Hira Gedara (Ponsekage gedara)

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
සිපිරි ගෙදර නොදුටු පැති
sipiri1.jpg

“අරලියගහ මන්දිරයත් වෙලාවකට හිර ගෙදර වගේ” - සිරකරු දිනයේ දී ජනාධිපතිවරයා සිරකරුවන් අමතා එසේ පවසා තිබිණි.

“මචං .. අරලියගහ මන්දිරයත් හරියට හිරගෙදර වගේ කියලා ජනාධිපතිතුමා කිව්වා. අපි අරලියගහ මන්දිරයේ ඉන්නවා කියලා හිතාගෙන හිර ගෙදර ඉමු”

ජනාධිපතිවරයාගේ එම කතාව කාටුන් ශිල්පියකු දුටුවේ ඒ ලෙසිනි.

හිරි ගෙදර, සිපිරිගෙය, මහ උළුගෙදර ලෙසින් හඳුන්වන මේ ස්ථානය පවතින්නේ අවට ලෝකයෙන් බොහෝ දුරස්ථවය. විශාල කොටු පවුරකින් වට වුණු මේ බන්ධනාගාර තුළ නිල ඇඳුම් වර්ග කිහිපයක් හැඳගත් පිරිස් වෙසෙති.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ඇඳුම් විලාසිතා

ඇඳුම් විලාසිතා

කාකිපාට දිග කලිසමත්, කමිසයත් හැඳ සිටින්නේ බන්ධනාගාර නිලධාරීහු ය. සුදු පැහැ ජම්පරය හැඳ සිටින්නේ අච්චු ලැබූ එනම් දඬුවම් විඳින සිරකරුවන් ය. ජම්පරය යනු දණහිස ළඟට දික් වූ කලිසමක් හෝ සායක් නොවන ඒ දෙකෙහිම සම්මිශ්‍රණයකි. එවැනි ඇඳුම් විලාසිතාවක් මීට වසර දෙක තුනකට ඉහත දී කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය තිබිණි.

සිරකරුවන් අද මේ නියම ජම්පරය අඳින්නේ නැත. සුදු කොට කලිසමත්. අත් කොටට දැමූ කුර්තා කර යෙදූ සුදු කමිසයත් නූතන සිරකරුවන්ගේ නිල ඇඳුම බවට පත් ව ඇත. තමන්ට කැමැති පරිදි මේ ඇඳුම් මස්සවා ගැනීමට සිරකරුවන්ට හැකි වී ඇත.දැන් නියම ජම්පරය හැඳි සිරකරුවකු දැකිය හැක්කේ ඉතාම කලාතුරකිනි.

සුදු රෙද්දේ නිල් පැහැ අල්ලි යෙදූ කම්බිලිය, එනම් රෙද්ද සහ අත්කොටට දැමූ කුර්තා කර යෙදූ කමිසය හැඳි සිරකරුවන් ඔබ කිසි දිනෙක දැක තිබෙනවා ද ? ඒ නිල ඇඳුම ලැබෙන්නේ එල්ලුම් ගසට නියම වූ සිරකරුවන්ට ය.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මරණ දඬුවම නියම වූවන්

මරණ දඬුවම නියම වූවන්
සිර ගෙවල්වල වැඩිම පහසුකම් සපයා තිබෙන්නේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් වෙනුවෙනි. මේ ගණයේ සිරකරුවන් සංඛ්‍යාව අඩු ය. එසේම ඔවුන් රඳවා තබන්නේ දැඩි ආරක්ෂක විධි විධාන සහිත සිරකුටි තුළ ය. එම සිරකුටි තිබෙන ශාලාවද යකඩ දොරවල් යොදා විශාල ඉබි යතුරු දමා ආරක්ෂා කර ඇත.

ඔවුන්ගේ පාවිච්චිය සඳහා වෙනමම වැසිකිළි සංකීර්ණයක් සාදා ඇත. එබැවින් වැඩි තදබදයක් නොමැතිව ඔවුහු සිය ශරීර කෘත්‍යයන් ඉටු කර ගනිති.

ස්නානය කිරීම සඳහාත්, ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර ගැනීම සඳහාත් ඔවුන්ට වෙනමම වතුර ටැංකි ඇත. එබැවින් බාධාවලින් තොරව පිරිසුදු වීමේ අවස්ථාව ද උදා වී තිබේ. සමහර සිරකරුවන් දිනපතාම ස්නානය කොට දිනපතාම ඇඳුම් මාරු කොට ඉතාම පිරිසුදුවට සිරකුටියේ කල් ගෙවයි. එමෙන්ම මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට කළ යුතු කිසිම කාර්යයක් නැත. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ භාෂාවෙන් කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම පමණි. අඩුම තරමින් ඔවුන්ගේ වැසිකිළිවත් ඔවුන් පිරිසුදු කළ යුතු නැත. ඒ සඳහා බරපතළ වැඩසහිතව සිරගත වූවන් යොදවා ඇත.

මරණ දඬුවම නියම වු සිරකරුවන් එළිමහනට ගන්නේ ව්‍යායාම සඳහා පමණි. ඒ දිනකට පැය 1 / 2ක් හෝ පැයක කාලයකි. මේ කාලය ද සිරකුටියටම වී කල්පනාවේ නිමග්නව සිටීමට සමහර සිරකරුවෝ පුරුදුව සිටිති.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
දින චර්යාව

දින චර්යාව
බන්ධනාගාර ගතව සිටින සියලුම වර්ගයේ සිරකරුවන් උදේ පාන්දර 5.30ට නින්දෙන් අවදි විය යුතු ය. ඒ අවදි වීම සඳහා නාද කරන සීනුව වදින වේලාව ය. ආදි කාලයේ මේ සීනුව නාද වූයේ පාන්දර 4.00 ට ය. මෑත කාලයේ නිලධාරීන්ගේ අලස බව හේතුවෙන් වේලාව වෙනස් කර ඇත.

5.30 ට පිබිදුනත් කූඩු විවෘත කරන්නේ උදේ 6.30ට පමණ ය. 5.30ට පිබිදුණ සිරකරුවන් ශාරීරික කෘත්‍යය කිරීම සඳහා එළියට බැසීමට පැයක් බලා ගෙන සිටිය යුතු වේ. 6.30 ට කූඩු විවෘත කරන විට උදේ ආහාරයද එම වාට්ටුවට ගෙනැත් තිබේ. (එක් එක් වර්ගවල සිරකරුවන් රඳවා සිටින කොටස් වාට්ටු ලෙස හඳුන්වයි. එනම් ඒවා එධපඤ වේ.)

දිනපතාම ලැබෙන පොල් සම්බෝල සමඟ පාන්ද, කහට කෝප්පය ද ලබා ගැනීමට මොවුහු පෝලිම් ගැසෙති. කූඩුව විවර කළ සැනින් වැසිකිළියට දිව ගිය සිරකරුවන් පැමිණෙන තුරු ආහාර සපයන්නෝ බලා සිටිති. වැඩියෙන් පමා වුවහොත් ආහාරය සමඟ බැනුම් ද ලැබේ.

සිර දඬුවම් විඳීන සිරකරුවන්ට වැඩ වැඩිය. හිර ගෙදර සියලුම කාර්යයන් කළ යුත්තේ ඔවුන් ය. එනම් මුළුතැන්ගෙයි ආහාර පිසීම, ඒවා බෙදා හැරීම, හිර ගෙදර අතුගා පිරිසුදු කොට මල් පැළවලට වතුර දමා වැසිකිළි සෝදා පිරිසුදු කිරීම ආදියයි.මේ කාර්යයන් සඳහා යොදවා ඇති සිරකරුවන් උදෑසන පිබිදුණ වහාම රාජකාරී ආරම්භ කළ යුතු ය.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පාටි වර්ග

පාටි වර්ග
මුළුතැන් ගෙයි උයන පිහන කටයුතුවල යෙදෙන්නේ කුස්සි පාටියේ සාමාජිකයන් ය. හිරගෙදර එක් එක් කාර්යය සඳහා යොදවා ඇති කණ්ඩායම් හඳුන්වන්නේ පාටි ලෙස ය. වතු සුද්ධ පවිත්‍ර කිරීමේ පාටිය මල් පාටියයි. වඩු වැඩ කරන්නේ වඩු පාටියේ සාමාජිකයන් වන අතර සිරකරුවන්ට අවශ්‍ය ඇඳුම් මසන්නේ ටේලර් පාටියයි.

කොසු ඉදල් සෑදීමට පිරිසක් යොදවා ඇත. ඒ කොසු පාටියයි. හිර ගෙදර දී වැරැදි කර හසුවන්නන් හා බරපතළ වැඩ සහිත සිරකරුවන් මේ කොසු පාටියේ ලෙලි තැලීම සඳහා යොදවයි.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අමුතුම භාෂාවක්

අමුතුම භාෂාවක්
සිර ගෙදර ඇත්තේ අමුතුම භාෂා ක්‍රමයකි. ඒ සමහර වචන ඔබට මට කිසිසේත්ම තේරුම් ගත නොහැකි ය.

“ඌ .. මාව කරත්තේ නැංගුªවා” කරත්තේ නැංගුවා යනු කුමක්ද ? හිරේ දී කිසිම දෙයකට සම්බන්ධ නොවී පාඩුවේ සිටි අයකු මහා අපරාධයක් සැලැසුම් කරන බවට කතාවක් ගොතා නිලධාරීන්ට පැමිණිලි කොට අර පුද්ගලයා කරදරයට පත් කිරීම “කරත්තයේ නැංගුවා” ලෙස හඳුන්වයි.

විශාල අපරාධවලට සම්බන්ධ බොහෝ විට පාතාල කල්ලි සාමාජිකයන් සිර ගෙදර කල් ගෙවන්නේ ද බොහෝ බියෙන් හා සැකයෙනි. මෙවැනි පුද්ගලයන් අනිත් සෑම සිරකරුවකු දෙසම බලන්නේ තමන්ට පහර දෙන්න - මරා දමන්න කාගෙන් හෝ කොන්ත්‍රාත් ගත්තවුන් ලෙසට ය. ඒ ඔවුන් එළියේ දී කළ දේ ය.

මෙසේ දිගින් දිගටම සිතා දැඩි මානසික අසහනයට පත්වන ඔවුහු කවුරුන් හෝ අහිංසකයකු කරත්තයට නැංවීමට කටයුතු කරති. මෙවැනි සිදුවීම් බහුල නිසාත් පාලක පක්ෂය ද ඒ ගැන හොඳින් දැන සිටින නිසාත් අහිංසකයාට එතරම් හානියක් සිදුවන්නේ නැත.

අනුන්ගේ දේ සොයමින් ඒවා රස කර අසා සිටීම කරත්ත ගැනීම ලෙස හඳුන්වයි. සොයාගත් ඕප දූප බෙදා හැරීම “කරත්ත බෙදනවා” ලෙසින් හඳුන්වයි.

“උදේට පෝලිමේ ගිහින් පාන් කැපුවා. පොල් සම්බෝල කැපුවා. තේ කැපුවා, දවල්ට පෝලිමේ ගිහින් බත් කැපුවා. එළවළු කැපුවා. මාළු කැපුවා, රෑට මස් කන්නේ නැති අය පරිප්පු කපනවා”

ඔබට සිතා ගන්න පුළුවන් ද මේ කියන්නේ මොනව ද කියා. හිර ගෙදර බත් බෙදන්නේ හෝ ගන්නේ නැත. එය හඳුන්වන්නේ ‘කපනවා’ ලෙසිනි. ‘බත් කැපුවා’ යනු බත් ගත්තා යන්නයි. මස් කැපුවා යනු මස් ගත්තා යන්නයි.

හිර ගෙදර මහා කොටු පවුරකින් වට වුණු වෙනමම ලෝකයක් වැනි ස්ථානයක් වුවත් පිරිමි සිරකරුවන්ට එහි නොමැත්තේ කාන්තාවන් පමණි. මුදල් වියදම් කළ හැකි නම් සිර ගෙදර දී ඕනෑම දෙයක් ලබා ගත හැකිවා සේම උසස් නිලධාරීන් හඳුනන්නේ නම්, විශ්වාසය දිනා ගෙන ඇතිනම් කාන්තාවක හමු වී සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ද අවස්ථාව ඇත.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මුදල් ලැබෙන ක්‍රම

මුදල් ලැබෙන ක්‍රම
සිරකරුවන්ට මුදල් ලැබෙන්නේ කෙසේ ද ? ක්‍රම කිහිපයකින් ඔවුහු මුදල් ලබා ගනිති. සමහර බන්ධනාගාර නියාමකවරු කාලයක් තිසසේ සිරකරුවන්ට මුදල් ලබා දීමේ යෙදී සිටිති. ඔවුන් තමන්ගේ ළඟම ඥාතියෙකුගේ බැංකු ගිණුම් අංකයක් මේ සිරකරුවන්ට ලබා දේ. සිරකරුවන් ඒ අංකය දුරකතනයෙන් සිය ළඟම ඥාතීන්ට ලබා දේ. ඔවුන් මේ ගිණුමට මුදල් බැර කරයි. 20%ක් හෝ ඊට වැඩි කොමිස් මුදලක් ඉතිරිකරගෙන අනෙක් මුදල සිරකරුවාට ලබා දේ.

සිරකරුවන් තවත් ක්‍රමවලට මුදල් ගෙන්වා ගනී. ඔවුන් බැලීමට පැමිණෙන ඥාතීන් කෑම වර්ග ද කදමලු බැඳගෙන එන්නට අමතක කරන්නේ නැත. මස් වර්ග වෙනමම කුඩා ෂොපින් උරවල බහා ගෙන ඒ. මුදල් ලැබෙන්නේ මේ මස් මල්ලෙනි. එනම් නෝට්ටු කුඩා වෙන්නට නමා පොලිතීන් උරයක බහා හොදි කාන්දු නොවන ලෙස ගැට ගසයි. ඉන් පසු එය සාමාන්‍ය තරම් පුළුන් බෝලයක් තුළට දමා හොඳින් ගුලි කර මස් එක තුළට දමයි. හොදිවලින් තෙත් වන පුළුන් කැබැල්ල පෙනෙන්නේ ද මස් කැබැල්ලක් ලෙසිනි. කරදරයක් නැතිව සිරකරු අතට මුදල් යයි.

සිරකරුවන් හා ඥාතීන් හමු වන්නේ දැල් කිහිපයකින් ආවරණය වූ වැටක් දෙපැත්තේ සිට ය. කාලයක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් බන්ධනාගාර නියාමකවරුන් සිටින ස්ථානයට වඩාත් ඈත කොනෙන් දැලේ සිදුරු සාදා ඇත. මුදල් නෝට්ටු සිහින්ව රෝල් කර මේ සිදුරුවලින් සිරකරුවන්ට ලබා දේ’

මත් කුඩු ද මේ ආකාරයෙන් මස්, මාළු පාර්සල් හරහා සිරකරුවන්ට ලැබේ. බන්ධනාගාර නියාමකවරුන් ද සිරකරුවන්ට මත්කුඩු ලබා දීමේ කාර්යයේ නිරතව සිටිති. ඒ විශාල ලෙස මුදල් උපයා ගත හැකි නිසා ය.

ඊට අමතරව උසාවි ගෙන යන සිරකරුවන් ඉතාම සූක්ෂම ලෙස මත්කුඩු සිරගෙය තුළට ගෙන ඒමට පුරුදුව සිටී. එනම් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු වැසිකිළියට යාමට අවශ්‍ය බව නියාමකරවැන්ට දන්වා වැසිකිළියට යයි. එහි දී ඔවුන්ට සුරක්ෂිතව සකස් කළ හෙරොයින් ලැබේ. එය ගුද මාර්ගය තුළට ඇතුල් කරගෙන එළියට පැමිණේ. බන්ධනාගාරයේ සිරකුටිය තුළට ගිය විට මේවා එළියට ගෙන මුදලට විකුණයි. එළියට වඩා මිල අධිකය. එහෙත් ඉල්ලුම වැඩි ය. එළියේ නැතත් අතුලේ නම් කුඩු අඩුවන්නේ නැත.

සමහරු ඉටිකොළවල සුරක්ෂිතව පිළියෙළ කළ හෙරොයින් පැකට් ගිල දමයි. ඒවා ලබා ගත හැක්කේ මළ පහ කිරීමෙනි. සමහර අවස්ථාවලදී හෙරොයින් ගිල ආ සිරකරුගේ මළපහ බෙදා ගැනීමට ද හෙරොයින්වලට ඇබ්බැහිවූ මත්ලෝලියෝ පොරකති.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ජංගම දුරකතන

ජංගම දුරකතන
සිරකරුවන්ට ජංගම දුරකතන ලැබෙන ක්‍රම ද කිහිපයකි. සමහර බන්ධනාගාර නියාමකවරුන්ට (සමහර ජේලර්වරුද මේ කටයුතුවල යෙදී සිටිති) රුපියල් පන් දහසක් දුන්නොත් රුපියල් දෙදහස් පන්සීයක් හෝ තුන් දහසක් වටිනා ජංගම දුරකතනයක් ලබා ගත හැකි ය. අනිත් ක්‍රමය නම් අධිකරණයට ගොස් එද්දී ගුද මාර්ගයට ඇතුල් කරගෙන ය. ජංගම දුරකතනයත්, චාජරයත් යන දෙකම එකවර මෙසේ ගුද මාර්ගයට ඇතුළු කරගෙන හිරගෙදරට රැගෙන එන සිරකරුවෝ ද සිටිති.

සිරකුටි පරීක්ෂා කරන අවස්ථාවලදී යට ඇඳුම් තුළ හෝ ගුද මාර්ගයේ මේවා සඟවා ගනිති. නොඑසේ නම් සිර කුටිවල ඇති රහස් ගුල්වල සඟවා තබති. නොඑසේ නම් පරීක්ෂාවට පැමිණෙන ගාඩ්වරයාට රුපියල් පන්සියයක් දහසක් අතමොලවා දුරකතනය බේරා ගනී.

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නන් බැලීමට සිය ඥාතීන්ට දිනපතා වුව පිළිවන. එසේ ම ඕනෑම ආහාර පාන වර්ග ද ලබා දිය හැකි ය. මේ ආකාරයෙන් සිර ගෙදරට මිදි, ඇපල් පවා ලැබේ. කේක්, බිස්කට් ආදී සෑම ආහාර වර්ගයක්ම ලැබේ. අච්චු ලැබූවන් මේවා මිලදී ගනී.

සිරකරුවන්ට සිගරට් තහනම් නැත. එබැවින් සිගරට් හොර මාර්ගයෙන් ලබාගත යුතු නැත. ගංජා, දුම්කොළ ආදිය ද බන්ධනාගාරවල ඕනෑම වෙලාවක, ඕනෑම තරමක් මිල දී ගැනීමට හැකි ය. අවශ්‍ය මුදල් පමණි.

“මීට අවුරුදු 3කට කලින් මම දෙසැම්බර් 31 වැනිදා දිනෙක රෑ හොඳටම මත් වෙනකම් ගංජා බිව්වා. අන්තිමට වමනෙත් ගියා. එදායින් ගංජා බීම නැවැත්වුවා. ආයි දවසක් අරක්කු බෝතලයක් ම බිව්වා. “

මේ සිරකරුට මේවා ලැබුණේ කෙසේ ද ?

සමහර සිරකරුවන්ට මෙට්ට ඇත. කොට්ට, පැදුරු බාරව සිටිනා ගාඩ්වරුන්ට කීයක් හෝ අතමෙල වූ පසු කොට්ට 4ක් 5ක් වුව ලබා ගත හැකි ය. පෙරවීමට දෙන ඇතිරිල්ල මුට්ටුකර කොට්ට ගලවා පුළුන් ඒ තුළට දමා මෙට්ටය සකසා ගනී.

සිරකුටි තුළ ආහාර පිස ගන්නා සිරුකරුවන් ද වේ. සිරකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා තහඩුවලින් නිෂ්පාදිත කුඩා බාල්දි වැනි උපකරණ ලබා දේ. හිස ගැල්වීමට පොල්තෙල් ද ලබා දේ නොඑසේ නම් මිලදී ගනී. ඇද ඇතිරිල්ලකින් පටියක් ඉරා මහත පාන්තිරයක් ලෙස අඹරා එය ඇලුමිනියම් භාජනයේ ඇතුළත දරණුවක් ලෙස අතුªරයි. දැන් ඒ තුළට පොල් තෙල් දමා තිරය අවුලුවා ලිප සකසා ගනී සමහර සිරකරුවන් හොට් ප්ලේට් ද සාදාගෙන ඇත. කුඩා බාල්දියක පතුල ගලවා වටේ සිදුරු කර එය ලිප උඩින් තබා ඒ මත තවත් බඳුනක පිළියෙළ කළ ආහාරය පිස ගනී.

බොහෝ විට ලැබෙන මස් හොද්ද තෙල් ලුණු තුන පහ දමා රසවත් ලෙස සකසා ගනී. සිරකුටි තුළ දී තේ සාදා ගැනීමට ද සමහර සිරකරුවෝ කටයුතු කරති. තේ කොළ, සීනි, පිටි, රිමාන්ඩ් සිරකරුවන්ගෙන් මිලදී ගනී. මේ සමහර සිරකුටිවල හීටර ඇත.

සමහර සිරකරුවන් දිනපතා ලැබෙන ආහාරය අප්‍රිය වූ විට කුස්සි පාටියට මුදල් දී ආහාර වේල රසවත්ව පිළියෙල කරවා ගනී. එක් ආහාර වේලක් සඳහා රුපියල් 10ක් පමණ දීම ප්‍රමාණවත් ය.

ණයට දීම් ණය ගැනීම් ද ඇත. එහෙත් වේලාවට ණය නොබේරුවොත් ගුටි කෙළිය. මිනී මරා ගන්නා අවස්ථා ද ඇත. ඒ බොහෝ විට කුඩු සම්බන්ධ ගනු දෙනුවලදී ය.

සිරකුටි තුළ දී ගිනි මොලවා ගැනීමට ගිනි පෙට්ටියක් නොමැති විට ගල් යුගයේ දී ගිනි මොලවා ගත් ආකාරයට වඩා ටිකක් දියුණු ක්‍රමයක් උපයෝගී කරගෙන ගින්දර නිෂ්පාදනය කර ගනී.

මොවුන්ගේ ප්‍රයෝජනය සඳහා දී තිබෙන තහඩු බාල්දියක පහළ වටේ ගැට්ට ගලවා එය කොතැනක හෝ එල්ලයි. එම ගැට්ට බාල්දියේ අනෙක් කොටසට වඩා ශක්තිමත් ය. ගල් කැටයක් රෙදි කැබැල්ලක් ආධාරයෙන් ගැට ගසා එයින් බාල්දි ගැට්ටට තදින් පහර දේ. එවිට ගින්දර නිෂ්පාදනය වේ. නොඑසේ නම් කාමරයේ ඇති විදුලි බල්බය ගලවා හෝල්ඩරයේ පින්වලට හීටරයේ පින් එක තබා වයර් ෂෝට් වීමට ඉඩ හැර ගින්දර නිපදවා ගනී. ජංගම දුරකතන චාජ් කරගන්නේ ද විදුලි බුබුල සවිකර ඇති හෝල්ඩරයෙන් විදුලි බලය ලබා ගැනීමෙනි.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
වෙනත් තොරතුරු

වෙනත් තොරතුරු
සිරකරුවන්ට රාත්‍රී ආහාරය සවස 4.00 වන විට ලැබේ. සවස 5 වන විට සිරකුටි වසා දමයි. ඉන් අනතුරුව මොනම හේතුවක් නිසාවත් සිරකුටියෙන් පිටතට පැමිණිය නොහැකිය. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අත සෝදා ගැනීම දත් මැදීම ආදී සියලු කටයුතු කරගත යුත්තේ කුටිය තුළ දී මය. ඒ සඳහා බෙලෙක් බාල්දි උපයෝගී කර ගනී. මේ සියලුම අපවිත්‍ර දෑ එළිවන තුරු සිරකුටිය තුළ තබා ගත යුතු ය.

රාත්‍රියේ දි මූත්‍රා බරක් හෝ මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒවා කළ යුත්තේ ද සිර කුටියේ සිටින අනිත් සාමාජිකයන් ඉදිරියේ අර බෙලෙක් බාල්දියකට ය. එළි වන තුරු එය කුටියේ තබා ගත යුතුවේ.

පාතාල කල්ලි සාමාජිකයන් හයි කාරයන් මෙන්ම මුදල් හදල් ඇති පවුල්වල සාමාජිකයන් සිරගෙදර ගෙවන්නේ ද සුඛෝපභෝගී ජීවිතයකි. (ඒ සුඛෝපභෝගී බව එළියේ ජීවත් වන කෝටිපතියන් ගෙවන සුඛෝපභෝගී ජීවිතය හා සමකළ නොහැකි ය.)

ඔවුන් සිය ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කරන්නේ නැත. ඒවා අහිංසක දුප්පත් සිරකරුවන්ට බාර දේ. එක කෑල්ලකට රුපියල් 5ක් හෝ 10ක් බැගින් ගෙවා රෙදි සෝදා පිරිසුදු කරවා ගනී. ආහාර පෝලිමේ ගියත් පිඟාන සෝදා ගන්නේ නැත. ඒවා කිරීමට අතවැසියෝ සිටිති. රාත්‍රී කාලයේ බහිස්‍රාවය කරන අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසුදු කළ යුත්තේ ද මේ අතවැසියන් ය.

රිමාන්ඩ් සිරකරුවන්ට නිල ඇඳුමක් නැත. ඔවුන්ට කළ යුතු රාජකාරි ද නැත. උසාවි යාමත් යළි සිරගෙදරට ඒමත්, එසේ පැමිණෙද්දී මත්ද්‍රව්‍ය වැනි දෑ සිරගෙදරට ගෙන ඒමත්, ඔහේ නිකන් බලා සිටීමත් ඔවුන් සතු කාර්යය භාරයයි.

බන්ධනාගාර රැඳවියන් බලාගන්නා බන්ධනාගාර නිලධාරීන් ද මෙහි දී මතක් කළ යුතු ම ය. ඔවුන් බොහෝ විට කාර්යාලයේ දී පවා අතට පයට සිරකරුවන් තබා ගෙන සිටී. සමහර අවස්ථාවලදී පියන් වැඩය පමණක් නොව ක්ලාක් වැඩ ද සිරකරුවන් යොදවා කරවා ගනිති.

මේ සඳහා උගත්කම් ඇති සිරකරුවන් යොදා ගැනේ.

දිනක් එක්තරා බන්ධනාගාරයක නියාමකවරයකු නිල ඇඳුමින් සැරසී කැප් තොප්පිය ද පැළඳ බන්ධනාගාරයේ දොරටුව දෙසට ගමන් කරමින් සිටියේ ය. උසස් නිලධාරියෙක් ඉදිරියට පැමිණේ. කලබල වූ නියාමකවරයා එක්වරම නිලධාරියාට සෙලියුට් එකක් ගසා ආචාර කෙළේ ය. කැප් තොප්පිය බිම වැටිණි. හිස මත තිබුණ බර පාර්සලයක් ද ඒ සමඟම බිම වැටිණි. එය මස් පාර්සලයකි. සිරකරුවන්ට දීම සඳහා වෙන් කළ මස්වලින් කොටසකි. මොහු මීට පෙර කොපමණ කලක් මෙසේ මස් ගෙන යන්නට ඇත් ද?

සිරගෙදර තුනපහ කුඩු වර්ග සැපයෙන්නේ තොග පිටිනි. ඒවා අසුරා එන්නේ බාල්දිවල ය. බාල්දිය විවර කළ විට පිරෙන්නට බඩු ඇත. එහෙත් පතුලේ මුනින් අතට නැමූ බාල්දියකි. සිරකරුවන්ගේ ආහාර වේල් නීරස වන්නේත්, නියමිත ආහාර සලාකය අඩුවෙන් ලැබෙන්නේත් මේ නිසා ය.

නමුත් ආහාර පෝලිමේ දී ආහාර බෙදාහරින පුද්ගලයාට (පාටි කාරයාට) අත මිට මෙලවූ අයට ආහාර වැඩිපුර ලැබේ. අහිංසකයන්ට ලැබෙන්නේ අදාළ සලාකයටත් වඩා අඩුවෙනි.

හොඳින් ස්නානය කර ගැනීමට නම් ඒ අංශ භාරව සිටින නිලධාරීන්ට මෙන්ම පාටිකාරයන්ට ද ‘සම්තින්” දිය යුතු ය. එසේ නොමැති නම් හොඳින් දිය නා පිරිසුදු වීමට ද ඉඩක් කඩක් නැත.

බන්ධනාගාර තුළ රැඳවියන් අතරේ සන්ඩු සරුවල් ඇතත් නිතරම පවතින මහා සන්ඩු සරුවල් එතරම් දැකිය නොහැකි ය. අපරාධකරුවන් ලෙස නම් කොට බන්ධනාගාර ගත කර සිටින ඔවුන් මේ ගෙවන ජීවිතය දෙස මධ්‍යස්ථව බැලුවොත් දුක සිතේ.

එහෙත් අපරාධයක් කළා නම් දඬුවමක් අවශ්‍යමය.අපරාධ නොකළ පුද්ගලයන්ද වැරැදිකරුවන් වී දඬුවම් විඳීන අවස්ථාද ඇත. නමුත් කළ හැකි දෙයක් නොමැත. විඳවීමම පමණි.
 

shenat

Well-known member
  • May 13, 2007
    57,950
    86,158
    113
    ආශ්චර්යමත් රටක
    මරණ දඬුවම නියම වූවන්
    සිර ගෙවල්වල වැඩිම පහසුකම් සපයා තිබෙන්නේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් වෙනුවෙනි. මේ ගණයේ සිරකරුවන් සංඛ්‍යාව අඩු ය. එසේම ඔවුන් රඳවා තබන්නේ දැඩි ආරක්ෂක විධි විධාන සහිත සිරකුටි තුළ ය. එම සිරකුටි තිබෙන ශාලාවද යකඩ දොරවල් යොදා විශාල ඉබි යතුරු දමා ආරක්ෂා කර ඇත.

    ඔවුන්ගේ පාවිච්චිය සඳහා වෙනමම වැසිකිළි සංකීර්ණයක් සාදා ඇත. එබැවින් වැඩි තදබදයක් නොමැතිව ඔවුහු සිය ශරීර කෘත්‍යයන් ඉටු කර ගනිති.

    ස්නානය කිරීම සඳහාත්, ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර ගැනීම සඳහාත් ඔවුන්ට වෙනමම වතුර ටැංකි ඇත. එබැවින් බාධාවලින් තොරව පිරිසුදු වීමේ අවස්ථාව ද උදා වී තිබේ. සමහර සිරකරුවන් දිනපතාම ස්නානය කොට දිනපතාම ඇඳුම් මාරු කොට ඉතාම පිරිසුදුවට සිරකුටියේ කල් ගෙවයි. එමෙන්ම මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට කළ යුතු කිසිම කාර්යයක් නැත. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ භාෂාවෙන් කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම පමණි. අඩුම තරමින් ඔවුන්ගේ වැසිකිළිවත් ඔවුන් පිරිසුදු කළ යුතු නැත. ඒ සඳහා බරපතළ වැඩසහිතව සිරගත වූවන් යොදවා ඇත.

    මරණ දඬුවම නියම වු සිරකරුවන් එළිමහනට ගන්නේ ව්‍යායාම සඳහා පමණි. ඒ දිනකට පැය 1 / 2ක් හෝ පැයක කාලයකි. මේ කාලය ද සිරකුටියටම වී කල්පනාවේ නිමග්නව සිටීමට සමහර සිරකරුවෝ පුරුදුව සිටිති.

    mona modayada me neethi hadala thiyenne..:baffled::baffled:

    "marana daduwama" deela thiyena unge wasikili pirisidu karanne eeta wada podi waradi walata hire giya aya.. marana daduwama thiyenneth namata witharai.. :oo:
    kakille rajjuruwo meeta hodaine banz.. :dull::dull:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    mona modayada me neethi hadala thiyenne..:baffled::baffled:

    "marana daduwama" deela thiyena unge wasikili pirisidu karanne eeta wada podi waradi walata hire giya aya.. marana daduwama thiyenneth namata witharai.. :oo:
    kakille rajjuruwo meeta hodaine banz.. :dull::dull:

    maranna inna ekata mona wadada

    aththatama maruwe nathath unta kawadawakwath galawimak nahane
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,950
    86,158
    113
    ආශ්චර්යමත් රටක
    maranna inna ekata mona wadada

    aththatama maruwe nathath unta kawadawakwath galawimak nahane

    koheda marenna inne? marana daduwama kriyathmaka wenne nahane.. :oo:

    mehema thawa tikak kal giyama minissu hithai mineemarumak dekak karala marana daduwama labagaththanan full athal kiyala , dan thiyena jeewana wiyadama nisa... kala beela witharak neme athata payata wadakarayo thiyagena inna puluwan ne..

    rata beragaththu aya mineemaruwangeth wada karana thathwekata dana , mineemaruwo/LTTE nayakayo raja karawana ascharyamath anduwak ne meka... :dull::dull::dull::dull::dull:

    dan mahinda la karapu mineemarum walata ehema uuwa yawanna ona mona bandanagarayata da ?
     
    Last edited: