Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
niyamai lassanata liyala thiyanawa
ikmanata ithuru kotasath liyanne

mage aadara kathawath me wagema thamai habai yahoo newei GTALK hehehe
online love ekama wage ne
patan gammanan ekai "hiii" ;)
 

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    niyamai lassanata liyala thiyanawa
    ikmanata ithuru kotasath liyanne

    mage aadara kathawath me wagema thamai habai yahoo newei GTALK hehehe
    online love ekama wage ne
    patan gammanan ekai "hiii" ;)
    mama nam patan gaththe wenin mokak da ekak kiyala :rofl: mage eka patan gaththe MSN eken.. mage eka start karanna sup eka dunne me mysterious ge kathawe kathaa naayakaya :D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    අද ඩින්ගක් පරක්කු වුනාට සමාව ඉල්ලනව.. උදෙන්ම එරොබික්ස් ක්ලාස් ගිහින් දැන් ඩින්ගකට කලිනුයි ගෙදර ආවෙ..
    ඕන් එහෙනම් අද කතාවේ දෙවනි කොටස.. ;)

     

    malinda

    Member
    Aug 1, 2006
    477
    0
    0
    .::: HeAvEn! :::.
    අද ඩින්ගක් පරක්කු වුනාට සමාව ඉල්ලනව.. උදෙන්ම එරොබික්ස් ක්ලාස් ගිහින් දැන් ඩින්ගකට කලිනුයි ගෙදර ආවෙ..
    ඕන් එහෙනම් අද කතාවේ දෙවනි කොටස.. ;)



    berida oya kathava eka paaarama mail ekakata copy paste karala e mail karanna .. me davashvala api hali buzy meya :D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    - දෙවනි කොටස -
    Code:
    2.1
    ඔහොම ඉතින් කල් ගත වෙද්දි.. අපි අතර තිබිච්ච සබදකම තවත් එන්ඩ එන්ඩම වැඩි උනා..

    ඔය අතරෙ මෙහෙම සිද්දියකුත් තිබුනා.. ඒ කාලෙ ඉතින් ඇත්ත වයස කීවම සමහරෙක් කීවා..


    ''මට කමක් නෑ මට වඩා කොච්චර බාල උනත් දැන් නම්.. කවුරු හරි කෙල්ලෙක් ඉන්නවා නම් , මන් එයාට ආදරේ කරනවා..''


    එසේ පැවසුවේ මා ලගින්ම සිටි මිතුරෙකි.. ඔහුගෙ ඉඟියෙන් ඔහුගේ සිත තුල සැන්ගී සැන්ගී තිබි ගීතයට ඇහුම්කන් දීමට පෙර සිටම මට ඉව දැනුනේ මගේ ඇති නුවනක්කාර බවකට නොවන බවත් , ඔහු තුල තිබි 'පැනි හැලීමේ' පරම දක්ශතාවය නිසාමත් බව කරුණාවෙන් සලකන්න..


    ඒ අස්සෙන් තවත් මිතුරෙකු වූ සචිත නම් කුඩා වියේ පසුවු කොලු ගැටයෙකු තුල මා කෙරෙහි පැහදීමක් ඇති බව නැවතත් මට ඉව වැටී තිබුනි.. ඒ කාලෙ සචිත නම් කොලු ගැටයා පෙරුම් පිරුවේ ප්‍රසිද්ධ ජත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මුස්ලිම් කෙලි පැටික්කියකට බව මා හොදින් දැන සිටිය නමුත් , ඔහුගේ හදිසි ප්‍රිය මනාපය මා හට එතරම් සුබ දායික වූවක් නොවීය
    ඔය හේතුව නිසා මට පසුව ඔහුට මෙසේ කීමට සිදු විය..

    මගේ වයස ඔහුගේ වයසට වඩා අවුරුද්දක් වැඩි කොට.. 17ක් කියා පවසුවේ, ඔහුගේ සිත රිදවීමකට භාජනය නොකරාම ප්‍රශ්නය ඉවරයක් කොට දමන්න හිතා ගෙනය.. මාසිතට ඉවසීමට නොහැකි වූයේ හදාගත් බැදීමක් වුවත් , ආදරේ කරන ඇත්තන්ගේ සිත්කඩා බිඳ දැමීමය.. මසිතේ හොද කමට එසේ කළත් සමහරු ඒ දෙස බැලුවේ ඉතාමත් වැරදි ලෙසටය..


    මේ අතරේ.. 13ක් නමුත් 17ක් යැයි කියා ගෙතූ කතන්දරය ඇත්තක් කිරීම පිනිස එකක් වහන්න මට බොරු පිට පිට කියන්නට සිදු විය.. 16යෙ කොලු ගැටයගෙන් බේරුනා , ඇති යාන්තම් ඔයින් ගියා .. කියල හිතල විනාඩියක් ගියෙ නෑ.. මන් අර කියපු මගෙ මිතුරා 'සඳුන්' .. ඔහු මා පිළිබඳ කුච් කුච් හෝතා හේ කියලා මට මුල ඉදලමයි තෙරුනේ.. ඒත් මගෙ පුරුද්දනෙ, තේරුනත් නොතේරුන ගානට ඉන්න එක.. හරියට නිකන් 'මO බබා..' වගේ..

    confusedgirl.jpg


    Next
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=7974626&postcount=73
     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Code:
     2.2

    සඳුන් මගෙත් මිතුරෙකු වගේම ජේසන් ගේද මිතුරෙක් විය.. ඔවුන් දෙදෙනා එකිනෙක හැදිනියේ මා සඳුන්ව හැදින ගැනීමටත් පෙර සිටමය.. ඉතින් ඔය නිසාම ජේසන් ටද ඇත්ත කීමට වුවමනාවක් තිබුනද , එසේ කිරීමට නොහැකි වූයේ.. අකුණක් මා සොයා කෙටීමට එනවා මෙන් සදුන් හා තවත් කොල්ලන් කීප දෙනෙක් මා පසු පස හඹා එන නිසාමය.. ඒ කාලේ ජේසන්ගේ වයස අවුරුදු 19යකි.. එයා නම් වැඩිහිටියෙක්.. ඒත් මම.. මන් තවම බටු කෙල්ලෙක්..

    ඉතින් ඔහොම කල් ගත වෙද්දී මායි අර ජේසන් උයි.. හා, මට කියන්න අමතක උනානෙ.. එයාට අපි ආදරේට කීවෙ Jaz / Jazy කියලයි.. එයාගෙ ඇත්ත නම ජේසන් නෙවෙයි.. ඒක වෙන නමක්.. ඒත් හැමෝම පුරුදු වෙලා හිටියෙ එයාට ජේසන් නමින් ඇමතීමටය..


    file.php
    image.php


    Next
    Code:
    [URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974630&postcount=74[/URL]
     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Code:
     2.3

    කොහොමෙන් හරි අපේ මල් කැඩිල්ල ජයටම කෙරී ගෙන ගිය ඉතින්.. මන් ඉතින් එදා වගේම අදත් චොකලට් වලට දැක්වූයෙ ඉතාමත් විශාල කැමැත්තකි.. මේ ගැන මා ඔහුට පැවසූ විට එයා මෙන්න මෙහෙම කීවනෙ..

    '' චොකලට් කාලා ඔයා දැන් බෝල ගෙඩිය වගේ මහත් වේ හොදේ.. ''


    ඒ කාලේ මන් ඉස්කොලෙ බාස්කට්බෝල් හා අත්ලටික්ස් වල නිරත වී සිටි නිසා.. කොච්චර කෑවත් බතල නොවන ගතියක් තිබුනා..

    ඒ නිසාම මම බය නැතුව ඇති වෙන්න චොකලට් කෑවා.. මහත් නොවන බව දන්න නිසාම මම ඔහුට මෙසේ පිලිතුරු දුනිමි..


    '' පිස්සුද අනේ.. මන් මහත් වෙයි කවද හරි.. ඒත් ඒ චොකලට් කාලා නම් නෙවේ'' එවිට ඔහු එයට සිනහවක් පල කලේය..


    හා ඉතින් දැන් ඔයා හිතනවා ඇති මන් මහා පණ්ඩිත කෙල්ලෙක් කියල.. අනේ ඉතින් මන් මක් කොරන්නද.. ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ.. ඔයා වගේම එයත් මා ගැන එහෙම්මම හිතන්නට ඇති බව සිකුරුයි..

    girl_eating_apple.jpg


    Next
    Code:
     [URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974652&postcount=75[/URL]
     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Code:
     2.4

    පෙලක් වෙලාවට කතා කරන්නේ මොනවද කියලාවත් දන්නෙ නැතුව බයිලා ගැහුවා.. අනේ මන්දා.. අසරණයා කොහොම අහන් හිටියාද කියලා දැනුයි තේරෙන්නෙ.. කොහොමෙන් හරි .. ඔහොම චුට්ටක් චුට්ටක් යනකොට.. මට එන්න එන්න එයා ගැන කැක්කුමක් වගේම ආදරයක් පහළ උනාලු.. ඒත් ඉතින් අර අඹ ඇටේට වඩා පොඩි එක ( ඒ කිව්වෙ මගෙ මොලේ ගැන ) ඒක මට ණානප්‍රකාර දේවල් හිතට ඔබ්බලා ඒ ඇටෙන් පොත්තෙන් එලියට එන්න හදන ආදරය මිනී මරන්න තැන් කරද්දි.. හිත මේ ගැන බය වෙච්ච පාර හිත දැඩි කරගෙන.. තද කරගෙන හිටියා..

    ඒ කාලෙ ඉතින් මමී (අම්මා) මට කියලා දීල තිබ්බෙ පුතේ ඔයා 'බ්ලූ ෆිල්ම්ස්' බලන්නෙපා.. ඔව්වා නැති ජරා දේවල්.. සමහර විකුර්ති වෙච්ච අය තමයි ඕවා බලන්නෙ.. හා දැන් බබා මට පොරොන්දු වෙන්න, ඉන්ටර්නෙට් එකෙන් ඕවා බලන්නෙ නෑ කියලා.. ''

    මාත් ඉතින් මමී ට 'ප්‍රොමිස්' කියල කිව්වා..

    මට එදා ඉදන් මමී කියලා තිබ්බෙ බ්ලූ ජරා දෙයක් කියලා නිස , ඒක එයා ආයි ආයි කියද්දි අදටත් ඒ දේ මගෙ මොලේ තැන්පත් වෙලා තියෙන්නෙ ජරා දෙයක් හැටියටයි..


    ජේසන් ගැන කැක්කුමක් තිබි නිසාම අම්මා කී පරිද්දෙන් අසබ්‍ය චිත්‍රපටි බලන්නේ අසහන කාරයෝ නිසාත්ම මා තුල හට ගත්තේ අමුතුම දෙයකි.. ඒ මොකද්ද දන්නවද? ඔයාට දැන් නම් හිනත් යයි මන් මෙහෙම කිව්වා කියල අහද්දි..


    මම ජේසන් ගෙන් දිනක් මෙසේ ඇසුවෙමි..


    ''.. ඔයාගෙන් මන් දෙයක් අහන්නද? ''


    '' අහන්න.. '' ජේසන්ගේ පිළිතුර එය විය..


    '' මෙහෙම ඇහුවට ඔයා තරහා ගන්නෙප හොන්දේ ?? '' මම නැවතත් ඇසුවෙමි..


    '' නෑ නෑ.. තරහා වෙන්නෙ නෑ ''


    '' මේ... මේ.. මේ මේ.. ''


    ''යෙස්..'' එසේ කීවෙ ඔහුය..


    '' මේ..... ඔයා බ්ලූ ෆිල්ම්ස් බලනවද ? ''


    එහෙම අහලා තප්පරයක් ගියේ නෑ මගෙ හිත ටෝන් ටෝන් ගාන්න ගත්තා..

    කොච්චර ලන් උනත් එච්චර දෙයක් අහන්න මම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කියලත් හිතුනා.. එයාගෙ රිප්ලයි එක එන්න ඩින්ගකට විතර කලින් ආයි මට ඇර අඹ ඇටේට වඩා පොඩි එක බැන වදින්නට වුනි.. එයා කිව්වේ මෙන්න මෙහෙමයි.. " මේ මේ.. ඔය දැන් ඕනවට වැඩියි හොදේ..''

    ඇයියෝ.. ඔයා දන්නෙ නෑ අයියෝ.. මගේ හිතයි මනසයි නිකන් පොඩි එවුන් දෙන්නෙක් වගේ.. කෙක්කට කොක්ක වගේ.. ඌප්ස්.. වැරදුනාදත් මන්දා.. කොක්කට කෙක්ක වගේ..

    කොහොමෙන් හරි අරය දැන් ඕන් රිප්ල්යි කලා.. එයා කීවා
    '' ඔව්.. මන් බලනවා.. ඒත් හැමදාම නෙවෙයි '' කියලා.. දැන් ඉතින් මගෙ හිතේ ජේසන් බ්ලූ බලන නිසා එයා නරක ළමයෙක් කියල.. දැන් ඉතින් මගේ වුවමනාව ජේස්න්ව හොඳ ළමයෙක් කරවන්න..

    අනේ හෆොයි.. මාත් මාර කෙල්ලෙක් තමා ඒ කාලේ.. දැන් නම් එව්වා මතක් වෙද්දිත් හිනා..


    ඉතින් මන් අර කොල්ලට දාගෙන කියනව '' අනේ ඔයා ඔය ජහ ජරාව බලන්නෙපා.. ඕව බලන්නෙ මොලේ අමාරු කාරයෝ නෙ..


    ඔයාටත් මේක කියෙව්වම හිනා යන්න ඇති.. එයාටත් හිතෙන්න ඇති මේ මොන මගුලක්ද කියලා.. ඒත් ඉතින් ඒක මගෙ අම්මා මට කිව්වෙ මට තියෙන ආදරේට කියල මන් දැනන් හිටියා.. අම්මා එහෙම කිව්වෙ මන් වැරදි මාර්ගෙ යයි කියලා බයට.. මමී හැමදාමත් මාව අරශ්ශා කලා.. ඉතින් නොදැනුවත්වම හරි jaz ගැන මා තුල පහල වෙලා තියෙන්නෙත් අම්මෙක් තුල දරුවෙකුට ඇති වූ ආදරයක් නොවේද?? මගේ වයසෙ පොඩි කමට මන් බොලද කතාවක් කියෙව්වට ඔයාටත් මෙහෙම පැත්තක් ගැන හිතුනෙ නෑ නේද මන් කියනකන් ?? එයාටත් එහෙම්මම ඇති.. ආදරේ අපි කාටත් නොකියමයි අපේ හදේ ලැගුම් ගන්නෙ.. ඒ වගේමයි අපේ හිත දාල යන්නෙත්.. හා.. අපි දැන් දාලා යන එව්ව ගැන කතා නොකර ඉමු.. කොහොම උනත්.. එය ගැන මා තුල ලොකු කැක්කුමක් හට ගෙන ඇති බව මගෙ හදවත ලාවට වගේ දැන සිටි නමුත් ඒ හැටි හරි තේරුමක් නොතිබිනි..


    33mnd6s.jpg


    Code:
    Next
    Code:
    [URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974660&postcount=76[/URL]
     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Code:
     2.5

    ඔහොම දවස් දෙක තුනක් යද්දි.. දවසක් මට සඳුන් කතා කලා.. ඔය ඕප දූප කතා කර කර ඉදිද්දී කොහොමෙන් කොහොම හරි ජේසන් ගැන කතා කරන්නට පටන් ගත්තා.. ඔහොම කියෝගෙන කියෝගෙන යද්දි.. සදුන් මට එක පාර කිව්වා ජැසියා කිව්වා '' ඒකි හම්බුන දවසේ ඉදලා මන් බ්ලූ බලන එකත් අඩු වෙලා '' කියල කිව්වා කියල..

    අප්පේ.. ඔයාල දන්නෙ නෑ මට ඇති උන සතුට කොච්චරද කියල.. මගෙ හිත මුලින්ම කිව්වෙ ඔයා ගෙ වචනයක් ගැන හරි එයා හිතන නිසා තමයි එයා එහෙම වුනේ කියල.. ආදරයත් හරි පුදුමයි.. ඊටත් වඩා එයා පුදුමයි.. මට තාම මතකයි .. මගේ හිතේ හොරාට තිබ්බ ආදරේ නිසා මන් එයාගෙන් කපටි කමට ඇහුව ප්‍රශ්නයක්..


    '' ඕන් ඔයා කවදා හරි බදින කොට මටත් ඉන්වයිට් කරන්න ඕනි හොඳේ.. ? ''


    ඔහු පිළිතුරු මෙසේ පවසයි..


    '' හෙ හෙ.. අයි? අපි ඊට කලින් හම්බෙන්නෙ නැද්ද? කවුද දන්නේ.. අපි කවද හරි එහෙම හම්බෙන්න පුලුවන් නෙ.. මොකද මේ ලෝකෙ එච්චර ලොකු නෑනෙ.. ''


    මගෙ හිත නිකන් කාඩ් බෝඩ් පෙට්ටියක් වැටෙනව වගේ ඩඩ බඩෝන් ගෑවා.. ඔහුගේ මෙවන් කතා අබියස මා වෙවුලන හාවෙක් වැනිය.. කිසිවක් පැවසීමට නොමැති නිසා මගේ සුපුරුදු සිනාව මා පල කලේ නිකන් ලතාවකට වැනිය..


    එයා එතකොට මෙහෙම ඇහුව.. '' ඔයා ආස මොන චොකලට් කන්නද? ''


    අම්බේ.. රසවත් ප්‍රශ්නයක්.. මා එක පයින්ම කීවේ 'ටොබ්ලරෝන්' කියලයි..


    girl-eating-chocolate.jpg


    එතකොට එයා ඇහුවා ඇයි 'ප්‍රොමිසස්' ආස නැද්ද කියලා.. මන් ඒ වෙද්දි ඒ චොකලට් එක ගැන අහල තිබුනෙ නැති නිසා මන් කිව්ව 'ඕන එකක්' කියල..

    එදා හවස මමී එක්ක සුපර්මාක්ට් එකට ගියාම මුලින්ම ගිහින් බැලුවෙ 'ප්‍රොමිසස්' කියන්නෙ මොකද්ද කියලයි.. බැලින්නම් දඩාරියන් චොකලට් පෙට්ටියක් සෝස මලක් තියෙන.. දැක්ක ගමන් මට තේරුනා ඇයි එයා ඒ චොකො එක ගැන කිව්වෙ කියල.. වැඩිය ඕනි නෑ.. චොකෝ පෙට්ටියේම ගහල තිබ්බ 'ලව්' කියල.. අප්පේ.. මගෙ හිත නිකන් ඩිගි ඩිගි ගාල ඩාන්ස් කරන්න ගත්ත..

    chocolates013_2.jpg


    Next


    Code:
    [URL]http://www.elakiri.com/forum/showpost.php?p=7975653&postcount=131[/URL]
     
    Last edited: