අන්තර්ජලය හරහා අපට ලැබෙන චිත්‍රපට පිටපත් ගැන

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,660
    7,012
    113
    United States
    අන්තර්ජලය හරහා අපට ලැබෙන චිත්‍රපට පිටපත් ගැන

    blur-ray-disc-logo-large-bbb-5893a7b43df78caebcea02a0.jpg

    අද මම ගෙනාවා Movies බලන කට්ටියට ගොඩක් වැදගත් වන දෙයක්. ඒ තමයි අන්තර්ජලය හරහා අපට ලැබෙන චිත්‍රපට පිටපත් ගැන. එහෙම නම් අද කතා කරමු මේ ගැන.

    01. CAM

    ගොඩක් අය දන්න දෙයක් තමයි. කැමරා කොපි ලෙස හදුන්වන්නේ මේ ආකාරයේ චිත්‍රපටි පිටපත්, බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත් සාදන්නේ චිත්‍රපටි ශාලාවට විඩියෝ කැමරාවක් ගෙන ගොස් චිත්‍රපට ශාලාවේ චිත්‍රපටය පෙන්වන තිරය රුගත කිරීමෙනුයි.

    බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රුගත කරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වෙනවා. තිරයේ ඇති කුරු වැනි දැ කියවීමට අපහසුයි. හඩ ලබාගැනීම සදහා කැමරාවේම ඇති මයික් එක භාවිතා කරනවා.කලාතුරකින් හැරුනු කොට CAM පිටපත් ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහල මට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමටත් මත්තෙන් මේ වර්ගයේ පිටපත් ලබාගන්න පුළුවන්.

    02. TELESYNC (TS)

    මේකත් බොහෝ දුරට CAM පිටපත් වලටම සමානයි. ඒත් මේකේ තියෙන විශේෂත්‍යක් තමයි හඩ ලබාගන්නේ කැමරාවේ ඇති Microphone එකෙන් නෙවෙයි. පැහැදිලි හඩ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවට සම්බන්ද කිරිමෙනි.

    විදේශ රට වල සිනමාශාලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීම සදහා තම ආසනයේ Headphone සවි කරලා තියෙනවා. අන්න් ඒ ජැක් එක පාවිච්චී කරලා තමයි කැමරාවට හඩ ඇතුලත් කිරීම සිදු කරන්න. මේ නිසා CAM පිටපත් වලට වගේ නෙමෙයි පිටපත් වලදි හඩ පැහැදිලිව ඇසීමට පුලුවන්. හැබයි රුපපෙන්නේ නම් CAM ආකාරයටමයි. ඇයි මේක CAM එකට වඩා Sound එක විතරයිනේ හොද වෙන්නේ.


    03. TELECINE (TC)

    TC ආකාරයට නිකුත් වන චිත්‍රපට පිටපත් අපට වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපට පෙන් වීම සදහා භාවිතා කරන REELS ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙස හදුන්වනවා. මේ කාර්ය කිරීම සදහා අවශ්‍ය උපකරන හිග වීමත් දුෂ්කර භාවයත් නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි.

    නමුත් හඩ සහ පින්තූර වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවතිනවා.


    04. SCREENER (SCR)


    චිත්‍රපටයක් නිකුත් වු විට එහි පිටපත් PREVIEW එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් SCR ලෙස හදුන්වනවා. VHS එක අලුත් නම් පිටපත් පැහැදිලි වෙනවා. නමුත් ප්‍රකාශන අයිතිය සදහන් වැකි, කොපි කර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවටම දර්ශන විය හැකිය.

    05. DVD- SCREENER (DVD SCR)

    SCR මෙන් නොව මෙය පෙර සදහන් කල පරිදි යවන DVD එකකින් උපුට ගනු ලබවනවා. නමුත් ප්‍රකාශන අයිතිය සදහන් වැකි, කොපි කර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවටම දර්ශන විය හැකිය.


    06. DVD Rip

    ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයි කිවහොත් මා නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසනයේ මිලදී ගැනීම සදහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වෙනවා. හඩ මෙන්ම රූප වලද ගුණාත්මක්භාවය ඉහලයි. නමුත් මේකේ තියෙන ප්‍රධාන අවාසිය තමයි චිත්‍රපටය නිකුත් වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමට සිදු වීමයි.


    07. VHS Rip


    DVD Rip පිටපත් ලෙස චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රදර්ශණය කොට අවසානයේ මිලදී ගැනීම සදහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වෙනවා.


    08. TV Rip

    රූපවාහිනයේ විකාශනය වන අතරතුර copy කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනි නාලිකා වලට විකාශය වීමට නියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙස හදුන්නවවා. සමහර අවස්ථා වල වෙලද දැන්වීම් හා රූපවාහිනි ලාංඡන වැනි දෑ දකින්න පුලුවන්.



    09. HD Rip


    HDTV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වෙනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහල වුවත් BDRip වලට වඩා අඩුයි.


    10. Divx Re-Enc

    චිත්‍රපටය DVD හෝ VCD තැටියකින් ලබාගෙන ප්‍රමාණයෙන් කුඩා Divx ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා.

    බොහෝ අවස්ථා වල 350mb,200mb ලෙස ප්‍රසිද්ධව තියෙන්නේ මේවා තමයි.



    11. DivX/XviD


    DivX හෝ XviD ලෙස හදුන්වන්නේ මෙතෙක් සදහන් කල පිටපත් වර්ගයක් නොව බහු මාධ්‍ය සදහා වු file format එකක්. මෙහි cords වර්ග 2ක් භාවිතා වෙනවා. ඒ low motion හා high motion වශයෙන්. දැන් බොහෝ විට යොදාගන්නේ high motion cords විතරයි.


    12. XVCD/XSVCD

    කලින් කිවුව විදියටම මේකත් file format එකක්. වඩා වැඩි තිර විභේදනයකින් යුත් video සදහා යොදා ගන්නවා.


    13. WEB-DL/ WebRip

    මේ පිටපත් හදන්නේ Online films පෙන්නන වෙබ් අඩවි වලින් ගන්න පිටපත් වලිනුයි.මේවායේ ගුණාත්මක බව ඉහලයි. (HULU,AMAZON Prime,NETELIX,HUNGAMA,TENTKOTTA,ITUNES) මේවා තවයි උදාහරණ.


    14. BRRip/BDRip


    මේ පිටපත් 2කම චිත්‍රපටයක අවසාන ලෙස නිකුත් වන BluRay පිටපත් තැටි මගින් Rip කර බලාගන්නා පිටපතකි. 20GB BluRay තැටියක් Quality හානි නොවන පරිදි සාමාන්‍යයෙන් 1GB පමණ වනතෙක් Rip කරගත හැකිය. චිත්‍රපටයේ නියම ස්වභාවය පිටපතෙහි ඇති ඉහල ගුණාත්මක භාවය නිසා රසවින්දනය උපරිම ලබාගත හැකි පිටපතකි.(1080p FHD,720p,2160p,4K,VHD ලෙසින් BluRay තටි Rip වේ. )
     
    Last edited: