විහඟි

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම ඔළුව උස්සල බලන කොටම දැක්කෙ 'බාලවයස්කරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි නොකරමු' කියන ස්ටිකර් එක.මදීනා එකට එන හැමදාම ඕක දකිනවා.අපේ උන් ඔක්කොම මේසෙ වටේ වාඩිවෙලා.මම ආයෙ ඔළුව ගහ ගත්තා.

    විහඟි මාත් එක්ක යාළුවුනු දවසෙ ඉදල එක දවසක්වත් තරහ වෙල තිබුනෙ නෑ.ඒත් ඊට ටික දවසකට කලින් එයා මාතෙක්ක තරහ වුනා.මම කරන පුන්චි පුන්චි වැරදි වලට පොඩ්ඩක් බැන්නට එයා මට ඒවට සමාව දුන්නා.ම්ම හොරාට සිගරට් එකක් බොන බව,සෙට්වෙලා ඩ්‍රින්ක් එකක් දාන බව එයා දන්නවා.ඒත් මම එක දවසක් බීල ටවුන් එකේ පිස්සුවක් නටපු හැටි කවුද එයාට කියලා.එයා මාත් එක්ක තරහ වුනේ ඒකට.
    තරහ වෙලා සතියක් විතර ඉදල එයා මාත් එක්ක කතා කරේ ඔය සිද්දිය වෙන්න කලින් දවසෙ.එදා අපි කතා කරපු මුළු වෙලාවෙම එයා කරේ මගෙන් සමාව ඉල්ලන එක.

    'මට සමාවෙන්න අයියේ මට ඔයත් එක්ක තරහ වෙන්න හිතුනේ මොකද මන්දා.'

    'ඔයා නෙමෙයිනේ බබා මමනේ ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ.'

    එයාට ඇතිවෙනකම් සමාව ඉල්ලලා ආයෙ කවදාවත් මාත් එක්ක තරහ වෙන්නෙ නෑ කියල එයා පොරොන්දු වුනා.ඉක්ණටම මගෙ නරක වැඩ ඔක්කොම නවත්තනවා කියල මම එයාට කොහොමත් පොරොන්දු වෙලා තිබුනේ.ඒත් මම කරන හැමදේම එයාට කියන හින්දා මම කරන්නෙ කොලො කාලෙ කරන පොඩි පොඩි වැරදි කියලා එයා දැනගෙන හිටියේ.
    අපි එහෙම කතා කර කර ඉඳිත්දි වෙනදාටත් වඩ එයා මට ලංවුනා.ලයිබ්‍රිඑක ලඟ කට්ටියත් බලාගෙන.වෙනදා නම් එයා චුට්ටක් ලංකර ගන්න එක හරිම අමාරුයි.අපිට වෙන් වෙන්න වෙලාව ලං වෙනකොට වෙනදා නම් කලින්ම දුවන්න හදන එයාට එදා කිසිම හදිසියක් තිබුනෙ නෑ.

    'මට අදනම් යන්න හිතෙන්නෙත් නෑ අයියේ'
    'ඉතින් නොගිහින් ඉන්නකෝ'
    'එතකොට හොඳට තියෙයි.'

    කොහොම හරි අපිට වෙන්වෙන වෙලාව ආවා.ඉස්සරම නම් මම එයත් එක්ක බස් එකේ ටිකක් දුර යනවා.ඒත් ගෙවල් ගාව දෙතුන් දෙනෙකුට අහුවෙන්න ගිහින් යන්තම් බේරුණු හින්දා මම එහෙම යනඑක ඒ වෙනකොට නවත්වලා තිබුනේ.
    එයා එනකම් යාළුවො ටික පිටිපස්සෙ සීට් එකේ ඉඩ තියා ගෙන තිබුනා.එයා බස් එකට නැග්ගට පස්සෙත් මම ස්ටෑන්ඩ් එකට වෙලා එයා දිහා බලාගෙන හිට්යා.මට එදා නම් එයාව යවන්න හිතුණෙම නෑ.සතියකට පස්සෙ කතාකරපු හින්දා එහෙම හිතෙනව ඇති කියල මම හිතුවේ.
    බස් එක ඔරලෝසු කණුව වටේ කරකවල ප්‍රයිවට් ස්ටෑන්ඩ් එල ලඟට එන්න කලින් පයින් එතනට යන්න පුළුවන්.විහඟිලගෙ බස් එක ටවුන් එකෙන් ගිහින් එතනට එන්න කලින් මම එතනට ගියා.මීට කලින් මම කවදාවත් එහෙම කරල නෑ.ඒක දැකපු විහඟිගෙ යාළුවොත් එයාට හිනා වෙනව මම දැක්කා.එයා මගෙ දිහා බල බල යන ගමන්ම මට මැසෙජි එකක් එව්වා.
    'ඇයි අද මෙච්චරම පස්සෙන් එන්නේ මාව ගෙදර යවන්න හිතෙන්නෙ නැද්ද.බය වෙන්න එපා ගියාට මම ආයෙ එනවා.'

    මට ඒකට දෙන්න උත්තර තිබුනෙ නැති හින්දා.මම රිප්ලයි කරේ 'හ්ම්ම්ම්ම්' කියල විතරයි.

    'ඉක්මණට ගෙදර යන්න.'
    එයා ආයෙත් මට මැසේජ් කරල තිබ්බා.

    බස් එක පේන්නෙ නැති වෙනක්ම්ම බලන් ඉඳලා මමත් ගෙදර යන්න බස් එකට නැග්ගා.

    ගෙදර ගියාට පස්සෙ එයා මට කතා කරන කම් මට කතා කරන්න තනනම්. ඒත් එදා එයාගෙන් කෝල්ස් ආවෙ නෑ.අඩු ගානෙ රිප්ලයි එපා කියල මැසේජ් එකක්වත් නෑ.

    එයාගෙ ඔය වගේ වැඩ තිබුණු හින්දා මමත් ඒක ගනන් ගත්තේ නෑ.ඊට පහුවෙනිදා හවස් වෙනකම්ම එහෙමයි. හදිසියක් ඉක්මණට ටවුන් එකට වරෙන් කියලා හවස සහනා කතා කලාම මම හිතුවේ අදත් සෙට් වීමක් තමයි කියලා.

    මම හෙමෙහිට ලෑස්ති වෙලා බස් එකට නැග්ගා.බස් එකේ විහඟිගෙ යාළුවෙක් හිටියා.වෙනදනම් විහඟිගෙ යාළුවො මාව දැක්කම පැනල ඇවිත් මාත් එක්ක කතා කරනවා.ඒත් එදා එයා මාව මඟහැරියා.

    මම බස් එකෙන් බහින කොටම අපේ උන් බස් එක ලඟට ඇවිත් තිබුණා.මම බස් එකෙන් බැස්සෙම බොන්න නම් බෑ කියාගෙන.වරෙන්කො යන්න කියල කට්ටිය මාව මදීනා එකට එක්ක ගියා.

    වෙනදා වගේම ප්ල්න්ටියි සිගරැටුයි ගේන්න කියලා අපි වාඩිවුණා.
    'මචන් උඹට පොඩිදෙයක් කියන්න තියෙනවා.ඒත් මේක අහලා උඹ කලබල වෙන්න එපා'
    සහන් කතා කරා.
    'ඉතින් කියපන්කෝ'
    'හැබැයි උඹ කලබල වෙන්න බෑ හරිද'
    'මොන මඟුලක්ද බන් කියපන්කෝ මොකක්ද කියලා'
    'මචන් විහඟි'
    'ඉතින්'
    සහනා හිරවෙනකොට අසේලයා උත්තර දුන්නා.
    'මචන් ඊයෙ විහඟි ඇක්සිඩන්ට් වෙලා'
    මට මතකයි මගෙ මුළු ඇඟම හිර වුණා වගේ.
    'එයාට ගොඩක් අමාරුද කියපල්ලකෝ'
    කවුරුවත් කතා කලේ නෑ.මට සිහිය නැති වෙන්න ඇත්තේ ඒ වෙලාවෙ.



     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මට ඔළුව ඔස්සන්න හිතුනෙ නෑ.මට දැනුනෙ ඔළුව පුපුරන්න වගේ.
    'මට බොන්න ඕනා'
    මම ඔළුව ගහගෙනම කතාකරා.වෙනදට බො කියනකම් බලාඉන්න අපේ උන් කවුරුවත් කතා කරේ නෑ.
    'යමන් ග්‍රවුන්ඩ් එකට'
    එහෙම කියාගෙන මම නැගිට්ටා.
    කවුරුවත් කතා නොකර මගෙ පස්සෙන් ආවා.මට කිසිම හැඟීමක් දැනුනේ නෑ.හැඟීම් වලට ඉඩ දෙන්න මට උවමනාවක් තිබුනෙ නෑ.
    බොන්න ගේපන් කියල මම පර්ස් එක දීල කෝනර් පිච් එක උඩ වාඩි වුනා.සහන කතා කරන්න ගත්තෙ එතකොට.
    'මචන් දැන් අපිට කරන්න දෙයක් නෑ.වෙන්න තියෙන දේ වුනා.අපි මොනව කරන්න්ද.'
    මට ඒව ගැන හිතන්න උවමනාවක් තිබ්බෙ නෑ.
    මම කෑ ගැහුවෙ බොන්න ගේපන් කියල විතරයි.
    කට්ටිය කුටු කුටු ගාලා දෙන්නෙක් ගිහින් බෝතලයක් අරන් ආවා.කවුරුවක්වත් බිව්වෙ නෑ.මාත් එක්ක බොරුවට චියර්ස් කරාට කවුරුවත් බිව්වෙ නෑ.මම ඇතිවෙනකම් බිව්වා.
    ටික ටික පියවි තත්වය නැතිවෙනකොට මට විහඟි ගැන මතක පිරවෙන්න ගත්තා.
    'එයා මට පොරොන්දු වෙලා ගියේ.ආයෙ එනවා කියලා එයාට නෑවිත් ඉන්න බෑ.'

    මම එයාගෙ මැසේජ් පෙන්න පෙන්න කෑගැහුවා.විහඟිගෙ ෆෝන් එකට කීපාරක් කෝල්ස් ගත්තද කියල මට මතක නෑ.ඒ හැම වෙලාවකම මම කලේ ෆෝන් එක පොලොවෙ ගහපු එක.

    මට විහඟිලගෙ ගෙදර යන්න ඕනා කියල කෑ ගහනවා මට යන්තම් වගේ මතකයි.

    පහුවදා මම නැගිටින කොට මම හිටියේ සහන්ලග ගෙදර.මම නැගිටිනකොටත් මුලින්ම සිහියට ආවෙ විහඟි.මට කවදාවත් දැනිල නැති අසරණ කමක් පාළුවක් දැණුනා.මගෙ ඇස් දෙකෙන් හෝ ගාල කඳුළු කඩා වැටුනා.

    'සහන් මට විහඟිලගෙ ගෙදර යන්න ඕනා.'
    'මචන් පොඩ්ඩක් තේරුම් ගනින්කෝ අපි කොහොමද එහේ යන්නේ.එහෙ මොන තත්වයක් තියෙනවද දන්නෙ නෑනෙ බන්.පොඩි එකෙක් වෙන්න එපා.නිකන් අනවශ්‍ය ලෙඩ දාගන්න ඕනෙ නෑනෙ බන්.'

    'මට මොනව වුනත් කමක් නෑ මට එහෙ යන්න ඕනා.එයාගෙ රත්තරන් මුහුණ අන්තිම පාරටවත් බලන්නෙ නැතිව මම ඉන්නෙ කොහොමද බන්.'
    කොහොම හරි මගෙ බල කිරීමට විහඟි ලගෙ ගෙදර යන්න සහන්ව කැමති කර ගත්තා.අපේ කට්ටිය හතර පස් දෙනෙකුටත් ඒ ගමනට සහන් කතා කරල තිබුනා.
    අපි එහෙ ගියෙ ගොඩාක් රෑ වෙලා.යන ගමන් මඟ දිගටම සහන් මට අවවාද කලේ එහෙ ගිහින් පිස්සු නටන්න එපා කියලා.
    'අපි යන්න විහඟිගෙ යාළුවො විදිහට උඹ එහෙ පිස්සු නටන්න හදන්න එපා හරිද.'
    මම හැමදේටම හා හා කියල මල ගෙදරට ගියා.
    අපි එහෙට යනකොට වැඩිය සෙනඟ හිටියෙත් නෑ.සාලෙ මැද්දෙ විහඟි හිටියා.එයාට සුදු ගවුමක් අන්දවලා තිබුණා.එයා ඇස් දෙක පියාගෙන හිටියේ.ඒ වෙලාවෙ මට මොනව වුනාද කියල කියන්න මට තේරෙන්නෙ නෑ.මට ඉබේම කෑ ගැස්සුනා.සහන් මාව කොච්ච්ර නවත්වන්න හැදුවත් මට නවතින්න බැරිවුනා.මම කෑ ගගහ ඇඬුවා.කවදාවත් මම එහෙම අඬල තිබුනේ නෑ.ඒත් එදා මම හොඳටම ඇඬුවා.
    මම අඬන සද්දෙ ඇහිලා විහඟිගෙ අම්මයි අක්කයි එතනට එනවා මම දැක්කා.මම විහඟිගෙ අම්මගෙ ඉස්සරහ බිම වැටිලා ඇඬුවා.
    'මට සමාවෙන්න අම්මේ.මට එයාව තියා ගන්න බැරිවුනා.මට සමාවෙන්න.'
    'අපි හැමෝම පවු කාරයො පුතේ.එයා අපි හැමෝවම දාල ගියා.'
    විහඟිගෙ අම්ම මාව නැගිට්ටුවල පපුවට හේත්තු කර ගත්තා.මම ඒ පපුවට හේත්තු වෙලා ඇතිවෙනකම් ඇඬුවා.
    මල ගෙදර අවසන් කටයුතු තිබුනෙ ඊළඟ දවසෙ.අපි එලිවෙලා එහෙන් ආවෙ ආයෙ හවස එන්නෙ නෑ කියලා.
    'මට ඒ වෙලාව දරා ගන්න බැරිවේවි.එතකොට එයා ගැන හැමෝම වැරදියට හිතාවි.'
    විහඟිගෙ අම්මයි අක්කයි කොච්චර කිව්වත් මට එන්න කියලා.එයා ගැන කවුරුවත්ම වැරදියට හිතනවට අකමැති හින්දා මම හවස නොඑන්නම තීරණය කරා.

    එදා දවස මම සහන් ලගෙ ගෙදරට වෙලා කලේ අඬපු එක.කොච්චර හැදුවත් මට ඒක නවත්තගන්න පුළුවන් වුනේ නෑ.
    ගොඩාක් හවස් වෙලා අපි ආයෙ විහඟිලගෙ ගෙදර ගියා.යනකොට අවසන් කටයුතු ඔක්කොම ඉවර වෙලා.මම විහඟිගෙ සොහොන ලඟට ගිහින් ඇති වෙන්න ඇඬුවා.විහඟිගෙ අම්ම ඇවිත් මාව එක්ක යනකම්ම.

    මම ගෙදර ආවට දවසෙම කලේ කාමරයට වෙලා හිටපු එක.වෙනද වගේ දවස තිස්සෙම සින්දු අහන්න,නිදිමරාගෙන මැච් බලන්න මට ඒ කිසිම දෙයක් හිතුනෙ නෑ.
    ඔහොම පිස්සුවෙන් වගේ කාලය ගෙවිල යනකොට දවසක සංඛ මාව බලන්න ආවා.සංඛ අපි අතරින් වෙනස්ම යාළුවෙක්.සංඛ සතියකට සැරයක් භාවනා කරන්න ආරණ්‍යයකට යනවා.සංඛ මාවත් එහෙ එක්කන් ගියා.

    දවසක් දෙකක් ආරණ්‍යයට යද්දි මට ආයෙමත් ජීවතය ගැන හිතුනා.විහඟි වෙනුවෙන් එයාට වුනු පොරොන්දු ඔක්කොම ඉටු කරන්න ඕනෙ කියල මම තීරණය කරා.
    මම එදායින් පස්සෙ කවදාවත් බිව්වෙ නෑ.විභාගෙට එතකොට තිබුනෙ මාස ගාණයි.පලවෙනි සැරේ ඇනගත්තු වෙලාවෙ හැමෝම මට බැන්නත් විහඟි මට බැන්නෙ නෑ.ඊළඟ සැරේගොඩ දානවා කියල එයා මාව පොරොන්දු කර ගත්තා.විහඟි වෙනුවෙන් ඒ පොරොන්දුව ඉටු කරන්න මම හිතා ගත්තා.
    මට මහණ වෙන්න හිතුනු අවස්ථා ගොඩයි.ඒත් අම්මවයි තාත්තවයිබලා ගන්න කවුරුවත් නැති හින්දා මම ඒ අදහස අත්හැරියා.
    මම පුළුවන් හැම වෙලාවටම විහඟි ලගෙ හෙදර ගියා.අපේ අම්මවත් මම එහෙ එක්ක ගියා.
    පස්සෙ මම විභාගෙ ගොඩ දැම්මා.පොඩි ජොබ් එකකටත් ගියා.එතනින් පස්සෙ අම්මගෙන් කරදර තිබුනෙ ඉක්මණට කසාද බඳින්න කියල. එයාට ඕන වුනෙ මාව පිළිවෙලක් කරල නිදහසෙ ජීවත් වෙන්න.
    විහඟිගෙ අම්මත් මට නිතරම ඒ ගැන කිව්වා.

    'එයා කොහෙ හරි ඉඳන් මේව බලන් ඇති ඔයා ලස්සනට ජීවත්වෙනව දකින්න එයා කැමති ඇති.'
    විහඟිගෙ අම්ම මට නිතරම කිව්වෙ එහෙම.
    ඒත් වෙන කෙනෙකුට දෙන්න මගෙ හිතේ ආදරයක් තිබුනෙ නෑ.
    මට චතූව හඳුන්වල දුන්නෙ විහඟිලගෙ අම්ම.චතූ විහඟිලගෙ නෑයො.මම එයා ගැන ඉස්සර ඉඳන්ම දන්නවා.එයත් හැමදේම දන්න හින්දා මාව තේරුම් අරන් හිටියා.

    ගෙවල් වලින් බේරෙන්න බැරි හින්දත් අම්ම ගැන හිතන්න ඕන හින්දත් මම තීරණය කරා චතූට ආදරය කරන්න.

    අපි දෙන්නම එකට පන්සල් ගිහින් විහඟිට පින්දෙනවා.
    'විහඟි අක්ක හිටිය නම් ශෝක් නේද'
    සමහර වෙලාවට එයා එහෙම අහන කොට මාව තාමත් පිච්චිලා යනවා.
    'ඒව වෙන්න තිබුනු විදිහට වෙන්න ඇති නැත්නම් ඔයා මගෙ වෙන්නෙ නෑනෙ.'
    මම එතකොට එයාට එහෙම කියන්නෙ මෙච්චර මට ආදරය කරන හදවතකට දුකක් දීල පව් පුරව ගන්න බැරි හින්දා.






     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දිගටම ලියනන් මචං.. සංවේදී කතාවක්.... අවසානය තව ටිකක් විස්තර ඇතුව ලිව්වා නම් තවත් නියමයි... :):)
     
    • Like
    Reactions: cspmaxx
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    කියවන අයගෙ ඇස් කෙවෙනි තෙත් කරන්න තරම් ලස්සනට ලියන්න පුලුවන් අයියෙ උඹට...
    ලස්සනම ලස්සනයි...
    ඒත් මගෙ ඇස් දෙක තෙත් වෙලා...
    :(
     

    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    මචන් මොනාද මම කියන්න ඔනි... සංවේදී කියන එකෙ උපරිම... ලස්සනයි මචන්... ආදරේ කියන දේ ඇතුලෙ අපි අසරන වෙන තැන් බොහොමයක් තියෙනවා සහෝ........ තව ලියපන්.... මගේ සුබ පැතුම්.......