3 new Sri Lankan Sinhala 3D FPS Games

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    1.ලෝක යුද්ධය II-ගිනි මකර මෙහෙයුම


    මම හිතන්නෙ මේක තමා ලන්කාවෙ 4 වැනි 3D FPS ගේම් එක. ( අන්තර්ජාලයේ පල වුන ). කීවෙනි එක උනත් වැඩක් නෑ. මේක ඔයාලට නොමිලයේ බාගත කර ගන්න පුලුවන් ගේම් එකක්.

    මම මේක නම් කලේ "ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම" කියල.
    මේකෙ කරන්න තියෙන්නෙ නාසි හමුදාවට විරුද්ධව සටන් කරන එක.
    දැනට නම් එක මිශන් එකයි තියෙන්නෙ. ටෙස්ට් කරල බලන්නත් එක්ක තමා මේක හැදුවෙ. මගෙ දෙවෙනි ගේම් එක. පලවෙනි එක නම් චා.

    මම බලාපොරොත්තු වෙනව මේ වගෙ තව ගේම් [ මීටත් වඩා ගොඩාක් හොඳ , මිශන් ගොඩක් තියෙන professional මට්ටමේ ඒව ] හදන්න. මේ වෙනුවෙන් වෙනම web site පටන් ගන්නත් හිතා ගෙන ඉන්නවා. ඒ වගේම තමා , NFS-undercover වගේ ගේම් videos [ video 1] [ video 2] මගේ ගේම් වලට ඇතුලත් කරන්නත් හිතා ඉන්නව [ ඇත්ත මිනිස්සු රඟපාන ඒවා , මායි මගේ යාලුවො දෙන්නයි "FiiiRex" එක එකතු වෙලා , FiiiRex ගැන දන්නෙ නැති අය මේකට ගිහින් බලන්න ]


    හැබැයි ඉතින් මේ මොනව කරන්නත් මට ඔයාලගෙ උදව් ඕනි. අඩුම තරමෙ comment එකක් දාල හරි , ඊමේල් එකක් එවල හරි යන්න. නැත්නම් මම මේ කරන වැඩෙන් කිසි සතුටක් නැති වෙනවා.


    මගේ ලොකූ අදහසක් තියෙනවා , GTA වගෙ free roaming ගේම් එකකුයි , FarCry 1 වගෙ torpical envir එකක ගේම් එකකුයි , LTTE එකට ගේම් එකකුයි [ තොප්පිගල වගෙ එකක් ] ගහන්න.

    ඒ වගේම තමා මම කැමතියි ඔයාලගෙ අදහස් දැන ගන්නත්. ගේම් එකකට අලුත් අයිඩියා එකක් , හොඳ script එකක් වගේ දෙයක් තියෙනවා නම් මට කියන්න.



    කොහොම් කොහොම හරි මෙන්න මගේ ගේම් එකෙ Demo එක. මම හිතනවා ඔයලා මේකට කැමති වෙයි කියල. රැම් එක අඩුනම් [ 512 Mb < ] load වෙන්න ටිකක් වෙලා යයි.ගේම් එකත් පොඩ්ඩක් හිරවෙයි. රැම් එක 1 GB වගේ නම් වැඩි ප්‍රශනයක් නැතිව ගහන්න පුලුව්න් වෙයි. වැරැද්දක් තිබ්බොත් හිනා වෙන්න එපා. දෙවනි ට්‍රය් එකනෙ. බග් එකක් තිබ්බොත් මට කියන්න.

    මේක ගහන්න සාමාන්‍යෙන්

    P III 1000Hz
    256 Mb Ram [ 512 Mb - 1 Gb recommended]
    onbaord VGA
    200 Mb Space

    වගේ ටිකක් තිබ්බම ඇති. මම තාම බෙන්ච්මාර්ක් ටෙස්ට් එකක් නම් කරල නෑ. මගේ 512 රැම් එකක් තියෙන යාලුවෙක් ගෙ නම් හොඳින් වැඩ කලා. 1400 Hz processor තියෙන කෙනෙක් ගෙත් හොඳටම ස්පීඩ් එකෙන් වැඩ කලා. මීට වඩා specs අඩු උනත් ට්‍රයි එකක් දෙන්න.




    link :- http://www.mediafire.com/?4ckt5gfmackr5e6




    2.හොල්මන් අඩවිය - මිනී මන්දිරය


    ඕන්න මම හැදුව හොල්මන් එකක්. මේක ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම එකට වඩා 4 ගුණයක් විතර මැප් එකක් තියෙනව. ඒකට වඩා සංකීර්ණ බවෙනුත් වැඩියි.

    ඉස්සේල්ල එකට හම්බ උන ප්‍රතිචාර නිසා මම මේක නිදි මරාගෙන හැදුවෙ. laptop එක ගාවින් නැගිට්ටෙම නැති තරම්.

    [1 මිශන් එකයි තියෙන්නෙ]
    --------

    මේකෙ කතාව ගත්තොත් ,
    ඔයා යනවා පාලු මන්දිරයකට ඒකෙ තියෙනවා කියන රත්තරන් ගන්න.ඒ උනාට ඔයා ගිය ගමන් දොර ලොක් වෙනව.ඔයා අතේ තියෙන්නෙ පරන ශොට් ගන් එකකුයි , උණ්ඩ 2 කුයි විතරයි.මෙත්නින් තමා ඔයාගෙ ගමන ඇරඹෙන්නෙ. මැරිච්ච මිනිස්සු ගෙනල්ල කන හොල්මන් මන්දිරයක තමා ඔයා මේ ඉන්නෙ. කාමර වලට ගියාම සමහර වෙලාවට ඔයා දන්නෙම නැතිව හොල්මනක් පිටිපස්සෙ ඉන්න පුලුවන්.අනික තමා මේකෙ යතුරු නැතිව ඉස්සරහට යන්න බෑ.ඒ නිසා මොන ලෝකෙන් හරි යතුරු නම් හොයාගන්න.[අමාරු නෑ].ඉස්සරහට යනකොට හොඳ හොඳ තුවක්කු හම්බවෙයි.
    අන්තිමට ඉස්සරහ දොරේ යතුරයි ,රත්තරනුයි අරන් , ඉස්සරහ දොර ගාවට ඇවිත් ඒක ඇරල එලියට යන්න.එහෙම ගියොත් ඔයා දිනුම්.මෙකේ උපදෙස් පරන එකේ වගේ පෙන්වන්නෙ නෑ.කටින් කියනව.[මම තමා ඉතින් කියන්නෙ].ටිකක් ස්පීකරේ සද්දෙ දාගන්න.නැත්නම් හරියට ඇහෙන එකක් නෑ.

    ආ , තව එකක් , රැම් එක අඩු නම් [ 512 Mb - 1 GB අතර නම් ] ලෝඩ් වෙන්න 1-5 විනාඩි යයි. මුලදි ටිකක් ස්ලෝව් උනත් පස්සෙ හරි යයි.මට මේක වෙනින් කාගෙවත් චෙක් කරන්න නම් බැරි උනා.මේ හදපු ගමන් තමා දැම්මෙ.ගේම් එක ඉස්සෙල්ල එකට වඩා ලොකු නිසා බග්ස් ටිකක් ඇති. මට නම් හම්බ උනේ නෑ තාම. ඒත් තිබ්බොත් මට කියන්න.


    කතා ඇති. ඔන්න රස විඳින්න.



    .


    3.මේජර් X - මූලාරම්භය [ Major X - The Origin ]


    මේකෙ කතාව ගත්තොත් ,




    " 2058 දි ලංකාවෙ සිංහ රෙජිමේන්තුව පරීක්ශන්යක් කරන්ව සුපිරි සොල්දාදුවො හදන්න. මේකට මූලික වෙලා වැඩ කරන්නෙ මහාචාර්‍ය Laz.

    කොහොම හරි මේ ගොල්ලන්ට පුලුවන් වෙනව මේ සොල්දාදුවො හදන්න. ඒ උනාට එයාලට බැරි වෙනව ඒ ගොල්ලන්ව පාලනය කරන්න.


    ඒ මහාචාර්‍ය Laz හොයා ගන්නව මේ ගොල්ලන්ව පාලනය කරන්න ක්‍රමයක්. මේකෙන් ප්‍රයෝජය ගත්ත මහාචාර්‍ය Laz ඒයාගෙ වාසියට මේ සුපිරි සොල්දාදුවො යොදාගන්නව. එයා මේ සොල්දාදුවන්ව පාලනය කරමින් කඳවුරේ පාලනය ගන්න හදන්ව.

    මේ වෙනකොට ජෙනරල් DragonD [ කවද මේ ..... ? ] එයාගෙ උපරිම බලය පාවිච්චි කරල බොහෝම අමාරුවෙන් මහාචාර්‍ය Laz ඇතුලු පිරිස පාලනය කරගෙන ඉන්නෙ. ජෙනරල්ට බැරි වෙනව මේ පිරිස මදනය කරන්න.


    ජෙනරල් DragonD දන්නව මේ වගෙ අවස්තාවක ප්‍රයෝජනයට ගන්න පුලුවන් එකම සොල්දාදුවයි ඉන්නෙ බව. ඒ කිසි කෙනෙක් නම නොදන්න , X කියා පමනක් හඳුන්වන , අති දක්ශ මේජර් X

    ජෙනරල් DragonD , මේජර් X ට මේ මෙහෙයුම බාරදෙනව [ ක්‍රීඩකයාට ]. මුලු හමුදාවේ , සමහර විට මුලු ලංකාවේම අනාගතය තීරනය වන්නෙ ඔබ මත. "


    මේතනින් ක්‍රීඩාව ආරම්ඹ වෙනව.....



    මගේ වෙනත් ක්‍රීඩා වලට වඩා මෙහි ඇති අලුත් දේ ,

    1.ආරම්ඹ වූ මොහොතේ සිට වෙඩි තබා ගැනීමට වඩා වෙනස් ක්‍රීඩාවක් වීම.

    2.හතුරන්ගේ හා මිතුරු පාර්ශවන්ගේ කටහඬ හොඳින් ශවනය වීම

    3.තෝරා ගැනීමට අති විශාල ආයුද ගනනක් පැවතීම [ මේ සඳහා ඔබට හතුරන්ගේ ආයුධ ගබඩාව අත්පත් කර ගැනීමට සිදුවේවි ]

    4.මෙහෙයුම් 3 ක් පැවතීම [ මගේ පරන ක්‍රීඩා වල වූවේ 1 මෙහෙයුමක් බැගින් පමනි ]


    5.නවීන පන්නයේ ආයුද

    6.ලෝඩ් වීමට යන කාලය අඩු වීම

    7.මෙහෙයුමක් අවසාන කිරීමට එක මාර්ගයකට වඩා ක්‍රම තිබීම


    ඔයාලම ටෙස්ට් කරල බලන්න. ඔයාලගෙ අදහස් ලියන්නත් අමතක කරන්න එපා. ඔයාල කොමෙන්ට්ස් දැමීමෙන් තමා මට කරන්න පුලුවන් ලොකුම උදව්ව කරන්න පුලුවන් වෙන්නෙ.




    trailer එක නම් චාමැක්ස් නේ ? අලුත් එකක් හදන්න ඕනි :(

    link :- sorry.download link removed.a major bug found , will be uploaded again as sonn as possible​


    කට්ටියට ,

    මම මේව හදල නොමිලයේ දෙන්නෙ , මට ලැබෙන එකම සතුට තමා ඔයාලගෙ ක්මෙන්ට්ස්.ඒ නිසා ඔයාලගෙ අදහස් මට කියන්න අමතක කරන්න එපා.



    කාට හරි ගේම් එකකට අලුත් අයිඩියා එකක් තියෙය් නම් කියන්න. එහෙමත් නැත්නම් මැප් එකට හොඳ ලේඅවුට් එකක් , එහෙමත් නැත්නම් හොඳ කතාවක් , එහෙම දෙයක් තියෙන්වා නම් මට කියන්න , ඒකට උදව්වක් විදිහට [ඔයා කැමතිනම්] ඔයාගෙ මූන තියෙන කැරැක්ටර් එකක් මම ගේම් එකට දාන්නම්.

    උදා :- මේ ඉන්නෙ මගෙ අය්යා කෙනෙක් , එයා තාම දැක්කෙ නෑ , මිනිහ බොඩි බිල්ඩින් කරන්නෙ , මම මිනිහව චඩියෙක්ට ඇන්ඳුව , තාම දැක්කෙ නෑ , දැක්කම මාව මරයි ...




    4.Saradiyel -upcoming



    more info on :- diary.dilshan.me
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    woow great machn :D
    ela ela
    tnks machn :D
    me puluwan nam ubata hadapan ko Sl war eka gena game ekak :D

    rep+ dunnna :D KEEP IT UP!!!!!!!

    thnx bro...
    ow
    mata eekata honda storyline ekak ooni.
    nikan aawata giyaata wedi tiyaagena tiyaagena issarahata yanawata wadaa story ekak tibbot elane...
    saradiyel ekata passe hadannam bro , mama dan saradiyel eke wada patan aran iwaray !!