ලැප්ටොප් එකක් ගමු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,453
    113
    VnEBviD.png


    කාලෙකට පස්සේ හෑල්ලක් ලියන්න හිතුනා..ලියන්න හිතුනේ නම් පහුගිය ටිකේ කීපදෙනෙක් ලැප්ටොප් මිලදී ගන්න දාපු ත්‍රෙඩ් දැකලා සහ ෆේස්බුක් එකේ දැකපු ලැප්ටොප් ඇඩ් එකක් නිසා...උඩ තියෙන්නේ ඒ ඇඩ් එක.මුලින්ම කියන්න ඕනේ මේ ත්‍රෙඩ් එක දාන්නේ ලැප්ටොප් එකක් වෙනුවෙන් ලක්ෂ 2-3ක් හෝ ඊටත් වැඩියෙන් වියදම් කරන්න පුලුවන් සුලුතරය වෙනුවෙන් නෙමෙයි කියලා.උපරිම ලක්ෂ එක හමාරක් හෝ ඊටත් අඩුවෙන් ලැප්ටොප් හොයන අය වෙනුවෙන් .කීපදෙනෙකුට හරි මේ හෑල්ල උදව්වක් වෙයි කියලා හිතනවා(ත්‍රෙඩ් එකේ හුගක් තැන්වල හයිපර්ලින්ක් තමයි වැඩිපුර පාවිච්චි කලේ.මොකද ත්‍රෙඩ් එකක දාන්න ඉඩ දීලා තියෙන පොටෝස් වීඩියෝ ගණනට සීමා පනවලා තියෙන නිසා.)

    ඒ කියන ගණන්වලට ලැප්ටොප් හොයාගෙන මේකේ ත්‍රෙඩ් දාන මිනිස්සුන්ට සමහරු දෙන උත්තර ඇහුවාම ඇත්තටම හිතෙනවා ත්‍රෙඩ් එක කියවලාවත් නෙමෙයිද මේ උත්තර දෙන්නේ කියලා..

    "තව කීයක් හරි දාලා ඉන්ටෙල් 13 gen හෝ ඊට ඉහල ජෙන් එකක ප්‍රොසෙසර් එකක් එන ලැප් එකක් ගන්න" .. ඔන්න ඔය වචන සෙට් එක, අර කියපු ජාතියේ ත්‍රෙඩ් වල අනිවාර්යෙන්ම තියෙනවාමයි.බජට් එකට ,අඩු ගානකට ලැප්ටොප් එකක් හොයාගෙන එන මනුස්සයෙකුට එහෙම උත්තරයකින් වැඩක් නෑනේද? මමත් ලැප්ටොප් එකක් හොයද්දී ඔය උත්තරයම මටත් ලැබුණු නිසා තමයි එහෙම කියන්නේ.අනිත් මිනිස්සුත් තමන්ගේ ආර්ථික තත්ත්වයේම ඉන්නවා කියලා හිතලා අදහස් දැක්වීමක් මෝඩ වැඩක් නේද

    දැන් ඉතින් උඩ කිව්ව කොට්ඨාශ දෙකේ කට්ටිය රෙද්ද උස්සන් ඇවිත් ත්‍රෙඩ් එක හාන්න එපා.

    ලැප්ටොප් ගත්තම ඒ ඒ වැඩේට ගැලපෙන විදියේ ලැප්ටොප් ක්ලාස්/ග්‍රේඩ්/සීරීස් එහෙම තියෙනවා කියලා බහුතරයක් දෙනා දන්නවා ඇති නේ.අපි දැන් මෙතන ගේමින් ලැප්ටොප් ගැන කතා කරන්න යන්නේ නෑ.මොකද ලක්ෂයට එක හමාරට ගේමින් ලැප්ටොප් හොයන්න නෑ දැන් මාකට් එකේ..තිබ්බත් එන්ට්‍රි ලෙවල්,හද්ද පරණ එහෙම නැත්නම් පට්ට ගහපුවා,වැඩිය ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ් එකක ඒවා තමයි.

    අපේ අවදානය දෙන්නේ කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් සහ බිස්නස් ක්ලාස් ලැප්ටොප්වලට.


    සාමාන්‍යයෙන් කම්පැනි එකකට ලැප්ටොප් ගන්නකොට ලෙනොවෝ බ්‍රෑන්ඩ් එකෙන් ගන්නවා නම්,

    ඔවුන් යන්නේ yogas සීරීස් එකට නෙමෙයි thinkpads line එකට.

    Dell බ්‍රෑන්ඩ් එකෙන් ගන්නවා නම් යන්නේ inspirons සිරීස් එකට නෙමෙයි latitudes සීරීස් එකට.

    ඇපල් බ්‍රෑන්ඩ් එකේ ලැප්ටොප් වලට ගියොත් යන්නේ මැක්බුක් ප්‍රෝ සීරීස් වගේ එකකට.

    HP බ්‍රෑන්ඩ් එකෙන් ගන්නවා නම් ඔවුන් යන්නේ EliteBook වගේ සීරීස් එකකට.

    Acer බ්‍රෑන්ඩ් එකට යනවා නම් TravekMate වගේ සීරිස් එකකට..

    මොකද මේවා තමයි ඒ ඒ බ්‍රෑන්ඩ් වල බිස්නස් සීරීස් ලැප්ටොප්..දැන් ඉතින් ලැප්ටොප් මාකට් එකේ තියෙන ඔක්කොම බ්‍රෑන්ඩ්වල බිස්නස් ක්ලාස් ටික මෙතන කියන්න ගියොත් හෑල්ල තව දික් වෙනවානේ..

    w4WFGyC.png




    ලැප්ටොප් ගත්තම විවිධ දේවල් පාදක කරගෙන ඒවා වර්ගීකරණය කරන්න පුලුවන්.

    ලැප්ටොප් එකෙන් කරන වැඩ අනුව වර්ග කිරීම එක විදියක්.ඒ කියන්නේ නිෂ්පාදකයෝ මේ ලැප්ටොප් එක හදන්නේ විශේෂිත කාර්යයක් ටිකක් වෙනුවෙන්.සමහර වෙලාවට ඒවායින් පිට දේවල් කරන්න තරම් පවර් එකක් හැකියාවක් ඒ ලැප්ටොප් එකේ ඇතුලත් කරලා තියෙන හාඩ්වෙයාර් වලින් අපිට ලබා ගන්න බැරි වෙන්න පුලුවන්.


    1.කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් - මේකට General Purpose ලැප්ටොප් කිව්වත් කමක් නෑ.

    මේ ග්‍රේඩ් එක යටතට වැටෙන ලැප්ටොප්වල බොහෝදුරට හයි එන්ඩ් ප්‍රොසෙසර්,ග්‍රැෆික් කාඩ් එහෙම ඇතුලත් වෙන්නේ නෑ.මෙමරි/ස්ට්‍රෝරේජ් ගත්තත් හොඳම බ්‍රෑන්ඩ්වල ,හොඳම ස්පීඩ් තියෙන ඒවා නැතුව තමයි එන්නේ.මේ ලැප්ටොප් හොඳයි අපේ පුද්ගලික පාවිච්චියේදී එදිනෙදා වැඩ කරගන්න.ඒ කිව්වේ වෙබ් බ්‍රවුසින්,වීඩියෝ බලන්න වගේ දේවල්වලට.ලොකුවට පවර් එකක් අවශ්‍ය නැති වැඩ කරගන්න.හෑල්ල පටන් ගද්දී අර මුලින්ම තිබ්බ ඇඩ් එක දැන් මතක් වෙන්න ඕනේ..ලක්ෂයට අඩු කරලා දෙනවා කිව්ව ලැප්ටොප් එක.මේවායේ එන්නේ අඩු වොට් ගානක් පාවිච්චි කරන intel හෝ AMD U series වගේ ප්‍රොසෙසර් නැත්නම් ඇඩ් එකේ තිබ්බ Celeron වගේ වැඩිය අහලා නොපුරුදු ප්‍රොසෙසර් තමයි.බොහෝ දුරට ඉන්ටෙල් i3/i5 ප්‍රොසෙසර්.එතකොට රැම් එහෙම 4G/8GB වගේ..මේවායේ තියෙන එක වාසියක් තමයි ප්‍රොසෙසර් වල වොට් ගාන අඩු නිසා බැටරිවලින් වැඩි වෙලාවක් වැඩ කරන්න පුලුවන් වීම.මිල අඩුයි කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.කල්පැවැත්ම,බිල්ඩ් කොලිටිය අඩු එක අවාසියක්.අනිත් ප්‍රශ්නය අලුත්වැඩියා කිරීම් ලේසි නෑ.උදාහරණයකට HP වගේ බ්‍රෑන්ඩ් එකක කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් එකක් ගත්තොත්,ඒවායේ එන කීබෝඩ් එක top case එකට බට් කරලා එන්නේ.ඉතින් කීබෝඩ් එකේ අවුලක් ආවොත් රිපෙයාරින් කරන්න යන කාලය වැඩියි.දැන් එන හුගක් කන්සියුමර් ලැප්ටොප්වල කොම්පොනන්ට්ස් ඔය top case එකට අමුණලා එන්නේ.ඉතින් ආර්ථිකය අතින් උඩින් ඉන්න රටවල්වල නම් කරන්නේ අවුල තියෙන කීබෝඩ් එක අර top case එකත් එක්කම අයින් කරනවා.හැබැයි ඊට කලින් ෆෝල්ට් එක තියෙන top case එකේ මදර්බෝඩ් එකට අදාල කොම්පොනන්ට්ස් ඔක්කොම අලුත් top case එකට මාරු කරන්න ඕනේ..
    පොදුවේ කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් වලට හැදින්වීමක් දුන්නොත් ඔහොම තමයි කියන්න වෙන්නේ.හැබැයි කෙනෙක් උදාහරණ විදියට Lenovo,HP,Dell brands වල කන්සියුමර් ග්‍රේඩ් එකේ මොකක් හරි සීරීස් එකක ලැප්ටොප් එකක් පෙන්නලා,මේ තියෙන්නේ H series සීරීස් ප්‍රොසෙසර්,මෙන්න සෙපරේට් ග්‍රැෆික් කාඩ්..කියලා කියන්න පුලුවන්.කන්සියුමර් ග්‍රේඩ් එකේ සමහර සීරීස් ලෝ එන්ඩ්,මිඩ් රේන්ජ්,ප්‍රිමියම් වගේ කඩලා නිෂ්පාදකයෝ විවිධත්වයක් හදලා තියෙනවා.ඉතින් අර ප්‍රිමියම් මොඩල් ගත්තම අඩු වොට් ගානේ ප්‍රොසෙසර් ,ඉන්ටර්ග්‍රේටඩ් ග්‍රැෆික් ගැන කියපු කතාව ඒවාට නොගැලපෙන්න පුලුවන්.ඒත් අනිත් කාරණවලදී ප්‍රිමියම් මොඩල් එක තවදුරටත් කන්සියුමර් ග්‍රේඩ් එකේම තමයි රැදෙන්නේ.



    2.බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්

    මේ ග්‍රේඩ් එකේ ලැප්ටොප් හදන්නේ කම්පැණි ටාගට් කරලා.කන්සියුමර් ග්‍රේඩ් එකත් එක්ක බැලුවම බිස්නස් ග්‍රේඩ් එකේ ලැප්ටොප්වල බිල්ඩ් කොලිටිය ඉස්තරම්..කල්පැවැත්මත් සෑහෙන්න හොඳයි.ලොකු ලොකු කම්පැණි ටාගට් කරලා හදන නිසා මේවායේ සෙකියුරිටි පැත්තත් හොඳයි.ෆේස් අන්ලොක්,ෆින්ගර් ප්‍රින්ට් රීඩර් වගේ දේවල් තියෙනවා.හොඳ පෝර්ට් කලෙක්ෂන් එකක් තියෙනවා.සමහර මොඩල් වල සිම් එකක් දාලා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න පුලුවන්.එතකොට රෙපෙයාර් කරන්න අප්ග්‍රේඩ් කරන්න ලේසියි මේ මැෂින්.කන්සියුමර් ලැප්ටොප් එකට අවුරුද්දක් වොරන්ටියක් ලැබෙනවා නම් බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්වලට අවුරුදු 3ක් වගේ වෙනකම් වොරන්ටි ගන්න පුලුවන්.ඔෆිස් වල වැඩිපුර පාවිච්චියට ගන්න නිසා බැටරි ලයිෆ් එකත් පැය 8 ක් වගේ වෙනකම් ඕන වෙන නිසාත්,වැය වන ශක්තිය අඩු කරගන්න මේ මැෂින් වලත් බහුලවම පාවිච්චි වෙන්නේ U series ප්‍රොසෙසර් තමයි.බොහොම සුළු ප්‍රමාණයක තමයි H සීරීස් ප්‍රොසෙසර් එන්නේ.ඒ නිසා මේ මැෂිනුත් ගේම් ගහන්න,වෘත්තීය මට්ටමේ වීඩියෝ /පොටෝ එඩිටින්/ත්‍රීඩී මොඩ්ලින් වගේ බර වැඩ වලට ගැලපෙන්නේ නෑ.බ්‍රැන්ඩ් නිව් ගන්නවා නම් මේ මැෂින් මිල අධිකයි.බජට් කන්සියුමර් ග්‍රේඩ් බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප්වලට යන පිරිසෙන් කොටසක් හරි සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්වලට යවන්න පුලුවන් නම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම යම් තරමකට අඩු කරන්නත් පුලුවන්.

    හැබැයි ලෙනොවෝ බ්‍රැන්ඩ් එකට ගියාම ඒ ගොල්ලෝ වර්ක්ටේෂන් ලැප්ටොප් ටිකත් තින්ක්පෑඩ් ගොඩටම දාලා තියෙන්නේ.තින්ක්පෑඩ් කියන්නේ ලෙනොවෝලාගේ බිස්නස් ග්‍රේඩ් එකනේ..එහෙම බැලුවම උඩ දීපු පැහැදිලි කිරීමත් එක්ක පරස්පරයක් එනවා.මොකද වර්ක්ටේෂන් ලැප්ටොප්වල හයි එන්ඩ් ප්‍රොසෙසර්,ග්‍රැෆික් කාඩ් තමයි එන්නේ.හැබැයි බැටරි ලයිෆ් අන්තිමයි.ග්‍රේමින් ලැප්ටොප් වගේම ප්ලග් කරගෙනම තමයි වැඩ කරන්න වෙන්නේ.



    3.ගේම්න් ලැප්ටොප්

    මේවා ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..හොඳම,ප්‍රබලම ප්‍රොසෙසර්,ග්‍රැෆික් කාඩ් තමයි මේවායේ අඩංගු වෙන්නේ.මිල අනුව ඉතින් තියෙන ග්‍රැෆික් කාඩ් එක එන්ට්‍රි ලෙවල්ද හයි එන්ඩ්ද කියන එක වෙනස් වෙනවා.හොඳ පෝර්ට් කලෙක්ෂන් එකක්,හොඳම මට්ටමේ ඩිස්ප්ලේ එහෙම තියෙනවා.වැඩ වගේම තමයි මිලත්..බැටරි ලයිෆ් ගැන නම් කතා කරන්න දෙයක් නෑ.ප්ලග් කරගෙනම තමයි ඉන්න වෙන්නේ.ගේමින් ලැප්ටොප්වලත් බජට් සිරීස්,හයි පර්ෆෝමන්ස් සීරීස් වගේ බෙදීම් බලාගන්න පුලුවන්.



    ඕනේ නම් අපිට වර්ක්ටේෂන් ලැප්ටොප් 4 වෙනි කොටස විදියට ගන්න පුලුවන්.හැබැයි සමහර නිෂ්පාදකයෝ මේ ලැප්ටොප් මාදිලිය ඔවුන්ගේ බිස්නස් ක්ලාස් එක ඇතුලටම ඔබලා තියෙනවා.වර්ක්ටේෂන් ලැප්ටොප් ටාගට් කරන්නේ පවර් එක උපරිමයෙන් අවශ්‍ය වැඩ වෘත්තිය විදියට කරන පිරිස් සඳහා.ඉංජිනේරුවෝ,ගෘහ නිර්මාණ ශිල්පියෝ,මියුසික්,චිත්‍රපට වගේ ප්‍රොඩියුෂ් කරන උදවිය වෙනුවෙන්..සමහර වෙලාවට මේවා ගේමින් ලැප්ටොප්වලට වඩා වැඩි මිලට විකිනෙනවා.



    ඕනේ නම් අපිට බ්‍රෑන්ඩ් එකක් දෙකක් උදාහරණයකට අරන් උඩ කියපු බෙදීම පැහැදිලි කරන්න පුලුවන්.

    පලවෙනි එක විදියට ටොෂීබා ගමුකෝ.දැන් නම් ටොෂීබා ලැප්ටොප් එන්නේ නෑ.දැන් ඒක Dynabook විදියට රිබ්‍රෑන්ඩ් කරපු කතාවක් යන්නේ.

    SvMTLYh.png




    මෙතන අඩුවක් තියෙනවා වගේ පේනවද? ටොෂීබා සමාගම වැඩිපුරම නිෂ්පාදනය කලේ කන්සියුමර් සහ බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්.ඔවුන් ගේමින්,වර්ක්ටේෂන් ලැප්ටොප්වලට එතරම් අවධානයක් දුන්නේ නෑ.හැබැයි ගේමින් වලට ඔවුන් Qosmio කියන සීරීස් එක හඳුන්වලා දීලා තිබ්බා.ඒත් එතරම් සාර්ථක ,ජනප්‍රිය සීරීස් එකක් වුනේ නෑ.


    දැන් හුගක් ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් එකක් අරන් බලමු..ලෙනොවෝ..


    34JPQYD.png




    ත්‍රෙඩ් එකේ වැඩි අවදානය දෙන්නේ බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්වලට නිසා අපි ලෙනොවෝ වල ඔෆීෂියල් බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප් විදියට සලකන තින්ක්පෑඩ් ලයින් එක විතරක් එලියට ගමු.තින්ක්බුක් සීරීස් එකත් ලෙනොවෝ එකෙන් හඳුන්වලා දෙන්නේ බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප් එකක් විදියට.ඒත් හුගක් දෙනා කියන්නේ තින්ක්බුක් සීරීස් එක බිස්නස්+කන්සියුමර් මික්ස් එකක් කියලා..සමහරු prosumer ලැප්ටොප් එකක් විදියටත්,තවත් පිරිසක් රීබ්‍රෑන්ඩ් කරපු අයිඩියාපෑඩ් එකක් විදියටත් මේ සිරීස් එක හඳුන්වනවා..ThinkBook සීරීස් එක අලුත් නිසා සහ තින්ක්පෑඩ් ලයින් එකෙන් පිට නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු.


    xqbC6k8.png


    ඔය තියෙන්නේ ලෙනොවෝ එකේ තින්ක්පෑඩ් ලයින් එකේ සීරීස් ටික.ඔතන බිස්නස් සහ වර්ක්ටේෂන් දෙක එකට දාලා තියෙන්නේ.ඒ වගේම අලුතෙන් හඳුන්වලා දුන්න Z සීරීස් එකත් තියෙනවා.

    බිස්නස් සීරීස් ලැප්ටොප් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් මිල දරන්න අමාරුයි.දරන්න අමාරුයි කිව්වේ මේ ත්‍රෙඩ් එකෙන් ටාගට් කරපු ඕඩියන්ස් එකට.මොකද ලක්ෂයට එක හමාරට බිස්නස් ක්ලාස් ලැප්ටොප් බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑ.

    උදාහරණයකට ලෙනොවෝ තින්ක්පෑඩ් ගමු..තින්ක්පෑඩ් වලත් එක එක සීරීස් තියෙනවා.ඒ ඒ වැඩවලට ඒ ඒ ලෙවල් එකට ගැලපෙන්න.
    ඉන්පස්සේ ඔය සීරීස් ඇතුලේ සබ්-කැටගරි එහෙම නැත්නම් සබ්-සිරීස් තියෙන්නත් පුලුවන්..සමහරුන්ට මේක ටිකක් අවුල් ජාලයක් වගේ පේන්නත් බැරි නෑ.ඔය අවුල් ජාලය ලිහාගන්න නම් අපි වෙලාවක් අරගෙන ඒ බ්‍රෑන්ඩ්වල ලැප්ටොප් ලයින් ටික අධ්‍යනය කරන්න ඕනේ..උදව්වක් විදියට මෙන්න මේ ලින්ක් ටිකට ගිහින් බලන්න.මොකද එකින් එක පැහැදිලි කරන්න ගියොත් හෑල්ල කොච්චර දික් වෙයිද කියන්න බෑ.මෙතන හැබැයි ඇපල් ඇර ලැප්ටොප් මාකට් එකේ ඉන්පස්සේ වැඩිම ෂෙයාර් තියෙන නිෂ්පාදකයෝ හතරක් දෙනෙක්ගේ ලැප්ටොප් ප්‍රොඩක්ට් ලයිනප් එක පුලුවන් තරම් සංක්ෂිප්තව ඉදිරිපත් කරලා තියෙන්නේ.මේන් සීරීස් ඇතුලේ තියෙන සබ් සීරීස් මේවායේ අන්තර්ගත කරලා නෑ.

    DELL

    HP

    Acer

    Asus
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,453
    113
    කිව්වත් වගේ ආයේ තින්ක්පෑඩ් වලට එමු.

    තින්ක්පෑඩ්වල සීරීස් බොහොමයක් බ්‍රෑන්ඩ් නිව් යන්නේ ඩොලර් 1000න් උඩ...ඇ.ඩොලර් 1000 ක් ඊට පොඩ්ඩක් අඩුවෙන් යන සිරීස් එකකට තියෙන්නේ ඔය ලිස්ට් එකේ අන්තිමට තියෙන E series එක.ඒක තමයි තින්ක්පෑඩ් වල Entry Level එක.මේ තියෙන්නේ E series වල තියෙන අවුලක්.

    වීඩියෝ එක බැලුවා නම් එතන තිබ්බේ E15 කියන ලැප්ටොප් එක කියලා ඇහෙන්න ඇති නේ.ලැප්ටොප් එක හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය අනුව ඒවායේ මිලත් අඩු වැඩි වෙනවා.කල්පැවැත්මත් තීරණය වෙනවා.හුගක් අය තින්ක්පෑඩ් කිව්වම ටී-සීරීස් එකටම යන්න බලන්නේ ඔය නිසා.එහෙම බැලුවම E series තින්ක්පෑඩ් එක කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් එකකට සමානයි නේ..ඒ හින්දා බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ..
    ලෙනොවෝ Product Specifications Reference එකට ගියාම තින්ක්පෑඩ් හදන්න පාවිච්චි කරපු මැටීරියල් මොනවද කියලා ඒ ගොල්ලෝ සඳහන් කරලා තියෙනවා අපිටම බලාගන්න පුලුවන්.කැමති අය ඉන්නවා නම් මේ ලින්ක් වලින් ගිහින් බලන්න.මම තෝරගත්තේ T සීරීස් එකෙන් T14 සහ වීඩියෝ එක තිබුණ E15 කියන මොඩල් දෙක.

    T14

    E15

    හොයාගන්න අමාරු නම් DESIGN කියන කොටසේ පහලට යද්දී Case Material කියන තීරුව බලන්න.


    මේ කියන්නේ යන්නේ කොම්පියුටර් රෙපෙයාරින් සම්බන්ධව අවුරුදු ගණනාවක අත්දැකීම් තියෙන කෙනෙක් බිස්නස් ක්ලාස් ලැප්ටොප් ගැන දරන අදහස්.

    ඔහු බිස්නස් ක්ලාස් ලැප්ටොප් වලට හුගක්ම ආසයි කියන්නේ මෙන්න මේ හේතු නිසා.

    1. ඒවා අලුත්වැඩියා කිරිම පහසුයි.

    2.ඒවා හරිම විශ්වාසනීය මැෂින්

    3.ඒවායේ කල්පැවැත්ම වැඩියි.


    ඔබ හිතන්න HP වගේ නිෂ්පාදකයෙක් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් එකක් හදනවා,හදලා මාකට් එකට දානවා.ඔවුන් ඒ ලැප්ටොප් එකේ කල්පැවැත්ම ගැන එතරම් තැකීමක් කරන්නේ නෑ.හුගක් දුරට ඔවුන්ගේ බිස්නස් ස්ට්‍රැටජි එක වෙන්නේ අවුරුද්දක් හෝ දෙකකින් ඒ ලැප්ටොප් එක කැඩිලා ඔබ අලුත් මොඩල් එකක් ගන්න වෙන තැනට පත් වෙන එක.මොකද අලුතෙන් ලැප්ටොප් විකිණෙන තරමට තමයි ඔවුන්ට ලාබයක් එන්නේ.

    නමුත් ඒ නිෂ්පාදකයම බිස්නස් ක්ලාස් ලැප්ටොප් හදන්නේ ලොකු ලොකු කම්පැණි ටාගට් කරලා.ඒවා ඔවුන් විකුණන්නේ දහස් ගණනින්.මේ ලැප්ටොප්වල කොලිටිය උපරිමයෙන් තියෙන්නේ ඕනේ.නැත්නම්ඒ කොම්පැනිවල ඊළඟ ලැප්ටොප් මිලදී ගැනීමේදී අර ලැප්ටොප් නිෂ්පාදකයාව නොසලකා හරිනවා.ඒක ඔවුන් දන්නවා..ඔවුන් දෙන ලැප්ටොප්වල ෆේලියර් රේට් එක වැඩි නම්,ඒ ඒ කොම්පැනි ඔවුන්ගේ ලීසීන් කන්ට්‍රෑක්ට් එක අලුත් කරන්නේ නෑ.

    කම්පැණිවලට ගන්න බිස්නස් ක්ලාස් ලැප්ටොප් සාමාන්‍යයෙන් දවසට පැය 8ක් එක දිගටම ඕන් එකේ තියෙන්නේ.හිතමු සතියට දවස් 5ක් ඔවුන් වැඩ කරනවා කියලා.ඒ කියන්නේ සතියට පැය 40ක් වැඩ කරන්න පුලුවන් විදියට ෆේල් නොවී,හොඳම කොලිටි එකෙන් මේ මැෂින් හදල තියෙන්න ඕනේ..

    ලැප්ටොප් කිව්වම ඉතින් හැම තිස්සෙම මේසයක් උඩ තියාගෙන ඉන්නෙත් නෑනේ..එහේ මෙහේ අරන් යනවා.එහෙම අරන් යද්දි අත්වැරදීම්වලින් බිම වැටෙන්න වගේ දේවල් වෙන්න පුලුවන්.ඒ හින්දම මුල් කාලේ ඉදලා බිස්නස් ක්ලාස් ලැප්ටොප් රළු පාවිච්චියට ගැලපෙන විදියට ඩිසයින් කරනවා.නමුත් ඒ කාලෙට වඩා දැන් එන තින්ක්පෑඩ් බිල්ට් කොලිටි එකෙන් යම් තරමක් බාලයි කියලා හුගක් දෙනා චෝදනා කරනවා.ඒකටත් හේතු තියෙනවා.දැන් එන ලැප්ටොප් ගනකමින් අඩු,බරින් අඩු,ප්‍රිමියම් ලුක් එකක් තියෙන්න ඕනේ කියලා ප්‍රවණතාවයක් තියෙනවානේ..ඒ නිසා ලැප්ටොප් නිෂ්පාදකයෝ පවා ඒ ප්‍රවණතාවයට මුල් තැන දෙනවා.ඉතින් ඉස්සර වගේ බිම ගැහුවත් කැඩෙන්නේ නැති,හෝදලා ගත්තත් වැඩ කරන,100% මිලිටරි ස්ට්‍රෑන්ඩර්ඩ්වලට හදපු ලැප්ටොප් අද කාලේ බලාපොරොත්තු වෙන්න අමාරුයි.අනික වියදම් අඩු කරගෙන ලාබය වැඩි කර ගන්න නිෂ්පාදකයෝ ලැප්ටොප්වල බිල්ට් කොලිටි එකත් අඩු කරනවා.

    එහෙම කියලා තින්ක්පෑඩ් වල ඩියුරබිලිටි එක ටෙස්ට් කරන්න එපා මේ ආච්චි වගේ වත් මේ හාදයා වගේ වත්..

    බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් එක්ක,ඒවා ගලවන්න,නඩත්තු කරන්න ඕන විදිය සදහන් Hardware Maintenance Manual එකක් එනවා.ඒකත් එක වාසියක්.

    මේ ත්‍රෙඩ් එක දාන්න හුගක්ම අදහස් ගත්තේ කොම්පියුටර් ටෙක්නීෂියන් කෙනෙක් වන Andy ගේ වීඩියෝ වලින්.ඔහු කියන විදියට,ඔහු විකුණන්නේ පාවිච්චි කරපු බිස්නස් ක්ලාස් ලැප්ටොප් විතරයි.

    ඇයි ඔහු පාවිච්චි කරපු ගේමින් ලැප්ටොප් විකුණන්නේ නැත්තේ?

    හුගක් වෙලාවට ගේමින් ලැප්ටොප් පාවිච්චි කරන්නේ වීඩීයෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වෙච්ච උදවියනේ..ඔවුන් සාමාන්‍යයෙන් ලැප්ටොප් එක සර්විස් කරන්න එහෙම ලොකුවට අවධානය දෙනවා අඩුයි.ඔහුම කියන විදියට හුගක් අය තමන්ගේ ගේමින් ලැප්ටොප් එකක් රේපාර් එකට දාන්නේ ලෙඩක් ආවොත්.එතකම් බහුතරයක් දෙනා ඕක ගලවලා දුවිලි ටිකක් පිහදාල,ෆෑන් එක සුද්ද කරලා,තර්මල් පේස්ට් අලුත් කරලා වගේ පොඩි දෙයක් වත් කරලා නෑ.

    අනික ගේමින් ලැප්ටොප් සෑහෙන වෙලා ඕන් එකේ තියෙන්නේ,සෑහෙන ලොකු හීට් එකකට ඒ මැෂින්වල ඇතුලේ තියෙන කොටස් නිරාවරණය වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ..මේ හීට් එක RAM වගේ දේවල් ෆේල් වෙන්න හේතුවක් වෙනවා.

    අපි හිතමුකෝ ලැප්ටොප් එකේ තියෙන්නේ ඔන්බෝර්ඩ් රැම් කියලා.ඒ කියන්නේ රැම් එක මදර්බෝඩ් එකට පාස්සලා එන්නේ.අන්න ඒ ලැප්ටොප් එකක ඕවර් හීට් ඉෂූ එකක් කාලයක් තිස්සේ තියෙනවා,අපි ඒක ගණන් නොගෙන අපේ වැඩේ කරගෙන යනවා කියලා.කාලයක් යද්දී ඕන්බෝර්ඩ් රැම් එකට කෙල වෙනවා ඕක නිසා.උඹලා හිතනවද ඒ රැම් එක ගොඩ ගන්න එක ලේසි වැඩක් කියලා.හිතමුකෝ රෙපෙයාර් කරන්න කෙනෙක් හොයාගත්තා කියලා,යන වියදමත් ලේසි නෑ ඉතින්.

    ඔන්න ඕක නිසා තමයි සමහර ටෙක්නීෂියන්ස්ලා ලැප්ටොප්වල GPU එහෙම රෙපයාර් කරන්න බාර නොගන්නේ.මේ ඉන්නේ ලංකාවේ ඩෙක්ස්ටොප් ග්‍රැෆික් කාඩ් රෙපෙයාර් කරන ඩයල් එකක්.මිනිහා ලැප්ටොප් ග්‍රැෆික් කාඩ්වලට අත නොගහන්න හේතුවක් තමයි,ලැප්ටොප් එකක ඩෙඩිකේඩඩ් ග්‍රැෆික් කාඩ් එකේ අවුලක් ආවාත්,ඉන්ටර්ග්‍රේට්ඩ් ග්‍රැෆික් වලින් අපිට එදිනෙදා වැඩ ටික කරගන්න පුලුවන්..ඕක රෙපෙයාර් එකට අරන් අන්තිමට ලැප්ටොප් එකම වැඩ නැතුව ගියොත්,ටෙක්නීෂියන් පිට තමයි වරද පැට වෙන්නේ..



    මේ ත්‍රෙඩ් එකට නිධාන කතාව වුනේ Andy කියන ටෙක්නීෂියන්..ඔහු ෂොප් එකකින්,පාවිච්චි කරපු තින්ක්පෑඩ් තුනක් මිලට ගන්නවා.

    ඒවා තමයි.

    P 15 Gen2
    T 16 Gen2
    T 14 Gen2
    මේ මැෂින් තුනම දෙවනි පරම්පරාවේ මොඩල්.

    මෙතන තියෙන මැෂින් වලින් ගත්තොත් P15 ඒකේ ඉන්ටෙල් H සීරිස් ප්‍රොසෙසර් එකක් එක්ක 16GB රැම් ඇවිත් තියෙනවා.ඕනේ නම් අපිට 128GB වෙනකම් රැම් එක අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්.ඒ වගේම තමයි මේ ලැප්ටොප් එකට ඩෙඩිකේඩඩ් ග්‍රැෆින් කාඩ් එකක් එනවා.ඔහු වෙනත් කෙනෙකුට විකුණන්න ලැප්ටොප් එකක් ගන්නවා නම් ඒ කෙනාගේ අවශ්‍යතාවට ගැපෙන්න තමයි ලැප්ටොප් එක තෝරන්නේ.

    තින්ක්පෑඩ් වල P සීරීස් එක ඩිසයින් කරලා තියෙන්නේ ඉංජිනේරුවෝ,ගෘහනිර්මාණ ශිල්පියෝ වගේ වෘත්තියක අය වෙනුවෙන්.ඔව් මේක වීඩියෝ එඩිටින් ,කන්ටෙන් ක්‍රියේටින් පැත්තේ වැඩ කරන අයටත් හොඳයි.H series ප්‍රොසෙසර් එකක්,ඩෙඩිකේඩඩ් ග්‍රැෆික් කාඩ් එකක් එක්ක මේ ලැප්ටොප් එකෙන් සෑහෙන වැඩක් ගන්න පුලුවන්.ගේම් ගහන්නත් බැරිකම් නෑ.ඒත් ඉතින් තින්ක්පෑඩ් P සීරීස් එක වඩා හොඳ උඩ කිව්වා වගේ ප්‍රොඩක්ටිවිටි වැඩ වලට.

    මේකේ ලොකු ස්ක්‍රීන් එකකුත් එනවා ඒ නිසා ඩෙස්ක්ටොප් රිප්ලේස්මන්ට් එකක් විදියටත් පාවිච්චි කරන්න බැරිකමක් නෑ.තින්ක්පෑඩ් වල නාමකරණය පොඩ්ඩක් බැලුවම අපිට පුලුවන් ලැප්ටොප් එක 13" ද 14" ද 15.6" නැත්නම් ඊට වැඩිද කියලා බලාගන්න.P15 කිව්වම 15 කියන ඉලක්කමෙන් කියන්නේ ස්ක්‍රීන් එක 15.6 කියන එක.

    ඊට පස්සේ ඔහු ගාව T16 ලැප්ටොප් එක තියෙනවා.මේකේ නම බැලුවම තේරෙන්න ඇතිනේ ස්ක්‍රීන් සයිස් එක.ඔව් 16".


    තින්ක්පෑඩ් වල T සහ P series තමයි ඔහු හුගක්ම විකුණන්නේ.මේ ලැප්ටොප් හොඳට නඩත්තු කරනවා නම් රැකබලාගන්නවා නම් සෑහෙන කාලයක් ,ප්‍රශ්න නැතුව පාවිච්චි කරන්න පුලුවන්..ඉතින් යකෝ,නඩත්තු කරනවා නම්,රැකබලාගන්නවා නම් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් එකක් වුනත් සෑහෙන්න කල් පාවිච්චි කරන්න පුලුවන් නේ කියලා කෙනෙක් තර්ක කරන්න පුලුවන්.ඒක තීරණය වෙන්නේ ලැප්ටොප් එකේ ඩිසයින් එක,හදන්න පාවිච්චි කරලා තියෙන මැටීරියල්ස් අනුව තමයි.

    ඉතින් අපි සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප්ටොප් ගන්න යද්දී කොහොමද ඒවා හොඳට නඩත්තු කරලා,රැක බලාගෙන තියෙනවද කියලා අදුරගන්නේ?

    මුලින්ම අපි බලන්නේ ලැප්ටොප් එකේ පිටත පෙනුම නේ.සීරිම් කැඩීම් බිදීම්,පලදුවීම් ප්‍රමාණය අනුව අපිටම ඒ ගැන සාමාන්‍ය අදහසක් ගන්න පුලුවන්.
    සාමාන්‍යයෙන් ඊබේ වගේ සයිට් එකකින් අපි සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් ගන්නවා නම් ඒවායේ තියෙන සීරීම්,පලුදු වීම්,පාවිච්චි කිරීමේදී සිදුවුන ගෙවීම්,වර්ණ වෙනස් වීම් ආදිය මත ශ්‍රේණි ගත කිරීමක් බලාගන්න පුලුවන්.රිපර්බිෂ් ග්‍රේඩින් කියන්නේ.බිස්නස් ග්‍රේඩ් සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එක්ක ගන්න අදහසක් තියෙනවා නම් පුලුවන් තරම් A+ සහ A වලට යන්න බලන්න.බැරිම වුනොත් B වලට යන්න.මොනවද මේ A+,A,B,C ..වලින් කියන්නේ? ඒක මෙතන විස්තර කරනවට වඩා හොඳයි මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවා නම්.ඒ ඒ ග්‍රේඩ්වල ලැප්ටොප් වල පොටෝස් ,වීඩියෝස් එක්ක හොඳ පැහැදිලි කිරීමක් ඒ වෙබ් සයිට් එකේ තියෙනවා.ගිහින් බැලුවට පාඩු නෑ.බලන්න.

    හුගක්ම සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප්ටොප් මාකට් එකට එන්නේ ලොකු ලොකු කම්පැනිවල පාවිච්චියෙන් පස්සේ.අපි වගේ නෙමෙයි මේ කම්පැනි හුගක් වෙලාවට කරන්නේ කොම්පියුටර් කුලිය පදනමට ගන්න එක...ඔය ලීසින් කොන්ත්‍රාත්තු හුගක් වෙලාවට අවුරුද්දක් දෙකක් හෝ වැඩිම අවුරුදු 4ක් වගේ වෙන්න පුලුවන්.කම්පැනි එකේ ඒ වෙලාවේ තියෙන ප්‍රොජෙක්ට් එකේ හැටියට ඕවා වෙනස් වෙනවා..සම්පූර්ණ මිලම ගෙවලා ගන්න එක ලාබනේ ලීස් කරනවට වඩා කියලා සමහරුන්ට හිතෙන්න පුලුවන්.ලීස් කරන එකේ වාසි නැත්නම් මෙච්චර කාලයක් ඔය කම්පැනි ඔය දේ ප්‍රැක්ටිස් කරන්නේ නෑනේ.නේද?

    ඔවර් රෝල් ෆයිනල් කෝස්ට් එක අඩුවෙන්න පුලුවන් ,ලැප්ටොප් ඔක්කොම සම්පුර්ණ ගාන ගෙවලා ගන්නවට වඩා.එතකොට මැෂින් නඩත්තුව ලීස් කරන කම්පැනි එක දරනවා.අපි ඒ දේවල් ගැන වද වෙන්න ඕනේ නෑ.ඒක තීරණය වෙන්නේ ලීසීන් ඇග්‍රිමන්ට් එකේ ටර්ම්ස් වලට අනුව තමයි.ඒ වගේම තමයි ලේටස් ටෙක්නොලජි එක තියෙන ලැප්ටොප් ලීස් කරන්න අවස්ථාව හම්බ වෙනවා.ටැක්ස් සීන්වලින් එහෙම වාසියක් ගන්න පුලුවන් කියනවා රෙන්ට් කලාම..ඔය වගේ වාසි නැතුව නෙමෙයි කොම්පියුටර් ලීස් කරන එකෙන්.

    අවුරුදු 2ක ලීසින් ඇග්‍රිමන්ට් එකකට තින්ක්පෑඩ් ගත්තා කියමුකෝ..සාමාන්‍යයෙන් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් වලට හම්බ වෙන්නේ අවුරුද්දක වොරන්ටියක් නේ.බිස්නස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් ගන්න කොට අවුරුදු ගාන 3 වෙනකම් වැඩි කරගන්න පුලුවන්.දැන් අර අවුරුදු 2ක ලීස් එක ඉවරයි,ලෙනොවෝ එක ඇවිත් අහනවා..මොකද කියන්නේ අලුත් බඩුවක් ඇවිත් තියෙනවා ගන්නවද කියලා.ඉතින් කම්පැනියත් ගමු ගමු කියලා අර අවුරුදු 2කේ තින්ක්පෑඩ් ටික බාර දෙනවා.ඕවා තමයි මාකට් එකට එන්නේ.


    R4YRou1.png

    මේ තියෙන්නේ මම ගත්තු තින්ක්පෑඩ් එකේ වොරන්ටි පීරියඩ් එක.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,453
    113
    T16 එක ගත්තම ඒක P සීරීස් එකට වඩා සැහැල්ලුයි.ඔව් P series කියන්නේ දඩ මැෂින් තියෙන සීරීස් එකක්..මේවා වර්ක්ටේෂන් ලැප්ටොප්..කලින් කිව්වේ ඩෙක්ස්ටොප් රිප්ලේස්මන්ට් කියලා ඒකයි.හැබැයි T16 Gen 2 වල ඩෙඩිකේඩඩ් ග්‍රැෆික් කාඩ් එන්නේ නෑ.

    අපේ ටෙක්නීෂියන් කියන විදියට දැන් එන හුගක් ලැප්ටොප්වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බෝඩ් එකට පාස්සපු USB-C පෝට් එක.මේවා පරිස්සමට පාවිච්චි නොකලොත් ඉක්මනට කැඩෙන්න පුලුවන්..ඔහුගේ ෂොප් එකට මේ පෝට් එක කඩා ගත්ත ලැප්ටොප් සුලභව ලැබෙනවාලු.ඉතින් ඔහුගේ අවවාදය තමයි ජෙනුවින් ලෙනොවෝ චාර්ජර් එක පාවිච්චි කරන්න කියන එක.


    තින්ක්පෑඩ් වල තියෙන තවත් එක වාසියක් තමයි පහසුවෙන් ගලවන්න පුලුවන් කීබෝඩ් එක..

    08872D9.jpeg

    ටොප් කේස්,බොටම් කවර්,ලිඩ්..මොනවද මේ? වචන සෙට් එක ඉස්සරහට නිතරම කියවෙයි.

    හුගක් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප්වල කීබෝඩ් එක ගලවන්න නම් ටොප් කේස් එක සම්පුර්ණයෙන්ම අයින් කරන්න වෙන අවස්ථා තියෙනවා.තින්ක්පෑඩ් වල කීබෝඩ් එක අපිටම තනියෙන් රිප්ලේස් කර ගන්න පුලුවන් තවම.ඉස්සරහට මේ දේවල් නැතිවෙන්නත් බැරි නෑ,මොකද ලාබය ගැනම නිෂ්පාදකයෝ හිතන්න ගියාම එහෙම වෙනවා.දැන් එන හුගක් මැක්බුක් මොඩල්වල රැම් එහෙම අප්ග්‍රේඩ් කරන්න බෑ කියලා අහලා තියෙනවා.දැන් දැන් ඔය දේම තින්ක්පෑඩ්වල සමහර මොඩල්වල දකින්න ලැබෙනවා.විශේෂයෙන්ම තින්ක්පෑඩ් AMD වේරියන්ට් වල(ඒකට තාක්ෂණික හේතුවකුත් තියෙනවලු.)

    ඔන්න තියෙනවා පොර ලෙනොවෝ යෝගා සිරීස් ලැප් එකක කීබෝඩ් එක රිප්ලේස් කරන හැටි.




    සැහැල්ලු,කුඩා ප්‍රමාණයේ ස්ක්‍රීන් එකක් තියෙන ලැප්ටොප් හොයන අයට රෙකමන්ඩ් කරන්න පුලුවන් තින්ක්පෑඩ් 14" වගේ මැෂින් එකක්..අපේ ටෙක්නීෂියන් තෝරගෙන තිබ්බේ T14 එකක්.හැබැයි මේ ඔක්කොගෙම එන්නේ බෝඩ් එකට පාස්සපු USB-C පෝට්.

    ලොකුවට පවර් එකක් ඕන වැඩ ඇරෙන්න අනිත් හුගක් දේවල් මේ තින්ක්පෑඩ් T14 වගේ මැෂින් එකකින් කරන්න පුලුවන්.මේවා ගේම් ගහන වැඩට නම් ගන්න එපා.ගේම් ගහන්නම ඕනේ නම් ඩෙස්ක්ටොප් එකක්,ගේමින් ලැප් එකක් හෝ සෙකන්ඩ් හෑන්ඩ් P series තින්ක්පෑඩ් එකක් වගේ බලන්න.

    පොඩි පොඩි ගේම් බැරිකමක් නෑ.සමහර වෙලාවට ලෝ නැත්නම් මීඩියම් සෙටින්ස් එකක් ටිකක් පරණ ගේම ගහන්න බැරිකමක් නෑ.හැබැයි මතක තියාගන්න,T සීරීස් එකේ එන ඉන්ටග්‍රේටෙඩ් ග්‍රැෆික් තියෙන්නේ ගේමින් වලට නෙමෙයි.ගේම් ගහන්න ඕනෙම නම් AMD Ryzon Pro 5,7 series ප්‍රොසෙසර් තියෙන තින්ක්පෑඩ් එකක් හොයාගන්න.මොකද AMD, ඉන්ටෙල්වලට වඩා හොඳයි කියනවානේ ගේමින් වලට.

    තින්ක්පෑඩ් T series සීරිස් එක හොඳයි පාසල් හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට වගේ..ඔෆිස් වැඩ,බ්‍රවුස් කරන්න,වීඩියෝ බලන්න,පොඩියට වීඩීයෝ එඩිට් කරන්න( ලයිට් එඩිටින් වගේ)ප්‍රෝග්‍රැමින්..වගේ වැඩවලට.

    අලුත් තින්ක්පෑඩ්වල ලේසියෙන් ගලවන්න පුලුවන් එලියෙන් තියෙන බැටරි දැන් එන්නේ නෑ.මතක විදියට එක්ස්ටර්නල් බැටරිය අන්තිමට ආවේ T සීරීස් T480/580 , P සිරීස් එකේ P 52/71 ,L සීරීස් වල L470/570, E සීරීස් වල E570.

    අලුත් තින්ක්පෑඩ්වල ඉන්ටර්නල් බැටරියක් එන්නේ.හැබැයි ඒක අපිටම ලේසියෙන් ගලවල රිප්ලේස් කරන්න පුලුවන් විදියට එන්නේ.ඒකත් වාසියක්

    තින්ක්පෑඩ්වල හුගක් දුරට මෙමරි,ස්ටෝරේජ් අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්.හැබැයි හැම සීරීස් එකකම සමහර වෙලාවට අප්ග්‍රේඩ් කරන්න බැරි රැම් එන මොඩල් තියෙන්න පුලුවන්.එහෙම ගත්තම රැම් එන්නේ ඔන්බෝර්ඩ්..X1 series එක ගත්තම හැම මොඩල් එකක්ම රැම් බෝඩ් එක පාස්සලා එවන්න.X සීරීස් එකත් වසර කිහිපයක් තිස්සේ අප්ග්‍රේඩබල් රැම් ඔප්ෂන් එක නැතුව එන්නේ

    මේ ත්‍රෙඩ් එක කියවපු කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ යකා තින්ක්පෑඩ් ගැනනේ කතා කරන්නේ කියලා.ඕකා මේ අලුතින් තින්ක්පෑඩ් එකක් අරන්..ඒ ටිකට තින්ක්පෑඩ් ෆෑන් බෝයි කෙනෙක් වෙලා.හුගක් උන් ඇන්ඩ්‍රොයිඩ් ෆෑන් බෝයිස්ලා..උන්ට අයිපෝන් එකක් පාවිච්චි කරන එකෙක් වත් පේන්න බෑනේ...තවත් සමහරු අයිපෝන් ෆෑන් බෝයිස්ලා..එහෙම නැත්නම් වෙන වෙන මොකක් හරි උපාංගයක් ගත්තම,අහවල් බ්‍රෑන්ඩ් එකෙන් විතරයි මම ගන්නේ කියන අය ඉන්නවානේ.කවුරු කවුරුත් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක ෆෑන් බෝයිස්ලා වෙලා තියෙනවානේ..එහෙම වෙන්නේ ඒ ගන්න බඩුවේ ඩියුරබිලිටි,රිලයබිලිටි,බිල්ඩ් කොලිටිය සොෆ්ට්වෙයා පැත්ත ගත්තොත් පර්ෆෝමන්ස්,කස්ටමයිෂේෂන් වගේ දේවල් ඉහලින් තියෙන හින්දා නෙමෙයිද?


    ඇත්තටම ත්‍රෙඩ් එකෙන් කතා කරන්න හිතුවේ ඇයි අපි බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් එකකට නොයා,සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකකට යන්නේ කියන එක.මේක කියන්නේ මම නෙමෙයි ලැප්ටොප් රිපෙයාර් කරලා අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන ටෙක්නීෂියන් කෙනෙක්.

    මට ලේටස්ම ටෙක්නොලජි එක ඕනේ කියන උන් මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්න එපා කිව්වේ ඒකයි මුලින්ම.ලක්ෂ එක හමාරක් දෙකක් වගේ දීලා බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් එක්ක ගන්න පුලුවන්,ඒකෙන් කරන වැඩ ටිකම,ලක්ෂ එක හමාරකට අඩුවෙන් දීලා ගන්න සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකකිනුත් කරගන්න පුලුවන්.මොකද තවත් කාලයක් පාවිච්චි කරන පුලුවන් තාක්ෂණය උඩ කිව්ව සෙකන්ඩ් හෑන්ඩ් තින්ක්පෑඩ් මොඩල්වලත් තියෙනවා.

    බිල්ට් කොලිටි එක ගත්තම බ්‍රැන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් එකකට ,සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් ලගට වත් එන්න බෑ,අඩුම තරමේ මිලෙන් අඩුම සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් එක්ක සංසන්දනය කලත්...

    උදාහරණයකට මොහු තින්ක්පෑඩ් T530 එකයි අලුත් ඩෙල් Inspiron ලැප්ටොප් එකකුයි අරන් කරන සංසන්දනය බලන්න.





    ඒ වීඩියෝ එක සම්පුර්ණ වෙනකම් බැලුවා නම් ,මීට කලින් පරණ සහ අලුතින් එන තින්ක්පෑඩ් මොඩල්වල බිල්ට් කොලිටිය ගැන කිව්ව කතාව ඔහු විසින්ම සනාථ කරනවා එක තැනකදී.
    අවුරුදු 10ක් හෝ ඊටත් වඩා පරණ තින්ක්පෑඩ් එකක් ගත්තත් බිල්ඩ් කොලිටි එක අතින් බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් එක පසුපසින් ඉන්නේ.දැන් මේ උඹලට කවදාවත් බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් එකක් ගන්න එපා එහෙම කියනවා නෙමෙයි ඔන්න.උඹලා පිළිගත්තත් නැතත් ලැප්ටොප් වල කුල බේදයක් තියෙනවා,ඒවායේ කොලිටි එකේ වෙනසක් තියෙනවා..උඹලට අලුත්ම ටෙක්නොලජි එක තියෙන මැෂින් එකක් ඕනේ නම්,ගේම් ගහනවා වගේ විශේෂ වැඩකට ලැප්ටොප් එකක් ඕනේ නම් බ්‍රෑන්ඩ් නිව් එකකට පලයල්ලා,ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ.එහෙම යන්න තරම් බජට් එකක් නැති බහුතරයක් වෙනුවෙන් විකල්පයක් තමයි මේ යෝජනා කරන්නේ..

    සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගත්තම තියෙන්න පුලුවන් ලෙඩ එමටයි..සියදහස් ගණන් කොටස් තියෙනවා..හරි හැටි දැනුමක් නැත්නම් අපි මොකක් හරි ලෙඩ ගොඩකට අහුවෙන්න පුලුවන් ඉඩ වැඩියි.ඒ හින්දා පාවිච්චි කරපු ලැප්ටොප් එකක් ගන්නවා කිව්වමත් හුගක් අය බය වෙනවා,පස්ස ගහනවා..ඕවා ලෙඩ ගොඩවල්..අරන් හද හද තමයි ඉන්න වෙන්නේ ..වගේ දේවල් කියනවා හුගක් අය...

    අපේ කතා නායකතුමාගේ අත්දැකීම් අනුව නම් ඔය කතාව 100% ඇත්ත නෙමෙයි.කාර් එකක් එක්ක සංසන්දනය කලොත් ලැප්ටොප් එකක එන්න පුලුවන් ලෙඩ ප්‍රමාණය බොහොම අඩුයි.ලෙඩ දෙන්න පුලුවන් කොම්පොනන්ට්ස් ප්‍රමාණය අතේ ඇගිලි ගානට වගේ තියෙන්නේ.

    හිතන්න දැන් ඔයා පාවිච්චි කරපු ලැප්ටොප් එකක් ගන්නයි යන්නේ කියලා.අපිට චෙක් කරන්න තියෙන්නේ බොහොම ටික දෙයක් විතරයි.

    හාඩ්ඩ්‍රයිව් එක,රැම් එක,GPU එකක් තියෙනවා නම් ඒක..පෝර්ට් ටික,ඩිස්ප්ලේ එක.. ඒ කරලා සෙලර් ඉඩ දෙනවා නම් ඒ වෙලාවෙම ස්ට්‍රෙස් ටෙස්ට් එකක් කරන්න.නැත්නම් වොරන්ටි ෆීරියඩ් එක ඇතුලේ ඒක කරගන්න.කිසිම වෙලාවක වොරන්ටියක් නැතුව සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එකක් ගන්න එපා..කාට හරි ඕනේ නම් කොහොමද සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ලැප්ටොප් එකක් මිලට ගන්න කලින් ටෙස්ට් කරගන්නේ කියලා දැනගන්න,වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් ඒ ගැන.

    අපේ ටෙක්නීෂියන් ගාව තියෙනවා තින්ක්පෑඩ් T460 මැෂින් එකක්.මේක 2016 අවුරුද්දේ රිලීස් කරපු මැෂින් එකක්.හැබැයි මේකේ තියෙන ප්‍රොසෙසර් එක වින්ඩෝස් 11 වලට ඔෆීෂියලි සපෝට් නෑ.ඒ වුනත් අප්ග්‍රේඩ් කිරීමේ හැකියාව,අලුත්වැඩියා කිරීමේ හැකියාව අතින්,බිල්ඩ් කොලිටි එක අතින් අලුත්ම අලුත් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් එකකට මේ තින්ක්පෑඩ් එකත් එක්ක හැරෙන්නවත් බෑ.මේ වගේ මැෂින් තවදුරටත් මාකට් එකට නො එන එක ගැන ඔහු දුක් වෙනවා.මොකද එහෙම මැෂින් අපේ සාක්කුවටත් හොඳයි,පරිසරයටත් හොඳයි.නමුත් ඒක මේ ලැප්ටොප් හදන කම්පැනිවලට නම් ගුණ නෑ.ඔය නිසා තමයි යූටියුබ් එකේ බැලුවත් ,ගන්න මේ බ්‍රෑන්ඩ් නිව් ඇසූස් ලැප්ටොප් එක..මෙන්න සුපිරි රේසර් බ්ලේඩ් ලැප්ටොප් එකක්..අලුත්ම බඩු..වගේ ටයිටල්වලින් වීඩීයෝ විතරක් බලාගන්න ලැබෙන්නේ..

    අපේ කතානායකතුමා ගත්තම ඔහු මේ කම්පැනිවල බිස්නස් ස්ට්‍රැටජි එකට අකමැති කෙනෙක්.ඔහු කොම්පියුටර් අලුත්වැඩියාවට අමතරව,බිස්නස් ක්ලාස් ලැප්ටොප් විකිණීමත් කරනවා.ඔහුගේ සර්විස් එකේ පුදුම හිතෙන දේ තමයි,අවුරුදු 3-4ක් පරණ මේ බිස්නස් ක්ලාස් ලැප්ටොප්වලට(සමහර ඒවා අවුරුදු 6ක් තරම්)ඔහු අවුරුද්දක වොරන්ටියක් දෙනවා..ලංකාවේ මම දන්න තරමින් මාසයක් -මාස තුනක්...වැඩිම වුනොත් මාස 6ක් තමයි උපරිම වොරන්ටි කාලය සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එකකට ලැබෙන්නේ..ඔහු එහෙම කරන්නේ කස්ටමර්ට ඔහුගේ බිස්නස් එක ගැන විශ්වාසය ඇතිවෙන්න.ඔබ හොඳ දෙයක් ,ඒ තරම් වොරන්ටි ෆීරියඩ් එකක් එක්ක විකුණුවට පස්සේ ,ඒ කස්ටමර් ඒ ගැන තව කෙනෙකුට කියනවා.ඒක කටින් කට යනවා..අන්තිමට ඔවුන් ආපහු ඒ සෙලර් හොයාගෙන එනවා.එහෙම එන්නේ පැහැදීම නිසා.රැම් එක,ස්ටෝරේජ් එක අප්ග්‍රේඩ් කරගන්න ඔවුන් ආපහු එනවා.එහෙම එන්නේ ඒ මැෂින් එකේ කල්පැවැත්ම අවුරුද්දකට වඩා වැඩි වුනොත් නේද?හිතන්න ඔයා කන්සියුමර් ග්‍රේඩ් යූස් ලැප්ටොප් එකක් වික්කා කියලා..ඒවායේ කල්පැවැත්ම අඩුයි,බිල්ඩ් කොලිටිය අඩුයි.ඒ කස්ටමර් ආපහු එයිද ඔයාගෙන් සර්විස් එකක් ගන්න? අප්ග්‍රේඩ් කරගන්න?ඔහුගේ භාෂාවෙන්ම ඔහු කියන්නේ මම එහෙම කුණුගොඩවල් කාටවත් දෙන්නේ නෑ.අඩුම ගානේ ඔහු පාවිච්චි කරපු ගේමින් ලැප්ටොප් එකක් වත් විකුණන්නේ නෑ.අන්න ඒකයි ඔහු කියන්නේ කෙනෙකුට අලුත්ම එකක් දෙන එක හැමවෙලාවෙම හොඳ වෙන්නේ නෑ,කල්පැවැත්මක් තියෙන පාවිච්චි කරපු එකක් දෙනවට වඩා කියලා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,453
    113
    දැන් අපි පොඩ්ඩක් ලැප්ටොප්වලට පොදු ලෙඩ ටිකක් බලමු.

    1.එකක් නිෂ්පාදකයාගේ පැත්තෙන් කරන නරක ඩිසයිනින් නිසා එන ප්‍රශ්න.

    2.අනික අපේ පැත්තෙන් නඩත්තුව නියම වෙලාවට නොකරන නිසා එන ප්‍රශ්න.

    පලවෙනි කාරණාවට යමු.කතානායකතුමා ගේ වචනවලින් කියනවා නම්,
    Manufacturer's always copy Apple's worst design features (fused keyboard, glued batteries), and never their best (modular USB-C ports, unibody hinges)

    ඔහු කියන විදියට හුගක් ලැප්ටොප් නිෂ්පාදකයෝ එකිනෙකා අනුකරණය කරනවා.උදාහරණයකට ඩෙල් ලැටිටියුඩ් සීරිස් සමහරක් පරණ ලැප්ටොප් මොඩල් අරන් බලන්න.ඒවායේ කීබෝඩ් ඩිසයිනින් එක කාටද සමාන ?ඔව් ලෙනොවෝ තින්ක්පෑඩ් කීබෝඩ් ඩිසයින් එක තමයි ඔවුන් කොපි කලේ..

    ඇපල් සමාගම ගත්තම ඔවුන්ට එල්ල වෙන චෝදනාවක් තමයි ඔවුන්ට තියෙන්නේ anti-repair policy එකක් කියලා..එහෙම සමාගමක ලැප්ටොප්වලින් අනික් ලැප්ටොප් නිෂ්පාදකයෝ ණයට අරන් තියෙන්නේ නරකම ෆීචර්ස් ටිකක් කියලයි අපේ කතානායකතුමා කියන්නේ.

    ඔහු කියන විදියට ඔවුන් ණයට ගත්තු නරක ඩිසයිනින් ෆීචර්ස් තමයි fused keyboard, glued batteries වගේ ඒවා.

    fused keyboard ගැන අපි කලින් කතා කලා මතක විදියට.ටොප් කේස් එකට කීබෝඩ් එක බට් කරලා තමයි දැන් හුගක් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් එන්නේ.මේ දේවල් දැන් බිස්නස් ග්‍රේඩ් එකටත් බෝ වෙලා..ifixit.com වගේ සයිට් එකකට ගියාම ලැප්ටොප් මොඩල් කොතරම් repair friendly කියලා දැන ගන්න පුලුවන්.එතන හැම ලැප්ටොප් එක ගැනම නෑ ඔන්න.බොහොම සුළු ලැප්ටොප් ගානක් ගැන විතරයි කියලා තියෙන්නේ.


    සාමාන්‍යයෙන් මේ දක්වා ආපු හුගක්ම බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්වල බැටරි පහසුවෙන් රිප්ලේස් කරන්න පුලුවන්.ඇණ ටික ගලවලා බැටරිය අයින් කරගන්න පුලුවන් අපිටම.හැබැයි දැන් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් බැටරිය ටොප් කේස් එකට අලවන්න පටන් අරන් තියෙනවා.

    අලුත්ම දේ තමයි මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එක ලිඩ් එකට ටේප් සහ ගම් යොදාගෙන අලවලා එවීම.හැබැයි පරණ විදියට ඇණවලින් රදවලා තිබ්බා නම් රෙපාරින් වලදී ලේසියි.

    ලැප්ටොප්වල බහුලවම එන අවුලක් තමයි Hinges කැඩෙන එක..Hinge කිව්වේ මෙන්න මේ සරනේරු දෙක..ඔය අවුල කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් වල වැඩියි.අපේ ටෙක්නීෂියන් කියන විදියට ඔය අවුල මැක්බුක් වල නෑ.ඊට අමතරව Razer ලැප්ටොප්වලත් නෑ කියලා ඔහු කියනවා.Hinges ප්‍රශ්නයක් කිව්ව ගමන් අපේ ටෙක්නීෂියන්ගේ කටින් පිට වෙන්නේ ලැප්ටොප් HP එකක්ද කියලා..Hinges වල අවුල්වලට HP බ්‍රෑන්ඩ් එකේ ලැප්ටොප් හුගක් ප්‍රසිද්ධයි කියලායි ඔහු කියන්නේ.ඔහු ගාවට hinges අලුත්වැඩියාවලට එන හුගක් ලැප්ටොප් HP බ්‍රෑන්ඩ් එකේලු.ඒ කම්පැනියට විරුද්ධව නඩු පවා තිබ්බා මේ hinges ප්‍රශ්නය නිසා.ඒත් උන් අද වෙනකම් උන්ගේ hinges ඩිසයින් එක වෙනස් කරලා නෑ.ඒකෙන්ම පේනවා උන් තමන්ගේ පාරිභෝගිකයෝ ගැන කොච්චර තැකීමක් කරනවද කියලා..එහෙම කියලා මිනිස්සු HP ලැප්ටොප් නොගෙන ඉන්නවද? අපෝ නෑ.ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.


    ලැප්ටොප් එකක් ගන්න ගියාම ඒකේ ඩිසයින් එක ගැන අපි හොයලා බලන්න ඕනේ.lid එක අරින වහන වෙලාවට අපේ අතට දැනෙනවානේ හිර වීමක් තදවීමක් තියෙනවද කියලා..කාලයත් එක්ක එහෙම දැනෙනවා නම් යන්න ගිහින් සර්විස් කරගන්න,තනියෙම කරගන්න අමාරුයි නම්...සර්විස් එකේදී කියන්න අවුල ගැන..Hinge ටිකක් බුරුල් කලාම අර හිරවීම නැති වෙනවා..එහෙම නොකල පාවිච්චි කරලා කැඩිලා යන ලැප්ටොප් අනන්තවත් ඔහුගේ ෂොප් එකට එනවා රෙපෙයාර් කරන්න.

    හැබැයි මේකට හේතුව hinges තදවීම හිරවීමම නෙමෙයි.කැඩෙන්න හුගක්ම හේතු වෙන්නේ ලැප්ටොප් එකේ ඩිසයිනින් වල දෝෂයක්.සරලව කිව්වේ hinges ඩිසයිනින් වල අවුලක්.අපේ කතා නායක කියන විදියට මේ hinges වල අවුල ලෙනොවෝ යෝගා සීරීස් එකට උපතින්ම උරුම වෙන ලෙඩ වගේ.හැබැයි යෝගාවල සමහර මොඩල් ඔහු අගය කරලා තියෙනවා,හරියට මේ මොඩල් එක වගේ
    මේ තියෙන්නේ ලෙනොවෝ යෝගා සිරීස් එකේ හොඳ hinges ඩිසයින් එකක්.මෙතනදී hinges දෙකක් මත බෙදිලා ගිය බලය දැන් හයක් මත බෙදිලා

    කන්සියුමර් ක්ලාස් ලැප්ටොප්වල ෆේල් hinges ඩිසයිනින් එනවා නම් ඒකට එකම හේතුව පිරිවැය අඩු කරගන්න හිතාමතාම කරපු මෝඩ වැඩක් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.

    Hinges වල ප්‍රශ්නය මගේ ටොෂීබා Satellite ලැප්ටොප් එකටත් ආවා.ඒකෙදී hinges ගැලවිලා ආවේ බොටම් කවර්/කේස් එකෙන්..ලැප්ටොප් එක කන්සියුමර් ග්‍රේඩ් නේ.ඔක්කොම වගේ ප්ලාස්ටික්.අලුතින් ලැප්ටොප් එකක් ගන්න යන කෙනෙක් නම් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.ෆේල් hinges ඩිසයිනින් තියෙන ලැප්ටොප් එකකට අහු නොවී ඉන්න මේක උදව්වක් වෙන්නත් පුලුවන්.

    වෙලාවක් තියෙනවා නම් මේ ලිස්ට් එකත් බලන්න.hinges ලෙඩේ තියෙන බ්‍රෑන්ඩ්,සීරීස් යම් තරමකට දැනගන්න පුලුවන් වෙයි මේක බැලුවොත්.

    දැන් ඔය Hinges ප්‍රශ්නයට විසඳුමක් නැද්ද?

    1.දැනටත් ඔයා Hinges ප්‍රශ්න එන්න පුලුවන් කියලා හිතෙන ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා නම් තියෙන්නේ මෙන්න මේ විදියට හැමවෙලාවෙම ලිඩ් එක අරින්න ට්‍රයි කරන්න.ටොප් කේස් එක හරි මැදට බර දීලා ලිඩ් එක උස්සන්න. ලිඩ් එක අල්ලද්දී එකේ හරි මැදට වෙන්න අල්ලන්න.අරින වහන හැම වෙලාවෙම ලිඩ් එකේ හරි මැදට බර දෙන්න.කිසිම වෙලාවක ලිඩ් එක දෙපැත්තේ කොන්වලින් අරින්න එපා.හුගක් වෙලාවට hinges සම්බන්ධ වෙන්නේ ටොප් කේස් එකේ ප්ලාස්ටික් සිදුරු වලට.අනික් පැත්ත ගම් ගාලා ලිඩ් එකට සම්බන්ධ කරලා තියෙන්න පුලුවන් බොහෝවිට.හුගක් වෙලාවට ඇණ අර ප්ලාස්ටික් එක්ක තමයි කැඩිලා යන්නේ.නැත්නම් hinges ඩ්ස්ප්ලේ බෙසල්ස් කඩාගෙන එලියට එනවා.

    Qm7iH3L.png



    2.ඔය සෙකන්ඩ් හෑන්ඩ් ඇන්ටික් බඩු අරන් හොඳම එකෙන් ඇරගන්නේ නෑ අපි නම්,අපි ගත්තොත් ගන්නේ බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් කියන උදවිය නම් ඩිසයින් එක ගැන ටිකක් හොයලා බලන්න ගන්න කලින්.

    3.අනිත් අය බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් ගන්න ට්‍රයි කරන්න.ගත්තට පස්සේ ඉතින් මේවා පට්ට ඩියුරබල් කියලා කිසිම පරිස්සමක් නැතුව පාවිච්චි කරන්න යන්නත් එපා..පලවෙනි කොටසෙදි කිව්ව විදියට ලිඩ් එක අරින්න වහන්න ට්‍රයි කරන්න හැමවෙලාවෙම.



    අනිත් දේ තමයි මේ modular USB-C ports.ඇත්තටම මේ ෆීචර් එක පරණ තින්ක්පෑඩ් මොඩල්වල තිබ්බ දෙයක්.අද වෙද්දී මේක ඔවුන් තින්ක්පෑඩ්වලින් ඉවත් කරගෙන තියෙනවා.USB පෝට් එකේ ෆේල් එකක් ආවොත් Port එක විතරක් අපිට අයින් කරගන්න හැකියාව ඉස්සර තිබ්බා.දැන් පෝට් මදර් බෝඩ් එකට පාස්සලා එන්නේ.මේ තියෙන්නේ මැක්බුක් වල පාවිච්චි කරන modular USB-C පෝට්ස්.මේවා ලේසියෙන් ගලවලා අයින් කරගන්න පුලුවන්.

    ඊට අමතරව මෙන්න මේ ලෙනොවෝ යෝගා ලැප්ටොප් එකේ වගේ එක්ස්පෙරිමන්ට් කරන්න දාපු ෆීචර්ස් තියෙනවා.ලැප්ටොප් එකේ පවර් බටන් එක තියෙන තැන බලන්නකෝ.කියන විදියට මේකත් එක ෆේල් ෆීචර් එකක්.මෙහෙම මැෂින් ගත්තම වදේ ඒවා රිපෙයාර් කරන අයට තමයි.

    දෙවනි කාරණය විදියට ගත්තේ ලැප්ටොප් නියමිත කාලයට නඩත්තු නොකිරීම නිසා ඇති වෙන ප්‍රශ්න.මෙතනදී වෙන්නේ ලැප්ටොප් එකේ ජෙනරේට් වෙන තාපය එලියට යවන්න තියෙන කූලීන් සිස්ටම් එකට බාධා ඇති වීම.අපි ලැප්ටොප් එක පාවිච්චි කරන පරිසරය දූවිලි සහිත අපිරිසිදු තැනක් නම් නිතර නිතර ලැප්ටොප් එක ගලවලා ෆෑන් ,වෙන්ට් එහෙම සුද්ද කරන්න ඕනේ.නැත්නම් බොටම් කවර් එකෙන් වාතය ඇතුලට ගන්න වෙන්ට්ස් සහ උණුසුම් වාතයට එලියට පිට කරන වෙන්ට්ස්,ෆෑන් අස්සේ දූවිලි සහ විවිධ අපද්‍රව්‍ය බැදිලා,හිර වෙනවා.මෙන්න මේ විදියට ඒවා සුද්ධ කරගන්න.නැත්නම් ෂොප් එකකට දීලා සර්විස් කරගන්න.මෙහෙම කූලීන් සිස්ටම් අවහිර වුන ලැප්ටොප් ඕන් කරලා වැඩක් නොගෙන නිකන් තිබ්බත් උෂ්ණත්වය ඉහල මට්ටමක තියෙන්න පුලුවන්.වැඩක් කරද්දී ඔවර් හීට් වෙලා ෂට් ඩවුන් වෙනවා.




    මූ මොකටද මේ රෙපෙයාර් කරන උන්ට අදාල දේවල් මේකේ කියන්නේ? ඒවා රෙපෙයාර් කරන උන් බලාගනියි. ඔව්.මේවා රෙපෙයාර් කරන අයට තමයි විසදගන්න වෙන්නේ.හැබැ‍යි රෙපෙයාර් එකට යන කාලයත් ,ගෙවන්න වෙන මුදලත් අතර සම්බන්ධයක් තියෙනවා නේද? අන්න ඒකයි අපි නිතරම ලෙඩ අඩුවෙන් දෙන මැෂින් එකකට යන්න ඕනේ. හා නැද්ද?


    ඇත්තටම පාවිච්චි කරපු බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් ගන්න ලැජ්ජාවෙන්න ඕනේ නෑ..අපේ බජට් එකට ගැලපෙන,අපේ වැඩ ටික කරගන්න පුලුවන් පවර් එක දෙන හාඩ්වෙයාර් ටික තියෙන මැෂින් එකක් ගමු.8GB රැම් එකක් නම් තියෙන්නේ අර බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් එකට දෙන්න ගිය වැඩිපුර මුදලෙන් තව RAM එකක් ගහගමු.නැත්නම් ඒ මුදල පරිස්සමට තියන්න.පවුලේ වැඩකට යොදවන්න..නැත්නම් අනාගතයේ ඒ ලැප්ටොප් එකේ අප්ග්‍රේඩ් එකකට,රෙපෙයාරින් එකකට පාවිච්චි කරමු.ත්‍රෙඩ් එක දාන්න මුලාශ්‍රය බවට පත් වුන ටෙක්නීෂියන්ගේම වචනවලින් මේ ගැන අහලා බලමුද? ෆෝරම් එකට එන බහුතරයට අඩුම තරමේ සරල ඉංග්‍රීසි දැනුමක් හරි තියෙනවා ඇතිනේ.එහෙමත් බැරි කෙනෙක් ඉන්නවා නම් ගූගල් ට්‍රාන්ස්ලේට් කරගන්න.මම නම් හිතන්නේ මේ මනුස්සය කියන අකුරක් ගානේ වටිනවා,මේ ත්‍රෙඩ් එකෙන් ටාගට් කරපු ඕඩියන්ස් එකට.ඒකයි මිනිහාගේ වචන වලින්ම මේක දැම්මේ...

    the point i'm trying to make with this video is something brand new is not always better than something used as consumers .we've been conditioned to always want the newest fanciest product and the word used has become a dirty term but this is not based on fact. i was motivated to make this video, because i was sick and tired of customers coming into the store with a budget laptop that needed the smallest repair but would outweigh the value of the entire device. these laptops were usually owned by people that were financially strapped and didn't have the money to buy something more expensive when they initially got it and of course the average consumer doesn't think about repairability when they buy an item and they think something's going to last just because it's brand new. when that's definitely not the case. it wears you down having to tell an elderly lady on a fixed income that it's going to cost more to repair her keyboard than it is for her to buy another device. if this video helps even one person make a decision that's going to benefit them financially in the long run and save them money. so that they can put that towards something else then it was all worth it .i grew up poor as and i know the struggle of having to always buy the cheapest. it's a vicious cycle because the cheap never lasts. meaning you can never save up your money to buy something more expensive that's worth it.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,453
    113
    හෑල්ලක් ලිව්වා වගේ නෙමෙයි නේ ගන්න හොඳ මැෂින් ටිකකුත් කියන්න එපායේ ..නැත්නම් බැනුම් නේ..
    ලබන අවුරුද්දේ වින්ඩෝස් 10 ඕ එස් එකේ සපෝට් කාලය අවසන් වෙනවානේ.ඉතින් ඔෆිෂියලි වින්ඩෝස් 11 වලට හාඩ්වෙයාර් පැත්තෙන් සපෝට් කරන මැෂින්වලින් තමයි මම පටන් ගන්නේ.
    T සීරීස් එක මුලින්ම ගමු.

    14" නම් T480 වලින් පටන් ගත්තම ඉස්සරහට තියෙන ඕන මැෂින් එකක්..
    15" නම් T580 වලින් පටන් ගත්තම ඉස්සරහට තියෙන ඕන මැෂින් එකක්..

    වැදගත්: සමහරක් තින්ක්පෑඩ්වල තන්ඩර්බෝල්ට් ප්‍රශ්නයක් ආවා.මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන කියවලා බලන්න.ඒ පිටුවේ පහලට ගියාම ප්‍රශ්නය බලපාපු මැෂින් ලිස්ට් එක තියෙනවා.ඒ ලිස්ට් එකේ තියෙන මැෂින් එකකට යනවා නම් තන්ඩර්බෝල්ට් ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරලද බලන්න.නැත්නම් සෙලර්ට කියලම අප්ඩේට් කරගන්න.නැත්නම් වොරන්ටි පීරියඩ් එක ඇතුලෙදී ඔයාම අප්ඩේට් කරගන්න.අප්ඩේට් ෆේල් වෙනවා නම් ආපහු බාර දෙන්න වොරන්ටි ඉවර වෙන්න කලින්.

    අපි ත්‍රෙඩ් එක පටන් ගන්නකොට කිව්වේ අපේ උපරිම ව්යදම ලක්ෂ එක හමාරක් කියලානේ..මම මේ කියන්නේ ලංකාව ඇතුලේ සෙකන්ස් හෑන්ඩ් මාකට් එකේ ඔය කියපු ගානට හෝ ඊට අඩුවෙන් යන මැෂින්.නැත්නම් මීට අඩුවෙන් ඊබේ එකෙන් ගන්න පුලුවන් කියයි සමහරු.අපිටම ගිහින් චෙක් කරලා බලලා ගන්න පුලුවන් මැෂින් ගැන විතරයි මේ කතා කරන්නේ.

    P සීරීස් එක ගත්තම ලක්ෂ 1.5 ලගට එන්නේ P52 වගේ මැෂින් එකක්.ඕක තමයි P සීරීස් එකේ පලවෙනි ඉන්ටෙල් 8th ජෙනරේෂන් මැෂින් එක.ඊට වඩා අලුත් මොඩල් වලට යනවා නම් වියදම වැඩි වෙනවා.

    L සහ E series තින්ක්පෑඩ් නම් ඒ තරම් රෙකමන්ඩ් කරන්නේ නෑ.මොකද ඒවායේ බිල්ඩ් කොලිටිය T සීරීස් තරම් හොඳ නැති හින්දා..හැබැයි කන්සියුමර් ග්‍රේඩ් ලැප් එකකට වඩා මේ සීරීස් දෙක හොඳයි.

    හොඳයි කියලා හිතෙනවා නම් L,E සිරීස් වල මේ මොඩල්වලින් පටන් ගන්න.

    ඉන්ටෙල් 8th ජෙනරේෂන් L සීරීස් මැෂින් පටන් ගන්නේ L380, L480 සහ L580 ... මේවායේ මුල් අංක තමයි 3,4,5.එකෙන් කියන්නේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් සයිස් එක.13", 14" සහ 15" කියන එක කෙටි කරලා.ඔය මොඩල් සහ ඊට උඩ ඒවා ගන්න බලන්න.

    E සීරීස් බලනවා නම් වින්ඩෝස් 11 සපෝට් පටන් ගන්නේ ඉන්ටෙල් වලට E480 වලින් .AMD වලට E495 වලින්.ඕවා නැත්නම් ඔතනින් උඩ මොඩල් බලන්න.

    වින්ඩෝස් 11 සපෝට් කරන ලෙනොවෝ ඩිවයිස් ලිස්ට් එක මෙතනින් බලන්න.

    අපේ බජට් රෙන්ජ් එකට වැටෙන තින්ක්පෑඩ් මේ වෙද්දී ඩ්ස්කනෙක්ට් වෙලා..ඒ කියන්නේ නිෂ්පාදනය කිරීම නවත්තලා දාලා තියෙන්නේ.මේ පිටුවට ගිහින් ලැප්ටොප් සිලෙක්ට් කරලා,ප්‍රොඩක්ට් ලයින් එක දීලා(තින්ක්පෑඩ් දෙන්න ),කැමති සීරීස් එකක් තියෙනවා නම් ඒකත් දීලා ඩිස්කනෙක්ට් වුන මොඩල් බලාගන්න පුලුවන්.


    T480/T580 වගේ මැෂින් හුගක්ම පරණයි නේ කියලා හිතෙනවා නම් T14 වගේ මොඩල් එකකට යන්න බලන්න.නැත්නම් L14 හෝ E14 වගේ.හැබැයි 15.6 හොයන අයට ඔප්ෂන් එකක් තමයි නැත්තේ.මොකද T15 වගේ මොඩල් තවම ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ දැක්කේ නෑ.ඒ වෙනුවට L15/E15 වගේ මොඩල් තියෙනවද බලන්න.කොහොමත් මේ කතා කරන මොහොතේ අපේ බජට් එකට සෙට් වෙන්නේ T14 වල ජෙනරේෂන් 1 එක.L14/E14 ගත්තත් ඒවායේ ජෙනරේෂන් 1 වගේ තමයි. ඔය මොඩල්වල ජෙනරේෂන් 2 වගේ යනවා නම් මිල ගණන් ලක්ෂ 1.5ට බොහොම කිට්ටුවෙයි.


    තින්ක්පෑඩ් එකේ ස්පෙක්ස් අනුව මිල ගණන් වෙනස් වෙනවා.

    උදාහරණයකට T480 මොඩල් එක ගමු.

    ලෙනොවෝ සයිට් එකෙන් මේ මැෂින් එක ඕඩර් කලොත් ස්ටෝරේජ්,මෙමරි අවශ්‍ය ප්‍රමාණය,වින්ඩෝස් වර්ෂන් එක, ඩිස්ප්ලේ ඔප්ෂන් එකේ HD හෝ FHD හෝ WQHD යන තුනෙන් එකක් ,ෆින්ගර් ප්‍රින්ට් රීඩර් ඇතුව හෝ නැතුව,backlit කීබෝඩ් ඇතුව හෝ නැතුව,වෙබ් කැමරාවේ ෆීචර්ස්,වොරන්ටි කාලය අනුව තෝරා ගැනීම් කරන්න පුලුවන්..

    ඔය මැෂින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට ආවාමත් මිල තීරණය වෙන්න ඔය ෆීචර්ස් බලපානවා.මේ කාල සීමාවේ ලංකාවේ අඩුම මිලට යන T480 මොඩල්වල තියෙන්නේ බොහෝ දුරට HD ඩිස්ප්ලේ,නෝමල් කීබෝඩ් එක..මිල යන්නේ 65-70 වගේ..
    තව කියන්න දේවල් තිබ්බත් හෑල්ල දැන් හොඳටම දිග වැඩියි.එහෙනම් අපි හෑල්ල අවසන් කරමු.

    ඇත්තටම මම හුගක් හොයලා බලලා තියෙන්නේ තින්ක්පෑඩ් ගැන..ඒ නිසා ලෙනොවෝ බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප් තමයි රෙකමන්ඩ් කරන්න වෙන්නේ.. Dell,HP සහ අනෙක් බ්‍රෑන්ඩ්වල බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප් පාවිච්චි කරපු ,කරන අය තමන්ගේ අත්දැකීම්,රෙකමන්ඩ් කිරීම් කරන්න.කාට හරි උදව්වක් වේවි.

    source for the thread:

     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,513
    7,697
    113
    ගොඩක් මහන්සි වෙලා ලියල තියෙනවා , තැන්ක්ස් මචන්

    සමහර ෆොටෝ පෙන්නේ නෑ , ඒ ටික හදන්න මචන් @Dr.Amdan

    මටනම් hp probook :love: