ගොඩට යන්න ඕනෙ ප්‍රධාන පාරෙන් හැරිලලු.යනකොට පොඩි කැලයක් වගෙ පහු කරගෙන යන්න යන්නත් තියනවලු.යන අතරමඟ හෝටල් කීපයකුත් තියනවලු.("ලු" දාල කිව්වේ මම එහෙ ගිහිල්ල නෑ.මම කිව්වේ ඌ කියපු මට මතක විදියට.ඔය උඩ තියෙන පින්තූරෙ තියෙන්නෙ උස්සන්ගොඩ. මූද අයිනේ තියන පොට් එකක් ).
    මුන් උස්සන්ගොඩ මුහුද අයිනටම ගියා.ගිහිල්ල සෙට් වුනා (බෝතල් තියනවනම් කෙල්ලො මොකටද? ).සමීරය drive කරන්නත් තියන නිසා වැඩිය බිව්වේ නෑ.
    කොහොම කොහොම හරි පාටිය හවස් වෙනකන්ම ඇදුනා.ඒ අස්සේ එක ජෝඩුවක් වලි.මේ ඔක්කොම් ඉවරවෙනකොට කලුවර වැටිලත් එක්ක. ගොඩක් රෑ වෙනකන් ඉඳලා තෙරුමක් නැති හින්දා කට්ටිය එන්න ආපහු වෑන් එකට ආවා.වෑන් එකට නැඟලා එන්න හදන්කොට දැනගත්තේ ඒකෙ ලයිට් වැඩ කරන්නේ නෑ.ආපහු කට්ටියම බැහැලා ආපහු ලයිට් හදාගන්න ට්‍රයි කලා ඒත් බැරි උනා. දැන් පට්ට කරුවලයි.තමන් ලඟ ඉන්න එකා පේන්නෙ නැති ගානයි. ආපහු කට්ටිය නග්ගගෙන එන්න හදනකොට සමීරයට ලේ ගඳක් ආවා.මුට හිතුනා බෝතල් කට්ටකට හරි එකෙක් වත් කකුලක් වත් කපාගෙනද දන්නැ කියලා.වාහනේ ලයිටුත් නෑ.ආපහු ඔක්කොම කට්ටිය බස්සවලා ෆෝන් එකේ ටෝච් එකෙන් හැම එකාම චෙක් කරලා බැලුවා.මොකුත් තුවාල නැ.දැන් නම් කෙල්ලො ටික හොඳටම බයවෙලා ඉන්නෙ.එක එක විකාර කියවනවා.සමීරය හොල්මන් අවතාර තියා මෙලෝ යකෙකුට බය නැති ජාතියේ එකෙක්.ඒත් උටත් මේ වෙන සීන් වැඩිය ඇල්ලුවේ නෑ.ලයිට් නැතුව හරි හිමීට හිමීට මහපාරට දාගමු කියලා ආපහු එන්න කට්ටියම වාහනේට නැග්ගා.
    සමීරයා වාහනේට නඟිනකොට එක කොල්ලෙක් ලඟට ඇවිල්ල කනට කරල කිවා"මගෙන් ඇයි කියලා අහන්න එපා.මොනවා උනත් වාහනේ නවත්තන්න එපා දිගටම පලයන් කියලා".වාහනේ හිමීට හිමිට මඟක් ප්‍රධාන පාර පැත්තට එද්දි ආපහු ලයිට් වැඩ කරන්න ගත්තා.කට්ටිය බයටත් එක්ක ඇතුලේ ලයිටුත් දාගෙන හිටියේ.සමීරයට ඇතුලේ තියන කන්නාඩියෙන් පිටිපස්සේ උන්ව පේනවා.කෙල්ලො තුන්දෙනා පිටිපස්සෙම සීට් එකේ.කොල්ලො හතරදෙනා(ට්‍රිප් එක ආපු තුන් දෙනයි කතරගමින් සෙට් වෙච්ච එකයි ) ඊට ඉස්සරහා සීට් එකේ ඉන්නවා.
    එකපාරටම එක කොල්ලෙක් උඩ ගිහිල්ලා වාහනේ වහලේ වදිලා වැටෙනවා සමීරයා කන්නාඩියෙන් දැක්කා.ඌ අනිත් එවුන් තුන් දෙනා ඌව අල්ලගත්තා.ඒ උනාට ඌ යකා වගේ දඟලනවා.කටින් සෙම දානවා.එතන හිටපු එකෙක් උට පාරවල් දෙකක් දුන්නා.ඌ ඊට පස්සේ සෙට්ල් උනා.
    ඌ යන්තං ගොඩ දාගත්ත විතරයි ඌ ලඟ හිටපු අනිත් එකත් දඟලන්න ගත්තා.ඌත් කටින් සෙම දානවා.කෑ ගහනවා.ඒ මදිවට පිටිපස්සේ සීට් එකෙ හිටපු කෙල්ලො බයේ මර ලතෝනි දෙනවා.සමීරයා මොකා උනත් මොලේ තියන එකා.ඌ දිගටම වාහනේ එලෙව්වා.ඌ හිතුවා බැරිවෙලාවත් ඊලඟට සමීරයම වෙවුලන්න ගත්තොත් එහෙම මල ජංජාලයක් වෙනවා කියලා.සමීරයා උපරිම වෙගෙන් වාහනේ මහ පාරට දාලා හොස්පිටල් එකක් හම්බෙනකන් ගියා.දැන් සෑහෙන්න රෑ වෙලා.හොස්පිටක් එකට යනකොටත් අරූ තාම යකා නටනවා.දඟලනවා හූ කියනවා.
    හොස්පිටල් එකට ගිහිල්ල මූව ඇඳකින් තිබ්බා.තාම කැ ගහනවා.දඟලනවා. හූ කියනවා. මුට සේලයින් දුන්නා. මූ පිස්සෙක් වගේ අතට ගහල තිබ්බ සේලයින් කට්ට ඇදල අරන් වීසි කරා.ඇඳලග බිත්තියෙත් එක්ක වීසි වෙච්ච ලේ බිංදු.
    ඉස්පිරිතාලේ හිටපු ඇටෙන්ඩන් කනෙක් කිව්වා මෙයාට බේත් දීල හරියන්නේ නෑ ලඟ පන්සලක කට්ටඩි හාමුදුර කෙනෙක් ඉන්නවා එයාව ගෙන්නන්න කියලා.සමීරය ඉක්මනට වෑන් එක අරන් පන්සල හොයගෙන ගියා.මහ රෑම පන්සලත් හොයාගෙන හාමුදුරුවන්ට විස්තරෙත් කියලා ඉස්පිරිතාලෙට එක්කගන ආවා.ඊට පස්සේ හාමුදුරුවො අසනීප වෙලා හිටපු එකාට මතුරල නූලක් බැන්දා.
    ටික වෙලාවකින් ඌ සන්සුන් උනා.එ උනාට සිහිය තාම මදි.වතුර ටිකක් පොවල පැයක් විතර හියාම උට හොඳටම හොඳ උනා.ඉස්සරලම දඟලපු එකාට කිසි ගානක් නෑ.උට හොඳටම හොඳයි.
    හාමුදුරුවො විස්තරේ ඇහුවා මොකද උනේ කියලා.ඊට පස්සේ වෑන් එකෙ ගියපු ඔක්කොටම නූල් බැන්දා.බැඳලා කිව්වා දවස් 7ක් යන්න කලින් සාත්තුවක් කරගන්න එහෙම නැත්තම් නූල බැඳපු එකෙන් වැඩක් නෑ කියලා.ඔය ඔක්කොම ඉවරවෙනකොට පාන්දර වෙලා.ඊට පස්සේ කලුතර එකාවත් ගෙදරින් බස්සගෙන කට්ටියම ගෙදර ආවා.
    ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට කට්ටියටම සීන් එක වැඩි ගානක් නෑ.ආපහු ඔහෙ හිටිය වගෙ ඉන්නවා.ඔහොම ඉඳලා හරියටම සතියක් යනකොට ආපහු අර අසනීප වෙච්ච එකා ආපහු හූ තියාගෙන මර ලතෝනි දෙන්න ගත්තා.හොඳ වෙලාවට උගෙ ගෙදර හිටියේ ඌ විතරයි.පවුලෙ කට්ටිය ඉන්නේ ඉතාලි.කොල්ලො සෙට් එක ඌව ගෙදර තියලා කට්ටඩියෙක් ගෙන්නුවා.කට්ටඩියට විස්තරේ කිව්වා.
    කට්ටඩියා කිව්ව යකෙක් වැහිලා ඉන්නේ , කුකුලෙක් බිල්ලට දීලා ශාන්ති කර්මයක් කරන්න ඔන කියලා.ඔන ඔක්කොම බඩු ලෑස්ති කරලා වටේ පිටේ අයට හොරෙන් කොල්ලො ටික විතරක් ශාන්තිකර්මෙ සෙට් කලා.
    කට්ටඩියා පහන් තියලා මතුරනකොට අරූ හූ තියනවා.ඊට පස්සෙ කට්ටඩියා කොල්ලගේ කොන්ඩෙන් අල්ලලා දෙක තුනක් ගැහුවා.
    "තෝ කවුද?"කට්ටඩියා ඇහුවා.
    "කලු යකා."
    "තෝ මොකද මේ නරයගෙ ඇඟට රිංගල ඉන්නේ " කට්ටඩියා මුට ගගහා අහනවා.
    "මුන් මගේ අඩවියේ හිටියේ"
    "තොට මේ නරයගෙ අඟෙන් යන්න මොනවද ඔන"
    "බිල්ලක් දීපිය" කොල්ල කෑ ගහනවා.
    "සැවුල් බිල්ලක් දුන්නොත් තෝ යනවද"
    "බැ.."
    "මම තෝව සැවුල් බිල්ලත් නැතුව එලවන්නද නත්නම් සැවුල් බිල්ල අරන් යනවද?"
    "සැවුල් බිල්ල් දීපිය"
    "සැවුල් බිල්ල ගත්තට පස්සේ මේ නරයගේ සරීරෙට රින්ගන්නැ කියලා සත්ත කරපිය"
    "සත්තයි"
    කට්ටඩියා එයා දන්න දේවල් වලින්කොහොම හරි කුකුල් බිල්ලට යකා එලවන්න වැඩේ ගොඩ දා ගත්තා.කුකුලා කොල්ලගේ අතට දුන්නා.ඊට පස්සේ සීන් එක සමීරයගෙම වචන වලින් කියනවනම් මෙහෙමයි.
    "මචන් පොඩිකාලෙ ඉඳන් තම්න් එක්ක එකට හිටපු එකෙක් තමන්ගෙ ඇස් ඉස්සරහ පනපිටින් ඉන්න කුකුලෙක් අත්දෙකට අරන් උගේ බෙල්ල හපද්දි මොකද හිතෙන්නේ කියපන්.ඌ කුකුලගේ බෙල්ල අඹරලා ලේ එනකන් හැපුව බං .කට වටේ ලේ ගෑවිලා එව්වගෙ පොඩි පිහාටු කෑලි ඇලිලා.පිස්සු හැදෙනව බං."
    කුකුල මැරෙනකන්ම අරූ කුකුලගේ බෙල්ල හපලා.කුකුලා මැරෙනකොට කොල්ලත් කලන්තේ දාල වැටුනා.සිහිය ආවට පස්සෙ උට හොඳයි.ඒ උනාට උට කිසිම දෙයක් මතක නෑ.
    .
     
    Last edited:

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    තමන්ට හෝ අනුන්ට හෝ මේ දෙපාර්ශවයට ම හෝ යහපත පිණිස කුසල් හි යෙදුණෝ සුගත ගාමීව උපදිති. අයහපත පිණිස අකුසල්හි යෙදුණෝ දුගතිගාමීව උපදිති. කෙසේ වුව ද මරණාසන්න අවස්ථාවේ චුති සිතට අරමුණු වන අතීත ක්‍රියාකාරකමක් අනුව ඊළඟ ප්‍රතිසන්ධිය සිදුවන බව බෞද්ධයෝ දනිති.

    කොයි තරම් දාන ශීලාදී පුණ්‍ය කර්මයන්හි යෙදුණ ද මරණාසන්නයේ දී ලෝභය, ද්වේශය හා මෝහය මූලික වී අරමුණු වන අතීත ක්‍රියාවක් ප්‍රබලව සිටීමෙන් එසේ සිදුවේ. දාන ශීල පුණ්‍ය ක්‍රියා සමඟ භාවනාමය කුසල ක්‍රියාවන් හි යෙදී සිත ශක්තිමත් කැර ගත් පුද්ගලයා ඒ තත්ත්වය වළක්වා ගනී.

    ජීවත්ව සිටින අය කෙරෙහි හෝ දේපළ සම්පත් කෙරෙහි හෝ ඇල්මෙන් මිය ගිය කෙනෙකු තමන් ද දුගතියක ඉපිද තමන්ට උදව් කළ කෙනෙකුට අයහපත් ව ක්‍රියාත්මක වීමේ සිද්ධියකි මේ.

    සම්පත් කොළඹ නාගරික ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. කිසිවෙකුට වරදක් හිරිහැරයක් පාඩුවක් නොවන පරිදි ජීවත් වූ ඔහු ආගම දහම කෙරෙහි නැඹුරු වූයේ මස් මාළු කරවල බිත්තර පවා ආහාරයට නොගෙන කරුණාව මෛත්‍රිය හුරු පුරුදු කළ අයෙකි. හිටි හැටියේ ම ඔහුට කෑම අරුචියක් හට ගත්තේ ය. ආහාරයක් වශයෙන් ඔහුට පානය කළ හැකි වූයේ කිරි පමණි. හේ දවසින් දවස ම කායිකව දුර්වල වන්නට වූයේ ය.

    සම්පත් නිදා ගෙන සිටින විට ඔහු නිදා සිටි යහනේ කවුදෝ කෙනෙක් වාඩි වී සිටින බව ඔහුට දැනෙන්නට විය. සමහර අවස්ථාවල ඇඳ ළඟ තවත් කෙනෙකු සිට ගෙන සිටින බව දැනෙන්නට විය. ගමනක් යන විට ඔහු පසු පසින් කවුදෝ කෙනෙක් පැමිණෙන බව දැනෙන්නට විය. ඔහු උදේ සවස තෙරුවන් වන්දනා කරන විට ඒ ස්ථානයේ ඇති ජනේලයට පිටින් සිට කවුදෝ කෙනෙක් බලා සිටින බව ඡායාවක් මෙන් පෙනේනනට විය.

    මෙසේ ටික කාලයක් ගත විය. දිනක් රාත්‍රියේ සම්පත් පුරුදු පරිදි නින්දට ගියේ ය. නින්දත් නොනින්දත් අතර සිත තැන්පත් වන විට ඔහු ඇඳෙන් ඉහළට ඇදී යන්නාක් මෙන් දැනිණ. ඔහු දැන් සිටින්නේ ඇඳට ඉහළිනි. ඔහු ඇඳ ඉහළ සිට ඇඳ දෙස බැලුවේ ය. ඇඳ උඩ තම ශරීරය නිද්‍රා ස්වරූපයෙන් පවතී. ඔහුට යළිත් තම ශරීරයට රිංගා ගැනීමට අවශ්‍ය විය.

    එහෙත් එසේ කළ නොහැකි විය. කවුදෝ ඔහු අල්ලා ගෙන නිවසින් පිටතට ඇදගෙන යන බව දැනේ. ඔහුගේ සිරුර මත ඔහුගේ මිය ගිය පුංචි අම්මා හිඳගෙන ඔහු මෙසේ අහසේ පාවෙමින් ගෙන යන බව දැනෙයි. දිනක් නිවසට ඉහළ ඉඩමේ කෙළවර අහසේ පාවෙමින් සිටියේය. තවත් දවසක් නිවස පිළිකන්නේ අහසේ පාවෙමින් සිටියේ ය. මෙසේ දින කීපයක් නිවසින් පිටත තම ඉඩමේ පිටතට නොගොස් අහසේ පාවෙමින් සිටියේ ය.

    යළි දිනයක ඔහු ශරීරයෙන් ඉහළට ඇදෙන්නට විය. එය වළක්වා ආපසු තම ශරීරයට රිංගා ගන්නට උත්සාහ කළ ද ඔහුට ආපසු ශරීරය සමඟ එකතු වෙන්නට නොහැකි විය. ඇඳට උඩින් පාවෙමින් තිබෙන තම ශරීරය ඉතා සියුම් හා සැහැල්ලු බව ඔහුට දැනේ. ඒ මත හිඳ ගෙන සිටින පුංචි අම්මා ඔහු කැඳවා ගෙන යයි. නිවසෙන් පිටතට ආවේය.

    එසේ ආවේ දොර ජනෙල් වසා තිබෙන නිවසේ බිත්තියක් විනිවිද ගෙන ය. ඒ සඳහා කිසි ම වෙහෙසක් හෝ අපහසුවක් ඔහුට නොදැනුණු බව මතකය. නිවසෙන් පිට වී ඉඩමෙන් ද පිට වී අහසේ පාවෙමින් ගමන් කරන බව ඔහුට පෙනේ. ඔහු පහත බැලීය. කළුබෝවිල නගරයේ මාර්ගය දෙපසින්, ගොඩනැගිලිවලත් විදුලි පහන් දැල් වෙමින් තිබේ. ඉඳ හිට වාහන ගමන් කරන බව ද පෙනේ.

    විශාල ප්‍රදේශයක භූ®මි භාගයක් පුරා පැතිර පවතින දකුණු කොළඹ මහ රෝහල් පරිශ්‍රය පෙනේ. දැන් නුගේගොඩ දෙසට ගමන් කරයි. ඇන්ඩර්සන් පාර හන්දිය පැහැදිලිව පෙනේ. පාර දෙපස ම පිහිටි ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ල හා සියලු ම වෙළෙඳ ගොඩනැඟිලි දිස්වේ. ඔහු කොහුවල සුසාන භූමිය අසල නතර විය. සුසාන භූමියේ ගේට්ටුවෙන් ඇතුළු විය.

    සුසාන භූමියේ සිටි විශාල පිරිසක් ඔහු වටා එක් රොක් වන්නට වූහ. ඔව්හු විවිධ පුද්ගලයෝ වූහ. සමහරු ඉතා විරූපීය. ඔහු දැන් සිටින්නේ සුනීතා පුංචි අම්මාගේ සොහොන් කොත ළඟය. ඔහුට බියක් දැනිණි. ඔහුට මෙතැනින් පලා යන්නට උවමනා විය. වටා රැස්වී සිටින සමහරු ඔහුගේ අතින් අදී. ඔහු විශාල උත්සාහයක් ගෙන ගේට්ටුව අසලට ආපහු ආවේය.

    සමහරු ඔහු නතර කැර ගන්නට මෙන් ඇතුළට අදිති. ඉතාම පීඩනයට පත්ව, වෙහෙසක් දරමින්, දඟලා යන්තම් එළියට පැන ගත්තේ ය. ඉතා ම වේගයෙන් ආපසු නිවෙස කරා ආවේය. දැන් පුංචි අම්මා ඔහු සමඟ නැති බව දැනේ.

    ඇය සොහොනේ නතර වන්නට ඇතැයි සිතේ. දැන් නිවසේ දොරවල් වසා ඇත. ඇතුළු වන්නේ කෙසේද? බියක් සිතට දැනේ. ඇතුළු වන්නට නොහැකි වුණොත් කුමක් සිදුවේද? ඔහු මහත් වෙහෙසක් දරා නිවසට රිංගා ගත්තේ ය. කාමරයට ගියේ ය. වහාම තම ශරීරය තුළට ඇදී ගියේ ය.

    ඔහු ශරීරයට රිංගා ගෙන අවදි විය. කෑගැසුවේ ය. අම්මාට කතා කළේ ය. මේ රෑ දෙගොඩ හරියේ පුතාගේ කෑ මොර දීමෙන් බියපත් වූ මෑණියෝ ද ඔහුගේ කාමරයට පැමිණ විදුලි පහන් දැල්වූවා ය. සම්පත් බියෙන් වෙවුලති. ශරීරය දහදියෙන් තෙමී ඇත. සම්පත් බියපත්ව සිදු වූ සියලු විස්තර කීවේය.

    එදා රාත්‍රිය පහන් වන තුරුම කල්පනා කළේ ය. කොහුවල සොහොන් භූ®මිය තුළදී ඔහු වටා මළවුන් එක් රැස් වූ හැටි. සමහරු වියරු සිනා පළ කළ හැටි. සමහරු දත් විලිස්සා ගෙන පැමිණි හැටි. සමහරු ඉතා අප්‍රසන්න පෙනුමෙන් පෙනී හිටි හැටි. මුන් අමනුස්සයෝ ය. ප්‍රේතයෝ ය. ප්‍රේතියෝ ය. මල යක්ෂයෝ ය. යක්ෂණියෝ ය. සම්පත් කල්පනා කළේ ය. මේ ජීවත්ව සිටිද්දී අනුන්ට ඊර්ෂ්‍යා කළ එවුන් ය.

    වංචා දූෂණ කළ එවුන් ය. රැකියා කළ ස්ථානවලට පවා වංචා කළ එවුන් ය. වේලාවට රැකියාවට නොගොස් ගන්නා වැටුපට පවා වංචා කළ එවුන් ය. තණ්හාවෙන් අනුන් සතු දේ කඩා වඩා ගත්තෝ ය. රාජ්‍ය දේපළ සොරා ගත්තෝ ය. ජනතාවට වංචා කළෝ ය. ජනතාව රවටා බොරු පොරොන්දු දී ඒවා ඉටු නොකොට කොමිස් අල්ලස් ගත් දේශපාලනඥයන් පවා මළ ප්‍රේතයන් වී ඉපිද එහි සිටි බව මතකය.

    ඔවුන් සමඟ වංචා දූෂණ කළ කොන්ත්‍රාත්කරුවෝ ද නිලධාරීහු ද එහි සිටියහ. ඔව්හු සා පිපාසාවෙන් පෙළි පෙළී උගුර තෙමා ගන්නට දිය බිඳක් නැතිව දුක් විඳින බව දැනුණි.

    ඉතින් එහෙම නම් මේ තරම් දැහැමි ව ජීවත් වන, මස්, මාළු, කරවල, බිත්තර, උම්බලකඩ පවා ආහාරයට නොගන්නා මට මෙසේ සිදුවන්නේ ඇයි දැයි තමන්ගේ සිත සමඟ තර්ක කළේ ය. පසුදා සිට යළිත් මස් මාළු කන්නට තීරණය කළේ ය. ඔහු එසේ ම සිදු කළේ ය.

    එහෙත් සුවයක් නොදැනුණේ්ය. සුනීතා පුංචි අම්මා ඔහු කැඳවා ගෙන සොහොනට කැඳවා ගෙන යන්නට විය. ඔහු මහත් වෙහෙසක් දරා ආපසු එයි, පසු ගිය ජූනි 01 වැනි දා උදේ අම්මා අවදි වී පුතාට තේ එකක් හදාගෙන පුතාගේ කාමරයට ගියා ය. සම්පත් ඇඳේ නැත. නාන කාමරයේ ද නැත. ඔහු ආ ගිය තැනක් නැත. දින දෙකක් පුරා ඔහු සෙව්වා ය. සම්පත් නැත.

    මේ අතර ඈත ප්‍රදේශයක පදිංචිව සිටි සුනීතාගේ පුතෙකුගෙන් පණිවුඩයක් ලැබුණි. සම්පත් එහි පැමිණ ඒ කිට්ටුව පිහිටි ආරණ්‍යයකට ඇතුළත්ව සිටින බව මෑණියන්ට ආරංචි විය.

    “අනේ! දෙයියනේ! මට සිටින එකම දරුවා?…” යැයි ඇය බියපත්ව වහාම එහි ගොස් හඬා වැලපී ඔහු ආපසු කැඳවා ගෙන ආවා ය.

    ඇය ‘සිළුමිණ’ පාඨකයෙකුගේ උපදෙස් පරිදි කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පුතා කැඳවාගෙන ගියේ ය.

    එහිදී සම්පත් වෙව්ලන්නට විය.

    “කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

    “මම… මම… මම…”

    “මම මම නෙවෙයි, ඉක්මනින් කියන්න?”

    “මම සු…නී…තා”

    “කව්ද සුනීතා කියන්නේ?”

    “සම්පත් ගෙ පුංචි අම්මා”

    “දැන් කොහේද සුනීතා ඉන්නේ?”

    “මං මැරුණා…”

    “මොනවා වෙලා ද මැරුණේ”

    “2003 වෙසක් පෝය දවසේ මේ ළමයි සල් උයනක් හැදුවා. මමත් උදව් කළා. මේ ළමයින්ට කෝපි ටිකක් වත්කර දෙන්න කියා මම කුස්සියට ගියා. කෝපි වත්කරන කොට හිටි හැටියේ මගේ පපුව තද වෙලා (හෘදයාබාධයක්) මළා. මගේ දරුවෝ පින් දහම් කරන්නේ නෑ. ඒ වෙලාවේ මගේ හිතට අතීත අකුසලයක් මතුවී පෙනුණා. වෛරයක් හිතුණා. මම දැන් සෙහොනේ ඉන්න මළ යක්ෂණියක්.”

    “ඉතින් ඇයි සුනීතා මේ ළමයා ළඟට එන්නේ, තමුන්ගෙ ළමයි ළඟට යන්න පුළුවන් නේද?”

    “වැඩක් නෑ… වැඩක් නෑ… උන් පිනක් දහමක් කරන්නේ නෑ. උන් හොඳ නෑ. උන් හදපු හැටි, උන්ට දස මාසයක් කුසේ දරාගෙන හිටි හැටි, ලේ කිරි කර පෙවූ හැටි, උන්ට උගන්නපු හැටි, උන් කල්පනා කරන්නේ නෑ. උන් මට පින් දෙන්නේ නෑ.

    මේ සම්පත් තමයි පින් දහම් කරන්නේ. මෙයාට පුළුවන් මාව මේ දුකෙන් බේරා ගන්න. මම සම්පත් පුතාට ආදරෙයි.. මම මෙයාව මම සිටින තැනට අරගෙන යනවා. හැමදාම උදේ 6 ට හවස 6 ට මම සම්පත් බලන්න එනවා. එයා බුදුන් වඳින හැටි බලා ඉන්නවා. මම සම්පත්ට ආදරෙයි. මම මෙයාව අරං යනවා.

    “සුනීතා! තමුන් මහා පාපයක් කැරගන්න හදන්නේ, සම්පත් ජීවත්ව හිටියොත් තමයි තමුන්ට පින් ලබා ගන්න පුළුවන්. දැන් සුනීතා මේ ශරීරයෙන් ඉවත් වී යන්න. අපි සුනීතාට පින් දෙන්න කියන්නම්.”

    “බෑ… බෑ… මට මෙයා දාලා යන්න බෑ… (හඬා වැළපෙයි)

    “එහෙම නම් දඬුවම් විඳින්නයි සිද්ධ වෙන්නේ…”

    ඔය හිස හත්කඩකට පලාවි, ගින්නෙන් පිළිස්සේවි.”

    “හොඳයි… එහෙනම් මම යන්නම්…”

    සම්පත්ට නැවත මස් මාළු කරවල බිත්තර තෙල් බැඳුම් වලින් වැළකී උදේ හවස බෞද්ධ පිළිවෙත් කරන්නට නියම කැරිණි. දින 21 ක් ආජීව අට්ඨමක ශීලය සමාදන් වී “මම බෝධි සත්ත්ව චර්යාවේ යෙදෙන්නෙක් මි” යි සිතා සිත ශක්තිමත් කොටගෙන උදේ හවස සජ්ක්‍ධායනා කරන්නට පිරිත් කීපයක් නියම කැරිණි. දානයක් දී පුංචි අම්මාට පින් දෙන්නට ද නියම කැරිණි.

    දැන් සම්පත් ඉස්සර මෙන් ම උදේ හවස බුදුන් වඳි. ඔහු පමණක් නොව මෑණියෝ ද මස් මාංශ භක්ෂණයෙන් වැළකී සිටිති. දැන් සම්පත් අහසින් ගමන් කරන්නේ නැත. කොහුවල සොහොන් භූ®මියට යන්නේ නැත. භූතයන් ගේ ග්‍රහණයට අසු වී දුක් විඳින්නේ නැත. පුංචි අම්මා ඔහු සොයා එන්නේ නැත. ඇය දැන් වෙනත් අය කරා යන්නට මාන බලනවා දැ’යි අපි නොදනිමු.


    රෙප්++ එකක් දෙන්න අමතක කරන්න එපා...:love::love::love::love:
     
    Last edited:

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මේකත් සත්‍ය කථාවක්...නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. මීට කලකට ඉහත දී මොහු දඩයමේ යෑම පුරුද්දක් කරගෙන තිබූ නමුත් දැන් ඔහු එම පුරුද්ද අතහැර ඇත්තේ වනජීවී නිලධාරීහු එම ප්‍රදේශයේ ගැවසෙන බැවිණි.
    එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට ඔහු සිතූහ..

    ටික දුරක් ඇවිද ගිය පසු බලාපොරොත්තු සපල විය විශාල අං සහිත ගෝනකු ඉදිරියේ ඇස් දෙන්නට විය හඳ එළිය නිසා ගෝනා පැහැදිලිව දැක ගත හැකිවිය කෑලි පහේ විදුලි පන්දම ගෝනා දෙසට එල්ලකල විගස ඌ නොසෙල්වී සිටියේය.බලාපොරොත්තු සහිතව පලමු වෙඩිල්ල පත්තු කිරීමට කොකා ගැස්සුවද කරුමයට මෙන් වෙඩිල්ල පත්තු වූයේ නැත නැඟුණු කුඩා ශබ්දය නිසා ගෝනා වේගයෙන් කැළය තුලට රිංගා ගියේ... තප්පරයක් වැනි කාලයක් තුලය තමාට වඩා විශ්වාස සහිත තුවක්කුව පත්තු නොවුනේ මන්දැයි පුදුමයෙන් ඔහු සුසුම් හෙළිය ගෝනා ගිය පසු පස යෑමට මත්තෙන් තුවක්කුව පරික්ෂා කිරීමට ඔහුට සිදුවිය.නැවතත් දන්නා ශිල්පයෙන් තුවක්කුව යතා තත්වයට පත් කරගත් ඔහු මුවන්ගේ හඬ බහුලව ඇසෙන්නට වූ දිශාවට පිය මැන්නේය එම ස්ථානයේ වූ ගසක් තෝරා එහි ගෝනිය බැඳීමට සිතා ගස දෙසට විදුලි පන්දම යොමු කළ ඔහු දුටුවේ අද්භූත සිදුවීමක් විශාල ගෝනකු ගේ මල සිරුරක් ගසේ දෙබලක් මත පහතට එල්ලී තිබීමයි ඒ අසලට ගිය මොහුට ලේබින්දු කිහිපයක් තම ඇඟට වැටෙන බවද දැනිණ ඔහුට අදහා ගත නොහැකි විය තරමක් තැති ගැන්මක් ඇතිවූ මොහු මදක් පසුපසට ගොස් නැවත විදුළිපන්දම ගසා විපරම් කරන්නට විය.දිවියකු හෝ ගසේ සිට ගෝනා ආහාරයට ගන්නේදැයි සිතමින්ය.

    පුදුමයකි! තමා සිතුදේ නිවැරදි යැයි ඔහුට වැටහුණි එකවරම දිවියකුගේ මුහුණක් ගෝනාගේ සිරුර මතින් දැක ගත හැකිවිය භියට පත් මොහු තම තුවක්කුව ඒ දෙසට එල්ල කර වෙඩිල්ලක් තැබිය එවිට එකවර මිනිසකුගේ විලාප හඬක් සහිතව ගසේසිට යමක් බිමට වැටුණු බවක් දැනින ඔහුට සිතා ගත නොහැකි විය ලහි ලහියේ තවත් පතොරොමක් ගෙන එන දෙයකට මුහුණ දීමට ඔහු සිතා ගත්හ. සිදුවූ සියල්ල යම් නුහුරු බවක් දැනුණ බැවිණ් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට ඔහු සිතා වේගයෙන් පිටු පස බලමින් දිවයන්නට විය පැය බාගයක් පමණ දිව ගිය ඔහු තමාට සුපුරුදු පළු ගසේ මුදුනටම නැග ගත්තේ එය ආරක්ෂිත ස්ථානයක් වූ බැවිණී රැය පහන් වන තුරුම විමසිල්ලෙන් ඒ ගහ උඩම සිටීමට ඔහුට සිදුවිය රැයේ සිදුවූයේ කුමක්දැයි කුතුහලයෙන් උදේ 5-6ත් අතර කාලයේ නැවතත් පළුගසින් බැස ගත් ඔහු සිගරට්ටුවක්ද දල්වාගෙන නැවතත් එම සිද්ධීය සිදුවූ ස්ථානයට යෑමට තීරණය කළේය.....

    පුදුමයකි! එම ගස යට වුයේ සුදෝවුන් වැලි තලාවක් නමුත් අඩි සලකුණක් හෝ ලේ සලකුණක් හෝ එසේ සිදුවීමක් ගැන හෝඩුවාවක් හෝ එම ස්ථානයේ නොවීය ගසේ තමා තිවු උණ්ඩ පහර පමක් දැකගත හැකි විය....සිදුවුයේ කුමක්දැයි සිතා ගත නොහැකි ඔහු සුසම් ලමින් එතැනම හිද ගත්තේ බඩගිනි වූ බැවින් ඉතුරු වූ පාන් කෑල්ලවත් කා දමා නැවතත් නිවසට යන අරමුණින්ය පාන් කැබැල්ල අතට ගත් ඔහුට දැකගත හැකිවූයේ එම පාන් කැබැල්ල ලේ වලින් තෙත් වී ඇති ආකාරයකි ඔහු සිතුවේ තම ශරීරයේ සිදුවී ඇති තුවාලයක් නිසා එසේ සිදුවන්නට ඇති බවයි එසේ සිතා ශරීරය විපරම් කල බැලුවද කිසිම සීරීම් සලකුණක් හෝ නොවීය තමාගේ වම් බාහුවට ගෝනාගේ ඇගෙන් ලේ බිඳු වැටුණා මතකය ඔහු ඒ දෙස පරික්ෂා කර බලද්දී එම රුධිර බිදු එසේ වේලී ගොස් තිබිණ..........

    පසුව තමාට වැටහී ගියේ එය අද්භූත සිදුවීමක් බවයි.....

    Ghost1.gif

    මේකත් සත්‍ය කථාවක් nam aneth ewa boruda??????:P:P:rofl: