බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මගේ නිර්මාණයට පාර හැදුනේ robotics ඉගෙන ගන්න ගිය එකෙන් තමයි. දැන් artificial intelligence, AI කියන subject එක ගොඩක්ම දියුණුයි. ගොඩාක් පරීක්ෂණ කෙරිලා තියනව ඒ සම්බන්ධව. එත් මේ අලුත් හොයා ගැනීම් සම්බන්ධව නෙවෙයි. මේ සත්ව ශරීරයේ වැඩකෑල්ල අල්ලගන්න. මොකද ස්වභාවධර්මය තරමට accurate නැහැ වෙන මොනවත් නිර්මාණ, නව සොයාගැනීම් වගේ දේවල්. මුලික අවශ්‍යතාවය වෙලා තියෙන්නෙත් මනුෂ්‍යය අනුකරණය කරන්න වගේ දෙයක් නේ, හිතල බලල වැඩක් කරන්න පුළුවන් robots ල නිර්මාණය කිරීම! ඉතින් ඕකට පරීක්ෂණ කරනකොට අපේ මේ ඇස්, කන් සේරගෙන්ම අන්තිමට මොලයට හදල යවන්නේ විද්‍යුත් සංඥා බව හොයාගෙන තියනවා. ඒව හැබැයි හරි complex patterns. ගොඩාක් සංකීර්ණයි. හැබැයි ඒව එහෙමපිටින් කෘතීමව හදාගන්න බැරිඋනාට, සැහෙන කිට්ටුවට ඇවිල්ල තියෙනවා. එහෙම කෘතීමව ඇස්, කන් නැති අයට ඒවා, electronic devices වලින් හදල දාල සාර්ථක ප්‍රතිඵල අරන් තියෙන්නේ. ස්වභාවික විදියටම නැතත්, වැඩේ හරියටම වෙනවා. ඉතින් ඒවායේ doubts මොකුත් නැහැ. ඉතින් එතනින් මට අපේ inputs ගැනයි, බුදුහාමුදුරුවෝ කියපු 6 ආකාරයක ඉස්පර්ශය ගැනයි සම්බන්ධයක් එක පාරටම පෙනුන. ආකාර 6 ක් උනාට එකම ජාතියෙන් නේ 'ඉස්පර්ශ' කිව්වම. tchnically සේරම electrical signals, හැබැයි වෙනස් patterns! ආයතන හැම එකෙන්ම 'තින්නන් සන්ගතින් ඵස්සෝ' හැටියට එක දෙයකට දක්වලා තියෙන්නේ රුප, සද්ද, ගඳ/සුවඳ, රස, පහස කියන්නේ එකිනෙකට මිශ්‍ර කරන්න බැරි මාධ්‍ය හන්ද බව ඉබේටම වැටහුනා. ශරීරයේ ඇත්ත කතන්දරයත් ඕකමයි. සේරම ඒවා විද්‍යුත් සංඥා කරගත්තහම, ඕනේ තරමක් ඒවා එකට mix කරගන්න පුළුවන්, එකට තැනින් තැනට ගෙනියන්න පුළුවන්, ආයේ ඕනේ විදියකට වෙන්කරලා ගන්නත් පුළුවන් කියල robotics උගන්වපු sir කියල දුන්න. computers ලක්ෂ ගණනක් network කරලා මේ වැඩකරන්නේ එහෙම තමයි. voice, picture, data සේරම එකට යනවනේ... ඉතින් ඒ පැත්ත හරි. ඊළඟට ගෙම්බෝ වගේ සත්තු යොදාගෙන පරීක්ෂණ කරලා හොයාගෙන තියනවා, ඔය අත පය වැඩකරන විදිය. එතැනදී වෙන්නේ මොලෙන් විද්‍යුත් සංඥා නිකුත් කෙරෙනවා අතපයේ මාංශ පේශි වලට. එතකොට ඒවා ඇකිලෙනවා දිග හැරෙනවා. හැම තැනම, හැම කෑල්ලක්ම වැඩකරන්නේ එහෙමයි. ඒකෙන් පේනවා චේතනා පහලකරලා යමක් කරනවා කියන්නෙත් අවසානයේ විද්‍යුතය ජනනය කර අවශ්‍ය තැනට සැපයීමක් බව. heart එක හරියට වැඩ නොකරන අයට pulser එකක් කියල device එකක් එහෙමත් හයි කරන්නේ, දන්නේ නැද්ද? මොලේ ඇතුලෙත් neurons වල යන්නේ electrical signals. එතකොට මේ මුළු ඇඟ පුරාම සිද්ධවෙන්නේ electrical operation එකක් බව පැහැදිලියි නේද? ඒත් ශරීරය හැදිලා තියෙන්නේ ලේ-මස් (රුප ධාතු) වලින්.

    ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාල වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියන ටික බැලු බැල්මටම operation එකක් බව මට තේරුණා! ඉස්පර්ශය මනසිකාර කලොත්, විඳීම හටගන්නවා, විඳීම ඇතිවෙච්ච ගමන් ඒක අඳුන ගන්නවා, හඳුනා ගත්තු ගමන් චේතනාව පහල වෙනවා... ඊළඟට මොකක් හරි ක්‍රියාවක් වෙනවා! කිසිම දෙයක් නොවෙන්නේ මල සිරුරක විතරයි. සිහිය නැති උනත් heart එක, හුස්ම ගන්න එක වගේ අත්‍යවශ්‍ය දේවල් වැඩ. බර කල්පනාවක ඉන්න වෙලාවක ඉස්සරහට කවුරුහරි ආවත් තේරුනේ නැති වෙලාවල් ඔයාලට වෙලා ඇති නේද? ඡායාවක් දැක්කට එතනින් එහාට ගියේ නැහැ! (device off-line)හිතමු කවුරුහරි ආවේ joke එකට යක් වෙස්මූනක් දාගෙන කියල... ආවට තේරුනේ නැහැ, මොකක් හරි දේකින් ඇහැට වැටිච්ච දේ ගැන කල්පනාව ආව ගමන් කෑගහගෙන නැගිටලා පනීවි පැත්තකට, නැත්නම් දුවයි, එත් නැත්නම් සිහියනතුව වැටෙයි. එහෙම නේද වෙන්නේ? තව ඔය ඇවිදගෙන යනකොට කකුලේ කට්ටක් වගේ අනුනම එක පාරට කකුල ඉස්සෙන්නේ හිතන්නත් කලින්, ආයේ ගිනිදල්ලකට වගේ පිච්චුනොතින් reaction එක වෙන්නේ ඉබේම. ඒකියන්නේ විඳීම ඇතිඋනොත් (device on-line) එතනින් එහාට හිතන්න වත් වෙලාවක් නැහැ පට පට ගාල වෙන දේ වෙනවා. මේවා ඇඟේ පැවැත්මට (maintainance) නැත්නම් ආරක්ෂාවට (safty), automatically වෙන දේවල්. ඊළඟට අපි හිතමු ඔය දේවල් වලදී, එක පාරටම ගැස්සිලා ගියාට, reaction එකක් උනාට, ඒත් එක්කම සිහිකල්පනාව වැඩකරන්න පටන්ගත්ත කියල... අන්න එතකොට ඕනේ නම් පුළුවන් ඇත්තටම මොකෙක්ද උනේ කියල හොයන්න, නැත්නම් මොකෙක් උනත් මොකෝ කියල අතහැරලා දාන්න. ඒටික හිතල කරන්නේ. තේරෙනවා නේද? තව අපේ heart beats, ආශ්වාස ප්‍රශ්වාස එහෙමත් වෙන්නේ dynamically. ඇඟට උවමනා කරන විදියට ඒවායේ වේගය අඩු වැඩි වෙනවා. ඊළඟට අපිම හිතල ක්‍රියාත්මක කරවන කොටසුත් තියනවා. මේ සේරම එකම chain එකක්. ඒකෙ කොටසක් වෙන්නේ PC ekaka BIOS routines වගේ fixed විදියට (machine එකට අදාල විදියට configure කරා, එච්චරයි! අපේ BIOS උපදිනකොටම හැදිලා එන්නේ). ඒවාට අපේ මැදිහත්වීමක් අවශ්‍ය නැහැ. medical requirements වලට සිහිය නැතිකරන්නෙත් ආයේ සිහිය ගන්න පුළුවන් කියල සැක නැත්නම් විතරනේ... ඒ කියන්නේ BIOS upset උනත් recovery stage එක වැඩ. ආයේ BIOS load කරලා හදාගත්ත හැකියි වගේ situation එකක්! BIOS වත් නැති boards කුනුගොඩට, bodies මල්ශාලවට!! ඊ ලඟට තනිකරම අපි හිතල කරන වැඩ, OS එක (හරියට) වැඩ කරනකොට ඒකෙන් කරන වැඩ ටික වගේ. බැලුවම මේකත් computer එකක් වගේම නේ!! කොහොමද වැඩේ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඔය කතා කරපු ක්‍රියාකාරිත්වයන්ට අමතරව, මේ ඇඟ ඍජුව පවත්වාගන්න (stability) ගමන්කරන්න (mobility) අවශ්‍ය කරන ක්‍රියාකාරිත්වයන් (operations) ගොඩක් දේවල් මේකේ සිද්ධවෙනවා. මේ සේරම හැබැයි එකකට එකක් සම්බන්ධයි. නිකම් හිතල බලන්න, බයක් ඇතිවෙච්ච ගමන් heart beats වැඩිවෙනවා, කෑම සුවඳක් ආවම කටට කෙල උනනවා... ඒවගේ තව කොච්චර case තියෙනවද. ඉතින් මේ සේරම ස්වභාවධර්මයෙන් හදල තියෙන 'තඩි program එකක' වැඩ. හැබැයි ඒ මුළු OS එකම buggy! upset!! ඇයි? ඉබේ සිද්ධවෙන ආශ්වාස ප්‍රශ්වාස (කාය සංස්ඛාර) ගැන හිතන් ඉන්නෙත් මම හුස්මගන්නවා මම හුස්ම පහත හෙලනවා කියල. ඉබේ සිද්ධවෙන විතක්ක විචාර (වචී සංස්ඛාර) අස්සෙත් 'මම' රිංගල. කකුලේ කට්ටක් එහෙම අනුනම ඌයි ගැවෙන්නේ ඉබේට, ඒත් කියන්නේ මට කෑගැහුනා, මම කෑගහුව කියල... නේද? ඔය ඊළඟට විඳිනවා, හඳුනාගන්නවා කියන්නෙත් ඉබේවෙන දෙයක් (චිත්ත සංස්ඛාර) ඒකත් අරන් 'මම' කරපු එකක් හැටියට. මොකාද දන්නේ නැහැ මේ upset program එක හදපු එකා නේද? ඕක වෙන්න ඇත්තේ අපි සංසාර ගමනට set වෙච්ච දවසේ වෙන්න ඇති! මාත් හැබැයි ඉවරයක් නැතුව ඔය අනම් මනම් හැම එකක් ගැනම හොයන්න නම් ගියේ නැහැ. මට නම් ඇත්තටම මොකුත්ම ආයේ හොයන්න දෙයක් නැහැ. මට ඕනේ සේරම බුදුහාමුදුරුවෝ දීල තියෙන්නේ! මම ආවේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද, කොයිවගේ කෙනෙක්ද කියලවත් නොදන්නා මල්, හඳුන්කුරු පූජකරකර ඉන්න අයට මේ විස්තර කියන්නයි, ඔය නිවන් අවබෝධ කලාම, රහත් උනාම පොල්ගස් දෙකක් විතර උස යනවා, නැත්නම් පාවෙලා යනවා, නැත්නම් හුලන් ගැහුවා වගේ පිම්බෙනවා, එක්කෝ නැතුව යනවා, එහෙමත් නැත්නම් නොපෙනී යනවා වගේ විකාර හිතන් ඉන්න ලොකු ලොකු 'මහප්‍රාණ' කට්ටියට ඇත්ත කියල දෙන්නයි නේ... ඉතින් අවශ්‍ය 'කතන්දරය' කියන්න ඕනේ වෙන දේවල් ගැන විතරයි මම කල්පනා කරකර බැලුවේ.

    ඉතින් හොදටම පැහැදිලියි මේකත් computer (robot) එකක් වගේම තමයි කියල. අපි අනික් දේවලුත් එහෙමම ගැලපෙනවද කියල බලමු. ඊට කලින්, අපි තව පොඩි case එකක් බලමු. දැන් රොබෝ කෙනෙක් කෑලි කෑලි වලට ගලවල වෙන් කළා කියමු. ඊට පස්සේ ඒක computer/robot එකක්ද, කෑලි ගොඩක්ද? තවදුරටත් කලින් වගේ වැඩකරනවද? හැබැයි ඒකෙ තිබිච්ච දේවල් සේරම වෙන වෙනම තියනවා ඇරෙන්න මොකුත්ම නිකම් වාෂ්පවෙලා යනවා වගේ දෙයක් නම් උනේ නැහැ. දැන් මේ අපේ ඇඟකුත් අරන් ඔහොම කෑලි කෑලි කරලා දැම්මොත් මේකෙනුත් මොකුත් වාෂ්පවෙන්නේ එහෙම නැහැ හරිද, බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා මොනම දෙයක් වත් මෙතනින් එලියට අරන් යන්නේ නැහැ!! කියල... අර මොළ එලියට අරන්යනවද කියල ලොකු ප්‍රශ්නයක් අවේ, මොලේ තියා හුලන් පොදක් වත් මේකෙන් අලුත් තැනට යැවෙන්නේ නැහැ! හැබැයි මුළු මතකයම, මේ ජීවිතේ විතරක් නෙවෙයි කල්ප කෝටිගනනක් තිස්සේ කරගහගෙන යන මතකය විතරක්, කුට්ටිය පිටින්ම අලුත් එකට යනවෝ... ඕකතමයි මේ ලොකූ 'ටොපිය'ට (සංසාර ගමනට) හේතුව. ඒත් ඉතින් තව ටිකදවසකින් කට්ටියටම හිනා යාවි seen එක පෙන්නුවම! ලැජ්ජත් හිතෙයි කරපු, කියපු දේවල් ගැන. ඒත් බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම upset වෙන්නත් අවශ්‍ය නැහැ, ඒකත් පටිච්චසමුප්පන්නයි කියලයි. ඇත්ත නොදැන සිටීමේ හේතුව හන්ද සිදුවුන දේවල් තමයි (ප්‍රතිඵල) ඒ සේරම! අපිට කරන්න තියෙන්නේ ඇත්ත පැහැදිලිවම, හොඳටම, නිරවුල්ව දැනගැනීමයි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මිදීමයි! එතකොට අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා... වෙලා ප්‍රශ්නය ඉබේම විසඳේවි !

    ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වේ සජීවී කනක් තිබුනොත් සද්දයක් ඇහිච්ච ගමන් දැනගන්නවා, ඇසක් තිබුනොත් රුපයක් දැක්ක ගමන් අඳුනගන්නවා, කය තිබෙනකම් වේදනා දැනෙනවා, මනස ක්‍රියාත්මක නම් අරමුණු එනවා කියල නේ. ඒත් මනසිකාර නොකලොත් එතැනින් එහාට මොකුත් වෙන්නේ නැහැ. උදාහරණයකට PC එකකට webcam එකක්, mic එකක් connect කලා කියමු. කියපු විදියටමනේ වෙන්නේ. ඒවයෙන් siganals හදල PC එකට යවනවා connect කරපු වෙලාවේ ඉඳල. ඒත් PC එකෙන් ඒවා access කලොත් විතරයි අපිට පින්තුර පේන්නේ, සද්ද ඇහෙන්නේ. ඕනේ device එකක් ඒ විදියයි නේ. ඕනේ නම් පාවිච්චි කරත හැකියි, නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. (කතාවක් අහන්න ලැබුන අපේ හමුදුරුවොන් ගෙන්, කෙනෙක් කියල තියනවලු අරමුණු හිස්කිරිල්ලක් ගැන. එහෙම එකක් නැහැ! PC එකකට හයි කරපු devices වගේ නම් ගලවල දාන්න පුළුවන්, ඒත් ඇඟේ ඒවා... ඇහැ එහෙමනම් පුළුවන්, ඒත් මනස? ඒ හන්ද, අරමුණු හිස්කිරීම පිස්සු කතාවක්) devices scan කිරිල්ල, 'මනසිකාරය' තමයි අපිට නවත්වන්න පුළුවන්. ඒක තමයි අපට වැඩක් ගන්නත් පුළුවන් තැන! කතාවක් අහල තියනවද? දවසක් නිරපරාදේ තමන් නොකළ වරදකට හසුවුණ ස්වාමින් වහන්සේ නමකට උල හිඳුවා මැරීමට දඬුවම් නියම උනා. බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීම දැකල එතනට වැඩියා. දන්නවද වැඩල මොකද්ද කලේ කියල? අර ස්වාමින් වහන්සේට කිව්වා "ඔය දැනෙන වේදනාවක් ඔය කය තිබෙනකම් පමණයි ඕක අතහරින්න"ය කියල. හිතාගන්න පුලුවන්ද මොකද්ද කරන්න ඕනේ කියල. කය කියන්නේ සංඥා ආයතන 6. ඕක අල්ලාගෙන ඉන්න හන්දනේ මේ තොවිලේ! අපිට අතහරින්න පුළුවන් තැන (off කරන්න පුළුවන් switch එක) තමයි මනසිකාරය. අර ස්වාමින් වහන්සේ එහෙම කලා, උල උඩම අරහත්වයට පත්වෙලා, පිරිනිවන් පෑවා! (අපිට වෙලා තියෙන්නේ ඒක අතහැර ගන්න බැරිකම නේ... මේ වැඩෙත් ඒ switch එක auto off වෙන්න පොඩි 'treatment' එකක්)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට ඔන්න ලොකු දෙයක් කතාකරන්න යනවා. දැන් අර සමහර හාමුදුරුවරු පවා 'ටපලවාගෙන' තියන්නේ, මොහොතක් පාසා මැරි මැරී ඉපදෙනවා, ආයේ වේගය හන්ද අනිත්‍ය වෙනවා වගේ කතන්දර ගොඩක්... මෙන්න මෙහෙමයි ඒ ටැපලිල්ලට හේතුවුන කතන්දරේ (චිත්තක්‍ෂණයක් පාසා වෙනස්වීම) ඇත්තටම සිද්ධවෙන්නේ! මතක තියාගන්න මේ කතන්දරේ ගොඩනැගෙන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ධර්ම කරුණුවලට අනුකූලවයි! උන්වහන්සේ දේශනාකළේ මේ 'සත්වයා' ගේ පදනම විඥාණය හා නාමරුපවල සම්බන්ධය පමණක්ම බවයි. ඊළඟට උන්වහන්සේ විඥාණය, බැසගන්නා, පැලවෙන දෙයක් හැටියටත්, දැනගන්නවා යන අර්ථයෙන් ඒ නමින් අඳුන්වන බවත් ප්‍රකාශකලා. මෙතැනදී විඥාණය කියන එක නිකම්ම නිකම් පොඩි දෙයක් නෙවෙයි, මේක විවිධ පැතිවලින් පෙන්වල දීපු, ගතිලක්ෂණ (various properties) ගොඩක් තියන මොකක්හරි වෙන්න ඕනේ බව මටම හිතිලා, එක එක විදියට කල්පනා කරලා, මේ විදියට අල්ලාගත්තේ, නිරවුල්කරගත්තේ මගේ දැණුමින් සහ හැකියාවෙනුයි! ඒ නිසා මේවගේ definition එකක්, explanation එකක් (මම මේක publish කරන්න කලින්) ලෝකේ කොහෙවත් තියෙන්න විදියක් නැති බව මට 100% sure!

    ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්ව විදියට යමක් දැනගන්න නම් සජීවී, ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධවෙන, වැඩකරන දෙයක් වෙන්න ඕනේ නේ. වැඩ කරනකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. දැන් fan එක බලමු, කැරකුනොත් තමයි හුලන් එන්නේ, TV එකක් උනත් වැඩකරනකොට නේ රූප පේන්නෙ. වැහුවම මොකුත් නැහැනේ. ඒ විදියට තමයි මම මේ අපේ ඇඟවල් වල operation එක (නාම කොටස) derive කරගත්තේ, වෙන්කර ගත්තේ. ඊළඟට පැහැදිලි උනා නේ ඒක electrical operation එකක් බව නේද? එතකොට ඒක computer එකක විදියටම පෙනෙන්න තිබුණු හන්ද අපි බලමු තව විදියකට මේ ඇඟේ සිදුවෙන ක්‍රියාවලිය පරිඝනක තාක්ෂණයට අනුව, microprocessor based system එකකට ගැලපෙනවද කියල. තනි single core CPU එකක් තියන computer එකක නම් එක මොහොතකදී කළ හැක්කේ එක වැඩයි! එක්කෙනෙකුටත් එක වරකට කරන්න පුළුවන් එක දෙයයි නේද? දැන් ආප්ප දානවා කියමු. පිටි බාජනේ කූරු ගාන්න ඕනේ, තියන අප්පේ අයින්කරලා, තාච්චිය සුද්ද කරන්න ඕනේ, ඊළඟට පිටි අරන් තාච්චියට දාන්න ඕනේ, වටේට කරකවල, ලිපේ තියල පියන වහන්න ඕනේ, ඔය අතරේ ගින්දරත් අඩු වැඩි කරන්න ඕනේ. ඔන්න එතකොට ආප්ප හැදෙනවා! දැන් පිටි බාජනේට හැන්ද දාගෙන, ඒකම කූරු ගගා හිටියොත් මොකද වෙන්නේ, ආප්ප හැදෙනවද? නෑ නේ... වැඩේ හිටිනවා. තියන ආප්පේ පිච්චිලත් යනවා, ඔක්කොම upset වෙනවා! තියන එක අයින් කරලා තාච්චිය පිහිද පිහිදා උන්නොත් අලුතෙන් ආප්ප හැදෙයිද? නෑ, දාපුව කාල ඉවරවෙනවා, වැඩේ නවතිනවා. හරිද?

    දැන් හිත කිව්වමත් එකයි. ඒකියන්නේ ඒකටත් වරකට කරන්න පුළුවන් වෙන්නේ එක දෙයයි තමයි. මේක ඇතුලේ sensor 6 ක වැඩ තියනවා එක හිතකින් කරන්න! සේරම කරන්නත් ඕනේ, ඉතින් හැම එකෙන්ම චුට්ට චුට්ට කර කර වටේට යන එක තමයි කරන්න වෙන්නේ. දැන් fan එක බලන්න, පෙති 3ක් 4ක් නේ තියෙන්නේ. ඒත් හයියෙන් කැරකෙන කොට පෙති පේන්නෙ නැහැ, රවුමක් වගේ පේනවා. TV ගැන (CRT operation) දන්න උදවිය දන්නවා ඇති නේ, එක dot එකකින් නේ මුළු කතන්දරේම වෙන්නේ. {නොදන්න, දැනගන්න කැමති අයට Net එකෙන් විස්තර හොයල දැනගන්න පුළුවන්, මේ සේරමත් කියල දෙන්නම් (ඕනේ නම්) මේ වැඩේ ඉවර කරලා} පේන්නෙ screen එක පුරෝලා රුපයක්! ඒ මදිවට ඒක ඇත්ත එකක් වගේම වැඩ. ඉතින් මේක ඇතුලෙත් 'යුද්දේ යනකොට' ඔක්කොම එකසැරේ වෙනවා වගේ තමයි පේන්නෙ. ඒත් කඩින් කඩ හැම එකෙන්ම කෑල්ල කෑල්ල තමයි මනසිකාර කර කර දැනගන්නේ, අඳුන ගන්නේ, චේතනා පහල වෙන්නේ. හරියටම කියනවනම් 6 way rotary switch එකකින් signal 6 ක්, සැරින් සැරේට එක එක තෝරගන්නවා වගෙයි. ඔය කතන්දරය හරියට නොදන්න, තෝරගන්න බැරි අය තමයි අර මොහොතක් පාසා මැරි මැරී උපදිනවා, වේගය නිසා අනිත්‍ය වෙනවා කියල වැරදි වැටහීමකට අහුවෙලා ඉන්නේ. මෙතන එහෙම දෙයක් වෙන්නේ නැහැ! concrete කණුවක් කියමු, ඒක අනිත්‍ය වෙන්න සැහෙන කල් යනවා. සැලකිය යුතු වෙනසක් සිදුවෙන්න අවුරුදු 50-100 ක් යාවි. හොඳ රසට හදපු කිරි හොද්දක් වගේ නම්, එළියේ තිබ්බොත් දවසක් යන්නත් කලින් අනිත්‍යයි කියල පෙනේවි. හරිද? ඒ නිසා මේ අපේ ශරීර ඇතුලේ වෙන සිද්ධි මාලාවයි, අනිත්‍යතාවයි අතරේ සම්බන්ධයක් නැහැ. තියන එකම අකාලික, කාලය අනුව වෙනස් නොවන, සදාකාලික සිදුවීම තමයි, හතරමහා ධාතුන් ගෙන් සකස් වෙච්ච යමක් (සංකතයක්) නම්, ඒක කවදාහරි අනිත්‍යවෙනවා මයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ඉතින් දැන් ඔය වැඩ කිහිපයක් එක්කෙනෙක්, නැත්නම් එක දේකින්, කරන්න උනොත්, හැම එකම එකවිදියට, එකගනනට, simultaneously කෙරෙන්න නම්, හැම එකකටම සමාන කාලයක් දියයුතුයි නේද? බලමු දැන් ඔන්න telegrams බෙදන්න postman කෙනෙක් යනවා. සේරම urgent ඒවා, 6 ක් තියනවා බෙදන්නත්. එක ගෙදරකට ගියාම එක්කෙනයි ගෙදර ඉන්නේ... එයා නානවා. ඉතින් දැන් එතනට වෙලා බලන් ඉන්න වෙනවා අරය නාල එනකම්. ඒකෙන් අනික් 5 ම delay වෙනවා. සමහරවිට ඒ 5 න් එකක් හරිම time critical! ඒ කෙනාට පරක්කුවෙලා telegram එක ලැබෙනකොට time pass, වැඩේ මගහැරෙනවා. ආයි තව ඔය එක toilet එකකුයි අවශ්‍යතාවය තියන 6 දෙනෙකුයි ඉන්න තැනක එක්කෙනෙක් ගිහින් 'පදිංචි උනොත්' එහෙම කොහොමට හිටීද? මේකම තමයි මේ අපේ ඇඟෙත් වෙන්නේ. අපි TV එකේ බැහැගන බලන් ඉන්නකොට මදුරුවෝ party දාල යනවා දන්නේ නැහැ, කවුරුවත් කතාකලට ඇහෙන්නේ නැහැ, ඇයි? හිත TV එකේ නෑ.. නෑ.. ඇහේ බැහැලානේ ඉන්නේ. ලස්සන සින්දුවක් ඇහිලා කන දීගෙන ඉන්න වෙලාවක ලඟතියෙන දෙයක් උස්සන් ගියත් දන්නේ නැහැ, හිත කනේ! වෙලා නැද්ද ඔහොම ඒවා. ආයේ ඔය තද හිතේ අමාරුවකින් ඉන්න වෙලාවට කන්න පිරියක් නැහැ, කවුරුවත් රුස්සන්නේ නෑ, ඇයි? හිත මනස අස්සේ රිංගල හිරවෙලා. අර ආප්ප දාපු එකේ වගේම තමයි එකක් හරි හිරවුනොත් upset! PC එකකත් මොකක් හරි task එකක් හිරවෙච්ච ගමන් mouse හෙල්ලුවට, type කලාට වැඩකරන්නේ නැහැ. සින්දු, film වගේ ඒවා කැඩි කැඩී යන්න ගන්නවා. screen එකෙත් සමහර වෙලාවට කෑල්ලෙන් කෑල්ල තමයි ඇඳෙනවා/මැකෙනවා පෙන්නේ... දැකල ඇති නේද? ඒක තමයි case එක! බැලුවම ඒ පැත්තෙනුත් මේ ඇඟ computer එකක් වගේමයි නේ.

    පොඩි jokes කෑල්ලකුත් හිතුන... අපි හිතමු දැන් chewing gum එකක් හප හපා, radio එකත් අහන්, ලිපේ තියන හොද්දක් හැඳි ගානවා කියල. radio එක මොහොතක් අහනවා, ඊළඟ මොහොතේ හොද්ද ටිකක් බලල හැඳි ගානවා, ඊළඟ මොහොතේ හපන දේ රස බලනවා. ඕක දිගට දිගට වෙනවා. වේගෙන් වෙන දෙයක් හන්ද ඔක්කොම එකට වෙනවා වගේ දැනෙනවා. දැන් ඔහොම වැඩේ උනොත් හරි. upset එකකදී හිර උනොත්! හිතමු මාර ගති සින්දුවක් යනවා දැන්, සින්දුවට රහවැටිලා හිත ඒකෙ බැහැගත්ත... දැන් නැටවෙනවත් එක්ක. සින්දුව ඉවරවෙලා බලනකොට හොදි හට්ටිය හීරිලා, රොස්වෙලා, chewin gum එක ගිලිලා 'වැඩේ ඇනිලා' තියෙන්නත් පුළුවන් නේද?

    මෙතන වෙන්නේ තනිකරම timing case එකක්! PC එකක නම් task manager, system monitor, CPU usage වගේ තැන් තියනවා ඔය case එක බලාගන්න. මනුස්සයන්ට meter මොකුත් නැහැනේ... දැන් ඉතින් මට graphical representation එකකට යන්න වෙනවා මේ කතාව ඉස්සරහට අරන් යන්න. ඒත් මම flash animations දන්නේ නැහැ! නැත්නම් හොඳටම පැහැදිලිවෙන්න කියන්න තිබුන, අපරාදේ. මට help එකක් ගන්නත් කෙනෙක් නැහැ... මම පුළුවන් විදියට drawings ටිකක් හදල දාල විස්තර කරන්නම්.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    'සෝවාන් වුණාට පස්සෙ පර ප්‍රත්‍ය රහිතයි කියනවානේ...' කියන එක ගැන නම් මම මොකුත්ම දන්නේ නැහැ. සෝතාපන්න = සෝත + ආපන්න, ඒ කියන්නේ අර්යාෂ්ඨාන්ගික මාර්ගයට පැමිණුනු කියන එක. ඒ මාර්ගයට එන්න එතකොට හරි.

    රායිට්! ඒ කියන්නේ මාර්ගයට ආවා- සෝවාන් වුනා? එල එල! බැලුවම අපි මේ මහප්‍රාණ කරගෙන තියෙන්නෙ මාර් සිම්පල් දෙයක්නේ!
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ayi me katha karayo seramala silence wela? baya unada? baya wenna epa! api mewa nodana giya gamanata thamayi bayawenna one. dan yamak dannawa ne... ithin sanasili susumak helanna puluwan. ohoma yamu, mama mekath ekka uwamanawen ena one kenek aaye pahalata watenne nathiwenna udata ussala thiyala, solid cocrete foundation ekakuth dala deelayi nathara karanne! eeta kalin mama expire unoth, baya nathuwa Ape Hamuduruwo langatama wela inna!


    හෙහ්..බය වෙන්න ඔයා මැජික් පෙන්නලත් නෑ , අපි නොදන්න දෙයක් තාම කියලත් නෑ. අපි අහපු නැති ධර්ම කරුනක් ගෙනල්ලා අපිව පුදුම කරලත් නෑ.. ඉතින් තරහ වෙන්න එපා මට නං දැන් වැඩේ බෝරිං. මුලදි නං ජෝක් එකක් වගේ නැගල ගියා, කට්ටිය එතකොට ඒව මෙව කියන්න ඇති.
    :lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    (මට තේරුණු විදියට මන් මුල ඉඳලම ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල. පස්සෙයි තේරුනේ හැමෝටම එහෙම නැහැ, හුඟක් අය ඉන්නේ ගොඩක් පහලින් කියල) ඒත් මේ ජීවිතාවබෝධය කියන එකේ වැදගත්කම මනින්න ක්‍රමයක් නෑ. මේක ඒතරමට වටිනවා.

    මේදේවල් මුලින්ම එළිවෙන්නේ මගෙන්ද කියල තමයි මාත් ගොඩක්ම excite වෙලා ඉන්නේ! මෙහෙම tallents එක්ක ඇවිත් තියෙන්නේ මොකක් හරි වැඩකටද කියල දන්නෙත් නැහැ. නිකම් ඉඳල මගෙන් දෙයක් වෙන්න තිබිල නොකෙරුනොත් කියල ඊටත් වඩා upset! ඒකයි මාස ගණනක් කල්පනා කරලා කරලා මෙහෙම එකකට බැස්සේ.

    නයි කයිද රෝස් පාන් කිව්වලු! ඇත්ත නේන්නම්! බැලුවම උඹ ඉපදෙන්න ඇත්තෙත් මොකක් හරි ධ්‍යානයකට සම වැදිලා වෙන්න ඇති. ඊට පස්සේ එක එක ධ්‍යාන මට්ට්ම් වල හිටිය නේ? මාර සීන් එක.
    අපි වගේ පව්කාර ගොබ්බයෝ වගෙ නෙවිනෙ, එක එක ධ්‍යාන මට්ට්ම් වල හිටි උත්තමයෙක් නේ.

    හෑබෑට මොකටද ඔබ තුමා වගේ උත්තමයෙක් EXCITE වෙන්නේ? අනේ ඉතින් අපි වගේ මොකවත් නොදන්න මැට්ටෝ අහන පුරස්න ගැන අනුකම්පා කොරල පහදල දෙන්න. රහතුන් වහන්සේලත් ඔය වගේ EXCITE වෙවී හිටියද දන්නේ නැහැ නේ?

    ඉතින් ඔය TALENT එක ඇවිල්ල තියෙන්නෙ කවුරු හරි දෙවියෙක්ගෙ බ්‍රහ්මයෙක්ගේ GRAND PLAN එකකට වත්ද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපට බුදුරජාණන් වහන්සේ උපත; අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික {බිත්තරයක් තුල, මවු කුසක, තෙත් පරිසරයක හෝ එක්වනම පහළවෙන (දෙවියන්, ප්‍රේතයින් හා නිරිසතුන්)} වශයෙන් 4 ආකාරයකින් සිදුවන බව දේශනා කලා. ඒ හැම උපතක්ම "ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති, කන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති" (උපතක්, විශේෂ උපතක්, පහලවීමක්, මවුකුසක බැසගැනීමක්, පංච උපාදානස්කන්ධයේ පහලවීමක්, ආයතන වල ලැබීමක් උපත වශයෙන් හඳුන්වමි) ලෙසට දේශනාකොට වදාලා. අපි මේවයෙන් අපිට අදාළ වෙන, මනුස්ස හා තිරිසන් සතුන් ඉපදෙන, මවුකුසක බැසගැනීම ගැන බලමු. (අනික් ඕනෙම උපතකදිත් වෙන්නේ එකම දෙයක් බව තේරෙන්න ඇතිනේ නේද?) මෙහිදී බුදුන්වහන්සේ ප්‍රකාශකලා එවන් උපතක් සඳහා තිබිය යුතු අවශ්‍යතාවයනුත්. ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕනේ, ඇය පුරුෂයෙක් සමග එක්වන්න ඕනේ, විඥාණයක් බැසගන්න ඕනේ කියල. ඊළඟට උන්වහන්සේ ඇහුව ඍතු වෙන කාන්තාවක් උනත් පුරුෂයෙක් සමග එක්වූ පමණින් විඥාණයක් බැසනොගත්තොත් දරු කළලයක් සකස් වෙයිද කියල. (කියන්න හොඳ එකක් එනවා, ඒත් ඒවා කියන එක හරි නැහැනේ...) ඔයාලත් දන්නවනේ එහෙම ලේසියෙන්ම ළමයෙක් ලබාගන්න බැරි අය කොච්චරක් නම් ඉන්නවද කියල... මේක තමයි ඒ සිදුවීමේ පසුබිම! ඊළඟට උන්වහන්සේ ඇහුව, විඥාණයක් බැසගෙන කළලයක් සකස් උනත් අතරමඟදී එම විඥාණය චුත උනොත් එම කළලය උපතක් දක්වා වර්ධනය වෙයිද කියල. ඉතින් වෙනවද එහෙම? දැකල නැද්ද මළදරු උපත් කියල දාස් ගණන් වලින් වෙන්නේ... ඊළඟට උන්වහන්සේ ඇහුව ඉපදුනු ළමයෙකුගේත් විඥාණය අතරමඟදී චුත උනොත් වැඩිවියට පත්වෙන්න, වර්ධනයවෙන්න ලැබෙයිද කියල. ළමයි අනන්තවත් මැරෙනවා දැකල තියෙනවනේ...

    ඉතින් මෙතැනදී මට එකක් කියන්න හිතුන! මේ දැන් ඉන්න තරමක් ලොකු ලොකු අයියල, අක්කල, ලෝකේ පෙරලන්න දඟලන 'මහප්පරාන' කට්ටිය කාටවත් මතකනැහැ තමනුත් මේ ලෝකෙට ආවේ සේරම gadjets කෑලි එළියේ දාගෙන නිකම්ම නිකම් හුජ්ජ කොල්ලෙක්, හුජ්ජ කෙල්ලෙක් හැටියට තමයි කියන බව! ඒකයි මේ ප්‍රශ්න හුඟකට මුල. හැබැයි ඉතින් අපායට ගියාම යමරජ්ජුරුවෝ නම් ඕක මතක්කරල දෙනවා, අපි ඊට කලින් ඒබව මතක් කරගෙන එහෙ නොගිහින් ගොඩ යන්න try කරමු. දැන් මේකෙන් ඔයාල තේරුම් ගන්න ඕනේ මේකයි. මේ සත්වය කියන කෙනාගේ සම්පූර්ණ පදනම විඥාණය හා නාමරූපවල එකතුව පමණයි! ඒ දෙක වෙන්වෙච්ච ගමන් සේරම වැඩ අහවරයි, රොඩ්ඩ ආයේ පොළවටම තමයි. නළකලාපී සුත්‍ර දේශනාවේ ඒක හොඳට පැහැදිලි කෙරෙනවා.
    (මම සුත්‍ර දේශනා upload කරපුව කවුරුවත්ම download කරලා නැහැ. ඒ නිසා මම request කලොත් මිසක් ආයේ සුත්‍ර දේශනා දාන්නේ නැහැ. වෙන අය links publish කරන්නත් අවශ්‍ය නැහැ! ඕනේ කෙනෙක් ඉන්නවනම් just request)

    දැන් එතකොට පංච උපාදානස්කන්ධය (රුප, වේදනා, සංඥා, සංඛාර & විඥාණ) කියන්නේ විඥාණය set උනයින් පස්සේ නේ. ඊට කලින් ආයතන ලැබිල, environment එක, body එක සකස්වෙනවනේ මවයි, පියයි සම්බන්ධ වෙනකොට. එතකොට ආයතන හැදෙනවා හැබැයි සේරම miniature form එකෙන්, ධාතු ස්වභාවයෙන් තමයි තියෙන්නේ. විඥාණයක් set වෙලා, වැඩ පටන්අරගත්තම තමයි හැදි හැදී යන්න, build-up / develop වෙන්න ගන්නේ. ඔය ධාතු ස්වභාවය හරියට building එකක plan එකක් වගේ එකක් කියල හිතාගන්න. ඒකෙ සේරම හැදෙන සැලසුම තියෙනවා. ඒ සැලසුමට අනුව ගල්, ගඩොල්, වැලි, සිමෙන්තිවලින් ගොඩනගන එක නේ වෙන්නේ. මෙතනත් එහෙමයි. මනුස්ස ශරීරයක මූලික (basic) ස්වභාවය එකයි (common). හැදෙන එකේ සහ ඒකෙ අවයව වල නිවැරදි බව, හැඩරුව, ක්‍රියාකාරීත්වය, නිරෝගී බව, ආයුෂ වගේ සේරම දේවල් හරියටම තීරණය වෙන්නේ බැහැගන්න විඥාණයට අනුව. දැන් අපි ඔහොම මුලික ශරීරයක් මෙන්න මෙහෙම model එකකින් ගමු. (මේක තමයි මම මුළු විස්තරයම පැහැදිලි කරන්න ගන්නේ)


     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    mata umbawa kaala plaintea ekak gahanawa arenna wena karanna deyak naha!!!

    ඇයි, නිකං අවුල් වගේද Excite කතාව? ගැලපෙන්නේ නෑ වගේ නේ? හික්ස්.:lol:

    අර ධ්‍යාන කතාවත් නිකන් ජෝක් වගේ නේ. ඔන්න බලාගනිල්ලා පරිනිර්වාණයට පත්වෙච්චි මේ වගේ උතුමොත් ඉඳ හිට ජෝක් දානවා.:lol::lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    පින් දැන් ඕනෙත් නැති ගානයි කොල්ලනේ, කෙල්ලනේ... සේරම කරලා ඉවරයි! මට ඔයාලගේ interest එක දැකල හරි fit! මේක කැලේ යන කතාවක් නෙවෙයි. කිසි කෙනෙක් upset වෙන්න එපා දැන් ආයේ ශ්‍රී සද්ධර්මය කාලෙකට වහන්න බෑ කාටවත්!!! මේ කතාවත් අනිවාර්යයෙන් නිවනටම යනවා. ඕනේ ප්‍රශ්නයක් තිබුනොත් අහන්න. දන්නා හැමෝමත් එක්කරන් එන්න...

    මේක මට මිස් වුනා.. යකෝ එල නේ! පින් ඔනේත් නැහැ. එල එල. ඔහොම යං.

    ඔබතුමා වගෙ උත්තමයෙක් ගේ මේ ෆෝරම් පෝස්ට් එක නිසා දැන් ශ්‍රි සද්ධර්මය බබලයි නිකං පිකොටුවේ තොරණ වගේ අනේ සාධු සාධු!
    ;)
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    දැන් අපි ඔහොම මුලික ශරීරයක් මෙන්න මෙහෙම model එකකින් ගමු. (මේක තමයි මම මුළු විස්තරයම පැහැදිලි කරන්න ගන්නේ)



    ආ අර රවුමක් ඇතුලේ රවුම් හයද ඔය " GRAPHICAL REPRESENTATION" එක. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලත් පුදුමවෙයි මේ GRAPHICAL REPRESENTAION එක දැක්කනං. මට නං දැන් නිවන පේනවා පේනවා වගේ.:D

    ඔය රවුම් බෝල නෙවේ සිහියෙන් මිලින්ද ප්‍රශ්නේ පලවෙනි එක කියෙව්ව නං "මම" නෑ කියල තර්කයට අනුව හිතාගන්න පුලුවන්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ "මම" නෑ කියන එක අවබෝධ වුනා කියලා.
     
    Last edited:

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    අපට බුදුරජාණන් වහන්සේ උපත; අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික {බිත්තරයක් තුල, මවු කුසක, තෙත් පරිසරයක හෝ එක්වනම පහළවෙන (දෙවියන්, ප්‍රේතයින් හා නිරිසතුන්)} වශයෙන් 4 ආකාරයකින් සිදුවන බව දේශනා කලා. ඒ හැම උපතක්ම "ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති, කන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති" (උපතක්, විශේෂ උපතක්, පහලවීමක්, මවුකුසක බැසගැනීමක්, පංච උපාදානස්කන්ධයේ පහලවීමක්, ආයතන වල ලැබීමක් උපත වශයෙන් හඳුන්වමි) ලෙසට දේශනාකොට වදාලා. අපි මේවයෙන් අපිට අදාළ වෙන, මනුස්ස හා තිරිසන් සතුන් ඉපදෙන, මවුකුසක බැසගැනීම ගැන බලමු. (අනික් ඕනෙම උපතකදිත් වෙන්නේ එකම දෙයක් බව තේරෙන්න ඇතිනේ නේද?) මෙහිදී බුදුන්වහන්සේ ප්‍රකාශකලා එවන් උපතක් සඳහා තිබිය යුතු අවශ්‍යතාවයනුත්. ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕනේ, ඇය පුරුෂයෙක් සමග එක්වන්න ඕනේ, විඥාණයක් බැසගන්න ඕනේ කියල. ඊළඟට උන්වහන්සේ ඇහුව ඍතු වෙන කාන්තාවක් උනත් පුරුෂයෙක් සමග එක්වූ පමණින් විඥාණයක් බැසනොගත්තොත් දරු කළලයක් සකස් වෙයිද කියල. (කියන්න හොඳ එකක් එනවා, ඒත් ඒවා කියන එක හරි නැහැනේ...) ඔයාලත් දන්නවනේ එහෙම ලේසියෙන්ම ළමයෙක් ලබාගන්න බැරි අය කොච්චරක් නම් ඉන්නවද කියල... මේක තමයි ඒ සිදුවීමේ පසුබිම! ඊළඟට උන්වහන්සේ ඇහුව, විඥාණයක් බැසගෙන කළලයක් සකස් උනත් අතරමඟදී එම විඥාණය චුත උනොත් එම කළලය උපතක් දක්වා වර්ධනය වෙයිද කියල. ඉතින් වෙනවද එහෙම? දැකල නැද්ද මළදරු උපත් කියල දාස් ගණන් වලින් වෙන්නේ... ඊළඟට උන්වහන්සේ ඇහුව ඉපදුනු ළමයෙකුගේත් විඥාණය අතරමඟදී චුත උනොත් වැඩිවියට පත්වෙන්න, වර්ධනයවෙන්න ලැබෙයිද කියල. ළමයි අනන්තවත් මැරෙනවා දැකල තියෙනවනේ...

    ඉතින් මෙතැනදී මට එකක් කියන්න හිතුන! මේ දැන් ඉන්න තරමක් ලොකු ලොකු අයියල, අක්කල, ලෝකේ පෙරලන්න දඟලන 'මහප්පරාන' කට්ටිය කාටවත් මතකනැහැ තමනුත් මේ ලෝකෙට ආවේ සේරම gadjets කෑලි එළියේ දාගෙන නිකම්ම නිකම් හුජ්ජ කොල්ලෙක්, හුජ්ජ කෙල්ලෙක් හැටියට තමයි කියන බව! ඒකයි මේ ප්‍රශ්න හුඟකට මුල. හැබැයි ඉතින් අපායට ගියාම යමරජ්ජුරුවෝ නම් ඕක මතක්කරල දෙනවා, අපි ඊට කලින් ඒබව මතක් කරගෙන එහෙ නොගිහින් ගොඩ යන්න try කරමු. දැන් මේකෙන් ඔයාල තේරුම් ගන්න ඕනේ මේකයි. මේ සත්වය කියන කෙනාගේ සම්පූර්ණ පදනම විඥාණය හා නාමරූපවල එකතුව පමණයි! ඒ දෙක වෙන්වෙච්ච ගමන් සේරම වැඩ අහවරයි, රොඩ්ඩ ආයේ පොළවටම තමයි. නළකලාපී සුත්‍ර දේශනාවේ ඒක හොඳට පැහැදිලි කෙරෙනවා.
    (මම සුත්‍ර දේශනා upload කරපුව කවුරුවත්ම download කරලා නැහැ. ඒ නිසා මම request කලොත් මිසක් ආයේ සුත්‍ර දේශනා දාන්නේ නැහැ. වෙන අය links publish කරන්නත් අවශ්‍ය නැහැ! ඕනේ කෙනෙක් ඉන්නවනම් just request)

    දැන් එතකොට පංච උපාදානස්කන්ධය (රුප, වේදනා, සංඥා, සංඛාර & විඥාණ) කියන්නේ විඥාණය set උනයින් පස්සේ නේ. ඊට කලින් ආයතන ලැබිල, environment එක, body එක සකස්වෙනවනේ මවයි, පියයි සම්බන්ධ වෙනකොට. එතකොට ආයතන හැදෙනවා හැබැයි සේරම miniature form එකෙන්, ධාතු ස්වභාවයෙන් තමයි තියෙන්නේ. විඥාණයක් set වෙලා, වැඩ පටන්අරගත්තම තමයි හැදි හැදී යන්න, build-up / develop වෙන්න ගන්නේ. ඔය ධාතු ස්වභාවය හරියට building එකක plan එකක් වගේ එකක් කියල හිතාගන්න. ඒකෙ සේරම හැදෙන සැලසුම තියෙනවා. ඒ සැලසුමට අනුව ගල්, ගඩොල්, වැලි, සිමෙන්තිවලින් ගොඩනගන එක නේ වෙන්නේ. මෙතනත් එහෙමයි. මනුස්ස ශරීරයක මූලික (basic) ස්වභාවය එකයි (common). හැදෙන එකේ සහ ඒකෙ අවයව වල නිවැරදි බව, හැඩරුව, ක්‍රියාකාරීත්වය, නිරෝගී බව, ආයුෂ වගේ සේරම දේවල් හරියටම තීරණය වෙන්නේ බැහැගන්න විඥාණයට අනුව. දැන් අපි ඔහොම මුලික ශරීරයක් මෙන්න මෙහෙම model එකකින් ගමු. (මේක තමයි මම මුළු විස්තරයම පැහැදිලි කරන්න ගන්නේ)



    saththu clone karana kota monawa wenawa ethda? danna widihata mekath wisthara kaloth udawwak wei
    br.
    br.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    Buduhamuduruwo oya wage kehelmal karanna giye naha! danne nathuwa neweyi... thambekata wadak nathi handa!!!


    ක්ලෝන් කරන එවා ඔට්ටු නෑ, මම දන්නේ නෑ, අපෙ හමුදුරුවෝ දන්නෙත් නෑ.
    ඒ වුනාට බුදු හමුදුරුවොත් මම වගේම ඉලෙක්ට්‍රොනික්, කොම්පීටර් උදාහරන වලින් ධර්මය දේශනා කලා, උබල අහලා නැද්ද??
    :lol::lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ඊළඟට උන්වහන්සේ ඇහුව ඍතු වෙන කාන්තාවක් උනත් පුරුෂයෙක් සමග එක්වූ පමණින් විඥාණයක් බැසනොගත්තොත් දරු කළලයක් සකස් වෙයිද කියල. (කියන්න හොඳ එකක් එනවා, ඒත් ඒවා කියන එක හරි නැහැනේ...) ඔයාලත් දන්නවනේ එහෙම ලේසියෙන්ම ළමයෙක් ලබාගන්න බැරි අය කොච්චරක් නම් ඉන්නවද කියල... මේක තමයි ඒ සිදුවීමේ පසුබිම!


    ඔන්න අහගනිල්ල ලමයි නැති වෙන්න හේතුව! එල නේ, මේක තමා යකෝ ටෙක්නිකල් දර්මය. සාධුකාර දීපල්ලා
    :lol:
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0

    දැන් මේ අපේ ඇඟකුත් අරන් ඔහොම කෑලි කෑලි කරලා දැම්මොත් මේකෙනුත් මොකුත් වාෂ්පවෙන්නේ එහෙම නැහැ හරිද, බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා මොනම දෙයක් වත් මෙතනින් එලියට අරන් යන්නේ නැහැ!! කියල... අර මොළ එලියට අරන්යනවද කියල ලොකු ප්‍රශ්නයක් අවේ, මොලේ තියා හුලන් පොදක් වත් මේකෙන් අලුත් තැනට යැවෙන්නේ නැහැ! හැබැයි මුළු මතකයම, මේ ජීවිතේ විතරක් නෙවෙයි කල්ප කෝටිගනනක් තිස්සේ කරගහගෙන යන මතකය විතරක්, කුට්ටිය පිටින්ම අලුත් එකට යනවෝ... ඕකතමයි මේ ලොකූ 'ටොපිය'

    මේ මොකක්ද මේ කියන්නේ මුකුත්ම යන්නෙ නැහැලු. හැබැයි යනවලු.:confused:
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?