පොඩි පොඩි අකරතැබ්බ කීපයක් නිසා පළවෙනි ලිපිය ලියන්න පරක්කු වුණා.ඒ වගේම පළවෙනි ලිපිය ලියන්නෙ ඇල්කොහොල් ගැන.ඒ හින්ද මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලලා ඉන්නංකො
මේ කතාව සිද්ද වුනේ අපේ කට්ටිය 10 වසරෙ ඉන්නකොට. පුරුපුරුයි, ඤාව්වයි මේ දවස් වල ගියා ඉංග්‍රීසි සාහිත්‍ය පංතියකට. පාට පාට ලස්සන පූස් නංගිල 20ක් විතර හිටිය මේ පංතියෙ. හැබැයි අද කියන්න යන්නෙ එයාල ගැනනම් නෙවෙයි,පංතියෙ හිටපු කොල්ලො කීප දෙනා එකතු වෙලා කරපු පිස්සු වැඩක් ගැන.දන්නවනෙ ඉතිං,ඔය කාලෙ පූසන්ට බියර් බෝතලයක් කියන්නෙත් මැජික් වගේනෙ.ඉතිං දවසක් මෙහෙම වැඩක් වුණා.
එක දවසක් ඤාව්වයි,මාළු කට්ටයි තවත් යාළුවෙකුයි විද්‍යාව පංති ඉවර වෙලා ඒ යාළුවගෙ ගෙදර ගිහින් තිබුණා.(මේ යාළුව වේයන්ගොඩ පැත්තෙ ඉස්කෝලෙකට ගිය හින්ද මෙයාට වේයන්ගොඩයා කියමුකො).මේ අපේ වේයන්ගොඩයගෙ ගෙදර උත්සවශ්‍රීයෙන් බැබලෙමින් තිබ්බ කාලයක්.ඉතිං උත්සවයක් වුණාම එක එක ජාතියෙ බඩු ම්ට්ටු ගෙදරට ගේනවනෙ නේද?මෙහෙම ගෙනාපු එක දෙයක් අපේ යාළුවන්ගෙ තියුණු ඇස් වලට පෙණුනා.සිංහ බැජ් ගහපු දුඹුරු පාට බෝතල් වගයක්.අපේ යාළුවන්ට ඉතිං රජ මගුල්ලු.
ඒ වුණාට ඔතන ඉදගෙන හොරෙන් බිව්වොත් කිසි ගතියක් නෑලුනෙ.(අපේ යාළුවන්ට බියර් බොන්ඩත් වඩා ඕනෙ වුණේ ඉතිං ලොකු එක දෙන්ඩ).ඉතිං ඤාව්වගෙ ටිකිරි මොළේට මරු අයිඩියා එකක් ආව.ඤාව්ව යෝජනා කළා පහුවදා තිබුණු ඉංග්‍රීසි සාහිත්‍ය පංතියට බෝතලයක් අරන් ගිහිල්ලා කොල්ලො කට්ටිය බොමු කියල.ඒ වුණාට ප්‍රශ්නයක්! අපේ කට්ටිය ඉතිං ඔය ක්ෂේත්රයෙ පළපුරුදු ක්‍රීඩකයො නෙවෙයිනෙ.මෙයාලට බය හිතුන බැරි වෙලා හරි වැඩේ චාටර් උනොත් මොකද කරන්නෙ කියල.බියර් කියල කවුරු හරි දැනගන්නෙ බියර් බෝතලේ දැක්කොත්නෙ.ඉතිං වේයන්ගොඩයට උපදෙස් ලැබුණ පහුවදාට බියර් ටික වෙන බෝතලේකට දාගෙන එන්න කියල.
පහුවදා ඉතිං කට්ටිය පංති ආව.ඔයවෙනකොට උදේම පංති ආපු මාළු කට්ටා කට්ටියට සුබ ආරංචිය කියල.කොහොම වුණත් ඔය වැඩේට රෙඩි වෙලා වෙඩි වගේ ඉදිරිපත් වුණේ කොල්ලො පස් දෙනයි.ඒ තමයි ඤාව්වා,මාළු කට්ටා,පුරු පුරු,වේයන්ගොඩයා සහ ගම්පහ පිරිමි ඉස්කෝලෙ රෙජී.ඉතිං නියමිත වෙලාවට තාත්තට හොරෙන් පන්නපු බෝතලේ බෑග් එකේ දාගෙන වේයන්ගොඩයා ආවලු.පංති පටන් ගත්තා.දැන් මැඩම් උගන්නන අතරෙ කට්ටිය නොඉවසිල්ලෙන් ඉන්නවලු පංතිය ඉවර වෙනකං.
ඔය අතරෙ වේයන්ගොඩයගෙ බෑග් එක ඩෙස් එක උඩ ඉඳං බිමට වැටුන.බෝතලේ බිම වදින සද්දෙත් ඇහුනා.මැඩම් මොකද උනේ කියල සෝදිසි කළත් වාසනාවට අපේ යාළුවන්ව අහු වුණේ නෑලු.බෝතලේ බිදුනෙත් නෑලු. කොහොම කොහොම හරි ඉතිං පංතිය ඉවර වුණා.වෙනදට අන්තිමට පංතියෙන් යන සෙට් එක එදා මුලින්ම පංතියෙන් ගියා.ටිකක් එහායින් තියන පාළු හරියක කට්ටිය සෙට් වුණා.
ඔන්න ඉතිං වේයන්ගොඩයා බෝතලේ එළියට ගත්තලු.මළ සේකරයි.කට්ටියම අඤ්ඤකොරොස් වෙලා ගියාලු.බැලින්නං අපේ මිත්‍රයා ගෙනත් තියෙන්නෙ ගල් අරක්කු බෝතලයක්!!!
ඤාව්වා - උඹට ගේන්න කිව්වෙ බියර් නේද??
වේයන්ගොඩයා - බියර් තමයි මචං ගෙනාවෙ!
ඤාව්වා - යකෝ! $%@$^$@!$%&^* උඹ ඔය අරක්කු බෝතලයක්නෙ ගෙනත් තියෙන්නෙ !$@$%*^&$.වෙරි උනොත් ගෙදර යන්නෙ කොහොමද??
වේයන්ගොඩයා - මේ බියර් තමයි තියෙන්නෙ බං.උඹල මට ඊයෙ කිව්වෙ වෙන බෝතලේකට දාගෙන එන්න කියලනෙ.මම ඉතිං වෙන බෝතලේකට දාගෙන ආව.
තව පොඩ්ඩෙන් වේයන්ගොඩයගෙ රත්තරං මොළේ හින්ද අපේ යාළුවො මැඩම්ට මාට්ටු වෙන්නෙ පංතියට බියර් ගෙනාව කියල නෙවෙයි,ගල් අරක්කු ගෙනාව කියල!
බියර් බීපු හැටි ඊළග ලිපියෙන් බලමුකො.......................
http://bloggadol.blogspot.com/2010/04/blog-post.html
මෙන්න මචන් මෙතනින් ගත්තේ...