මම කියපු ප්‍රධාන පෝලිම තමයි එයාලටත් යන්න ඕනා. උප්පැන්න සහතිකේ, ජා.හැ. පතයි, වෛද්‍ය සහතිකයයි අරගෙන යන්න ඕනා. ටෝකන් එකක දෙනවා ගියාම. ඒ නොම්මරේ කතා කරාම ඇතුලට යන්න. ඇතුලට ගියාම තියෙන්නේ ලොකු ශාලාවක්. ඔක්කොම කවුන්ටර එතන තියෙන්නේ. පළවෙනියට වාඩෙවෙන කවුන්ටරෙන් පින්තූරයි ඇඟිලි සලකුණුයි ගන්නවා. ඊට පස්සේ ෆෝම් එක දෙනවා පුරවන්න. පෑනක් අරගෙන යන්න මතක ඇතුව. ෆෝම් එක පුරවලා 14-25ත් අතර කවුන්ටරයකට යන්න කියයි. එතනින් ඔක්කොම ලියකියවිලි ස්කෑන් කරගන්නවා. අන්තිමට මුදල් ගෙවන තැනින් පහසු දිනයල් ලිඛිත පරීක්ෂනය සඳහා වෙන් කරවා ගන්න පුලුවන්.
ට්‍රයල් පෙන්නන දිනයක් ගන්නත් පුලුවන් නේද එදාටම?
උප්පැන්න සහතිකේ මුල් පිටපත් ද අරන් යන්න ඕන?



