අද උදේම හරි කණගාටුවක් ඇතිඋන... ඇයි දන්නවද? බුදුහාමුදුරුවෝ කිව්වා දවසක්, උන්වහන්සේගේ පයේ මහපට ඇඟිල්ලේ නියසිලට පොළවෙන් පස් චුට්ටක් අරන්, මෙන්න මේතරම් සුළු පිරිසක් විතරයි මේ මනුස්ස ජීවිතය කෙලවර නැවත මනුස්ස ජීවිතයක් හෝ ඊටවඩා හොඳ සුගතියක ජීවිතයක් ලබන්නේ කියල. මේ ඉපදිලා ඉන්න මිනිස්සුන්ගෙන් මුළු මහපොළවේ තියෙන පස් තරමේ අති විශාල පිරිසක් යන්නේ තිරිසන් ලෝක, ප්‍රේත ලෝක හා නිරයට! කියල. අද වැඩට එන ගමන් අර මගේ 'model' එකෙනුත් ඒක ඒ විදියටම දැක්ක. මාර shock එකක් ආව ඥාතියෝ, යාලුවෝ, අසල්වැසියෝ ගැන කල්පනා කලාම! අයියෝ කියල හිතුනා... එත් කරන්න කිසිම දෙයක් නැහැ. මේක වෙන කවුරුවත් කෙනෙක් කරලා හෝ ඉබේටම, නැත්නම් කාගෙවත් බලපෑමකට සිද්ධවෙන දෙයක් නෙවෙයි. තමන්ගේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය අනුවයි ප්‍රතිඵලය එහෙම්පිටින්ම තීරණය වෙන්නේ... ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය මේක දැක්ක ගමන් 'සම්මා සංකප්ප' කියල තියන ගුණාංගය වඩවා ගන්න උත්සහ කරන්න! මුළු ජීවිත කාලයම ඒ අනුවම ගතකරන්න.
දැන් මට හදිස්සියට හිතේ තියන සේරම එකපාරට ලියන්නත් බැහැ, පින්තුර ඇඳලා (graphical representation එකකින්) තමයි සේරම කියන්න, පෙන්වන්න වෙන්නේ. එකට මහා කාලයක් යාවි. මම graphic designer කෙනෙකුත් නෙවෙයි... ඒත් මෙහෙම දෙයක් තියනවා. සත්වයාගේ ස්වභාවය සැප කැමතියි, දුක අකමැතියි බවයි! ඔයාලත් සුවඳට මිසක් ගඳට කැමති නැහැනේ, ආයේ රසට මිසක් නීරසට කැමති නැහැනේ (කෑම කන්න ගියාම කොහොමද?), ලස්සනට මිසක් කැතට කැමති නැහැනේ. ඔන්න ඔය වගේ තේරීමක්/ස්වභාවයක් හැමෝගෙම ළඟ තියනවා. ඒ පදනමේ ඉඳගෙන චේතනා පහල කරනකොට (උවමනාවෙන් මොනවා හරි හිතුවොත්, කිව්වොත්, කලොත්) තම තමන්, චේතනාවලට අනුව 'charge' වීමක් වගේ වෙනවා. "චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි" කියල බුදුන් වහන්සේ කිව්වේ ඒකයි. කර්ම රැස් වෙනවා මයි! ඒ අනුව විපාක විඳින්න වෙනවාමයි! දෙවියන්ට පුද පූජා තියල, යාතිකා කියල, බෝධි පූජා තියල, ගංගාවල් වල බැහැල නාල නැත්නම් යාග පවත්වල වගේ මොන ක්‍රමේකින් වත් ගැලවෙන්න බෑ මයි! ඒකයි මාවත් හොඳටම upset උනේ.
අපිට දුක/සැප දෙකටම එක විදියට මුණ දෙන්න වෙන බව ඔයාල අත්දැකීමෙන් දන්නවනේ! එතකොට ඒකෙන් එක පැත්තක් තෝරන්න අපි හැදුවොත් එක්කෝ තෝරන්න වෙන්නේ සැප නැත්නම් දුක! හරි නේ. (a/c supply එකක් rectifer එකක් දාල d/c කරන විදිය දන්නවද? එතකොට rectifier එක දාන පැත්ත අනුව polirity change වෙනවනේ... අන්න ඒකයි) අපි දුක තෝරාගත්තොත් අපිව සැපලබන්න පුළුවන් දිශාවට හැරෙනවා, සැප තෝරා ගත්තොත් දුක් විඳින්න වෙන පැත්තට හැරෙනවා! දැකල තියනවනේ ඔය පිස්සු කෙලින අය set වෙන්නෙම පිස්සු කෙලින අයත් එක්ක, ඉගෙන ගන්න අය එකතුවෙන්නේ ඉගෙනගන්න අයත් එක්ක, ඔපාදූප මලු එකතුවෙන්නේ ඒවගේම අයත් එක්ක, බණට දහමට කැමති අය එකතු වෙන්නේ එහෙම අයත් එක්කම. ඒක ඔයාල දැකල තියනවනේ! මේ forums වලම ටිකක් බලන්න! බුදුහාමුදුරුවෝ ඕක හොඳටම හොයල බැලුව. හේතුවත් හොයාගෙන කියල දුන්න. ඒක ලෝකේ ක්‍රියාත්මක වන ස්වභාවයක්, ධර්මතාවයක්. ධාතු ස්වභාවයක් කියලයි අපට ඉගැන්වූයේ.
මාලිමා එක හැම තිස්සෙම උතුරට හැරෙන්නේ කවුරුවත් කරලා, හරවල නෙවෙයි නේ! කාන්දම් වල හැටි එහෙම තමයි. ඒත් අපට මාලිමා එක ගලවල, ඒකෙ කාන්දම අනික් පැත්තට හරවන්න පුළුවන් උනොත් ඊටපස්සේ හැරෙන්නේ අනික් පැත්තට නේ!! දැන් ඔයාල බලන්න හිත යන්නෙම රසට කන්න, සැපම විදින්න, ලස්සන රූප බලන්න, ලස්සන සින්දු අහන්න full jolliye ඉන්න නේ! එතකොට ඊළඟට යන වෙන්නේ කොහෙද??? කාන්දමේ උතුර හැරෙන්නේ දකුණට, දකුණ හැරෙන්නේ උතුරට මතක නේ. කාට හරි "තොට හෙන ගහපන්" කිව්වොත්, කියපු කෙනාට හෙන ගහනවා! දැන් මේක උනේ මනුස්සයාගේ ස්වභාවය (default response එක) හන්දනේ. බුදු හාමුදුරුවෝ ඒක කණපිට ගහන්න තමයි කියල දුන්නේ, උපදෙස් දුන්නේ. ඒ බුදුහාමුදුරුවොන්ට ඇති වැඩකට නෙවෙයි. මේ ඉන්න තරමක් ලොකු ලොකු උදවිය මෙහෙම ගිහිල්ල ඇදගෙන නාන හන්දයි! ඒක පිළිගත්තොත්, පිළිපැද්දොත් තමන්ටයි යහපත. නැත්නම් කරගෙන යනවිදියටම කරගෙන යන්න. results ලැබේවි accordingly! "යාදිසන් වපතේ බීජන්, තාදිසන් හරතේ ඵලන්" (වපුරපු දේට අනුව අස්වැන්න නෙලාගන්න වෙනවා) කියල කිව්වේ ඒකයි.
අපි කරන්න ඕනේ නෙක්ඛම්ම සංකප්ප (කාම ආසවන්ගෙන් මිදෙන්න උත්සහ කරන්න), අව්‍යාපාද සංකප්ප (ද්වේශ කිරීමෙන් වැළකෙන්න උත්සහ කරන්න), අවිහිංසා සංකප්ප (හිංසාවෙන් මිදෙන්න උත්සහ කරන්න). නිවන් අවබෝධ කරගන්න කම්, අඩුම ගන්නේ සෝතාපන්න තත්වයට වත් එනකම් කිසිම ආරක්ෂාවක් නැහැ කාටවත්. මේක ආගමක් නෙවෙයි ඕනෙම කෙනෙකුට පොදු physical case එකක් බව මම පෙන්වන්නම්!!! ඉතින් හැමෝම මේක හිතට අරගෙන, තම තමන්ගේ ආරක්ෂාවට කටයුතු කරන්න! බුදුන්වහන්සේ දේශනා කලේ "අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා අනත්ත සරණා! ධම්ම දීපා භික්ඛවේ විහරථ ධම්ම සරණා අනත්ත සරණා!" තමන් තමන්ට පිළිසරණ වෙන්න වෙන කෙනෙකුගේ සරණ පතන්න එපා! ධර්මයම පිළිසරණ කරගන්න වෙන සරණක් පතන්න එපා! කියලයි.

මේ මමත් ඇත්තටම ඔය ප්‍රශ්නෙම අහල තියනවා තව එවුන්ගෙන්. උනුත් loss. මේ ඇත්තටම එහෙනම් මොකද්ද වෙනවා ඇත්තේ?