වානරයෙක් වගේ සත්වයෙක් ලෙස හඳුන්වන bigfoot අඩි 7-10 පමණ උස කිලෝ 250ක් පමණ බර, පා සටහනක් අඟල් 17 පමණ විශාල
ලෙස හඳුනාගෙන තියෙනවා.
ලොව සෑම තැනකින්ම මේ වගේ සත්වයෙක් ගැන වාර්ථා වනවා, විවිධ රටවල විවිධ නම් වලින් හඳුන්වනවා.
►හිමාලයේ - හිම මිනිසා Abominable Snowman of the Himalayas
►චීනයේ - යෙටී Yeti
►ඕස්ට්‍රේලියාවේ - යෝවී Yowie
►ඇමේසන් වනයේ - සැස්ක්වාච් Sasquatch
මෙම සත්වයාව කැමරාවට අසුවී ඇති අවස්ථා ස්වල්පයක් තිබෙනවා. ටිකක් මම දානවා කට්ටියට බලාගන්න.
1967දී කැමරාවට මුලින්ම අසුවූ අවස්ථාව මෙය 50% ලංකර නැවත සාදා ඇත,
මේ සතාගෙන් කාටවත් හිරිහැරයක් වූ අවස්ථා වාර්ථා වෙන්නේ නෑ, විද්ඥාඥයින් කියන්නේ මේ පරිණාමයේ එක අවස්ථාවක් බවයි.
වඳවී ගිය බව සිතුවද, සුළු වශයෙන් ප්‍රමාණයක් ඉතිරිවී ඇතිබව. මෙය තහවුරු කරන්න තරම් සාක්ෂියක් ඉදිරිපත්වෙලා නෑ.
ටිබෙටයේ හා චීනයේ මේ සතාව දේවත්වයෙන් සලකනවා, විවිධ චිත්‍රපටි, කථාංග, ඕනෑ තරම් මේ ගැන හැදිලා තියෙනවා.
කට්ටියට මතක ඇති ටින්ටින් කාටූන් එකෙත් මේ සතාගැන තියෙනවා..
හිමාල කන්දේදී ගනු ලැබූ ඡායාරූපයක්
මිනිසුන් විවිධ ආකාරයෙන් සතෙක් අල්ලා ගැනීමට උත්සාහ කරත් තවමත් හැකියාවක් ලැබිලා නෑ..
අටවන ලද උගුලක්...
සිතන්න අපිට නොපෙනෙන නොදැක්ක දේවල් තවමත් ලොව තියෙනබව...








