ලෝක ඉතිහාසයේ අමුතු ප්‍රතිකාර ක්‍රම

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com

    ලෝක ඉතිහාසයේ අමුතු ප්‍රතිකාර ක්‍රම

    බටහිර වෛද්‍ය විද්‍යාව කියල කියන්නෙ අද වෙද්දි විද්‍යාවේ, තාක්ෂණයේ දියුණුවත් එක්ක ලොකු ගමනක් ඇවිල්ල තියෙන, ලෝකයට නැතුවම බැරි ක්ෂේත්‍රයක්. මිනිස් ජීවිත බේරගන්න මිනිස් හිස් පවා බද්ධ කරන තරමටම අද මේ වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු වෙලා තියෙනවා. මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භය නම් බොහොම ඈත ඉතිහාසයට දිවයන්නක්. හැබැයි මේ විදිහට වෛද්‍ය විද්‍යාව දියුණු නැති සමයේ ඒ කියන්නෙ වෛද්‍ය විද්‍යාවේ ආරම්භක සමයේ වුණත් මිනිසුන්ගේ ලෙඩරෝග හොඳ කරන්න විවිධ උපක්‍රම භාවිත වෙලා තියෙනවනේ. මේ කතා කරන්න යන්නෙ ඒ ආරම්භක සමයේ ලෙඩ සුව කරන්න භාවිතා කරපු විවිධ ක්‍රම ගැනයි. මේ ක්‍රම අද මේ ලෝකය මේ තරම් දියුණු වෙලා තියෙන කාලයක ඉඳලා අහද්දිනම් තරමක් බය ඇතිවෙන අමුතුම ක්‍රම.

    1. ලේ වැගිරීම (Bloodletting)

    strangest-treatment-01.jpg

    මනුස්සයෙකුගේ ශරීරයෙන් ලේ වැගිරෙනව කියල කියන්නෙ ඇහුවමත් බිය ඇතිවෙන කාරණයක්නේ. හැබැයි වෛද්‍ය විද්‍යාව මේ තරම් නොදියුණු අතීතයේ යම් යම් ලෙඩරෝග සුවකරන උපක්‍රමයක් විදිහට මිනිසුන්ගේ ශරීරයෙන් ලේ වැගිරෙන්නේ ඉඩහැරියා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

    මේ ලේ වැගිරීමේ ප්‍රතිකාර ක්‍රමය පුරාණ සුමේරියානුවන් සහ ඊජිප්තුවරුන්ගේ පුරුද්දක් බවට විශ්වාස කලත් මේ ක්‍රමය වඩාත්ම ප්‍රචලිත වෙන්නේ ක්‍රි: පූ: 8ත් – 6ත් අතර සම්භාව්‍ය ග්‍රීසිය හා රෝමය සමයේ. ශරීරයේ රුධිරය සමපාත නොවීම නිසා යම් රෝග ඇතිවෙන බවට නිර්ණය කල එකල වෛද්‍යවරුන් මිනිස් සිරුරේ යම් තැනක කැපුමක් සිදුකොට අතිරේක රුධිරය ගලායාමට සලස්වනු ලැබුවා.

    2. හිස් කබල සිදුරු කිරීම (Trepanation)

    strangest-treatment-02.jpg

    මේකත් ඇහුවමත් හිත සසල වෙන විදිහේ එක්තරා භයානක ප්‍රතිකාර ක්‍රමයක්. මේක මීට වසර 7000 කට පමණ පෙර ඉතා ඈත ඉතිහාසයේ භාවිතා කල ප්‍රතිකාර ක්‍රමයක්. ලෝකයේ පැරණිතම ශල්‍යකර්ම වලින් එකක් විදිහට මේ ක්‍රමය හැඳින්වුවත් වරදක් නැහැ.

    මේ ආකාරයට විවිධ ලෙඩරෝග සුවකිරීම සඳහා හිස්කබල සිදුරු කිරීම කුමන පදනමක් මත සිදුකළේද යන්නනම් තවමත් විවාදාත්මකයි. කොහොම වුණත් මේක ගෝත්‍රික චාරිත්‍ර මත සිදුවූවක් බවත් විශ්වාස කෙරෙනවා. ඊට අමතරව හිසේ තිබෙන යම් යම් මානසික රෝග ඉවත්කිරීමට, නරක ආත්මයන් හිසෙන් පලවාහැරීමට වගේ අදහසකින් මේ සිදුරුකිරීම් සිදුකල බවටත් අනුමාන කෙරෙනවා. මෙසේ සිදුරු කල හිස්කබල් පේරු රාජ්‍යයේ සිදුකරන ලද කැනීම් වලදී හමුවෙලා තියෙනවා.

    3. සතුන්ගේ පිත යොදාගෙන කෙරුණු ප්‍රතිකාර

    strangest-treatment-03.jpg

    සත්ව පිත කියන්නෙත් ඒ කාලයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරන්න යොදා ගැනුණු සුලභ ප්‍රතිකාර ක්‍රමයක්. පිඹුරාගේ පිත කාන්තා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ඇතිවෙන වණ ආදිය සුවකරන්න භාවිතා කෙරුණු බව කියවෙනවා.

    ඊටත් වඩා අප්‍රසන්නම කාරණය තමයි මුඛය ආශ්‍රිත දුර්ගන්ධය දුරුකරන්න ඒ කාලයේ අලියන්ගේ පිත ජලය සමඟ මිශ්‍රකොට පානය කළා කියන එක. මේක පුරාණ චීනයේ ඉතාම ප්‍රසිද්ධ ප්‍රතිකාර ක්‍රමයක් වුනු බව කියවෙනවා.

    4. කොකේන්

    strangest-treatment-04.jpg

    අපි දන්න තරමින් කොකේන් කියන්නෙ භාවිතයට නීතියෙන් තහනම් වූ මත්ද්‍රව්‍ය ගණයට වැටෙන නිෂ්පාදනයක්නේ. ඉතාම මෑත කාලයේදී විවිධ වෛද්‍ය ක්‍රමවේදයන්ට කොකේන් භාවිතයට යුරෝපා රටවල අනුමැතිය ලැබිලා තියෙනවා. නමුත් ඒ හුඟක්ම විශාල ශල්‍යකර්ම සඳහා නිර්වින්දන ක්‍රම වගේ දේවල් වලදී. නමුත් ඉතිහාසයේ විශාදය වගේ සාමාන්‍ය මානසික රෝග සඳහා ප්‍රතිකාරයක් වශයෙන් මේ කොකේන් භාවිතා කරලා තියෙනවා. අපි හැමෝම දන්න ප්‍රසිද්ධ, මනෝවිශ්ලේෂණයේ පියා ලෙස සැලකෙන සිග්මන් ෆ්‍රොයිඩ් පවා මානසික ප්‍රතිකාර වශයෙන් කොකේන් නිර්දේශ කල වෛද්‍යවරුන් අතරේ සිටිනවා. ඒ වගේම මානසික රෝග වලට අමතරව දත්, කැක්කුම්, ඉරුවාරදය වැනි රෝග වලට පවා කොකේන් නිර්දේශ කිරීම ඒ අවධියේ සුලභව සිදුවෙලා තියෙනවා.

    5. හෙරොයින්

    strangest-treatment-05.jpg

    හෙරොයින් කියන්නෙත් නීතියෙන් භාවිතය තහනම් ඉතාම භයානක ගණයේ මත්ද්‍රව්‍යයක්. නමුත් 1920 ආශ්‍රිත කාලයේ මේ හෙරොයින් කියන භයානක මත්ද්‍රව්‍යය කුඩා දරුවන්ට ඇතිවෙන කැස්ස සඳහා බහුලව නිර්දේශ වන ප්‍රතිකාරයක් බවට පත්වෙලා තිබුණා.

    6. ආසනික්

    strangest-treatment-06.jpg

    ආසනික් කියල කියන්නෙ ආහාරයට ගැනීමෙන් මරණය පවා ඇතිවෙන්න පුළුවන් ඉතාම නරක රසායනික මුලද්‍රව්‍යයක්. ඒ වගේම ආසනික් කියන්නෙ ශරීරගතවීමෙන් පෙනහළු, වකුගඩු, අක්මා වගේ බොහෝ අවයන්වල පිළිකා ඇතිකිරීමට සෘජු සම්බන්ධතාවයක් දැක්විය හැකි මුලද්‍රව්‍යයක්.

    පුදුමයට කාරණය නම් ඈත ඉතිහාසයේ උණ, හිසරදය වගේ ඉතාම සුලභ රෝග වගේම රුධිර රෝග ඇතුළු රෝග ගණනාවකටම ප්‍රතිකාර වශයෙන් මේ ආසනික් භාවිතා කරලා තියෙනවා කියන එකයි.

    7. සත්ව වසුරු ප්‍රතිකාර

    strangest-treatment-07.jpg

    මෙය පුරාණ ඊජිප්තුවරුන් ප්‍රතිකාර ලෙස භාවිතා කල ඉතාම අප්‍රසන්න සහගත ක්‍රමයක්. බූරුවන්, බල්ලන් මැස්සන් වගේ විවිධ සතුන් ගණනාවකගේම අසූචි ඔවුන් සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගෙන තියෙනවා. පිටගැස්ම ඇතිවීම වැලක්වීමට බාහිර තුවාලයක පිරිසිඳුකම ගැන ඉතා ඉහල අවධානයක් යොමුකරන සමයක ජීවත්වෙන අපිට නම් මේ කතාව හරිම අසාමාන්‍යයි. නමුත් පසුකාලීනව කරන ලද පර්යේෂණ වලින් නිගමනය කර තිබෙන්නේ සමහර සතුන්ගේ අසූචි වල ප්‍රතිජීවක ද්‍රව්‍ය අඩංගු මයික්‍රොෆ්ලෝරා අඩංගුවීම මෙසේ සමේ අසාදන සුවවීමට හෙතුවෙන්නට ඇතිබවයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Arsenic is a double edged sword. Arsenic Trioxide (As2O3), marketed as Trisenox is used as a drug with strong anti-tumor effect with little toxicity when used in the treatment of acute promyelocytic leukemia (APL).
    Arsenic works by speeding up the death of leukaemic cells and encouraging normal blood cells to develop properly. It does this by working on particular proteins within the cell.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    ලෝක ඉතිහාසයේ අමුතු ප්‍රතිකාර ක්‍රම

    බටහිර වෛද්‍ය විද්‍යාව කියල කියන්නෙ අද වෙද්දි විද්‍යාවේ, තාක්ෂණයේ දියුණුවත් එක්ක ලොකු ගමනක් ඇවිල්ල තියෙන, ලෝකයට නැතුවම බැරි ක්ෂේත්‍රයක්. මිනිස් ජීවිත බේරගන්න මිනිස් හිස් පවා බද්ධ කරන තරමටම අද මේ වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු වෙලා තියෙනවා. මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භය නම් බොහොම ඈත ඉතිහාසයට දිවයන්නක්. හැබැයි මේ විදිහට වෛද්‍ය විද්‍යාව දියුණු නැති සමයේ ඒ කියන්නෙ වෛද්‍ය විද්‍යාවේ ආරම්භක සමයේ වුණත් මිනිසුන්ගේ ලෙඩරෝග හොඳ කරන්න විවිධ උපක්‍රම භාවිත වෙලා තියෙනවනේ. මේ කතා කරන්න යන්නෙ ඒ ආරම්භක සමයේ ලෙඩ සුව කරන්න භාවිතා කරපු විවිධ ක්‍රම ගැනයි. මේ ක්‍රම අද මේ ලෝකය මේ තරම් දියුණු වෙලා තියෙන කාලයක ඉඳලා අහද්දිනම් තරමක් බය ඇතිවෙන අමුතුම ක්‍රම.

    1. ලේ වැගිරීම (Bloodletting)

    strangest-treatment-01.jpg

    මනුස්සයෙකුගේ ශරීරයෙන් ලේ වැගිරෙනව කියල කියන්නෙ ඇහුවමත් බිය ඇතිවෙන කාරණයක්නේ. හැබැයි වෛද්‍ය විද්‍යාව මේ තරම් නොදියුණු අතීතයේ යම් යම් ලෙඩරෝග සුවකරන උපක්‍රමයක් විදිහට මිනිසුන්ගේ ශරීරයෙන් ලේ වැගිරෙන්නේ ඉඩහැරියා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

    මේ ලේ වැගිරීමේ ප්‍රතිකාර ක්‍රමය පුරාණ සුමේරියානුවන් සහ ඊජිප්තුවරුන්ගේ පුරුද්දක් බවට විශ්වාස කලත් මේ ක්‍රමය වඩාත්ම ප්‍රචලිත වෙන්නේ ක්‍රි: පූ: 8ත් – 6ත් අතර සම්භාව්‍ය ග්‍රීසිය හා රෝමය සමයේ. ශරීරයේ රුධිරය සමපාත නොවීම නිසා යම් රෝග ඇතිවෙන බවට නිර්ණය කල එකල වෛද්‍යවරුන් මිනිස් සිරුරේ යම් තැනක කැපුමක් සිදුකොට අතිරේක රුධිරය ගලායාමට සලස්වනු ලැබුවා.

    2. හිස් කබල සිදුරු කිරීම (Trepanation)

    strangest-treatment-02.jpg

    මේකත් ඇහුවමත් හිත සසල වෙන විදිහේ එක්තරා භයානක ප්‍රතිකාර ක්‍රමයක්. මේක මීට වසර 7000 කට පමණ පෙර ඉතා ඈත ඉතිහාසයේ භාවිතා කල ප්‍රතිකාර ක්‍රමයක්. ලෝකයේ පැරණිතම ශල්‍යකර්ම වලින් එකක් විදිහට මේ ක්‍රමය හැඳින්වුවත් වරදක් නැහැ.

    මේ ආකාරයට විවිධ ලෙඩරෝග සුවකිරීම සඳහා හිස්කබල සිදුරු කිරීම කුමන පදනමක් මත සිදුකළේද යන්නනම් තවමත් විවාදාත්මකයි. කොහොම වුණත් මේක ගෝත්‍රික චාරිත්‍ර මත සිදුවූවක් බවත් විශ්වාස කෙරෙනවා. ඊට අමතරව හිසේ තිබෙන යම් යම් මානසික රෝග ඉවත්කිරීමට, නරක ආත්මයන් හිසෙන් පලවාහැරීමට වගේ අදහසකින් මේ සිදුරුකිරීම් සිදුකල බවටත් අනුමාන කෙරෙනවා. මෙසේ සිදුරු කල හිස්කබල් පේරු රාජ්‍යයේ සිදුකරන ලද කැනීම් වලදී හමුවෙලා තියෙනවා.

    3. සතුන්ගේ පිත යොදාගෙන කෙරුණු ප්‍රතිකාර

    strangest-treatment-03.jpg

    සත්ව පිත කියන්නෙත් ඒ කාලයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරන්න යොදා ගැනුණු සුලභ ප්‍රතිකාර ක්‍රමයක්. පිඹුරාගේ පිත කාන්තා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ඇතිවෙන වණ ආදිය සුවකරන්න භාවිතා කෙරුණු බව කියවෙනවා.

    ඊටත් වඩා අප්‍රසන්නම කාරණය තමයි මුඛය ආශ්‍රිත දුර්ගන්ධය දුරුකරන්න ඒ කාලයේ අලියන්ගේ පිත ජලය සමඟ මිශ්‍රකොට පානය කළා කියන එක. මේක පුරාණ චීනයේ ඉතාම ප්‍රසිද්ධ ප්‍රතිකාර ක්‍රමයක් වුනු බව කියවෙනවා.

    4. කොකේන්

    strangest-treatment-04.jpg

    අපි දන්න තරමින් කොකේන් කියන්නෙ භාවිතයට නීතියෙන් තහනම් වූ මත්ද්‍රව්‍ය ගණයට වැටෙන නිෂ්පාදනයක්නේ. ඉතාම මෑත කාලයේදී විවිධ වෛද්‍ය ක්‍රමවේදයන්ට කොකේන් භාවිතයට යුරෝපා රටවල අනුමැතිය ලැබිලා තියෙනවා. නමුත් ඒ හුඟක්ම විශාල ශල්‍යකර්ම සඳහා නිර්වින්දන ක්‍රම වගේ දේවල් වලදී. නමුත් ඉතිහාසයේ විශාදය වගේ සාමාන්‍ය මානසික රෝග සඳහා ප්‍රතිකාරයක් වශයෙන් මේ කොකේන් භාවිතා කරලා තියෙනවා. අපි හැමෝම දන්න ප්‍රසිද්ධ, මනෝවිශ්ලේෂණයේ පියා ලෙස සැලකෙන සිග්මන් ෆ්‍රොයිඩ් පවා මානසික ප්‍රතිකාර වශයෙන් කොකේන් නිර්දේශ කල වෛද්‍යවරුන් අතරේ සිටිනවා. ඒ වගේම මානසික රෝග වලට අමතරව දත්, කැක්කුම්, ඉරුවාරදය වැනි රෝග වලට පවා කොකේන් නිර්දේශ කිරීම ඒ අවධියේ සුලභව සිදුවෙලා තියෙනවා.

    5. හෙරොයින්

    strangest-treatment-05.jpg

    හෙරොයින් කියන්නෙත් නීතියෙන් භාවිතය තහනම් ඉතාම භයානක ගණයේ මත්ද්‍රව්‍යයක්. නමුත් 1920 ආශ්‍රිත කාලයේ මේ හෙරොයින් කියන භයානක මත්ද්‍රව්‍යය කුඩා දරුවන්ට ඇතිවෙන කැස්ස සඳහා බහුලව නිර්දේශ වන ප්‍රතිකාරයක් බවට පත්වෙලා තිබුණා.

    6. ආසනික්

    strangest-treatment-06.jpg

    ආසනික් කියල කියන්නෙ ආහාරයට ගැනීමෙන් මරණය පවා ඇතිවෙන්න පුළුවන් ඉතාම නරක රසායනික මුලද්‍රව්‍යයක්. ඒ වගේම ආසනික් කියන්නෙ ශරීරගතවීමෙන් පෙනහළු, වකුගඩු, අක්මා වගේ බොහෝ අවයන්වල පිළිකා ඇතිකිරීමට සෘජු සම්බන්ධතාවයක් දැක්විය හැකි මුලද්‍රව්‍යයක්.

    පුදුමයට කාරණය නම් ඈත ඉතිහාසයේ උණ, හිසරදය වගේ ඉතාම සුලභ රෝග වගේම රුධිර රෝග ඇතුළු රෝග ගණනාවකටම ප්‍රතිකාර වශයෙන් මේ ආසනික් භාවිතා කරලා තියෙනවා කියන එකයි.

    7. සත්ව වසුරු ප්‍රතිකාර

    strangest-treatment-07.jpg

    මෙය පුරාණ ඊජිප්තුවරුන් ප්‍රතිකාර ලෙස භාවිතා කල ඉතාම අප්‍රසන්න සහගත ක්‍රමයක්. බූරුවන්, බල්ලන් මැස්සන් වගේ විවිධ සතුන් ගණනාවකගේම අසූචි ඔවුන් සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගෙන තියෙනවා. පිටගැස්ම ඇතිවීම වැලක්වීමට බාහිර තුවාලයක පිරිසිඳුකම ගැන ඉතා ඉහල අවධානයක් යොමුකරන සමයක ජීවත්වෙන අපිට නම් මේ කතාව හරිම අසාමාන්‍යයි. නමුත් පසුකාලීනව කරන ලද පර්යේෂණ වලින් නිගමනය කර තිබෙන්නේ සමහර සතුන්ගේ අසූචි වල ප්‍රතිජීවක ද්‍රව්‍ය අඩංගු මයික්‍රොෆ්ලෝරා අඩංගුවීම මෙසේ සමේ අසාදන සුවවීමට හෙතුවෙන්නට ඇතිබවයි.

    2. ට්‍රෙපොනේෂන් අදටත් කරනවා සමහර වෙලාවට. ⁣ඕක ෆන්ඩමෙන්ටල් සර්ජරි එකක්. අභ්‍යන්තර ගලන නිසා හිස තුල පීඩනය වැඩි උනාම ඕක කරනවා පීඩනය අඩු කරන්න. බුරුමයක් වගේ උපරණයක් භාවිතා කරන්නේ.

    ඉස්සර ට්‍රෙපොනේට් කරලා ඇතිවන සිදුර වැහුවේ ලෝහ තහඩු වලින්. සමහර වෙලාවට කාසි වලින්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    පිඹුරාගේ පිත කාන්තා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ඇතිවෙන වණ ආදිය සුවකරන්න භාවිතා කෙරුණු

    මමත් මේක කාන්තාවන්ට ප්‍රතිකාර කමයක් ලෙස කරනවා හැමදාම🤣
     
    • Haha
    Reactions: kevin_levin