අම්මේ ...

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    "අම්මේ මතකයි නම්, මම පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා..
    අම්මේ මතකයි නම්, මම පොඩි කාලේදී මා ළඟ නිදිවැරුවා "

    මම මගේ අම්මට ගොඩක් ආදරෙයි, මම මගේ අම්මට ගොඩක් සලකන්වා. කව්රු හරි අපෙන් ඇහුවොත් අපි අපි අම්මට ආදර්ද කියලා අපි හැමෝම ඔහොමතමා කියන්නෙ. ඒත් මම හිතනවා අපි අපේ අම්මලට ආදරේ කරනවා සලකනවා මදි කියලා. අපේ අම්මල අපි වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද ? මම මේ ඔයාල එක්ක හිනාවෙල කතා කරල elakiri එකේ ඉන්නෙත් මාව අම්ම ආදරෙන් බලාගත්ත නිසානේ. හිතල බලන්න ඔයාල මේ ලිපිය කියවන වෙලාවෙත් කොච්චර මම වගේ අය ඉන්නවා ඇතිද අම්මා නැතිව තනිවෙලා.. කොච්චර පොඩි ලමයි ඉන්නවා ඇතිද මව් කිරිවත් නැතිව.. ඒ අතින් මම, අපි වාසනාවන්තයි. අනාතයෝ අසරණයෝ නෙමේ.

    ගොඩක් අය බාහිර ආදරයක් නිසා ඒ කියන්නෙ ආදරවන්තියො, ආදරවන්තයො නිසා අම්මලව අතාරිනවා, දුක් දෙනවා..සල්ලි නිසා වදපු අම්මවත් පාවලදෙන අය මම දැකල තියනවා. අපි කෙල්ලො ටෝක් කරන්න ඕනි, ආතල් ගන්න ඕනි. මොකද අපිත් කොල්ලොනේ.. ඒත් අපි අපේ අම්මලව අමතක කරන්න හොඳ නැහැ.දුක් දෙන්න හොඳ නැහැ.


    "ඳඟකාරයි මම ඔබේ එකම පුතු
    අහුවෙන්නේනම් නෑ අම්මේ

    වියතක් හරහට සාය පලාලා ඳඟයුග පෙන්නා ඇවිදිද්දී
    මගේ කොළුකම, කොස් කොටන්නදෝ අම්මේ .. "
    හිතන්න, අපිට කරදරයක් උනාම අපේ ලඟ ඉන්න, අපේ ඔලුව අතගාල අදරෙන් පුතේ, දුවේ කියල කතා කරන්න ඉන්න අපේ අම්ම විතරයි අපිට. අපි මොන විදිහකට කොහේ කොතනක උන්නත් ඒ මගේ පුතා කියල ආදරෙන් කත කරන්න ඉන්නෙ අපේ අම්ම විතරයි. ඒ අපේ අම්මලට අපි ආදරේ කරනවටවඩා අම්මලා අපිට ආදරේ නිසා ..

    ඒ වගේම මේ අම්මා කියන වචනයට අරුතක් දෙන්න, ශක්තියක් වෙන්න, ආලොකයක් වෙන්න තව උතුම් පුද්ගලයෙක් ඉන්නවා. ඒ අපිව හැදූ තාත්තා .. අම්මලගේ ලේ කිරි වෙද්දී, තත්තගේ දහඩිය උත්සහය අපිව හැඩිදැඩි කරනවා, අපේ අනාගතය ශක්තිමත් කරනවා ..ඒත් මේ තාත්තා කියන උතුම් චරිතය ගැන කතාවෙනවා, මේ සමාජයේ මේ ලෝකයේ හරි අඩුයි. ඒ මොකද කියලා මමවත් දන් නෑ ..බලාගෙන ගියාම මේ කතාවත් ඇත්ත තමා ..


    " පිය සෙනෙහසට කවි ගුණ ලියවුනා මදී .. "

    අපි අපේ අම්මව ,තාත්තව ආදරෙන් බාලාගන්න ඔනි හැමදාමත්. අපිට එයාලව ඕන වෙද්දි අපේ ගාව උන්නා, අපිව තනි කලේ නැහැ. අම්මට තත්තට අපිව ඔනි වෙලාවට අපි එයාලගේ ළඟට වෙලා ඉන්න ඕනි. කවමදාවත් වැදූ අම්මව හැදූ තාත්තව අමතක කරන්න එපා .. තනිකරන්න එපා ..
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    maxxa thread එක max... මාපිය සැලකීම නොදන්න අද සමාජයට හොද කාලීන ලිපියක් machan....
    keep it up
    rep+