උඩඟු ළියන් ගොතා බඳින - නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ
හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ
උඩඟු ළියන්....
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමඟට මා විසි කරන්න






