නැතිවුණු ලැප්ටොප් හොයාගන්න

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    නැතිවුණු_ලැප්ටොප්_හොයාගන්න

    මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි.


    Prey

    http://preyproject.com/


    ලැප්ටොප් එකක් කියන්නෙ ටිකක් වියදම් කරලා ලබාගන්න උපකරණයක්නේ. ගොඩ දෙනෙක්ගේ ජීවිත දුවන්නෙ ඔය යන්තරේ ඇතුළෙ තමයි. ඉතින් ඔය මැසිමක් නැතිවුණොත් එහෙම ජීවිතේ pause කරා වගේ තත්ත්වයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අවාසනාවට ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත්, ලැප්ටොප් එක හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලබාදෙන මෘදුකාංගයක් තමයි මේ Prey කියන්නෙ.

    මේක භාවිතා කරන්න ඔවුන් ලබාදෙන මෘදුකාංගය අපේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕන මුලින්ම. මේක වින්ඩෝස්, ලිනක්ස් හා මැක් තුනටම තියෙන නිසා කිසිම අවුලක් නෑ. ඊටපස්සෙ ඔවුන්ගේ වෙබ් අඩවියට අපේ යන්තරේ එකතු කරන්නයි තියෙන්නෙ. මේ මෘදුකාංගය ස්ථාපනයට කරාට පස්සේ ඒක තියෙන බවක්වත් දැනෙන්නෙ නෑ.

    බැරිවෙලාවත් යන්තරේ අස්ථානගත වුණොත් අපට කරන්න තියෙන්නෙ Prey වෙබ් අඩවියට ගිහින් යන්තරේ නැතිවුණු බව සලකුණු කරන එකයි.

    Fullscreen-capture-5102010-115327-AM.jpg



    Prey Report
    එතකොට මැසිම අහල පහල WiFi hotspot එකක් තියෙනවා නම් ඒකට ස්වයංක්‍රීයව සම්බන්ධ‍ වෙලා අපි සටහන් කරන කාල වේලාවට අනුව Prey මගින් විස්තර සහිත වාර්තා අපට ලබාදෙනවා. මේ වාර්තාවට Geo-location මගින් ස්ථානය (WiFi හෝ GPS), මැසිමේ තොරතුරු, ඒ අවස්ථාවේ තිරපිටපතක්, කැමරාවක් තියෙනවා නම් ඒකෙන් ලබාගන්න පින්තූරයක්, දැනට වෙනස් වෙලා තියෙන ගොනු, සක්‍රිය වෙලා තියෙන සම්බන්ධතා, ධාවනය වන මෘදුකාංග වගේ විස්තර රැසක් අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මැසිම ළඟපාතක තියෙනවා නම් හොයාගන්න alert sound එකක් නිකුත් කරන්නත්, මේ හොරකම් කරපු මැසිමක් බව කියන පණිවිඩයක් යවන්නත්, වෝල්පේප‍ර් වෙනස් කරන්නත් මේ මෘදුකාංගයට පුළුවන්.

    ලැප්ටොප් එකක් නැතිවුණොත් ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියන එක කියන්න අමාරු වැඩක්. හොරකම් කරපු මනුස්සයා ඕක ෆෝමැට් කරොත් එහෙම නේද? ඒ වුණත් මේ වගේ මෘදුකාංගයකින් මැසිම හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙනවා කියන එක කවුරුත් පිළිගනීවි. එහෙම දේවල් වෙලා මීට කලින් සිදුවෙලා තියෙනවා



    Source:blog.malinthe.com

    Credit goes to original author
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Silent but deadly
    Basically you install a tiny agent in your PC or phone, which silently waits for a remote signal to wake up and work its magic.

    This signal is sent either from the Internet or through an SMS message, and allows you to gather information regarding the device's location, hardware and network status, and optionally trigger specific actions on it.

    prey-overview.png
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    mage lap eka nam kohe dala giyath mama eka lock karala danawa....ai ban lap wala tiyenne aran yanna unoth kadalama tama aran yanna wenne

    nathnam okatath car security system ekak dammanam hari lap eka athagana kotama siren eka enawa...
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    itin ban oka horakam karagena gena gihin tak gala format kaloth wade kela weine...nathnam e software eka uninstall kaloth..????



    Can Prey be removed by a thief?
    Not unless he has your administrative password.

    And what if he formats the computer?
    That’s a different story. We encourage you to add a BIOS password and disable booting from removable devices on your PC, so that the thief will be forced to boot into the previous installation and thus, not be able to format your hard disk easily.

    If you have a Mac, there’s a firmware password utility on your Mac OS installation DVD. You can find it in in Applications/Utilities on the disc.
    :):):cool::cool:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    meken Auto Bioss Pass ekath watenawada...?????nathnam api danna onada...


    Ado oka aran mama game giyanam ahuwenne nane....ehe oya gadget nane...he he
     
    Last edited: