අම්මා

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo

    සැරයටියෙන් අපි යනෙන තුරා - සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්නා දා ජ් ඒ ගමනත් අපි එකට යමූ

    චන්ද්‍රලේඛයි විජය කුමාරතුංගයි කියන ඒ ගීය අපෙ අම්මට තාත්තට හොඳට ගැලපෙනවාග අපේ ජීවිතේ දුක්බරම කාලය ගතවුණේ රාජගිරිය කලපලුවාවෙ ගෙදරකග තාත්තා කොළඹට මාරු වුණු වෙලාවෙ අපට පදිංචි වෙන්න වුණේ කලපලුවාවෙග මා ගියෙ සිද්ධාර්ථ මහ විදුහලටග මට මතකයි වන්දනා ගමනක් යන්න පාසලේ සල්ලි එකතු කළාග එක් ළමයකුගෙන් රුපියල් 10ක් බැගින්ග අපේ අම්මට මේක ලබාදෙන්න බැරිව හරියට කරදර වුණාග ගාල්ලෙදි ආප්ප ඉඳියාප්ප හැදුවාග සූරියගහපතනෙදි රෝහල ළඟ වත්තක කෙසෙල් හා නොයෙක් බෝග වවලා ආදායමක් ගත්තාග දැන් ඒවත් ඇහිරිලානෙග පළාතෙ කඩ ටික අල්ල ගන්නත් කාලයක් යනවා ඉඳියප්පන් ආප්ප දාන්නග ස්කෝලෙ ළමයි වන්දනාවෙ යන්නෙ හෙට කියමුග අම්මා ලිප ළඟ හංගා තිබුණු කැටේ කඩලා කහපාට සත විසිපහේ පනහේ කාසිවලින් මට රුපියල් දහය දුන්නාග ඇය නිතරම ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළේග කොච්චර අමාරුකම් තිබුණත් ඉතිරි කරන පුරුද්ද ඇය අපට උගැන්වූවාග

    අම්මගෙ නැළවිලි ගීය තවමත් මට මතකයිග ජාතක පොතේ ඇය දන්න කතා ටික අපට නිතරම කීවාග ළමයි දහදෙනකුට පිඟන් දහයක් තියාගෙන අඩුපාඩුවක් නොවන්න බත් බෙදන හැටි මට මැවිලා පෙනෙනවාග ඇත්තටම ඇය හොඳ කළමනාකාරිණියක්ග අම්මා ආයිත් ආප්ප ඉඳියාප්ප හදන්න පටන් ගත්තාග උදේ පහට විතර කළුවරේ ගෙවල් ළඟට ගිහින් කතා කරලා ආප්ප ඉඳියාප්ප විකුණුවෙ මායි පොඩි අක්කයිග උදේ හයහමාර වෙන්න කලින් ගෙදර ගිහින් ඇඳගෙන ස්කෝලෙ යන්ඩත් ඕනෑග

    දවසක් එළිවෙලා අපි ගෙදර එනකොට අක්කා අහනවා මේ මොකද මල්ලී මේක ඇඳගෙනද ආවේ කියලාග බලන කොට මං රාත්‍රියට නින්දෙන් තුරුල්ලට ගෙන සිටි අම්මගෙ හැට්ටය තමයි ඇඳගෙන එදා ගිහින් තියෙන්නෙග ඒ හැට්ටයේ තිබුණු අම්මගෙ සුවඳට මං හරි ආසයිග සමහර දාට කරගන්ඩම දෙයක් නැතිවුණාම අම්මා මට කියනවා පුතේල බේකරියට ගිහින් පරණ පාන් ටිකක් ගේන්න කියලාග පරණ පාන් දවස් දෙකක් තුනක් විතර සමහර විට පරණයිග මේවා අලුත් පාන්වලට වඩා හුඟාක් මිල අඩුයිග පළාතේ කොල්ලො දහයක් දොළහක් මේ විදියට මුදලාලිගෙන් පාන් ගන්න එනවාග එදා බේකරියෙ පරණ පාන් ඉවරයිග ගෙදර හිස් අතින් යන්ඩත් බෑග

    මං තවත් පරණ පාන් ගන්න ආපු කොල්ලෙකුගෙන් පරණ පාන් විකුණන තවත් බේකරි තිබෙනවා ද ඇසුවාග එතකොට තමයි ඒ ළමයා කීවේ ටිකක් දුර ගියාම පරණ කේක් විකුණන තැනක් තිබෙන බවග මං ඒ තැන හොයාගෙන ගිහින් පරණ කේක් ගෙනාවාග මොන විදියකින් හරි යන වැඩේ කරගෙන එන බවට අම්මට විශ්වාසයකුත් මා ගැන තිබුණාග මං ඒක හැමදාම රැක්කාග ඊළඟට ආයිත් තාත්තට මාරුවක් ලැබුණා බදුල්ලටග අම්මගෙ කීම අනුව තාත්තා මායි පොඩි මල්ලිලා දෙන්නයි එක්කගෙන බදුල්ල ධර්මදූත විද්‍යාලයට ඇතුළු කරන්න කියලා ගියාග විදුහල්පතිවරයා ඩීගඑල්ගජයසිංහ කියලා මහත්මයෙක් හිටියෙග
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo

    එතුමා මහා ප්‍රතාපවත් කෙනෙක්ග එක හඩින් කියා සිටියේ මෙහෙ ළමයින් උතුරන්න ඉන්නවාග පංතිවල ඉඩ නෑග ගන්ඩ විදියක් නෑ කියලයිග තාත්තා කීවා එහෙනම් සර්ල කොල්ලො ටික ගන්නකම් මං ආයිත් ගෙදර නම් යන්නෙ නෑග සර්ගෙ ඔෆිිසියෙම ඉන්නවා කියලාග විදුහල්පතිතුමා හිනාවුණාග ධර්මදූතෙ මේ තරම් හොඳ විද්‍යාලයක් කියලා මං දන්නෙ නෑනෙග එහෙනම් ළමයි ගන්නම ඕනෑ කියලා එතුමා එකඟ වුණාග අපේ තාත්තගෙ මළගම වෙලාවෙ හිටපු විදුහල්පති ජයසිංහ මහත්මයා කළ කතාව මට මතකයිග ර්‍ණඑදා මේ අත්තනායක හා ඒ සහෝදරයන් මං ස්කෝලෙට ගන්ඩ බෑ කිව්වම තාත්තා කීවෙ මෙහෙමයිග මං එදා හරි තීරණය ගත්තෙ නැත්නම් මේ විදුහලින් බිහිවූ එකම කථිකාචාර්යවරයාත් මට නැතිවෙනවාග නිමල් සිරිපාල ඇමැතිතුමාත් මේ විදුහලේ ආදි ශිෂ්‍යයෙක්ග හැබැයිෟ එතුමා ඉහළ පංතිවලදි කොළඹ නාලන්දයට ගියාග මේකට සම්පූර්ණයෙන්ම එදා ගියේ වතු සුද්දන්ගේ දරුවොග

    දුප්පත් දරුවන්ට පහසුකම් තිබුණෙ නැති තරම්ග මාත් කොහොම හරි මේ විදුහලට ගියේ විදුහල්පතිගේ ආශිර්වාදයෙන්ග ඒත් මට ඒ ළමයින්ට වගේ කකුලට දාගන්න සපත්තු නෑග සපත්තු තියෙන ලොකු අයගෙ දරුවො හිටිගමන් මගේ කකුල පාගනවාග කොර ගගහා ගෙදර ගියාම අම්මා කතාව අහලා අඬනවාග ඒ වුණත් මං තමයි හැම වාරෙම පන්තියෙ පළමුවැනියාග අම්මා ඒ තරම් අධ්‍යාපනයක් ලැබුවෙ නැති වුණත් අස්සන් කරන්න පුළුවන්ග

    තාත්තා නම් කණ අස්සන තමයි ගහන්නෙග අම්මා නිතරම අපිට ජාතක පොතේ සමහර කතා කියලා දුන්නෙ හිතට දුකක් අපට ඇතුළු වුණු වෙලාවට කියලා හිතෙනවාග කොල්ලො සපත්තුවෙන් මගේ නිරුවත් දෙපා පෑගූ වෙලාවෙත් අම්මා ඒ වගේ බණ කතා කීවාග ඇය නිතරම කියන කතාවක් තමයි බෝධිසත්වයන් අම්මා කරපිටින් තබාගෙන මුහුදු හතක් තරණය කළ කතාවග

    ඒ වෙලාවෙ අම්මා තමයි බුදුවෙන්ඩ පළමුවැනි විවරණය දුන්නෙග මේ කතාව ඇය සිය දහස් වතාවක් පමණ කියන්ඩ ඇතිග ඇත්තටම ජාතක පොත ගැන මගේ හිත ගියේ අම්මා නිසයිග ජාතක පොතේ මුල් අත්පොත මගේ අම්මාග

    මට මතකයි දවසක් අම්මා මාත් එක්ක බොහෝ දුර ගමනක් ගියාග ගියෙත් ආවෙත් පයින්ග ගෙදරට අවශ්‍ය යම් මුදලක් හොයාගන්නයි ඇය ගියෙග ඒ වැඩේ හරි ගියෙත් නෑග එන ගමනෙදි බදුල්ල ස්පිරිතාලෙට ටිකක් මෙහායින් සරුවත් බෝතල විකුණන තැනක ඒ මේසය දිහා බලාගෙන මං තලුමරමින් අම්මාගෙන් එකක් ඉල්ලුවාග අම්මා ගාව සල්ලි තිබුණෙත් සරුවත් එකකට විතරයිග ඒ වෙලාවෙ අම්මා බාල මල්ලි ලැබෙන්න ගැබ්බරින් හිටියෙග අම්මා ඒ සරුවත් එක මට ලබාදීලා මගෙ ඔළුව අත ගගා හිටියාග පස්සෙ කාලෙක තමයි මට වැටහුණේ එදා ඒ වෙහෙසට ඒ සරුවත් එක බොන්න ඕනෑ මා නොවේ අම්මයි කියලාග ඒ සරුවත් එක ඒ විදියට නොතේරුම්කමට බීපු සාපය ගෙවන්න හැම මාසෙම මා අම්මා ජීවත්වෙන බදුල්ලෙ ගෙදරට යනවාග දෙවැනි අම්මා වෙච්චි අක්කත් බලාගෙන එන්නග ගෙදරකට අවශ්‍ය සියලු දුරු මිරිස් අරගෙන මා යන්නෙ ඒ පව ගෙවන්නග

    අපව හොඳ මිනිසුන් කරන්න අම්මා නොගත් වෙහෙසක් නෑග පාසල් යනවා වගේම දහම් පාසල් යාමත් අපට අනිවාර්යයිග මා ගියේ ගල්ලිහ සේලශෛලාරාමයේ පොල්වත්තේ හිමියන් නමින් තිබූ දහම් පාසලටයිග විදුහල්පතිව හිටියෙ පඤ්ඤාසාර නායක හාමුදුරුවොග උන්වහන්සේ එක්තරා උත්සවයකදි ර්‍ණදහම් පාසලේ අගය” නමින් මට කෙටි දේශනයක් දුන්නාග පළාතේ ප්‍රභූ මාපියන් රැස්වන මේ අවස්ථාවට මගේ අම්මත් ආවාග ඇය තමා තුළ නැඟුණ මහත් ආඩම්බරයකින් හිටියා කියලා මට තේරුණාග පළාතේ මන්ත්‍රීගෙ පුතා හිටියෙත් මේ දහම් පාසලේග එයාටවත් කතාවක් ලැබී තිබුණේ නෑග ඒත් මේ දුප්පත් අම්මගෙ පුතා වේදිකාවේ එදා කතා කළාග කතාවේ අවසානයේදී අම්මා ආඩම්බරයෙන් මාව වැළඳගත්තාග ඒ කඳුළුවල උණුසුම මට දැනුණාග මට උත්සව සභාවෙන් ලැබුණා තෑග්ගක්ග ට්‍රැවලින් බෑග් එකක්ග

    71 කැරැල්ල කාලෙ මට පොලිස් සිර මැදිරියෙ සිරවෙන්ඩත් සිද්ධ වුණාග මං හිටියෙ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින්ග විජේවීරගෙ පංති පහට මාත් ගියාග කොටින්ම අප්‍රේල් 5දා ලංකාවෙම පොලිසිවලට පහර දෙන්න දුන්හිඳ කැලේ තීන්දුව ගන්න හිටපු සුළු කණ්ඩායම අතරත් මා හිටියාග පොලිසියෙන් මේ වැරැදිවලට අපිව අල්ලගෙන ගියාග එදා පොලිසිය හොඳයිග හොර පොල් කඩන මිනිස්සු හිර කරපු මැදිරියෙ රට අල්ලන්න ගිය කොල්ලො හැටියට අපිට තැනක් තිබුණාග නිලධාරීන් අපට හොඳින් කතා කළාග ඒත් මගේ තාත්තාල අක්කාල මේ කවුරුත් මාව බලන්න හිර මැදිරියට ආවෙ නෑග ආවෙ අම්මා විතරයිග හිනාවෙවී එන අම්මා මගේ ඔළුව අතගාලා ර්‍ණඔය මෝඩ වැඩ කරන්න එපා” කියලා ගියාග අම්මගේ ප්‍රායෝගික ඥානය ඉහළයිග ඒවා මෝඩ වැඩ බව තේරෙන්නෙ අදයිග

    මගේ අම්මා ගෝර්කිගෙ ‘අම්මා’ වගේ නොවෙයිග ඒත් ඊටත් වඩා ප්‍රායෝගික දේශපාලන රටාව හඳුනාගත් ගැහැනියක්ග අම්මා පොලිස් හිර මැදිරියට හිනාවෙවී ආවෙ ඇයි කියලා පස්සෙ දවසක මං අම්මගෙන් ඇහුවාග එතුමිය නැකැත් ශාස්ත්‍ර කේන්දර ඉහළින් පිළිගත්තාග ඒ වෙලාවෙ අම්මා කීවෙ පුතේ මං උඹේ කේන්දරය හොඳ තැනකින් බලලා තියෙන්නෙග ඒ දෛවඥ මහත්මයා කීවෙ පුතා ‘ගුරුන්ගෙත් ගුරෙක්’ වෙනවා කියලායිග ඉතින්ෟ ඒ වගේ දේවල් වෙන්ට විදිහක් නෑ කියලා මා විශ්වාස කළා යන්නයිග දවසක් අපේ ඉඩමෙ මායිමේ තිබුණ කොස්ගහකට එහා ගෙදර උදවිය අයිතිවාසිකම් කියන්න පටන් ගත්තාග අපිත් ඉතින් ගෙදර දරුවො මේකට විරුද්ධ වෙලා දැන් ආරවුලට යන්නයි ගියේග අම්මා ඉදිරිපත් වෙලා කීවා පුතේල නුඹලා ගෙට පලයන්ග කොස් ගහ ඒ අය අයිති කරගත්තාවෙග මට මගෙ දරුවො ටික වටිනවාග හොඳින් හිතන කෙනෙකුට කවරදාවත් නරකක් වෙන්නෙ නෑග ධනාත්මක චින්තනයට ඒ කාලෙත් අපෙ අම්මලා වැඩ කරලාග
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ඒක ඒ විදියටම සිද්ධ වුණාග අද ඒ කොස් ගහ තවම එහෙම තියෙනවාග ඒත් ඒකෙ ගෙඩි කන්න ඒ රණ්ඩු කරන්න ආපු අය නෑග අපේ අම්මා ඒ කාලෙ කරපු තවත් රස්සාවක් තමයි පෞද්ගලිකව ලෙඩුන් බලාගැනීමේ කාර්යයග ඉස්පිරිතාලෙ ලෙඩෙක් බලාගන්නවාට අම්මාට ගණනක් ඒ ලෙඩාගෙ අයිතිකාරයො ගෙවනවාග අම්මා මේ විදියට ලෙඩ්ඩු බලාගෙන ඉඳලා කීයක් හරි උපයාගෙන අප ජීවත් කරවනවාග ප්‍රදේශයේ ප්‍රසිද්ධ ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක්ගෙ ලෙඩෙක් මේ විදියට බොහෝ කාලයක් බලාගත්තාග මගේ උපන් දිනය දෙසැම්බර් 31ල එදාට කමිසයක් අරන් දෙන්න අම්මට ඕනෑ වුණාග

    අම්මා මාව එක්කගෙන අර ප්‍රසිද්ධ ද්‍රවිඩ ව්‍යාපාරිකයගෙ රෙදි සාප්පුවට ගියාග ඒ කාලෙ කමිසයක් රුපියල් පහයිග අම්මා අතේ තිබුණෙ රුපියල් දෙකයිග අම්මා ඒ ව්‍යාපාරිකයාට කීවා මගෙ පුතාට කමිසයක් දෙන්නග රුපියල් පහෙන් රුපියල් දෙකක් දෙන්නම්ග ඉතිරි මුදලට මහත්තයාට ලෙඩුන් බලලා හරි ණය ගෙවන්නම් කියලාග මිනිහා ඔළුව වනලා ළමයට සරමක් අරන් දෙන්නග ඒක රුපියල් දෙකයිග අර විදියට කරන්ඩ බෑ කීවාග අම්මා මානසිකව කඩා වැටුණාග වෙනත් තැනකින් මට සරමක් අරන් දීලා කීවා පුතේල මගේ පුතාට අද කමිසයක් ගන්න බැරිවුණාග ඒත් කවරදා හරි පුතාට සිය ගණන් කමිස ලැබේවිග හොඳට ඉගෙන ගන්න කියලාග ජීවිතය පුදුමාකාරයිග මට අද කමිස සිය ගණනකටත් වැඩියිග මට හිතාගන්න බැරි අම්මා මේක දුටුවෙ කොහොමද කියලයිග

    කාලෙකට පස්සෙ මං විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්ව ඉන්නා කාලෙ 1983 කලබලය ආවාග කන්ද උඩ ටැංකියක් උඩට නගරය හොඳින් පෙනෙනවාග අපිට පෙනුණා අර ද්‍රවිඩ ව්‍යාපාරිකයාගේ කඩේ කඩලා ගෙවල් පුලුස්සලා රෙදි කච්චි පිටින් මිනිස්සු ගෙන යනවාග මං ඒ දර්ශනය අම්මටත් අඬගහලා කන්ද උඩ ඉඳන් පෙන්නුවාග අම්මා දිගු සුසුමක් හෙළුවාග අනේල මුදලාලිට පව්ල බලන්න තණ්හාවක තරමග මේ මිනිස්සු ඇයි එහෙම කරන්නෙරෑ අම්මා ඇහුවෙ එහෙමයිග ඒ මගේ රත්තරං අම්මගෙ හැටිග

    මගේ අම්මගෙ රචනාව මෙහෙම ඉවර කරන්න බෑග මේ අම්මගෙ ගුණයෙන් ශේෂයක් විතරයිග මගේ ජීවිතය එකලු කළ දයාබරත්වයේ වීර මාතාව ඇයයිග රූපවාහිනි වැඩසටහන්වලට මට දැන් ආරාධනා වැඩියිග ඒත් අම්මට නොපෙනෙන කිසිම චැනල් එකක මා පෙනී සිටින්නේ නෑග

    අපේ උපන් දිනය දවසට අපි සින්දු කියල නටල වැඩක් නෑග එදාට තමයි අපි වැඩියෙන්ම සලකන්න ඕනෑ අම්මලාටග ඇයිද දන්නවදරෑ ලෝකෙ තියෙන ලොකුම වේදනාව ප්‍රසූත වේදනාවග ඒක ඇය දරපු දවසට අපි ඇයට මල් පුදා වඳින්න ඕනෑග මා ලෝකේ කොහෙ හිටියත් එදාට අම්මා ඉන්න බදුල්ලට ගිහින් ඇයට මාතෘ පූජාව පවත්වනවාග
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Repost machan :yes: http://www.elakiri.com/forum/showthread.php?t=759794 -by ms cherry blossom
    image.php