අපට දැන් ලැජ්ජ නැහැ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අපට දැන් ලැජ්ජ නැහැ

    අපට දැන් ලැජ්ජ නැහැ


    අපි පුච්චනකොට බෑන් කී මූන්ගෙ පඹයො ලොක්ක එහෙ ගිහින් එයත් එක්ක ෆො‍ටෝ ගන්නව. මේක දකින කාට හරි හිතෙන්න පුලුවන් අපිට වස ලජ්ජාවයි නේද කියල. අනේ එහෙම නෑ. :no::no:


    අපි සොල්හෙයිම් පන්නන්න කතා කරන කොට ලොක්ක පරණ කතා අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගමු කියල නොර්වේ රටට කියනව. කෙනෙකුට හිතෙයි අපි නේද පීචං වුනේ කියල. අනේ එහෙම එකක් නෑ. :no::no:


    සරත් ෆොන්සේකා වීරයෙක් කියල ජනතාව ‍උඩ දැම්මට පස්සෙ මෙන්න මේකා දේශද්‍රෝහියෙක් කියල ආණ්ඩුව කියනව. ඇත්තටම උඩ දාපු අපිට පණ පලයං පෙරේදා කියල හිතෙයි කියල සමහරු හිතනව. අයියෝ එහෙම එකක් නෑ. :no::no:


    සරත්‍ ෆොන්සේකා දේශපාලනය කළා කියල ඔහුගේ තරු ගලවපු ආණ්ඩුවෙ ඉහළම නිලධාරීන්ම ප්‍රසිද්ධියේම දේශපාලනය කරනව. ඒත් එහෙම නිලධාරීන් දක්ෂ මිනිසුන් ලෙස හදුන්වන්න අපට ලැජ්ජාවක් නැහැ. :no::no:


    ආණ්ඩුවෙ අය එහෙම කියන කොට විපක්ෂයෙ අය මෙහෙම කියනව.


    ඒකාධිපතියෙක් වංචා කාරයෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් කියල අපි රජතුමාගෙ පඹයො පුච්චනකොට රනිල් ලොක්ක ගිහිල්ල කෝපි බීල එනව. හිතුවද අපට ලජ්ජැයි කියල. නෑ එහෙම එකක් දැනෙන්නෙම නෑ. :no::no:


    රට ඒකාධිපතිවාදයට ගෙනියන්න 18 සංශෝධනය ගේනව කියල අපි ආණ්ඩුවට විරෝධය පාන කොට අපේම චන්දයෙන් ඒකාධිපති වෙනවට විරුද්ධ වෙනව කියල දහඅතේ පොරොන්දුවෙල පාර්ලිමේන්තු ගිය කට්ටිය වැට පැනල පිල් මාරු කරනව. ඔය ගොල්ලන්ට හිතෙනව ඇති විපක්ෂයෙ අපට ලජ්ජයි කියල. නෑ එහෙම එකක් දැනෙන්නෙ වත් නෑ. :no::no:


    ඒ විතරක් නෙවෙයි ඇමතිවරුන්ටත් නිලධාරීන්ටත් සංඝයා වහන්සේලාටත් තව බොහෝ දෙනෙකුටත් ලැජ්ජාව නැති වෙල.


    නව යොවුන් ආදරවන්තයන්ට ආදර උයන් හදන්න කතා කරපු උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් යටතෙ තියෙන විදුදය සරසවියේ උපකුලපති තුමා ගිම්හාන නිවාස හා කොන්ක්‍රීට් බංකු කඩා ඉවත් කරනව. ඒව තිබුනහම කොල්ලො කෙල්ලො ලව් කරනව කියල. ඒත් උයන් හදන්න කතා කරපු ඇමතිතුමාට ඒකෙන් ලජ්ජාවක් ඇතිවෙන්නෙ නෑ. :no::no:


    එතකොට ඒ සරසවියෙ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට? ඒ ගොල්ලො ලජ්ජාව නැති කර ගෙන ගොඩක් කල්. මේ වගේ පිස්සු හටනක් උපකුලපති හැටියට සනාතන සභාවෙන් යෝජනා කරන කොටත් ඒ ගොල්ලන්ට ලැජ්ජාව නැතිවෙලයි තිබුනෙ.


    මතට තිත තියන රජ කෙනෙක් රජවාසල අඩගහල ‍බොන්න දෙනව. ඒ ගැන ප්‍රශ්න ඇහැව්වහම සංඝයා වහන්සේ කෙනෙක් මතට තිත තියන්න ලෝකේ ඉස්සරහ කතා කරාට ගෙදර ඇතු‍ළෙ මතින් සංග්‍රහ කරන්න ඒක බාධාවක් නෙවෙයි කියල ප්‍රසිද්ධියේ ලැජ්ජාවක් නැතිවම කියනව. ඒක අහන අපට මතට තිත තියෙන ආණ්ඩුව ගැනවත් එහෙම කිය කිය මතින් සංග්‍රහ කරන රජතුමා ගැනවත් එහෙම සංග්‍රහ කරන රජතුමාව කැත නැතිව ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන සංඝයා ගැනවත් අපුලක් දැනෙන්නේ නැහැ. මේ හොර නඩයට කඩේ යන එක ගැන එහෙම යන අයට ලජ්ජාවක් දැනෙන්නේ නැහැ. :no::no:


    ලංකාවෙ මිනිසුන්ගෙ ලජ්ජාව නැතිවෙල දැන් ගොඩක් කල් වෙනව. :yes::yes:


    පක්ෂ විපක්ෂ හැමෝගෙම දැන් එහෙම එකක් නෑ. :no::no:


    අපට දැන් ලැජ්ජ නැහැ. :no::no:


    ඒ නිසා දැන් හෙලුවෙන් ඉන්න වුනත් පුලුවන්. :yes::yes:


    ඇත්තටම ඇදුම් ඇදන් හිටියට ඉන්නෙ හෙලුවෙන්ම තමා.:lol::lol:



    Source :- http://beyondframe.wordpress.com/2010/10/01/10oct01/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    39434437418666959151916.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    nikan politics nisa le rath kara ganna/yaluwan ekka bana ganna epa machan.

    oya kauruth putu walata giyata apita wena sethak ne.MR,SF,Ranil moka unath ehemai.
    apita ubalata karanna puluwan ekama vote karaddi mokata hari deela uwa udin thiyana eka vitharai.

    okai atta:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,526
    113
    mewa maha boru wada.mewa damma kiyala athi wadak naha..mokada kiyanne jvp aiyalath ekka panimuda hiragedarata?panala SF wa ussamu:yes::yes::yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    707
    113
    38
    AREA 51
    අපට දැන් ලැජ්ජ නැහැ





    නව යොවුන් ආදරවන්තයන්ට ආදර උයන් හදන්න කතා කරපු උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් යටතෙ තියෙන විදුදය සරසවියේ උපකුලපති තුමා ගිම්හාන නිවාස හා කොන්ක්‍රීට් බංකු කඩා ඉවත් කරනව. ඒව තිබුනහම කොල්ලො කෙල්ලො ලව් කරනව කියල. ඒත් උයන් හදන්න කතා කරපු ඇමතිතුමාට ඒකෙන් ලජ්ජාවක් ඇතිවෙන්නෙ නෑ. :no::no:





    Source :- http://beyondframe.wordpress.com/2010/10/01/10oct01/


    අනික් ඒවා ගෑනනම් දන්නේ නෑ... ඒත් මේක නම් හෙන බොරුවක්....
    :rolleyes::rolleyes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඕවාට තමයි දේශපාලනේ කියන්නෙ!! Uraj ට අමතක වුන තැන් කීපයකුත් තියෙනවා....!!!!

    1. ගැලවීමේ හමුදාවටවත් හොද නැති ලෝකයේ අසාර්ථකම හමුදාපති කියලා ෆොන්සේකාට කී මංගලට දැන් ඔහු වෙනුවෙන් කිඹුල් කදුලු හෙලන්න ලැජ්ජාවක් ඇත්තෙම නෑ.

    2. විධායක ජනාධිපති ක්‍රමය ගෙනෙන්න අත උස්සපු රනිල්ම දන් තමන්ට ‍කිසිදා නොලැබෙන්න යන ජනාධිපති කමට ඒකාධිපති කම කියා බණින්නත් ලැජ්ජාවක් ඇත්තෙම නෑ නේද?

    තව ගොඩක් තියෙනවා මේ වගේ ලාජ්ජා නැති කතා...!!

     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවාට තමයි දේශපාලනේ කියන්නෙ!! Uraj ට අමතක වුන තැන් කීපයකුත් තියෙනවා....!!!!

    1. ගැලවීමේ හමුදාවටවත් හොද නැති ලෝකයේ අසාර්ථකම හමුදාපති කියලා ෆොන්සේකාට කී මංගලට දැන් ඔහු වෙනුවෙන් කිඹුල් කදුලු හෙලන්න ලැජ්ජාවක් ඇත්තෙම නෑ.

    2. විධායක ජනාධිපති ක්‍රමය ගෙනෙන්න අත උස්සපු රනිල්ම දන් තමන්ට ‍කිසිදා නොලැබෙන්න යන ජනාධිපති කමට ඒකාධිපති කම කියා බණින්නත් ලැජ්ජාවක් ඇත්තෙම නෑ නේද?

    තව ගොඩක් තියෙනවා මේ වගේ ලාජ්ජා නැති කතා...!!

    එහෙම බලනකොට මේ පැත්තේ විතරක් නෙමේනේ ඕව වෙන්නේ.. ඇයි ආණ්ඩුව පැත්තෙත් ඔය ඕනේ තරන් ලජ්ජා නැති වැඩ වෙන්නේ..:yes::yes::yes: