එල එල ..මොනවා වුනත් ලංකාවෙ හොරර් නම් සිරා.. ඒවට තරම් වෙන එකකටවත් බය හිත්තෙන්නෙ නෑ...Ela kiri machan!!!
Machan SL horror stories daapan, thanks!!!
(mahasona , eeri yaka , mohini, ) SL horror stories , keep up the good work!!!!




"ස්කොටිලන්තයේ" සුන්දර මුහුදු බඩ ගමිමානයක විසු "රැබී" ගමිමානයෙහි සිටි පළපුරුදු පාවහන් නිෂ්පාදකයා විය. උදෑසන හතේ සිට බොහෝ රෑ බෝ වන තුරු තම නිවසට යාබදව ඇති වෙළද සැල තුළට වී පාවහන් නිපදවන "රැබී" ගමිමුන්ට නැතුවම බැරි කිහිපදෙනාගෙන් කෙනෙකි.
දෙසැමිබර් මාසයේ එක් ශිතල උදෑසනක සුපුරුදු පරිදි "රැබී" තම වෙළද සැල තුළට වී පාවහන් යුවළක් තනමින් සිටියේය.
හරියටම හෝරා යන්ත්‍රය උදෑසන අට නාද කරනවාත් සමග වෙළද සැළට පැමිණි අමුත්තෙකි. ශීතල හා මීදුම නිසා අදුරු පැහැ ගත් වීදිය අතරින් මතුව ආ අමුත්තා වෙළද සැල තුළට විත් දොර වසා දැමුවේය.
"රැබී" හිස ඹසවා අමුත්තා වෙත දෙනෙත හෙලුවේය. කළු පැහැති දිගු කබායක් හැදගත් ඉතා උස මිනිහෙකුගේ සිනහවකින් තොර මුහුණය ඹහුගේ නෙත ගැටුණේ.
මොකක්ද උවමනාව මහත්මයා ? "රැබී" විමසුවේය.
අමුත්තා මොහොතක් නිහඩවම වියළි බැල්මකින් යුතුව "රැබී" දෙස බලා සිටියේය. "ඹබ වැඩ කරන හැටියි මම බලාගෙන හිටියේ ඹබ ඉතා සීරුවට වැඩ කරනවා. සපත්තු හදන්න පටන් අරන් ගොඩක් කල් වෙනවද?" අමුත්තා රළු හඩකින් විමසුවේය. වැඩ අධික උදෑසන අනවශ්‍ය අමුත්තන් පැමිණිම සාමාන්‍යයෙන් "රැබී" නොරුස්සයි. එම නිසා ඹහු පිළිතුරු දුන්නේ ඹිනැවට එපාවට මෙනි.
"මුලින්ම මෙතැනදීම මගේ තාත්තාට අත් උදවි දෙනකොට මට වයස අවුරුදු 10 යි. අවුරුදු 26 ක් මම කළේ පාවහන් හැදීම".
"ඇත්තටම?" අමුත්තා විශ්මය පළ කළේය.
"එහෙනමි ඹබත් ඹහුගේ අඩි පාරේ යනවා වගේ" මේ කියමනත් සමගම අමුත්තා වියරු සිනහවක් පෑවෙන් "රැබී" මදක් නොසන්සුන් වුවේය. උවමනාවෙන් ඹහුගේ මුහුණ දෙස බැලු "රැබී" ට ඹහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලි බව පෙනිණි.
"ඹබට යමක් මිලදී ගන්න තියනවාද?" අමුත්තා පිටු දකින රිසියෙන් "රැබී" විචාළේය.
"ඹබ හදන සපත්තු කුටිටම හරි අගෙයි.ඒක විකුණනවද?" අමුත්තා ප්‍රශ්න කළේය.
"මේ සපත්තු කුටිටමේ එක සපත්තුයි මම දැනට ඉවර කරලා තියෙන්නෙ අනිත් සපත්තුව ඉවර වෙනකොට හෙට දවල් වෙයි. සපත්තු කුටිටම නමි සිලිං අටක් වෙනවා"
"හොදයි මම ඒක මිලයට ගන්නවා" අමුත්තා කීවේය.
"ඒත් ඹබ සපත්තුව දාල බැලුවෙ නැහැනෙ."
" කමක් නැහැ මට බැලු බැල්මට කියන්න පුළුවන් ඒක මට ප්‍රමාණයෙන් හරි බව" අමුත්තාගේ පිළිතුර විය.
කෙසේ නමුත් "රැබී" සාද නිම කළ සපත්තුව අමුත්තා වෙත පෑවේය. පැළදගෙන හුන් ඉතා පරණ වී ගිය දුඹුරු පැහැති සපත්තුව ඉවත දැමු අමුත්තා අළුත් සපත්තුව පැළද ගත්තේය.
"මම කිවිවෙ ඒක මගේ කකුළට හරියටම හරි.මෙතන සිලිං අටක් තියෙනවා. ඉතුරු සපත්තුව ගෙනියන්න මම හෙට දවල්ට එනවා" අමුත්තා පැවසුවේය.
"එහෙම නමි හෙට හවස හතරට විතර එන්න." අමුත්තාගේ අද්භූත හැසිරීමෙන් විමතියට පත්ව සිටි "රැබී" කිවේය. ඹහු තවත් පුදුමයට පත්කරවමින් එක් පයකික් ගලවා ගත් පැරණි සපත්තුව සාක්කුවෙහි ලා ගත් අමුත්තා එක් කකුලක අළුත් සපත්තුවත් අනික් කකුලෙහි පරණ සපත්තුවත් සමග නික්ම ගියේය.
තම අත්ල මත අස්වාභාවික ලෙස දිළිසෙන කාසි කිහිපය දෙස බලමින් "රැබී" කල්පනාවට වැටුණේය. ඒ සමගම අගනා පාවහන් ජෝඩුව වෙනුවෙන් සිලිං දහයක් අය කළා නමි වඩා හොද බව සිතමින් ඹහු මුදල් පොකැටිටුවේ ළා ගත්තේය.
එක්වරම වෙළදසැල වෙත ගලා ආ දැඩි ශීතලත් "රැබී" ට දැණින.ගිනි උදුන දැල්වෙද්දී දැණෙන දැඩි ශීතල පිළිබදව "රැබී" විමසිලිමත් වුවද ඊට හේතුව සොයා ගැනිමට ඹහුට අපහසු විය. ඒ අතරම පෙර පැමිණි අමුත්තාගේ අත්භුත හැසිරීම නැවත ඹහුට සිහි වු අතර පසුදා සවස ඹහු ආපසු එන විට සපත්තුව නිම කර නොතිබුණහොත් උද්ගත විය හැකි තත්ත්වය පිළිබදව දැඩි බියක් ද රැබී ට දැනෙන්නට විය. ඹහු වහාම සපත්තුව තැනීම ආරමිභ කළේය.
ඒ සමග නොපුරුදු ශීතල තමා අසල දැවටෙන්නට වුයේ අමුත්තාගේ පැමිණීමත් සමගම බව ඹහුට කල්පනා විය. අද්භුත බලවේගයක් තමා වටා කැරකෙන්නාක් මෙන් "රැබී" ට දැණිනි. මේ අද්භුත බලවේගය විසින් මෙහෙයවන ලැබු රැබී කබාය හා තොප්පිය පැළදගෙන ශීතල වීදියට බැස්සේය.
තමා හමුවට ආ අමුත්තා පසුපස හඹා යාම ඹහුගේ අභිලාශය විය.
සුළු මොහොතක් ගෙවෙන තැන තමා ඉදිරිපසින් නැගෙන පාවන් හඩ "රැබී" ගේ සවන පතිත විය. පාළු මගෙහි පැතිර ගත් මීදුම අතරින් වුව ද තමා ඉදිරියෙන් ඇදෙන අමුත්තා හදුනාගැනිම "රැබී" ට අපහසු නොවීය.
"රැබී" විමතියට පත් කරවමින් අමුත්තා ගමිමානයේ සුසාන භුමිය තුළට ඇතුළු වනු පෙණින.සොහොන් කොත් අතරින් ඇවිද යන ඹහුගේ ගමන් වේගය කෙමෙන් වැඩි විය.එක් තැනක අමුත්තා නතර විය. සොහොන් ගලකට මුවා වී සිටි "රැබී" ට තම සිරුර අප්‍රාණික වන බව දැනෙන්නට වුයේ අමුත්තා එතැන තිබු අළුතෙන් සාරන ලද වලක් තුළට බැස පස් දැතින් ඇද ගනිමින් වල වසන බව දැකීමෙනි. මොහොතකින් අමුත්තා සගවා ගනිමින් වල වැසී ගියේය.
පසුපස නොබලා සුසාන භුමියෙන් දිව ගිය "රැබී" ඒ අසල වු මිතුරෙකුගේ දොරට තටිටු කළේ අසිහියෙනි. සිදු වු සියල්ල පැවසු "රැබී" ඒ අසල වු වෙනත් අසල්වැසියන් කිහිප දෙනෙකුද කැටුව සුසාන භුමියට දිව ගියේය. සිදු වු සියල්ල යන අතරමගදී "රැබී" පැවසු බැවින් උදළු ගල්කටු ආදිය රැගෙන ගිය පිරිස රැබී විසින් පෙන්වන ලද වල හාරන්නට වුහ.
සියල්ලෝම භීතියට පත් කරමින් "රැබී" දුටු අමුත්තාගේ සිරුර පෙටිටියකින් තොරව වල තුළ තිබිණ. නොඅනුමානව ඹහු මියගොස් සිටියේය. "රැබී" ගෙන් මිළදී ගත් සපත්තුව පවා ඹහුගේ පයේ රැදී තිබිණ. මෙම කලබලය මැද්දේ "රැබී" එම සපත්තුව සිරුරේ කකුලෙන් ගලවා ගත්තේය. එය එසේ තිබෙන්නට හැරීම නාස්තියක් කොට සලකමිනි.
අද්භුත සිදුවීම පිළිබදව නොයෙකුත් මත පළකරමින් පිරිස විසිර ගිය අතර මෙම සිදුවිම තම නිවෙස් වල උදවියට නොපැවසිය යුතු බවටද ඹවුහු ගිවිස ගත්තේ විශේෂයෙන් කාන්තාවන් අනවශ්‍ය බියක් ඇති කර ගන්නා බව නිසැක නිසාය.
පසු දා දහවල් අහාරයෙන් පසු තරමක් අසනීප ගතියෙන් පෙළෙන්නට වු "රැබී" ගේ බිරිද නින්දකට වැටී සිටී අතර රැබී සුපුරුදු පරිදි පාවහන් තැනිමෙහි නිරතව සිටියේය.
ගතවුයේ මොහොතකි.කමිපා කරවන විලාපයකින් භිතියට පත් රැබී ගේ බිරිද අවදි වුවාය. වහා "රැබී" වැඩ කරමින් හුන් තැනට ගිය ඇයට දක්නට ලැබුණේ ප්‍රාණය නිරුද්ධ වු රැබී ගේ සිරුරයි.
ඒ බියකරු මොහොතේ "රැබී" අත්දුටු දෙය පිළිබදව නිවැරදි ව පවසන්නට අන් කිසිවෙකු නොවුවද දින කිපයක් ඇතුලත "රැබී" ගේ මිතුරන් මාර්ගයෙන් ගම පුරා පැතිර ගිය කතා වේ අවසානය වුයේ නියමිත වේලාවට "රැබී" ගෙන් ඉතිරි සපත්තුව පමණක් නොව තමාගෙන් ගලවා ගත් සපත්තුවද ගෙන යැමට අද්භුත මිනිසා ආපසු පැමිණි බවය.
එය එසේ නොවෙතියයි සිතිය හැක්කේ කාටද ??
(ඹයාලා කතාව කියවල Comment එකක් දැමිමට අපි තරහ නැ........)![]()

එල එල ..මොනවා වුනත් ලංකාවෙ හොරර් නම් සිරා.. ඒවට තරම් වෙන එකකටවත් බය හිත්තෙන්නෙ නෑ...![]()
ඇඩ් නැතුව බෑ නේ බං.. ස්පොන්සෙර්ස් ල ඉන්න එපයි...!!Madin ads danne nathuwa dannako








මේකත් සත්‍ය කථාවක්...නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. මීට කලකට ඉහත දී මොහු දඩයමේ යෑම පුරුද්දක් කරගෙන තිබූ නමුත් දැන් ඔහු එම පුරුද්ද අතහැර ඇත්තේ වනජීවී නිලධාරීහු එම ප්‍රදේශයේ ගැවසෙන බැවිණි.
එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට ඔහු සිතූහ..
ටික දුරක් ඇවිද ගිය පසු බලාපොරොත්තු සපල විය විශාල අං සහිත ගෝනකු ඉදිරියේ ඇස් දෙන්නට විය හඳ එළිය නිසා ගෝනා පැහැදිලිව දැක ගත හැකිවිය කෑලි පහේ විදුලි පන්දම ගෝනා දෙසට එල්ලකල විගස ඌ නොසෙල්වී සිටියේය.බලාපොරොත්තු සහිතව පලමු වෙඩිල්ල පත්තු කිරීමට කොකා ගැස්සුවද කරුමයට මෙන් වෙඩිල්ල පත්තු වූයේ නැත නැඟුණු කුඩා ශබ්දය නිසා ගෝනා වේගයෙන් කැළය තුලට රිංගා ගියේ... තප්පරයක් වැනි කාලයක් තුලය තමාට වඩා විශ්වාස සහිත තුවක්කුව පත්තු නොවුනේ මන්දැයි පුදුමයෙන් ඔහු සුසුම් හෙළිය ගෝනා ගිය පසු පස යෑමට මත්තෙන් තුවක්කුව පරික්ෂා කිරීමට ඔහුට සිදුවිය.නැවතත් දන්නා ශිල්පයෙන් තුවක්කුව යතා තත්වයට පත් කරගත් ඔහු මුවන්ගේ හඬ බහුලව ඇසෙන්නට වූ දිශාවට පිය මැන්නේය එම ස්ථානයේ වූ ගසක් තෝරා එහි ගෝනිය බැඳීමට සිතා ගස දෙසට විදුලි පන්දම යොමු කළ ඔහු දුටුවේ අද්භූත සිදුවීමක් විශාල ගෝනකු ගේ මල සිරුරක් ගසේ දෙබලක් මත පහතට එල්ලී තිබීමයි ඒ අසලට ගිය මොහුට ලේබින්දු කිහිපයක් තම ඇඟට වැටෙන බවද දැනිණ ඔහුට අදහා ගත නොහැකි විය තරමක් තැති ගැන්මක් ඇතිවූ මොහු මදක් පසුපසට ගොස් නැවත විදුළිපන්දම ගසා විපරම් කරන්නට විය.දිවියකු හෝ ගසේ සිට ගෝනා ආහාරයට ගන්නේදැයි සිතමින්ය.
පුදුමයකි! තමා සිතුදේ නිවැරදි යැයි ඔහුට වැටහුණි එකවරම දිවියකුගේ මුහුණක් ගෝනාගේ සිරුර මතින් දැක ගත හැකිවිය භියට පත් මොහු තම තුවක්කුව ඒ දෙසට එල්ල කර වෙඩිල්ලක් තැබිය එවිට එකවර මිනිසකුගේ විලාප හඬක් සහිතව ගසේසිට යමක් බිමට වැටුණු බවක් දැනින ඔහුට සිතා ගත නොහැකි විය ලහි ලහියේ තවත් පතොරොමක් ගෙන එන දෙයකට මුහුණ දීමට ඔහු සිතා ගත්හ. සිදුවූ සියල්ල යම් නුහුරු බවක් දැනුණ බැවිණ් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට ඔහු සිතා වේගයෙන් පිටු පස බලමින් දිවයන්නට විය පැය බාගයක් පමණ දිව ගිය ඔහු තමාට සුපුරුදු පළු ගසේ මුදුනටම නැග ගත්තේ එය ආරක්ෂිත ස්ථානයක් වූ බැවිණී රැය පහන් වන තුරුම විමසිල්ලෙන් ඒ ගහ උඩම සිටීමට ඔහුට සිදුවිය රැයේ සිදුවූයේ කුමක්දැයි කුතුහලයෙන් උදේ 5-6ත් අතර කාලයේ නැවතත් පළුගසින් බැස ගත් ඔහු සිගරට්ටුවක්ද දල්වාගෙන නැවතත් එම සිද්ධීය සිදුවූ ස්ථානයට යෑමට තීරණය කළේය.....
පුදුමයකි! එම ගස යට වුයේ සුදෝවුන් වැලි තලාවක් නමුත් අඩි සලකුණක් හෝ ලේ සලකුණක් හෝ එසේ සිදුවීමක් ගැන හෝඩුවාවක් හෝ එම ස්ථානයේ නොවීය ගසේ තමා තිවු උණ්ඩ පහර පමක් දැකගත හැකි විය....සිදුවුයේ කුමක්දැයි සිතා ගත නොහැකි ඔහු සුසම් ලමින් එතැනම හිද ගත්තේ බඩගිනි වූ බැවින් ඉතුරු වූ පාන් කෑල්ලවත් කා දමා නැවතත් නිවසට යන අරමුණින්ය පාන් කැබැල්ල අතට ගත් ඔහුට දැකගත හැකිවූයේ එම පාන් කැබැල්ල ලේ වලින් තෙත් වී ඇති ආකාරයකි ඔහු සිතුවේ තම ශරීරයේ සිදුවී ඇති තුවාලයක් නිසා එසේ සිදුවන්නට ඇති බවයි එසේ සිතා ශරීරය විපරම් කල බැලුවද කිසිම සීරීම් සලකුණක් හෝ නොවීය තමාගේ වම් බාහුවට ගෝනාගේ ඇගෙන් ලේ බිඳු වැටුණා මතකය ඔහු ඒ දෙස පරික්ෂා කර බලද්දී එම රුධිර බිදු එසේ වේලී ගොස් තිබිණ..........
පසුව තමාට වැටහී ගියේ එය අද්භූත සිදුවීමක් බවයි.....
![]()


