බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අද උදේම හරි කණගාටුවක් ඇතිඋන... ඇයි දන්නවද? බුදුහාමුදුරුවෝ කිව්වා දවසක්, උන්වහන්සේගේ පයේ මහපට ඇඟිල්ලේ නියසිලට පොළවෙන් පස් චුට්ටක් අරන්, මෙන්න මේතරම් සුළු පිරිසක් විතරයි මේ මනුස්ස ජීවිතය කෙලවර නැවත මනුස්ස ජීවිතයක් හෝ ඊටවඩා හොඳ සුගතියක ජීවිතයක් ලබන්නේ කියල. මේ ඉපදිලා ඉන්න මිනිස්සුන්ගෙන් මුළු මහපොළවේ තියෙන පස් තරමේ අති විශාල පිරිසක් යන්නේ තිරිසන් ලෝක, ප්‍රේත ලෝක හා නිරයට! කියල. අද වැඩට එන ගමන් අර මගේ 'model' එකෙනුත් ඒක ඒ විදියටම දැක්ක. මාර shock එකක් ආව ඥාතියෝ, යාලුවෝ, අසල්වැසියෝ ගැන කල්පනා කලාම! අයියෝ කියල හිතුනා... එත් කරන්න කිසිම දෙයක් නැහැ. මේක වෙන කවුරුවත් කෙනෙක් කරලා හෝ ඉබේටම, නැත්නම් කාගෙවත් බලපෑමකට සිද්ධවෙන දෙයක් නෙවෙයි. තමන්ගේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය අනුවයි ප්‍රතිඵලය එහෙම්පිටින්ම තීරණය වෙන්නේ... ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය මේක දැක්ක ගමන් 'සම්මා සංකප්ප' කියල තියන ගුණාංගය වඩවා ගන්න උත්සහ කරන්න! මුළු ජීවිත කාලයම ඒ අනුවම ගතකරන්න.

    දැන් මට හදිස්සියට හිතේ තියන සේරම එකපාරට ලියන්නත් බැහැ, පින්තුර ඇඳලා (graphical representation එකකින්) තමයි සේරම කියන්න, පෙන්වන්න වෙන්නේ. එකට මහා කාලයක් යාවි. මම graphic designer කෙනෙකුත් නෙවෙයි... ඒත් මෙහෙම දෙයක් තියනවා. සත්වයාගේ ස්වභාවය සැප කැමතියි, දුක අකමැතියි බවයි! ඔයාලත් සුවඳට මිසක් ගඳට කැමති නැහැනේ, ආයේ රසට මිසක් නීරසට කැමති නැහැනේ (කෑම කන්න ගියාම කොහොමද?), ලස්සනට මිසක් කැතට කැමති නැහැනේ. ඔන්න ඔය වගේ තේරීමක්/ස්වභාවයක් හැමෝගෙම ළඟ තියනවා. ඒ පදනමේ ඉඳගෙන චේතනා පහල කරනකොට (උවමනාවෙන් මොනවා හරි හිතුවොත්, කිව්වොත්, කලොත්) තම තමන්, චේතනාවලට අනුව 'charge' වීමක් වගේ වෙනවා. "චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි" කියල බුදුන් වහන්සේ කිව්වේ ඒකයි. කර්ම රැස් වෙනවා මයි! ඒ අනුව විපාක විඳින්න වෙනවාමයි! දෙවියන්ට පුද පූජා තියල, යාතිකා කියල, බෝධි පූජා තියල, ගංගාවල් වල බැහැල නාල නැත්නම් යාග පවත්වල වගේ මොන ක්‍රමේකින් වත් ගැලවෙන්න බෑ මයි! ඒකයි මාවත් හොඳටම upset උනේ.

    අපිට දුක/සැප දෙකටම එක විදියට මුණ දෙන්න වෙන බව ඔයාල අත්දැකීමෙන් දන්නවනේ! එතකොට ඒකෙන් එක පැත්තක් තෝරන්න අපි හැදුවොත් එක්කෝ තෝරන්න වෙන්නේ සැප නැත්නම් දුක! හරි නේ. (a/c supply එකක් rectifer එකක් දාල d/c කරන විදිය දන්නවද? එතකොට rectifier එක දාන පැත්ත අනුව polirity change වෙනවනේ... අන්න ඒකයි) අපි දුක තෝරාගත්තොත් අපිව සැපලබන්න පුළුවන් දිශාවට හැරෙනවා, සැප තෝරා ගත්තොත් දුක් විඳින්න වෙන පැත්තට හැරෙනවා! දැකල තියනවනේ ඔය පිස්සු කෙලින අය set වෙන්නෙම පිස්සු කෙලින අයත් එක්ක, ඉගෙන ගන්න අය එකතුවෙන්නේ ඉගෙනගන්න අයත් එක්ක, ඔපාදූප මලු එකතුවෙන්නේ ඒවගේම අයත් එක්ක, බණට දහමට කැමති අය එකතු වෙන්නේ එහෙම අයත් එක්කම. ඒක ඔයාල දැකල තියනවනේ! මේ forums වලම ටිකක් බලන්න! බුදුහාමුදුරුවෝ ඕක හොඳටම හොයල බැලුව. හේතුවත් හොයාගෙන කියල දුන්න. ඒක ලෝකේ ක්‍රියාත්මක වන ස්වභාවයක්, ධර්මතාවයක්. ධාතු ස්වභාවයක් කියලයි අපට ඉගැන්වූයේ.

    මාලිමා එක හැම තිස්සෙම උතුරට හැරෙන්නේ කවුරුවත් කරලා, හරවල නෙවෙයි නේ! කාන්දම් වල හැටි එහෙම තමයි. ඒත් අපට මාලිමා එක ගලවල, ඒකෙ කාන්දම අනික් පැත්තට හරවන්න පුළුවන් උනොත් ඊටපස්සේ හැරෙන්නේ අනික් පැත්තට නේ!! දැන් ඔයාල බලන්න හිත යන්නෙම රසට කන්න, සැපම විදින්න, ලස්සන රූප බලන්න, ලස්සන සින්දු අහන්න full jolliye ඉන්න නේ! එතකොට ඊළඟට යන වෙන්නේ කොහෙද??? කාන්දමේ උතුර හැරෙන්නේ දකුණට, දකුණ හැරෙන්නේ උතුරට මතක නේ. කාට හරි "තොට හෙන ගහපන්" කිව්වොත්, කියපු කෙනාට හෙන ගහනවා! දැන් මේක උනේ මනුස්සයාගේ ස්වභාවය (default response එක) හන්දනේ. බුදු හාමුදුරුවෝ ඒක කණපිට ගහන්න තමයි කියල දුන්නේ, උපදෙස් දුන්නේ. ඒ බුදුහාමුදුරුවොන්ට ඇති වැඩකට නෙවෙයි. මේ ඉන්න තරමක් ලොකු ලොකු උදවිය මෙහෙම ගිහිල්ල ඇදගෙන නාන හන්දයි! ඒක පිළිගත්තොත්, පිළිපැද්දොත් තමන්ටයි යහපත. නැත්නම් කරගෙන යනවිදියටම කරගෙන යන්න. results ලැබේවි accordingly! "යාදිසන් වපතේ බීජන්, තාදිසන් හරතේ ඵලන්" (වපුරපු දේට අනුව අස්වැන්න නෙලාගන්න වෙනවා) කියල කිව්වේ ඒකයි.

    අපි කරන්න ඕනේ නෙක්ඛම්ම සංකප්ප (කාම ආසවන්ගෙන් මිදෙන්න උත්සහ කරන්න), අව්‍යාපාද සංකප්ප (ද්වේශ කිරීමෙන් වැළකෙන්න උත්සහ කරන්න), අවිහිංසා සංකප්ප (හිංසාවෙන් මිදෙන්න උත්සහ කරන්න). නිවන් අවබෝධ කරගන්න කම්, අඩුම ගන්නේ සෝතාපන්න තත්වයට වත් එනකම් කිසිම ආරක්ෂාවක් නැහැ කාටවත්. මේක ආගමක් නෙවෙයි ඕනෙම කෙනෙකුට පොදු physical case එකක් බව මම පෙන්වන්නම්!!! ඉතින් හැමෝම මේක හිතට අරගෙන, තම තමන්ගේ ආරක්ෂාවට කටයුතු කරන්න! බුදුන්වහන්සේ දේශනා කලේ "අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා අනත්ත සරණා! ධම්ම දීපා භික්ඛවේ විහරථ ධම්ම සරණා අනත්ත සරණා!" තමන් තමන්ට පිළිසරණ වෙන්න වෙන කෙනෙකුගේ සරණ පතන්න එපා! ධර්මයම පිළිසරණ කරගන්න වෙන සරණක් පතන්න එපා! කියලයි.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    තරහ වෙන්න හෝ මගේ ගැන වැරදියට හිතන්න එපා . ඔය මේ කරගෙන යන වැඩේ බොහොම හොද දෙයක් . ඇත්තටම බොහොම හොදට කරුණු පැහැදිලි කරලා තියනවා . මමත් හරිම අසාවෙන් කියවනවා . නමුත් ඔයා සමහර තැන්වල සදහන් කරන දේවල් වලින් කෙනෙකුට වැදරි අදහසක් ඇති වෙන්නව ඒ කියන්නේ සමහර දේවල් හරිම පරස්පරයි. මම මේ කියන්නේ දහම් කරුණු ගැන නෙමෙයි. ඔයා හිතනේ බලන්නේ නැතුව කියන දේවල්. සමහර විට ඔයාට කිසියම් වැරදිමක් වෙලා වෙන්න පුළුවන් . මේක ඉතාම හොද වැඩක් නිසා පොඩක් කියවල බලල පොස්ට් කරනවානම් තම හොද . ඒ එක්කම font එක ටිකක් ලොකු කරලා දන්න අපිට කියවන්න පහසු වෙන්න .

    මම මහලොකු දෙයක් දන්නා කෙනෙක් නෙමෙයි. ඔයා දන්නා දේවත් මම දන්නේ නැතුව ඇති . ඒකනිසා නැවතත් කියන්නේ මගෙන වරදක් උනානම් මට සමා වෙන්න. ;)
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචෝ, වැරද්දක් දැක්කොත් පටාස් ගාල පෙන්නපන්! ඒක බොහොම වැදගත්! මට කියන්න ඔයාට click වෙච්ච upset තැන් ටික.
    මම මේ මගේ ගැන කියන්න, ප්‍රසිද්ධ වෙන්න, ලොකුකමකට කරන දෙයක් නෙවෙයි! හැබැයි හාමුදුරු කෙනෙක් නෙවෙයි මම. ඒහන්ද මගේ style එක upset වගේ ඇති. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා! තේරුම විතරක් අරන් කෙරෙන්න ඕනේ දේවල් කරගන්න!
    ඇත්තටම හිතට upset දැන් මේ සේරම දන්නා හන්ද. මේ ඉඳල මැරිලා ගියාම කොච්චර ලඟින් හිටිය කෙනෙක් උනත්, ආයේ පස්සෙන් එලෝගන ගිහිල්ල බණ කියන්නද? කවුරුවත් මේවට කැමති නැත්තේ නොදන්නා කමට නේ. ඉතින් මම දන්නවා කියල අනික් උන්ට part දදා ඉන්නවට වඩා හොඳයි නේ මොකක් හරි කරන්න බලන එක! අනික technical දේවල් ටික දිගහැරියාම නම් අනිවාර්යයෙන් ලොකු දෙයක් වෙයි! ඒක මේවෙනකම් එළිවෙලා තියෙන දෙයක්ද කියල මමවත් දන්නේ නැහැ!
    මම මේ වැඩේට background එක හදාගෙන ආවේ කාලෙක ඉඳල හැබැයි වෙන site එකක. මම එතකොට සිංහලෙන් type කරන්න අල්ලාගෙන උන්නෙත් නැහැ.
    මම ඒ link එක මෙතන දාන්නම් අවුලක් උනොත් delete කරන්න! මේ වැඩේ හැමෝටම පොදු වැදගත් දෙයක් හන්ද විතරයි ඒක දාන්නේ, not for publicity!
    http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=14590
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මම මේක කරන්න ගත්තේ ඇත්තටම මම පරතෙරටම ගිහිල්ල ඉවරවෙලයි. නිවන් අවබෝධය ලබල, කෙලෙස් පරිනිර්වාණය අත්විඳලා දැන් අවුරුද්දකටත් වැඩියි!

    ලොක්කා ... මට මේක පැහැදිලි කරල දෙන්න.. කොහොමද දැනගත්තෙ කියලා... මොකද .. මම සාමාන්‍යයෙන් .. එකපාර දෙයක් ගන්නෙත් නැහැ .. අයින් කරන්නෙත් නැහැ .. පැහැදිලි කරගන්න කන්... :nerd:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ලොක්කා ... මට මේක පැහැදිලි කරල දෙන්න.. කොහොමද දැනගත්තෙ කියලා... මොකද .. මම සාමාන්‍යයෙන් .. එකපාර දෙයක් ගන්නෙත් නැහැ .. අයින් කරන්නෙත් නැහැ .. පැහැදිලි කරගන්න කන්... :nerd:

    මටත් ඔය දේ හිතුන එක නිසා තමයි මම ඕක මුලින්ම පෙනල දුන්නේ උතුකමක් විදිහට . නමුත් උන දේ දැක්කනේ ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලොක්කා ... මට මේක පැහැදිලි කරල දෙන්න.. කොහොමද දැනගත්තෙ කියලා... මොකද .. මම සාමාන්‍යයෙන් .. එකපාර දෙයක් ගන්නෙත් නැහැ .. අයින් කරන්නෙත් නැහැ .. පැහැදිලි කරගන්න කන්... :nerd:

    mmmm... meka reeri yakagen ahagatthanam hari:lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් ආයේ අපේ කතාවටම එමු. අර ආයතන හයේ ක්‍රියාකාරීත්වය පාලියෙන් කියවෙන විදිය දැන් මතකයිද? ඕව මතකතියාගන්න පොඩි try එකක් දාන්න, ඒක වැදගත්. දැන් එතකොට ඇසට රුපයක් වැටුනම ඇහෙන් ඒක දැනගන්නවා, ඒකෙන් ඇහේ ස්පර්ශය ඇතිවෙනවා. කනට ශබ්දයක් ඇහුනාම කනෙන් ඒක දැනගන්නවා, ඒකෙන් කනේ ස්පර්ශය ඇතිවෙනවා. නාසයට ගඳ/සුවඳ දැනුනාම නාසයෙන් ඒක දැනගන්නවා, ඒ නාසයේ ස්පර්ශයයි. දිවට රස දැනුනම දිවෙන් ඒ රස දැනගන්නවා, ඒ දිවේ ස්පර්ශයයි. කයට පහසක් දැනුනම කයෙන් ඒක දැනගන්නවා, ඒ කයේ ස්පර්ශයයි. මනසට අරමුණක් ආවාම ඒක මනසින් දැනගන්නවා, ඒක මනසේ ස්පර්ශයයි. පැහැදිලියි නේ? එතකොට ඔතන තියන ඇස, කන, නාසය කියල තියන ආයතන ටික තියෙන්නේ මේ ඇඟේම කොටස් හැටියට නේ. බුදුහාමුදුරුවෝ ඒටික අඳුන්වල දුන්න අභ්‍යන්තර ආයතන නැත්නම් අධ්‍යාත්මික ආයතන 6 ලෙසට. ඒ වගේම 6 ආකාරයක විඥාණය පැලවෙන දෙයක් හැටියට. මොකද්ද පැලවෙනවා කිව්වේ? දැන් වැලක් ගත්තොත් ඒක පොඩියට හැදීගන එනකොට අපි මැස්සක් ගහනවනේ වලට එතිලා එතිලා යන්න. ඉතින් වැලට වම් පැත්තෙන් මැස්ස ගැහුවොත්, වැල වම්පැත්තට හැදි හැදී යනවා. වැලට දකුණු පැත්තෙන් මැස්ස ගැහුවොත්, වැල දකුණු පැත්තට හැදි හැදී යනවා. අපේ හාමුදුරුවෝ කිව්වා මතකයි "දැන් අපි කරන්නේ මැස්ස වම්පැත්තෙන් ගහල, වැලට වැඳ වැඳ කියනවා අනේ වැල දකුණු පැත්තට යන්න, දකුණු පැත්තට යන්න කිය කියා" වගේ දෙයක්. ඉතින් එතකොට වැල එහෙම යාවිද? එතකොට අපි මේ මොනවද කරකර ඉන්නේ? මොකක් වෙයිද අන්තිමේ...

    බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ "අවිජ්ජායගතෝ යං පුරිස පුග්ගලෝ පුඥ්ඥං චේ සංඛාරං අභිසංකරෝති පුඥ්ඥුපගං හෝති විඥාණං" (යම් කෙනෙක් පිනක් යයි සම්මත දෙයක් කරද්දී පිනට අනුව විඥාණය සකස් වෙනවා) [පින් කරලා වෙන කෙනෙකුට දෙන්න බැරි මේ හේතුව නිසයි. අපි කෙනෙක් වෙනුවෙන් පින්කමක් කරන වෙලාවක එයා දෙවියන් අතර නැත්නම් වෙන පින් අනුමෝදන් විය හැකි අමනුෂ්‍යය ආත්මයක උපත ලබල, අපි කරන පින්කම දැකල, "අනේ මේ උදවිය කොයි තරම් හොඳ, ගුණයහපත් පිරිසක්ද. මෙයාල තමුන්ගේ ඥාතියව සිහිකරලා මෙහෙම දෙයක් කරනඑක කොයිතරම් හොඳද" කියල සතුටුවෙලා, හිත පහදවා ගත්තොත් විතරයි කෙනෙකුට පිනක් අනුමෝදන් විය හැක්කේ! / ඊට අමතරව පිංකම සිද්ධ කරන උදවියට එහි ප්‍රතිඵල අනිවාර්යයෙන් ලැබෙනවා. (මියගිය කෙනා නිරය/තිරිසන් නැත්නම් වෙන මනුෂ්‍ය ආත්මයක උපතක් ලබල තිබුනොත් එයාට ප්‍රයෝජනයක් නැහැ) ඒ හන්ද අනුන්ගෙන් පින් බලන් තමන් නිකම් ඉන්න එපා!] ඊළඟට 'අපුඥ්ඥං චේ සංඛාරං අභිසංකරෝති අපුඥ්ඥුපගං හෝති විඥාණං' (පවක් යයි සම්මත දෙයක් කරද්දී පවට අනුව විඥාණය සකස් වෙනවා) සහ 'ආනෙන්ජං චේ සංඛාරං අභිසංකරෝති ආනෙන්ජූපගං හෝති විඥාණං' (පින්/පව් වලට අදාළ නැතියයි සම්මත දෙයක් කරද්දී ඊට අනුව විඥාණය සකස් වෙනවා) ආදී වශයෙනුයි.

    ඉතින් ඒක නෙවෙයි, ඉතා වැදගත් දෙයක් කියන්නද? දැන් ඔය ඇහැට දකින රුප තමන්ගේ නෙවෙයි නේ. අපි කියමු අහස දිහා බැලුවම පේනවා වලාකුළු එහෙම, ඒවා ඔයාගේ නෙවෙයි නේ! ඊළඟට ඔය එක එක සද්ද ඇහෙන ඒවත්, හිතමු විදුලි කොටනවා, ගොරවනවා කියල. ඒ සද්දත් ඔයාගේ නෙවෙයි නේ! ඊළඟට ඔය ලොකූ කුණුගොඩක් ගාවින් යනකොට එහෙම එන ගඳත් ඔයාගේ නෙවෙයි නේ! ඒවගේම තමයි අනික් ඒවත්. ඒකියන්නේ, ඔය හිතට එන්නේ එක එක අරමුණු, ඔය එක එක වෙලාවට එක එක ඒවා හිතෙන්නේ... අන්න ඒවත් ඔයාගේ නෙවෙයි!!! බය උනාද? බයවෙන්න එපා ඕකතමයි ඇත්ත! ඔය දැන් හිතෙන්න පුළුවන් 'මේ මොනවද මේ කියන්නේ?, මේකා මොකෙද්ද? සිවුරු ඇරපු එකෙක් වත්ද දන්නේ නැහැ!, එතකොට මම කියන්නේ කවුද? මට මොකක්ද වෙන්නේ?, මේවා කියවල මට මොනවා හරි වෙයිද?' වගේ එක එක දේවල්. නැද්ද එහෙම. ඔය සේරම, මනස කියන එකට ඔහේ එන අරමුණු විතරයි! මනස හරියට මූද වගේ එකක්. මූදෙ රැලි එන්නේ කවුරුවත් හදල, නැත්නම් රැල්ල ගස්සල නෙවෙයි නේ! හුලන් හන්ද කියල පඬි අදහසක් ඒවිද? දන්නේ නැහැ! ආවත් අවුලක් නැහැ, ඒවගේම එකක් තමයි මෙතනත් වෙන්නේ. ඉතින් මනස අවදියෙන් ඉන්න වෙලාවට එක එක අරමුණු එනවා. මූදෙ රැල්ල ගහන හැටි මතක් කරලා බලන්න. වෙලාවකට රැලි තව රැලි එක්ක හැප්පිලා බිඳිලා යනවා, තව වෙලාවකට තව රැලි එක්ක එකතුවෙලා සැර වැඩිවෙනවා, වෙලාවකට එහෙම එකතුවෙලා එකතුවෙලා වේගෙන් ගොඩබිමට එනවා, සමහර ඒවා ගොඩක් දුරට එනවා, සමහරක් වෙලාවට හරිම නිශ්චලයි නේද? හැමෝගෙම මනසත් ඒවගේ තමයි.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයාල ඔන්චිලි පැදලා ඇතිනේ නේද? අපි කොහොමද වේගේ ගන්නේ ඒවෙලාවට. අපි පැද්දිල යන අතටම ගැම්ම අරන් පැද්දම වේගවත් වෙනවා නේද? ඊළඟට නවත්වගන්න ඕනේ උනාම පැද්දිල යන අතට විරුද්ධ අතට ගැම්මක් ගත්තම වේගේ අඩුවෙනවා නේද. ඔය විදියටම තමයි හිතේ ක්‍රියාකාරීත්වය, operation එක වෙන්නෙත්! මේකේ රැලි හැදෙන්නේ විද්‍යුත් චුම්බක බලය මුලික කරගෙන. විද්‍යුත් තරංග තමයි රැලි. අපිට මොනවා හරි මතක් කරගන්න උවමනා උනාම අපි ඒගැන හිතන්න හිතන්න සිතුවිලි රැලි නැගී නැගී එනවා! අපි ඒකෙන් අවශ්‍ය එක තෝරා ගන්නවා. ආයේ අපිට අනවශ්‍ය, අකමැති, අප්‍රසන්න වගේ හිතුවිලි එනකොට අපි ඊට ප්‍රති විරුද්ධව චේතනා පහල කරලා පහල කරලා සිතුවිල්ල යටපත් කරගන්නවා! ඔයාලට කොහොමද? නිකම් ඔහේ "මම" කියල හිතාගෙන, බදාගෙන උන්න මිසක් මේවා ගැන දැනගෙන හිටිය එකක්යැ නේද? ලොකු මුලාවක හිටිය බව තේරෙනවද? තව යන්කෝ ඔහොම! තව එකක්, හුඟාක් වෙලාවට හිතට අරමුණු එන්නේ අපි පුරුදු පුහුණු කරපු දේවල් වල‍ට අනුවයි. කවදාවත් අත්දැකීමක් ලබල නැති දෙයක් ගැන මොකුත් හිතෙන්නේ නැහැ! ඇයි හිතන්න ඒ ගැන දැනගෙන ඉන්න එපාය! ඔය හීන පේනවා කියල වෙන්නේ ඔය මනසෙන් එක එක දේවල් හද හදා, ආ... ආ... කියල දෙන ඒවා තමයි.

    මම ඇත්තටම මේවා කියන්නේ හිතලයි. මේවා ගැන නම් මම මොකුත්ම ඉගෙන ගෙන නැහැ! තව මේ... මොලයක් ගලවල කූරු ගාලත් බලල නම් නැහැ. electronic gadjet කෑලි නම් මුලින්ම කරන්නේ ගලවල (මස්කරලා) කූරු ගාල බලන එක. පොඩිකාලේ එහෙම අනුන්ගේ ඒවා කූරු ගාන්න ගිහින් කැඩිලා, තාත්ත තඩිබාලත් තියනවා. මම practice කරපු එක දෙයක් නම් තියනවා. ඔය complex repair එකක් එහෙම එකපාරට අල්ලගන්න, මොකුත් හිතාගන්න බැරිඋනාම මම කරන්නේ ඒක තියාගෙන එක එක විදියට, එක එක පැත්තෙන් බල බල ඉන්න එක විතරයි. හුඟක් වෙලාවට නිදාගෙන නැගිටිනකොට problem solved! majic නැහැ ඇත්තටම. හරියට concentrate කරලා තියන resources උපරිමයෙන් පාවිච්චි කරන්නයි තියෙන්නේ. අන්තිමට නිවන් අවබෝධය හරියට යනකොට මංකියන්නම්. තව දෙයක් මම experience කරලා තියනවා. දැන් ඔය හීනෙන් එක එක අපබ්‍රංස පේනවනේ. ඒවා ගැන බලාගෙන හිටියම හැම එකකටම මුලික වෙලා තියෙන්නේ අහම්බෙන් හරි අහපු, දැකපු දෙයක් විතරයි. කිසිම එකක අලුතෙන් මොකුත් දැකල නැහැ. ඒක එහෙමමද හැමෝටම කියල මම දන්නේ නැහැ. (මට තේරුණු විදියට මන් මුල ඉඳලම ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල. පස්සෙයි තේරුනේ හැමෝටම එහෙම නැහැ, හුඟක් අය ඉන්නේ ගොඩක් පහලින් කියල) ඒත් මේ ජීවිතාවබෝධය කියන එකේ වැදගත්කම මනින්න ක්‍රමයක් නෑ. මේක ඒතරමට වටිනවා. ඉතින් අපි full try කරමු. ඕනේ වෙලාවක ප්‍රශ්න තියනවනම් අහන්න.

    මෙහෙම කතා මොනවත් වෙන කොහෙවත් අහන්න ලැබිල තියනවද, මෙහෙම දෙයක් ගැන කවුරුවත් දන්නවද, කියන මොනවත් මම දන්නේ නැහැ! මේටික හිතල හිතල ගොඩනගා ගත්ත එකක්. මම දන්නේ බුදුරජාණන් වහන්සේ කියාදීපු සේරම මට හොඳටම තෙරුනබව විතරයි! උන්වහන්සේ ලෝක විදූ!! බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියටම හරි. මම ඒබව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා, ආයේ මට ඒගැන කාගෙන්වත් අහන්න දෙයක් නැහැ! ඉතින් ඒ පදනමේ ඉඳගෙන, මම ඉගෙන අරගෙන තියෙන නිවැරදි බව තහවුරු වෙච්ච දේවල් එක්ක ගලප ගලපා ගොඩනගා ගත්තු අවබෝධයක් මේක! හිතල බලපු හැම පැත්තෙන්ම මේක ලස්සනට ගැලපිල යනවා. මේදේවල් මුලින්ම එළිවෙන්නේ මගෙන්ද කියල තමයි මාත් ගොඩක්ම excite වෙලා ඉන්නේ! මෙහෙම tallents එක්ක ඇවිත් තියෙන්නේ මොකක් හරි වැඩකටද කියල දන්නෙත් නැහැ. නිකම් ඉඳල මගෙන් දෙයක් වෙන්න තිබිල නොකෙරුනොත් කියල ඊටත් වඩා upset! ඒකයි මාස ගණනක් කල්පනා කරලා කරලා මෙහෙම එකකට බැස්සේ. කොයි වෙලේ fuse වෙයිද කියල නොදන්නා ජීවිතේ ලොකුකම් නම් මොකුත් නැහැ. එකම අරමුණ ජාති ආගම් බේධ නැතුව, බණ අහන්න යොමුවෙලත් නැති ඒත් නුවණ තියෙන, අවස්ථාවක් නොලැබුනොත් අපරාදේ වෙන්න පුළුවන් ලොකු පිරිසකට කොහොම හරි ලබපු වටිනා මනුස්ස ජීවිත වල උපරිම ප්‍රයෝජනය ගන්න අවස්ථාවක් හදල දෙන එකයි. මට ටිකක් බය හිතුන මේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න වගේ දෙයක් වෙන්න පුලුවන්ද කියල. පස්සේ තේරුණා එහෙම දෙයක් වෙන එකක් නැහැ, කොහොම උනත් කෙනෙක් මේක follow කලත් අන්තිමට එයත් ධර්මයටම යොමුවෙයි කියල.
     
    Last edited:

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඔයාල ඔන්චිලි පැදලා ඇතිනේ නේද? අපි කොහොමද වේගේ ගන්නේ ඒවෙලාවට. අපි පැද්දිල යන අතටම ගැම්ම අරන් පැද්දම වේගවත් වෙනවා නේද? ඊළඟට නවත්වගන්න ඕනේ උනාම පැද්දිල යන අතට විරුද්ධ අතට ගැම්මක් ගත්තම වේගේ අඩුවෙනවා නේද. ඔය විදියටම තමයි හිතේ ක්‍රියාකාරීත්වය, operation එක වෙන්නෙත්! මේකේ රැලි හැදෙන්නේ විද්‍යුත් චුම්බක බලය මුලික කරගෙන. විද්‍යුත් තරංග තමයි රැලි. අපිට මොනවා හරි මතක් කරගන්න උවමනා උනාම අපි ඒගැන හිතන්න හිතන්න සිතුවිලි රැලි නැගී නැගී එනවා! අපි ඒකෙන් අවශ්‍ය එක තෝරා ගන්නවා. ආයේ අපිට අනවශ්‍ය, අකමැති, අප්‍රසන්න වගේ හිතුවිලි එනකොට අපි ඊට ප්‍රති විරුද්ධව චේතනා පහල කරලා පහල කරලා සිතුවිල්ල යටපත් කරගන්නවා! ඔයාලට කොහොමද? නිකම් ඔහේ "මම" කියල හිතාගෙන, බදාගෙන උන්න මිසක් මේවා ගැන දැනගෙන හිටිය එකක්යැ නේද? ලොකු මුලාවක හිටිය බව තේරෙනවද? තව යන්කෝ ඔහොම! තව එකක්, හුඟාක් වෙලාවට හිතට අරමුණු එන්නේ අපි පුරුදු පුහුණු කරපු දේවල් වල‍ට අනුවයි. කවදාවත් අත්දැකීමක් ලබල නැති දෙයක් ගැන මොකුත් හිතෙන්නේ නැහැ! ඇයි හිතන්න ඒ ගැන දැනගෙන ඉන්න එපාය! ඔය හීන පේනවා කියල වෙන්නේ ඔය මනසෙන් එක එක දේවල් හද හදා, ආ... ආ... කියල දෙන ඒවා තමයි.

    එතකොට උඹ කියන්නෙ.. අපිට හිතුවිලි එන්නෙ.. මොලේ ගබඩා වෙලා තියෙන ඒවා ඒ ඒ වෙලාවට රැල්ලක් වෙරලට එනවා වගේ... එකක් කියලද ???? ඒ කියන්නෙ.. අපේ අත්දැකීම මොලේ ගබඩා වෙලා පස්සෙ ගන්න පුළුවන් වගේ එකක්ද ????
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයාට වෙනස් විදියකට වෙනවා ඇත්තේ මන් හිතන්නේ, ඇයි මනුස්සයෙක් නෙවෙයි නේ...
    කොහොම උනත් උත්තරයක් දෙන්නම්, නැත්නම් හරි නැහැ නේ!
    දැන් ඔයාට අතීතයේ කිසිම දෙයක් මතක නැද්ද. ඉස්සර දැකපුව, අහපුව, කරපුව, කියපුව මොකවත්ම මතක නැද්ද? මතක් කරලා බලන්න. මතක් වෙනවා නේද, මතක් කරන්න පුළුවන් නේද?
    එතකොට ඒවා කොහෙද store වෙලා, නැත්නම් ඔයා store කරන් ඉන්නේ? අඟ පුරා hard disks, ssd, sd card, mmc card ගහගෙනද ඉන්නේ?
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඔයාට වෙනස් විදියකට වෙනවා ඇත්තේ මන් හිතන්නේ, ඇයි මනුස්සයෙක් නෙවෙයි නේ...
    කොහොම උනත් උත්තරයක් දෙන්නම්, නැත්නම් හරි නැහැ නේ!
    දැන් ඔයාට අතීතයේ කිසිම දෙයක් මතක නැද්ද. ඉස්සර දැකපුව, අහපුව, කරපුව, කියපුව මොකවත්ම මතක නැද්ද? මතක් කරලා බලන්න. මතක් වෙනවා නේද, මතක් කරන්න පුළුවන් නේද?
    එතකොට ඒවා කොහෙද store වෙලා, නැත්නම් ඔයා store කරන් ඉන්නේ? අඟ පුරා hard disks, ssd, sd card, mmc card ගහගෙනද ඉන්නේ?

    හරි .. ඒවා මොලේ නම් store කරන්නෙ... සමහරු පසුගිය අත්බැව් වල මම මෙහෙමයි හිටියේ.. කෑවෙ මේවා.. මගේ නම මේකයි... කියලා කිව්වේ.. එයාගෙ ගිය අත්බැවේ මොලේ අරංද ආවෙ... එතකොට.. බුදු හාමුදුරුවෝ කල්ප ලක්‍ෂ ගණන් වල විස්තර කිව්වේ ..ඒ මොල සේරම අරගෙනද ආවෙ.. ??? ඒ කියන්නෙ මොලේ නෙමෙයි මේවා store කරන්නේ නේද ... ???? :confused::confused::confused:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අම්මේ දැන් නේ තේරුනේ තේරුනේ මෙයා එන්න හදන තැන! ගොන් ප්‍රශ්නයක් ඇහුවම මම බැලුවේ ඇත්තටම mantal case එකක්ද කියලයි.:rofl: මේ මමත් ඇත්තටම ඔය ප්‍රශ්නෙම අහල තියනවා තව එවුන්ගෙන්. උනුත් loss. මේ ඇත්තටම එහෙනම් මොකද්ද වෙනවා ඇත්තේ?:shocked:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අම්මේ දැන් නේ තේරුනේ තේරුනේ මෙයා එන්න හදන තැන! ගොන් ප්‍රශ්නයක් ඇහුවම මම බැලුවේ ඇත්තටම mantal case එකක්ද කියලයි.:rofl: මේ මමත් ඇත්තටම ඔය ප්‍රශ්නෙම අහල තියනවා තව එවුන්ගෙන්. උනුත් loss. මේ ඇත්තටම එහෙනම් මොකද්ද වෙනවා ඇත්තේ?:shocked:

    ඔය වෙන දේ ගැන කියන්න කලින් මම ඔයාට පොඩි දෙයක් කියන්නම් ඉසල්ල එක කරලා ඉන්න . ඔයාගේ පොස්ට් එකක් Highlight මම කරපු වෙලාවේ ඔය මට කිව්වා මතකද මගේ මානසික තත්වය එලියට පේනවා කියල . මම ඒ Highlight කරපු තැන ටික අයෙත් බලන්න . ඔය කියල තියනවා ඔයාට මගේ ගැන දැනගන බෑ කියල . ඒ එක්කම ඊට කලින් ඔය කියපු දේවල් . මම ඔයගැන අනුකම්පා කරලා මේ දේ කියන්නේ . බුදු දහම උනත් පාරුවක් විදිහට බාවිතා කරන්න ඕනි දෙයක් . ඔයාට යම් තැනක වැරදිලා තියනවා . ඔය පුලුවන්නම් ඩොක්ටර් හර්ස්චන්ද්‍ර හම්බෙන්න බලන්න . ඔයාට සනීප වෙන්න පුළුවන් වෙයි . මොකද ඔය මේ කරන වැඩෙන් ඔයාට නොදනිම පව් පිරෙන්නේ පුළුවන් . එක නිසයි මම කිව්වේ පොස්ට් කරන්න කලින් දෙපාරක් කියවල බලන්න කියල . ඊයේ පෙරේද දවස්වල රහත් බාවයට සහතික දීපු සිල් මෑණි වරුනුත් ඇත අඩංගුවට ගත දැක්ක නේද ? ඔය ඒ වගේ තැනකට ගියද කියන්න දානෙත් නෑ . අනික පුංචිම දේවල් අමතක කරලා මහා ගැබුරු දේවල් හොයනකොට ඔය දේ වෙනවා . රහත් බවය ලබපු කෙනෙකුට දින 7 කට වැඩ ගිහි ජීවිතයේ ඉන්න බෑ . මේවා ඔය දැනේවත් නැතුව ඇති . පොඩක් නිවාඩු පාඩුවේ හිතල බලන්න ඔයාට මොකද වෙලා තියන්නේ කියල . පුළුවන් තරම් ඉන්ක්මනට Dr හරිස්චන්ද්රව හමෙන්න බලන්න .

    තෙරුවන් සරණයි !
     
    Last edited:

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඔය වෙන දේ ගැන කියන්න කලින් මම ඔයාට පොඩි දෙයක් කියන්නම් ඉසල්ල එක කරලා ඉන්න . ඔයාගේ පොස්ට් එකක් මම කරපු වෙලාවේ ඔය මට කිව්වා මතකද මගේ මානසික තත්වය එලියට පේනවා කියල . මම ඒ කරපු තැන ටික අයෙත් බලන්න . ඔය කියල තියනවා ඔයාට මගේ ගැන දැනගන බෑ කියල . ඒ එක්කම ඊට කලින් ඔය කියපු දේවල් . මම ඔයගැන අනුකම්පා කරලා මේ දේ කියන්නේ . බුදු දහම උනත් පාරුවක් විදිහට බාවිතා කරන්න ඕනි දෙයක් . ඔයාට යම් තැනක වැරදිලා තියනවා . ඔය පුලුවන්නම් ඩොක්ටර් හර්ස්චන්ද්‍ර හම්බෙන්න බලන්න . ඔයාට සනීප වෙන්න පුළුවන් වෙයි . මොකද ඔය මේ කරන වැඩෙන් ඔයාට නොදනිම පව් පිරෙන්නේ පුළුවන් . එක නිසයි මම කිව්වේ පොස්ට් කරන්න කලින් දෙපාරක් කියවල බලන්න කියල .

    :yes::yes::yes::yes::yes::lol::lol:
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    අම්මේ දැන් නේ තේරුනේ තේරුනේ මෙයා එන්න හදන තැන! ගොන් ප්‍රශ්නයක් ඇහුවම මම බැලුවේ ඇත්තටම mantal case එකක්ද කියලයි.:rofl: මේ මමත් ඇත්තටම ඔය ප්‍රශ්නෙම අහල තියනවා තව එවුන්ගෙන්. උනුත් loss. මේ ඇත්තටම එහෙනම් මොකද්ද වෙනවා ඇත්තේ?:shocked:

    ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ... ඔයාම කිව්ව ඕන ප්‍රශ්නයක් අහන්න කියලා.. ඇහුවා... දැන් ඔයා කියනවා මට පිස්සු කියලා.... :(:(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    dan oyata hithichcha serama hariyatama, thithatama harida? hondatama sure da?? nathnam oya gihin doctorwa hambawenna! mata nam ehema amaaruwak naha!!!

    mama methanata aawe pissuwak kelinna neweyi. mata kiyanna one godak thiyanawa, mata itukaraganna one balaporotthu kihipayak thiyanawa, mama yanne aramunak athuwa, target ekakata. ithin very sorry! oya mage gana balala kalabala wenna epa! mama karana dewal wala wipaka anuwa, mata wena deyak weyi! oyata eken awulak wena ekak naha! kalabalawenna epa.
    mama atthatama oyaa wage godaaak dewal danna aya gana echchara durata hithanne naha. meka issarahata yanakota nihathamaanee, ahinsaka, awanka pudgalayan hunga denekuta witharak prathipalayak labeyi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mahasono, oya awula lihaganna thamayi maath mole uluk wenakam kalpanaa kale... matath punchi kaale indala thiyanawa maara ammak. mokak hari kawuruwath kiwwata baha, haarala haarala mamama dakina kam ninda yanne naha! mama serama wenna one widiya allagattha! eka atthatama thiyana widiya wennath puluwan, nowennath puluwan. eka 'model' ekak! awashyathawaya yamak therum ganna kramayak, udawwak, assume kireemak pamanayi. me mage level eka mokadda, mama kawuda kiyala oyalata hithaganna bariweyi danma. ethakam wena wena wikara nathuwa thama thaman nodanna dewal danaganna, yamak igena ganna uwamanaawen meka follow karan enna. mama mehema wena wena dewal walata time waste karanakota awashya de pahuwenawa...