බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
හැමෝටම උවමනාවෙන්ම කියන්නේ, මේකා පිස්සෙක්! මාරයාගේ නියෝජිතයෙක්!! රැවටෙන්න එපා! මේකා කියන කිසිම දෙයක් චුට්ටක් වත් පිලිගන්නත් එපා! මේ වැඩේ පටන් ගත්තෙත් ඇත්ත එළිකරන්න, බොරු කතාවල්, නොමග යැවීම් කුඩු කරලා, සම්බල් කරලම දාන්න. ඒක හන්ද බය නැතුව follow කරන්න. එක කිඹුලා බනිසෙක් තිය ලංකාවේම තියන bakery වලින් කොයි කොයි ජාතියේ කිඹුලෝ ආවත් මම කරන්න ආපු දේ කරනවම තමයි!!!

පිස්සෙක්ද නැද්ද දන්නෙ නං නැහැ. හැබැයි සමහර හාමුදුරුවරු එක්ක තියෙන වයිරයක් පිරිමහගන්න හදන බවනම් පේනවා.
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Want to see real Dhamma,What Buddha tried to teach us, Meditate ,that's the only way.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Want to see real Dhamma,What Buddha tried to teach us, Meditate ,that's the only way.

    Yes absolutely! Meditation is the way. But what is meditation & how to meditate? If one succeed should have attained Nibbana! But if one end up with something else than that, what he did was wrong! We’ll rectify that! Then most people will surely get thru! Wait I will tell everything. What you’ll have to do is, give a try accordingly.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    dear කිඹුලා බනිස්,
    I here by clearly state & declared to all others that, you're an Agent of Mara.
    But sorry, you'll not have any sense of that because you've been caught already. Try to change your mind ASAP or go to hell!!!
    නිවන් ගිය පොරට ආයිත් තද වෙලා!
    ඒයි හිකනලෝ, මොකද්ද උඹේ Authority එක මම මාරයගේ ඒජන්ට් කෙනෙක් කියල declare කරන්න. මට නං හතර හිනා.

    නිවන් දැක්කයි කියල අඬබෙර ගහන පිස්සෝ, පුලුවන් නං උත්තර දීපිය,
    ආයිත් අහනවා, මාරයා ඉන්නෙ කිරිබත්ගොඩයගෙ සිවුර අස්සෙද?. හික්ස්:D

    ලියපු ඉංග්‍රීසි වැරදියි නේ ? හිකිස්
    :D

    හිකනලෝ, INEFFABILITY වචනේ තේරුම අහගනිං දන්න කෙනෙක්ගෙන්.:lol::lol:
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0

    මම ඇත්තටම මේවා කියන්නේ හිතලයි. මේවා ගැන නම් මම මොකුත්ම ඉගෙන ගෙන නැහැ! තව මේ... මොලයක් ගලවල කූරු ගාලත් බලල නම් නැහැ. electronic gadjet කෑලි නම් මුලින්ම කරන්නේ ගලවල (මස්කරලා) කූරු ගාල බලන එක. පොඩිකාලේ එහෙම අනුන්ගේ ඒවා කූරු ගාන්න ගිහින් කැඩිලා, තාත්ත තඩිබාලත් තියනවා. මම practice කරපු එක දෙයක් නම් තියනවා. ඔය complex repair එකක් එහෙම එකපාරට අල්ලගන්න, මොකුත් හිතාගන්න බැරිඋනාම මම කරන්නේ ඒක තියාගෙන එක එක විදියට, එක එක පැත්තෙන් බල බල ඉන්න එක විතරයි. හුඟක් වෙලාවට නිදාගෙන නැගිටිනකොට problem solved! majic නැහැ ඇත්තටම. හරියට concentrate කරලා තියන resources උපරිමයෙන් පාවිච්චි කරන්නයි තියෙන්නේ. අන්තිමට නිවන් අවබෝධය හරියට යනකොට මංකියන්නම්. තව දෙයක් මම experience කරලා තියනවා. දැන් ඔය හීනෙන් එක එක අපබ්‍රංස පේනවනේ. ඒවා ගැන බලාගෙන හිටියම හැම එකකටම මුලික වෙලා තියෙන්නේ අහම්බෙන් හරි අහපු, දැකපු දෙයක් විතරයි. කිසිම එකක අලුතෙන් මොකුත් දැකල නැහැ. ඒක එහෙමමද හැමෝටම කියල මම දන්නේ නැහැ. (මට තේරුණු විදියට මන් මුල ඉඳලම ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල. පස්සෙයි තේරුනේ හැමෝටම එහෙම නැහැ, හුඟක් අය ඉන්නේ ගොඩක් පහලින් කියල) ඒත් මේ ජීවිතාවබෝධය කියන එකේ වැදගත්කම මනින්න ක්‍රමයක් නෑ. මේක ඒතරමට වටිනවා. ඉතින් අපි full try කරමු. ඕනේ වෙලාවක ප්‍රශ්න තියනවනම් අහන්න.

    මම දන්න බුද්ධාගමේ විදියටනම් පුද්ගලයෙක් නිවන් මාර්ගයට අවතීර්ණ වෙනවාත් එක්කම.. ඒ කියන්නෙ සොවාන් තත්වයට පත්වෙනවාත් එක්කම ඒ පුද්ගලයාට හීන නම් පේන්නෙ නෑ..

    කට්ටිය කියන එක හරි ...

    මේ දවස් වල සෝවාන් certificate දෙන අයත් ඉන්නවනෙ...පරිස්සම් වෙන එක හොඳයි...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පිස්සෙක්ද නැද්ද දන්නෙ නං නැහැ. හැබැයි සමහර හාමුදුරුවරු එක්ක තියෙන වයිරයක් පිරිමහගන්න හදන බවනම් පේනවා.

    මේක වෙන්නේ ප්‍රර්ථනා කරලා ලබාගන්න දේවල් බුදුදහමේ නැති නිසා . කොහොම උනත් මාරයාගේ වසගයට අහු උනාම කියන්නේ මොනවද කරන්නේ මොනවද කියල තේරෙන්නේ නෑ. හැබැයි ඒ කියන කරන දේවල් හැම එකකම පව් එකතු වෙන්නේ ඒ කෙනටමයි .

    cF8c0-60689ee26701fdab6bb8eee2fb7a27c2.jpg
     
    ඒයි පුස්සෝ, බුද්ධාගමේ ප්‍රර්තනා කරල දෙවල් ගන්න බැරිබව උඹ අදද දැනගත්තේ. ඇයි බං කිරිබත්ගොඩය බුදුරැස් පෙන්නන්න ගිහින් කිච වුනේ මාරයගේ වැඩ හින්දද මචං. නිකම් සැබෑ බුද්ධාගම විකෘති නොකර ඉඳපං.

    උඹලගේ කිරිබත්ගොඩයට වඩා දැනුම බුද්ධිය , සීලය තියෙන වල්පොල රාහුල හාමුදුරුවො (What the Buddha Taught, published by Buddhist cultural centre, Kandy ), සහ පියදස්සී හාමුදුරුවො (The Buddha's Ancient Path,
    published by Rider & Company, UK ) ලියපු පොත්වල මාරය ගැන නැත්තේ ඒ උගත් ධර්මධර භික්ෂූන් වහන්සේලා බුදු දහම නොදන්න නිසාද?. උඹ නං ඉතින් ඔය උඩින් තියෙන පොත්වත් ඔය කියන හාමුදුරුවරු වත් දන්නේ නෑ. කිරිබත්ගොඩයගේ ගොඩේ බන අහ අහ බයිල කියපන්.

    මේ වගේ උගත් හාමුදුරුවරුන්ට වඩා කිරිබත්ගොඩයයි දමිත වගේ පිස්සොයි බුද්ධාගම දන්නව ද කියලා නුවනැත්තෝ නුවනින් විමසා බලත්වා. :lol:

    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    තන්තු, ඉලෙක්‌ට්‍රොaන ආදිය මත ගොඩනැඟෙන ආකෘතිවල නිගමන අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නේ ය යන්න සියලු දෙනාට ම බලපාන ප්‍රකාශනයක්‌ නො වේ. ඒ ආකෘති ගැන දැනගැනීමක්‌ නොමැති ව ඉන් නිගමන ලබාගැනීම පිළිබඳ දැනුමක්‌ නොමැති ව එමෙන් ම ඒ නිගමන පංචෙන්ද්‍රියන්ට හසු කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ දැනුමක්‌ නොමැති අයකුට ඒ නිගමන පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන්නේ නො වේ. ඒ සියලු කටයුතු ගැන නො දන්නා අයකු, ඒ පිළිබඳ පුහුණුවක්‌ නො ලැබූ අයකු ඒ කිසිවක්‌ පංචෙන්ද්‍රියන්ට හසු කර නො ගනියි. දුරේක්‍ෂයකින් අහස බලා මන්දාකිණියක අහවල් අහවල් වර්ගවල තාරකා ඇති බව හා ඒ තාරකාවෙහි ප්‍රේක්‍ෂාවලිය ඒ ඒ ආකාරයෙන් ය යන්න දැනගැනීම, ඇතැම් වස්‌තුවල රක්‌ත වික්‍ෂිප්තය මැන ගැනීම, ඇතැම් වස්‌තු සැබෑ වස්‌තු නො ව ගුරුත්වජ කාච මඟින් ඇති කෙරෙන ප්‍රතිබිම්බ බව දැනගැනීම ආදිය ඕනෑ ම අයකුට කළ හැකි දේ නො වේ.

    ඒ තබා සාමාන්‍ය ජීවිතයේ දී මේ නෙලුම් මලක්‌ ය, මේ ඕලු මලක්‌ ය ආදී වශයෙන් හඳුනාගැනීම ද ඕනෑ ම අයකුට කළ හැකි දෙයක්‌ නො වේ. ඒ සඳහා පුහුණුවක්‌ ලබාගත යුතු ය. නෙලුම් මලක්‌, ඕලු මලකින් වෙන් කර හඳුනා ගැනීමට එතරම් පුහුණුවක්‌ අවශ්‍ය නො වේ. එහෙත් ඉහත සඳහන් නිගමන පංචෙන්ද්‍රියන්ට හසු කර ගැනීමට අවුරුදු ගණනාවක පුහුණුවක්‌ අවශ්‍ය වෙයි. බොහෝ විට එවැනි කටයුතුවල නිරත වීමට පශ්චාත් උපාධි පුහුණුවක්‌ අවශ්‍ය වෙයි. ඒ සඳහා පාසල් අධ්‍යාපනයේ සිට ගණන් බැලූ කල අඩු ම තරමින් අවුරුදු විස්‌සක පමණ පුහුණුවක්‌ ලබාගත යුතු ය. ඒ පුහුණුව නො ලැබූ අය කරන්නේ එලෙස පුහුණුවක්‌ ලැබූ අය කියන දේ විශ්වාස කිරීම පමණකි.

    බටහිරයන් ප්‍රත්‍යක්‍ෂයක්‌ ගැන කතා කළ ද ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ සියල්ල කෙසේ වෙතත් ඉන් යම් ප්‍රමාණයක්‌ දැනගන්නා අය ඉතා අල්ප වෙයි. ඒ අල්ප මාත්‍ර වූ පිරිසට සමාජයේ අති විශාල පිළිගැනීමක්‌ දෙනු ලැබ ඇත. ඒ පිළිගැනීම ලබා දී ඇත්තේ බටහිර විද්‍යාව, තාක්‍ෂණය හා අවසානයේ දී බටහිර දේශපාලන බලය මඟිනි. ඒ පිළිගැනීම මත පදනම් ව කෙරෙන ප්‍රකාශ විශ්වාස කිරීමට අන් සියල්ලෝ ම බැඳී සිටිති. එනම් එසේ බැඳී සිටින ලෙස ඔවුන්ට සමාජයෙන් බල කෙරෙයි. ඒ බල කිරීම අප නොදැනුවත් ව ඉතා සියුම් ව කෙරෙන්නකි. අප මෙහි දී මතක තබාගත යුත්තක්‌ ඇත. ඉහත සඳහන් නිගමන පංචෙන්ද්‍රියන්ට ගෝචර වන කිහිප දෙනාට වුව ද සෘජුව ගෝචර නො වන බව ය. ඔවුන් ඒ ගෝචර කරගන්නේ වක්‍රව විවිධ උපකරණ යොදාගනිමින් පමණක්‌ නො ව විවිධ ප්‍රවාද ද උපයෝගී කරගනිමිනි. තාරකාවක අහවල් අහවල් මූල අංශූ ඇතැයි කිසියම් විද්‍යාඥයෙකු නිගමනය කරන්නේ ඒ තාරකාවෙහි එම මූල අංශු දැකීමෙන් නො වේ. තාරකා විද්‍යාඥයා තාරකාවෙහි ප්‍රේක්‍ෂාවලින් ලබාගෙන එය නිරීක්‍ෂණය කර (ඒ සඳහා තව තවත් ප්‍රවාද අවශ්‍ය වෙයි) ඒ අනුසාරයෙන් තාරකාවෙහි අහවල් අහවල් මූල අංශූ ඇතැයි නිගමනය කරයි. තාරකා විද්‍යාඥයන්ට ඒ මූල අංශූ තාරකාවෙහි ඇති බවට කිසි ම ආකාරයක වුව සෘජු අත්දැකීමක්‌ නැත.

    අඩු ම තරමින් අවුරුදු විස්‌සක පුහුණුවක්‌ ලැබූ අයකු යම් යම් ප්‍රවාද මත පදනම් වෙමින් ලබාගන්නා නිරීක්‍ෂණ නැවතත් ප්‍රවාද මත පදනම් වෙමින් විවරණය කිරීමෙන් ලබාගන්නා වක්‍ර අත්දැකීම් පිළිගැනීමට අපි පුරුදු වී සිටිමු.

    නිවැරැදිව කිව හොත් අපි පුරුදු කරනු ලැබ ඇත්තෙමු. එහෙත් ඇතැමුන් සෘජුව අමනුෂ්‍යයන් ගැන ලබාගන්නා අත්දැකීම් විද්‍යාත්මක නො වේ යෑයි කියමින් ඒ ප්‍රතික්‍ෂේප කිරීමට අප බොහෝ දෙනකුට තත්පර දහයක්‌වත් ගත නො වේ. එලෙස ප්‍රතික්‍ෂේප කරන්නන් තමන් කරන්නේ කුමක්‌ දැයි දන්නේ යෑයි අපි සිතමු ද?

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔවුහු ඉතා පැහැදිලිව බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදයට ගොදුරු වූවෝ වෙති. තමන්ට බටහිරයන් හා ඔවුන් ගේ අනුකාරකයන් කියා දී ඇති අන්දමට ඔවුහු අර අමනුෂ්‍යයන් පිළිබඳ අත්දැකීම් ලත් අය ගෙන් ඒ සියල්ලන්ට ම පොදු වූ අත්දැකීමක්‌ ද, නැත්නම් එලෙස පොදු අත්දැකීම් බවට පත් කර ගත හැකි ද ආදී විකාර ප්‍රශ්න අසති. මොවුන් ගෙන් කිසිවකුට වත් බටහිර විද්‍යාඥයන් ගෙන් එවැනි ප්‍රශ්න ඇසීමට එළඹවාගත හැකි සිහියක්‌ නැත. බටහිර විද්‍යාඥයන්ට පමණක්‌ නො ව විද්‍යා ප්‍රබන්ධකයන්ට ද එවැනි ප්‍රශ්න යොමු කළ යුතු වන්නේ අප වැනි රටවල විද්‍යා ප්‍රබන්ධකයන් ද විද්‍යාඥයන් ලෙස පිළිගැනීමක්‌ ලබාගෙන ඇති බැවින් නො ව මේ සියලු අනුකාරකයන් ම හෙළිදරව් කළ යුතු බැවිනි. අනෙක්‌ පැත්තෙන් කිසිවකුට තමා සතු සමාජයීය බලය තම මතිමතාන්තර ප්‍රකාශ කිරීම සඳහා ආයුධයක්‌ කරගැනීමට ඉඩ දිය නො හැකි ය. ඇතැමුන්ට සෘජුව අමනුෂ්‍යයන්, මිථ්‍යාදෘෂ්ටික දෙවි දේවතාවුන්, සම්‍යක්‌ දෘෂ්ටික දෙවි දේවතාවුන් ආදීන් සමඟ සෘජුව සම්බන්ධකම් පවත්වන්නේ කෙසේ ද? බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම් ඔවුහු මානසිකව විවිධ විකෘතීන්ට ලක්‌ වූවෝ වෙති. බටහිර විද්‍යාවට තේරුම් ගැනීමට නො හැකි වූ ප්‍රපංචයක්‌ විකෘතියක්‌ ලෙස හැඳින්වීමට බටහිර විද්‍යාඥයන්ට අධිපතිවාදී බලයක්‌ ලබා දී තිබීම මෙහි දී කැපී පෙනෙන ලක්‍ෂණයයි. බටහිර විද්‍යාවට එවැනි බලයක්‌ ලබා දී ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය බව පැහැදිලි ය. එයට හේතුව බටහිර විද්‍යාව ද යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ම උපත ලද්දක්‌ වීම ය.

    තමන්ට අදෘශ්‍යමාන ජීවීන් සමඟ සම්බන්ධකම් ඇතැයි පවසන බොරුකාරයන් ද සිටිය හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ ඇත්තට ම එලෙස සම්බන්ධකම් පවත්වන පුද්ගලයන් නැත යන්න නො වේ. බටහිර විද්‍යාඥයන් ඉල්ලා සිටින්නේ ඔවුන් ගේ අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් කරන ලෙස ය. එසේ කියමින් ඔවුහු ඕනෑ ම අයකුට බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීමට හැකි බව ප්‍රකාශ කිරීමට ද අමතක නො කරති.

    එහෙත් මෙහි දී ඔවුන් අමතක කරන කරුණ නම් ඕනෑ ම අයකුට බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගත නො හැකි බව ය. එක්‌ පැත්තකින් අප කලින් සඳහන් කළ පරිදි බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීමට පුහුණුවක්‌ ලද යුතු ය. ඒ පුහුණුවට අවුරුදු විස්‌සක පමණ කාලයක්‌ ගත වෙයි. එවැනි පුහුණුවක්‌ ලබාගැනීමට හැකි කී දෙනෙක්‌ සමාජයේ වෙත් ද? අනෙක්‌ අතට බටහිර විද්‍යාවේ වියුක්‌ත ප්‍රවාද කී දෙනකුට තේරුම් ගත හැකි ද? විශේෂයෙන් ම ඉතා වියුක්‌ත විෂයයක්‌ වූ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව ඉගෙන ගැනීමේ හැකියාව ඇත්තේ කී දෙනෙකුට ද?

    පාසලේ දී විද්‍යා විෂයයන් අත් හැර කලා විෂයයන් ඉගෙන ගන්නා දක්‍ෂ ශිෂ්‍යයෝ වෙති. ඔවුන්ට විද්‍යා විෂයයන් අප්‍රිය වන්නටත්, කලා විෂයයන් ප්‍රිය වන්නටත් හේතුව කුමක්‌ ද? බටහිර විද්‍යාවේ වියුක්‌ත බව වැඩි වීම හේතුවෙන් ඇතැම් සිසුනට ඒ ගෝචර නො වේ. ජෛවීය විද්‍යාවන් හදාරන බොහෝ සිසුන්ට භෞතික විද්‍යාව ඊනියා අමාරු විෂයයක්‌ වන්නේ ඒ සිසුන්ට ජෛවීය විද්‍යාවෙහි හා රසායන විද්‍යාවෙහි වියුක්‌ත බව දිරවා ගත හැකි නමුත් භෞතික විද්‍යාවෙහි වියුක්‌ත බව ගෝචර නො වන නිසා ය.

    කලා විෂයය සංයුක්‌ත වීම හේතුවෙන් එතරම් වියුක්‌ත මනසක්‌, එනම් වියුක්‌ත සංකල්ප තේරුම් ගත හැකි මනසක්‌ නැති සිසුන්ට කලා විෂය පහසු වෙයි. අනෙක්‌ අතට කලා විෂයයන්හි පාඩම් කිරිමට බොහෝ දේ ඇති බැවින් හා ඒ සියල්ල මතක තබාගැනීම අසීරු හෙයින් කලා විෂයය අත්හරින්නෝ ද වෙති. සංයුක්‌ත විෂයයන්හි වියුක්‌ත ප්‍රවාද නැති හෙයින් බොහෝ විට කරුණු එකින් එකට මතක තබා ගැනීමට සිදු වෙයි. ඇතැම් සිසුනට ඒ හිසරදයකි. ඔවුqහු එබැවින් කලා විෂයය අත්හරිති.

    මෙයින් කියෑවෙන්නේ සිසුන් විෂය ධාරා තෝරා ගන්නේ හුදෙක්‌ තම තමන් ගේ දක්‍ෂතා හා රුචි අරුචිකම් මත බව නො වේ. එහි දී ආර්ථික හේතු, රැකියා ලබාගැනීම පහසු වීම ආදී විවිධ කරුණු බලපායි. ඒ කුමන හේතුවක්‌ මත විෂය ධාරා තෝරා ගත්තත් ඉහත සඳහන් අයුරින් මනස්‌ සකස්‌ වී නැත්නම් ඒ ඒ විෂය ධාරා ඉගෙන ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වෙයි.

    මේ කරුණු සඳහන් කෙළේ විෂය ධාරා තෝරා ගැනීම පිළිබඳ පාඩමක්‌ කියා දීමට නො ව බටහිර විද්‍යාඥයන් පුරසාරම් දෙඩුව ද සියලු දෙනාට ම බටහිර විද්‍යාවේ අත්දැකීම් එක සේ ලබාගැනීමට නො හැකි බව පෙන්වා දීමට ය. පළමුවෙන් ම බටහිර විද්‍යාවන්a හැදෑරීමට සුදුසු මානසික තත්ත්වයක්‌ ඇති අයට පමණක්‌ ඒ විෂය හැදෑරිය හැකි ය. විශේෂයෙන් ම ඒ විෂය ගැඹුරින් හැදෑරීමේ දී අදාළ මනස අවශ්‍ය ම අංගයක්‌ බවට පත් වෙයි. දෙවනුව ඒ සඳහා පහසුකම් තිබිය යුතු ය. එයට පාසල්වල පහසුකම් මෙන් ම නිවසේ ආර්ථික පසුබිම ද අඩංගු වෙයි. තෙවනුව බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීම සඳහා අවුරුදු විස්‌සක පමණ පුහුණුවක්‌ අවශ්‍ය වෙයි.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවේ අත්දැකීම් සියල්ලන්ට ම ලබාගැනීමට හැකි යෑයි කියන්නේ මේ සියල්ල අමතක කර දැමීමෙනි. එවැනි ප්‍රකාශ කිරීමේ දී ඔවුන් ලබා ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය කුමක්‌ දැයි ඔවුන් ම සලකා බලන්නේ නම් මැනැවි. මෙහි දී වඩාත් ම හාස්‍යජනක කරුණ වනුයේ බටහිර විද්‍යාව නො හදාරා බටහිර විද්‍යාවේ දර්ශනය හදාරා ඇතැයි කියන අය ද බටහිර විද්‍යාවේ අත්දැකීම් ඕනෑ ම අයකුට ලබාගත හැකි ය යන විකාර අදහස ප්‍රකාශ කිරීම ය. මේ බොහෝ දෙනකු එවැනි ප්‍රකාශ කරතත් ඔවුන්ට ද බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගත නො හැකි ය. ඔවුන් ඒ සඳහා පුහුණුවක්‌ ලබා නැති අතර එවැන්නන් බොහෝ දෙනකුට වියුක්‌ත බටහිර විද්‍යාවන් හැදැරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වියුක්‌ත මනසක්‌ ද නැත. එහෙත් ඔවුහු ද බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට යට වී බටහිර විද්‍යාඥයන් ගේ පුහු ප්‍රකාශ පුනරුච්චාරණය කරති.

    ඉන්ද්‍රිය ගෝචර නො වන සත්ත්වයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට, ඔවුන් සමඟ සන්නිවේදනය කර ගැනීමට යම් ආකාරයක දියුණු මනසක්‌ අවශ්‍ය වෙයි. ඒ මනස සාංසාරික පුරුද්දක ප්‍රතිඵලයක්‌ විය හැකි ය. එසේත් නැතිනම් භාවනාවෙන් සිත දියුණු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එලෙස සම්බන්ධකම් ඇති කර ගැනිමට හැකියාව ලබාගන්නට ඇත. එවැනි තත්ත්වයකට පත් වීම සඳහා ද සුදුසු මනසක්‌ හා යම් කාලයක්‌ අවශ්‍ය වෙයි. බටහිර විද්‍යාඥයෝ තම තමන් ඒ ඒ විෂයයෙහි විශේෂඥයන් ලෙස සලකන්නේ අදාළ මනස හා පුහුණුව ඇති බැවිනි. බටහිර විද්‍යාවේ අත්දැකීම් ගෝචර වන්නේ මේ විශේෂඥයන්ට පමණකි. එහෙත් ඔවුහු බොරු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ගැන කියමින් ඕනෑ ම අයකුට ඒ අත්දැකීම් ලබාගත හැකි යෑයි කියති. ඒ අතර ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රාණීන් සමඟ සම්බන්ධකම් පවත්වන්නන් එසේ කරන්නේ ඔවුන් ද අදාළ ක්‍ෂෙත්‍රයෙහි විශේෂඥයන් වීමෙන් පසු බව බටහිර විද්‍යාඥයෝ අමතක කරති. ඉතා ම ඉහළ ම ගණයේ බටහිර විද්‍යාඥයකුට වුව ද අදාළ මනස හා පුහුණුව නැත්නම් ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රාණීන් සමඟ සම්බන්ධකම් පැවැත්විය හැකි නො වේ. බටහිර විද්‍යාඥයන් ඕනෑ ම අයකුට තම ක්‍ෂෙත්‍රයෙහි අත්දැකීම් ලබාගැනීමට නො හැකි බව දැන දැන ද අනෙක්‌ ක්‍ෂෙත්‍රවල අත්දැකීම් සියල්ලන්ට ම විවෘත විය යුතු යෑයි කීම මොන තරම් මගඩියක්‌ ද?

    මහාචාර්ය නලින් ද සිල්වා
     
    Last edited:
    May 25, 2010
    554
    27
    0
    Bakery
    තන්තු, ඉලෙක්‌ට්‍රොaන ආදිය මත ගොඩනැඟෙන ආකෘතිවල නිගමන අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නේ ය යන්න සියලු දෙනාට ම බලපාන ප්‍රකාශනයක්‌ නො වේ. ඒ ආකෘති ගැන දැනගැනීමක්‌ නොමැති ව ඉන් නිගමන ලබාගැනීම පිළිබඳ දැනුමක්‌ නොමැති ව එමෙන් ම ඒ නිගමන පංචෙන්ද්‍රියන්ට හසු කර ගන්නේ කෙසේ ද ....

    පුස්සෝ නලින් ද සිල්වගේ ලිපියකින් උපුටා ගත්ත නම්, ඒක දාපන්, අනුන්ගෙ ලිපි හොරකං කරන්නේ නැතුව හරියට උඹ ලිව්ව වගේ. උඹ හොරෙක්නෙ බං!:lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආයෙමත් පාරක් මම ගැන ටිකක් ලියල ඉන්න හිතුනා...
    මම අමුතු ජාතියක සතෙක් එහෙම නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක්ම තමයි. ටිකක් වෙනස් ගතිගුණ තිබුන. කල්පනාකිරීමේ හැකියාව තමයි උපරිම! ආසාව උනන්දුව ඇතුව පටන්ගත්තු හැම එකම උපරිමයටම ගියා. මේක මේ අද ඊයේ කතාවක් නෙවෙයි. මීට අවුරුදු 20-22 කාලේ ඉඳල තමයි හුඟක් දේවල් අත්දැක්කේ. මට මගේ ගැන confidence එක ගොඩ නැගිලා තියෙන්නේ, මට fit තමයි කියල තේරිච්ච දේවල් වලදී, අනික් අය බැහැයි කියපුව කරලම ලබපු අත්දැකීම් වලින්. මට ලොකු කතා දාපු, උගන්වන්න ආපු හුඟක් අයට අන්තිමට කට _ක පියාගෙන පැත්තකට වෙන්න උනා. ඉතින් ඒකට මං මොකක් කරන්නද?
    මට පස්සේ තමයි අපේ හමුදුරුවොන්ගේ උපකාරයෙන් බුදුරජානන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණේ. එතනදිත් අර කලින් වගේම උනා. එච්චරයි! මේක මේ මං කාටවත් මම වැඩකාරයා කියල පෙන්නන්න, නැත්නම් වෙන වෙන අයගෙන් නොදන්නා මොකුත් අහගන්න කරන දෙයක් නෙවෙයි. මම කලින් මිනිස්සුන්ට හදා ගන්න බැරුව ලතවෙවී හිටපු ලොකු ලොකු setups ඒවා මේවත් සුමාන ගණන්, මාස ගණන් මහන්සිවෙලා කෑල්ලෙන් කෑල්ලට, අලුත්වගේ හදල දීල තියනවා. හුඟදෙනෙක් මගේ උපකාරය ලැබුවා. හුඟක් අය ප්‍රසංසා කලා. දැනටත් ඒවා මට අමුතු දේවල් නෙවෙයි. පණ තියෙනකම් මම මමම නේ... ඉගෙන ගත්තුවා, හැකියාවල් ඉන්නකම් වැඩගන්නවා.

    එකම කතන්දරේ උනේ, ඔය electronic, computer එක්ක හැප්පිලා කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් උන උදව්, උපකාර කොච්චර කලත් හරි තාවකාලිකයි. එච්චර තේරුමක් නැහැ! ඒත් දැන් මේ ඉගෙනගන්න ලැබුණු දේ මේ ලෝකේ තියන බරපතලම, වැදගත්ම දේ... දැනගන්න ලැබුණට පස්සෙයි තේරුණේ මෙහෙම දෙකට බැස්සනම් කොච්චර ප්‍රයෝජනවත් වෙයිද, කොයිතරම් උපකාරයක්ද කියල. මට මේ බොරු සෙල්ලම් දාන අය ගැන මොකවත් කතාවක්, බලන්නවත් දෙයක් නැහැ!! අනික මේ මගේ කතාවක් නෙවෙයි. මම මේවා ඉගෙනගත්තේ අපේ හමුදුරුවොන්ගේ උපකාරයෙන්, ගෞතම බුදුරජාණන්වහන්සේගෙන්!!! බුදුහාමුදුරුවෝ තමයි උපරිම, උන්වහන්සේ තමයි මගේ ශාස්තෘන්වහන්සේ. මට දැන් මේ ජීවිත කතන්දරේ සම්බන්ධයෙන් ආයේ වෙන කිසිම කෙනෙකුගෙන් අහන්න දෙයක් නැහැ!!!

    වෙන දෙයක් තියනවා ඉතාම වැදගත්. මේ ලෝක ස්වභාවයට විරුද්ධව යන ගමනක්! ඉතින් අමාරුයි. මට අමාරුවක් නැහැ! ඔයාලට අමාරුවෙයි වෙන වෙන මනස්ගාතවලට ගියොත්. එක එක්කෙනාගෙන් එක එක විදියට අහන්න ගියාම නිවන් අවබෝධවෙන්නේ නැහැ, පිස්සු double වෙනවා විතරයි. අහනවා නම් අපේ හමුදුරුවොන්ගෙන්, නැත්නම් උන්වහන්සේ අනුව යන පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් විතරක් පිරිසුදු බුද්ධ දේශනා අහන්න. නැත්නම් පාලි ඉගෙන ගෙන ත්‍රිපිටක පොත් වහන්සේලාගේ උපකාරය ලබාගන්න. අපිත් ඔය එක එක ඒවා අහල බලනවා... දැන් කතන්දර දන්න හන්ද තේරෙනවා මුන් මේ පිස්සුනේ කෙලින්නේ කියල අහනකොටම. ඒත් මේවා නොදන්නා අය හරි පව්නේ, මෙහෙම අනාත කරලා දැම්මම! දැන දැන බලන් ඉන්න මට බැහැ. එහෙම ඉඳල පුරුදුත් නැහැ. දැන් ඉතින් කරන්න ඕනේ දේ කරන්න පටන්ගත්ත.

    මේක විතරක් හිතට ගන්න. මේ ජීවිත එකක්වත් අවුරුදු 80-100 ට වඩා යන්නේ නැහැ. ඊට පස්සේ ඉවරයි කියල හිතන් හිටියට ගියාම තේරෙනවා ඉවර නැහැ නේද? කියල. එතකොට time passed! හැමදාම අපිට වෙලා තියෙන්නේ එහෙම. මේ පාර මග හැරගන්න හදන්න එපා. ගමන හිතාගන්නවත් බැරි තරම් දරුණුයි, භයානකයි. ඒත් හැමෝටමත් බැහැ. මාත් target කළේ හිතන්න, හිතල යමක් කරන්න පුළුවන් පිරිස තමයි. ඒත් එහෙම නැති කෙනෙක් උනත්, උවමනාවෙන් එන කවුරුහරි උදව් ඉල්ලුවොත් කීයටවත් අහක බලාගන්නෙත් නැහැ! ඔයාල දන්න විදියට, ඔයාල අහල තියෙන විදියට මම වැරදියි කියල හිතුනොත්, පෙනුනොත් ඒ ඔයාල upset හන්දයි. direction එක වෙනස් කරගන්න. බුදුහාමුදුරුවෝ මාර්ගෝපදේශනය කරන්නේ නිවන් අවබෝධයට. වෙන්න ඕනේ ඒක! එහෙම නැතුව ඔයාලට අවබෝධ උනේ මම මැන්ටලයක්, මම පිස්සෙක් කියලනම් ඔය ඉන්නේ අවබෝධවෙලා නෙවෙයි නාල! අනාගෙන!! තමන්මයි හදාගන්න ඕනේ. අනික් අවංක උවමනාවකින් එන උදවිය ඔහොම යං... ආයේ වෙන වෙන අයගේ කතා වැඩක් නැහැ මම ඔයාලව හරිතැනටම ගිහින් ඇරලවනවා!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම දන්න බුද්ධාගමේ විදියටනම් පුද්ගලයෙක් නිවන් මාර්ගයට අවතීර්ණ වෙනවාත් එක්කම.. ඒ කියන්නෙ සොවාන් තත්වයට පත්වෙනවාත් එක්කම ඒ පුද්ගලයාට හීන නම් පේන්නෙ නෑ..

    ow eka nam hari! oya ahala thiyena eka kiyala thiyenne pissek. Buduhamuduruwo neweyi.;)
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ආයෙමත් පාරක් මම ගැන ටිකක් ලියල ඉන්න හිතුනා...
    මම අමුතු ජාතියක සතෙක් එහෙම නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක්ම තමයි. ටිකක් වෙනස් ගතිගුණ තිබුන. කල්පනාකිරීමේ හැකියාව තමයි උපරිම! ආසාව උනන්දුව ඇතුව පටන්ගත්තු හැම එකම උපරිමයටම ගියා. මේක මේ අද ඊයේ කතාවක් නෙවෙයි. මීට අවුරුදු 20-22 කාලේ ඉඳල තමයි හුඟක් දේවල් අත්දැක්කේ. මට මගේ ගැන confidence එක ගොඩ නැගිලා තියෙන්නේ, මට fit තමයි කියල තේරිච්ච දේවල් වලදී, අනික් අය බැහැයි කියපුව කරලම ලබපු අත්දැකීම් වලින්. මට ලොකු කතා දාපු, උගන්වන්න ආපු හුඟක් අයට අන්තිමට කට _ක පියාගෙන පැත්තකට වෙන්න උනා. ඉතින් ඒකට මං මොකක් කරන්නද?
    මට පස්සේ තමයි අපේ හමුදුරුවොන්ගේ උපකාරයෙන් බුදුරජානන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණේ. එතනදිත් අර කලින් වගේම උනා. එච්චරයි! මේක මේ මං කාටවත් මම වැඩකාරයා කියල පෙන්නන්න, නැත්නම් වෙන වෙන අයගෙන් නොදන්නා මොකුත් අහගන්න කරන දෙයක් නෙවෙයි. මම කලින් මිනිස්සුන්ට හදා ගන්න බැරුව ලතවෙවී හිටපු ලොකු ලොකු setups ඒවා මේවත් සුමාන ගණන්, මාස ගණන් මහන්සිවෙලා කෑල්ලෙන් කෑල්ලට, අලුත්වගේ හදල දීල තියනවා. හුඟදෙනෙක් මගේ උපකාරය ලැබුවා. හුඟක් අය ප්‍රසංසා කලා.

    මේ කෙහෙල්මල් උඹ මේ කියන්නෙ තුන්වෙනි පාරට. හිතල බලපං උඹේ අප්සෙට් එක මොකක්ද කියල, මේ කතායි, උඹ නිවන් දැක්කයි කියන එකයි, ඔක්කොම එකට ගත්තම තේරෙන එවුන්ට තේරෙනව මොකද්ද වෙලා තියෙන්නෙ කියල. උඹ පවු බං.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කිඹුලා බනිස්;8202898 said:
    ඒයි පුස්සෝ, බුද්ධාගමේ ප්‍රර්තනා කරල දෙවල් ගන්න බැරිබව උඹ අදද දැනගත්තේ. ඇයි බං කිරිබත්ගොඩය බුදුරැස් පෙන්නන්න ගිහින් කිච වුනේ මාරයගේ වැඩ හින්දද මචං. නිකම් සැබෑ බුද්ධාගම විකෘති නොකර ඉඳපං.

    උඹලගේ කිරිබත්ගොඩයට වඩා දැනුම බුද්ධිය , සීලය තියෙන වල්පොල රාහුල හාමුදුරුවො (What the Buddha Taught, published by Buddhist cultural centre, Kandy ), සහ පියදස්සී හාමුදුරුවො (The Buddha's Ancient Path,
    published by Rider & Company, UK ) ලියපු පොත්වල මාරය ගැන නැත්තේ ඒ උගත් ධර්මධර භික්ෂූන් වහන්සේලා බුදු දහම නොදන්න නිසාද?. උඹ නං ඉතින් ඔය උඩින් තියෙන පොත්වත් ඔය කියන හාමුදුරුවරු වත් දන්නේ නෑ. කිරිබත්ගොඩයගේ ගොඩේ බන අහ අහ බයිල කියපන්.

    මේ වගේ උගත් හාමුදුරුවරුන්ට වඩා කිරිබත්ගොඩයයි දමිත වගේ පිස්සොයි බුද්ධාගම දන්නව ද කියලා නුවනැත්තෝ නුවනින් විමසා බලත්වා. :lol:

    එකනම් ඇත්ත . නුවනැත්තෝ නුවණින්ම තමයි විමසලා බලන්න ඕනේ . ඉතින් ඕක ඔයතරම් දගලන්න ඕනේ කාරණයක් නෙමෙයිනේ . බුදුහාමුදුරුවොම කියල තියන්නේ කරුවත් කියපු නිසා හෝ පොතක තියන නිසා හෝ පිළිගන්න එපා කියල . එහෙම එකේ ඔය ඇයි මේ හමුදුවන් වහන්සේලාගේ නම් සදහන් කර කර කැගහන්නේ ? අතටම අපි කරන්න ඕනේ හමුදුරුඕ කව්ද කියන එක නෙමෙයි කියල දෙන දර්මය හොදින් අහල හරි දේ තේරුම් අරගෙන අහන පිළිපදින එකයි . එහෙම නැතුව ඔය ඔය කියන විදිහට උගත් කමවත් පන්දිතකමවත් වැඩක් නෑ දර්මය තේරුම් ගන්න . මොකද ඔය සුවමින් වහන්සේලා අපිට කියල දෙන්නෙත් බුදුන් දෙසන කරපු දර්මය . එහෙම එකේ ඔය මේ කිරිබත්ගොඩ දර්මය , පියදස්සී දර්මය , වල්පොල දර්මය කියල ඕක පටල ගන්න වෙන් කරන්න එපා . අනික ඔය ඔය කියන කිසිම කෙනෙක් හමන් අවබෝද කරපු දර්මයක් නෙමෙයිනේ අපිට කියන්නේ . බුදුන් වදාල දර්මයම තමයි . ඉතින් ඇයි ඔය මේ තරම් ලස්සන මිහිරි වචන වලින් කැ ගහල ඔයාගේ බුද්දිමත් බව අපිට පෙන්නන්නේ ?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කිඹුලා බනිස්;8202980 said:
    පුස්සෝ නලින් ද සිල්වගේ ලිපියකින් උපුටා ගත්ත නම්, ඒක දාපන්, අනුන්ගෙ ලිපි හොරකං කරන්නේ නැතුව හරියට උඹ ලිව්ව වගේ. උඹ හොරෙක්නෙ බං!:lol::lol::lol:

    ඔව් ඔව් මේක මම ලියපු එකක් නෙමෙයි . මහාචාර්ය නලින් ද සිල්වා ගේ ලිපියක් . සමාවෙන්න සදහන් කරන්න බැරි උනාට .
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    එකනම් ඇත්ත . නුවනැත්තෝ නුවණින්ම තමයි විමසලා බලන්න ඕනේ . ඉතින් ඕක ඔයතරම් දගලන්න ඕනේ කාරණයක් නෙමෙයිනේ . බුදුහාමුදුරුවොම කියල තියන්නේ කරුවත් කියපු නිසා හෝ පොතක තියන නිසා හෝ පිළිගන්න එපා කියල . එහෙම එකේ ඔය ඇයි මේ හමුදුවන් වහන්සේලාගේ නම් සදහන් කර කර කැගහන්නේ ? අතටම අපි කරන්න ඕනේ හමුදුරුඕ කව්ද කියන එක නෙමෙයි කියල දෙන දර්මය හොදින් අහල හරි දේ තේරුම් අරගෙන අහන පිළිපදින එකයි . එහෙම නැතුව ඔය ඔය කියන විදිහට උගත් කමවත් පන්දිතකමවත් වැඩක් නෑ දර්මය තේරුම් ගන්න . මොකද ඔය සුවමින් වහන්සේලා අපිට කියල දෙන්නෙත් බුදුන් දෙසන කරපු දර්මය . එහෙම එකේ ඔය මේ කිරිබත්ගොඩ දර්මය , පියදස්සී දර්මය , වල්පොල දර්මය කියල ඕක පටල ගන්න වෙන් කරන්න එපා . අනික ඔය ඔය කියන කිසිම කෙනෙක් හමන් අවබෝද කරපු දර්මයක් නෙමෙයිනේ අපිට කියන්නේ . බුදුන් වදාල දර්මයම තමයි . ඉතින් ඇයි ඔය මේ තරම් ලස්සන මිහිරි වචන වලින් කැ ගහල ඔයාගේ බුද්දිමත් බව අපිට පෙන්නන්නේ ?

    ඒකනම් ඇත්ත... :yes::yes:
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    එකනම් ඇත්ත . නුවනැත්තෝ නුවණින්ම තමයි විමසලා බලන්න ඕනේ . ඉතින් ඕක ඔයතරම් දගලන්න ඕනේ කාරණයක් නෙමෙයිනේ . බුදුහාමුදුරුවොම කියල තියන්නේ කරුවත් කියපු නිසා හෝ පොතක තියන නිසා හෝ පිළිගන්න එපා කියල . එහෙම එකේ ඔය ඇයි මේ හමුදුවන් වහන්සේලාගේ නම් සදහන් කර කර කැගහන්නේ ? අතටම අපි කරන්න ඕනේ හමුදුරුඕ කව්ද කියන එක නෙමෙයි කියල දෙන දර්මය හොදින් අහල හරි දේ තේරුම් අරගෙන අහන පිළිපදින එකයි . එහෙම නැතුව ඔය ඔය කියන විදිහට උගත් කමවත් පන්දිතකමවත් වැඩක් නෑ දර්මය තේරුම් ගන්න . මොකද ඔය සුවමින් වහන්සේලා අපිට කියල දෙන්නෙත් බුදුන් දෙසන කරපු දර්මය . එහෙම එකේ ඔය මේ කිරිබත්ගොඩ දර්මය , පියදස්සී දර්මය , වල්පොල දර්මය කියල ඕක පටල ගන්න වෙන් කරන්න එපා . අනික ඔය ඔය කියන කිසිම කෙනෙක් හමන් අවබෝද කරපු දර්මයක් නෙමෙයිනේ අපිට කියන්නේ . බුදුන් වදාල දර්මයම තමයි . ඉතින් ඇයි ඔය මේ තරම් ලස්සන මිහිරි වචන වලින් කැ ගහල ඔයාගේ බුද්දිමත් බව අපිට පෙන්නන්නේ ?

    කතාවනම් සම්පුර්න ඇත්ත, මෙයාට තියෙන්නේ වෙනම ලෙඩක්, කිරිබත්ගොඩ හාමුදුරු වො ගැන මෙයාට මොකක් හරි ප්‍රස්නයක් තියෙනව වගෙ, තමන්ගෙ පුද්ගලික ප්‍රස්න මෙතෙන්ට අදාල කරගන්නෙ නැතුව වැරදි දෙයක් තියෙනවනම හරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව බුද්දිමත් විදිහට පෙන්වලා දෙනවනම් නේද වැදගත්.
     
    Last edited:

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    @Damith Kariyawasam
    කැඩිච්ච් එකක් හදන එක expert කමක් කියලා මටනම් හිතෙන්නෙ නෑ.(එවා design කරපු අයට මොකක්ද කියන්න වෙන්නෙ) ඔබතුමා එවා නොකැඩෙන්න හදන එකනම් පුදුමයි original එවත් කැඩුන එකේ.