සැරයටියෙන් අපි යනෙන තුරා - සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා ජ් ඒ ගමනත් අපි එකට යමූ
චන්ද්‍රලේඛයි විජය කුමාරතුංගයි කියන ඒ ගීය අපෙ අම්මට තාත්තට හොඳට ගැලපෙනවාග අපේ ජීවිතේ දුක්බරම කාලය ගතවුණේ රාජගිරිය කලපලුවාවෙ ගෙදරකග තාත්තා කොළඹට මාරු වුණු වෙලාවෙ අපට පදිංචි වෙන්න වුණේ කලපලුවාවෙග මා ගියෙ සිද්ධාර්ථ මහ විදුහලටග මට මතකයි වන්දනා ගමනක් යන්න පාසලේ සල්ලි එකතු කළාග එක් ළමයකුගෙන් රුපියල් 10ක් බැගින්ග අපේ අම්මට මේක ලබාදෙන්න බැරිව හරියට කරදර වුණාග ගාල්ලෙදි ආප්ප ඉඳියාප්ප හැදුවාග සූරියගහපතනෙදි රෝහල ළඟ වත්තක කෙසෙල් හා නොයෙක් බෝග වවලා ආදායමක් ගත්තාග දැන් ඒවත් ඇහිරිලානෙග පළාතෙ කඩ ටික අල්ල ගන්නත් කාලයක් යනවා ඉඳියප්පන් ආප්ප දාන්නග ස්කෝලෙ ළමයි වන්දනාවෙ යන්නෙ හෙට කියමුග අම්මා ලිප ළඟ හංගා තිබුණු කැටේ කඩලා කහපාට සත විසිපහේ පනහේ කාසිවලින් මට රුපියල් දහය දුන්නාග ඇය නිතරම ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළේග කොච්චර අමාරුකම් තිබුණත් ඉතිරි කරන පුරුද්ද ඇය අපට උගැන්වූවාග
අම්මගෙ නැළවිලි ගීය තවමත් මට මතකයිග ජාතක පොතේ ඇය දන්න කතා ටික අපට නිතරම කීවාග ළමයි දහදෙනකුට පිඟන් දහයක් තියාගෙන අඩුපාඩුවක් නොවන්න බත් බෙදන හැටි මට මැවිලා පෙනෙනවාග ඇත්තටම ඇය හොඳ කළමනාකාරිණියක්ග අම්මා ආයිත් ආප්ප ඉඳියාප්ප හදන්න පටන් ගත්තාග උදේ පහට විතර කළුවරේ ගෙවල් ළඟට ගිහින් කතා කරලා ආප්ප ඉඳියාප්ප විකුණුවෙ මායි පොඩි අක්කයිග උදේ හයහමාර වෙන්න කලින් ගෙදර ගිහින් ඇඳගෙන ස්කෝලෙ යන්ඩත් ඕනෑග
දවසක් එළිවෙලා අපි ගෙදර එනකොට අක්කා අහනවා මේ මොකද මල්ලී මේක ඇඳගෙනද ආවේ කියලාග බලන කොට මං රාත්‍රියට නින්දෙන් තුරුල්ලට ගෙන සිටි අම්මගෙ හැට්ටය තමයි ඇඳගෙන එදා ගිහින් තියෙන්නෙග ඒ හැට්ටයේ තිබුණු අම්මගෙ සුවඳට මං හරි ආසයිග සමහර දාට කරගන්ඩම දෙයක් නැතිවුණාම අම්මා මට කියනවා පුතේල බේකරියට ගිහින් පරණ පාන් ටිකක් ගේන්න කියලාග පරණ පාන් දවස් දෙකක් තුනක් විතර සමහර විට පරණයිග මේවා අලුත් පාන්වලට වඩා හුඟාක් මිල අඩුයිග පළාතේ කොල්ලො දහයක් දොළහක් මේ විදියට මුදලාලිගෙන් පාන් ගන්න එනවාග එදා බේකරියෙ පරණ පාන් ඉවරයිග ගෙදර හිස් අතින් යන්ඩත් බෑග
මං තවත් පරණ පාන් ගන්න ආපු කොල්ලෙකුගෙන් පරණ පාන් විකුණන තවත් බේකරි තිබෙනවා ද ඇසුවාග එතකොට තමයි ඒ ළමයා කීවේ ටිකක් දුර ගියාම පරණ කේක් විකුණන තැනක් තිබෙන බවග මං ඒ තැන හොයාගෙන ගිහින් පරණ කේක් ගෙනාවාග මොන විදියකින් හරි යන වැඩේ කරගෙන එන බවට අම්මට විශ්වාසයකුත් මා ගැන තිබුණාග මං ඒක හැමදාම රැක්කාග ඊළඟට ආයිත් තාත්තට මාරුවක් ලැබුණා බදුල්ලටග අම්මගෙ කීම අනුව තාත්තා මායි පොඩි මල්ලිලා දෙන්නයි එක්කගෙන බදුල්ල ධර්මදූත විද්‍යාලයට ඇතුළු කරන්න කියලා ගියාග විදුහල්පතිවරයා ඩීගඑල්ගජයසිංහ කියලා මහත්මයෙක් හිටියෙග