Mr.Perera_ගේ_කතාව

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~

මෙයාගේ නම කිව්වම හිතෙන්නේ මොනවද....?


පෙරන ලද රා = පෙරේරා :rolleyes:

රා කිව්වට කිතුල් රා වලට විශේෂ කැමැත්තක් දක්වන මොහු රු.40 ට යාපනයේ කිතුල් රා විකිණීම කරනවා.

ඒකටත් ගන්නේ ඩිස්ප්‍රීන් දාපු පොල්වතුර කොළඹ මිනිස්සු යාපනයේ ගිහිල්ලා කිතුල් රා කියලා බොන්නේ ඒවා තමයි. පෝය දවසක වැරදිලා බණක් ඇහිලා වැඩේ නැවැත්තුවා.

බම්බලපිටියේ කොම්පීටර් කඩේක අතුගාන්න ජොබ් එකට ගියා.

හැමෝම අහනවානේ කෝච්චි ගැන මේ තරම් දන්නේ කොහොමද කියලා,

මෙයා ඉස්සර මරදානේ ඉඳන් බම්බලපිටියට කෝච්චියෙන් වැඩට ගියේ, ටිකට් ගන්නේ නෑ කවදාවත්. දවසක් ටික්කා අන්කල්ට මාට්ටුවුනා.

පොඩ්ඩක් බයකරාම කිව්වලු "අනේ ටිකි අන්කල් මම ටිකට් ගන්න ඕනා කියලා දන්නේ නෑ ඒකයි මෙහෙම යන්නේ'

ගහන්න දඩයක් තීරණය කරගන්න බැරුව උසාවියට කේස් එක දාලා....

නඩුකාර අන්කල් කිව්වලු "පෙරේ රා පුතා මාස 3ක් කෝච්චි අතුගාන්න" කියලා


එදා ඉඳන් මාස 3ක් උදේම නැඟිටලා තඩි බත් එකත් අරන් ගිහින් කෝච්චි අතුගානවලු අතුගාන ගමන් ගත්ත පින්තූර තමයි ඔය ත්‍රෙඩ් වල දාලා වැඩ පෙන්නන්නේ.මෑන් කෝච්චි අතුගාන ජොබ් එක කරන අතරතුර කෝච්චියේ ඉස්සෝ වඩේ විකුණන කෙල්ලෙකුත් සෙට් කරගත්තා කියලා තමයි ආරංචිය.......


මාස 3ක් පරණ ජොබ් එකට ගියේ නැතිනිසා ඒකෙන් අස්කරා....

දැන් සුද්දොන්ට පාර පෙන්නන වැඩේ කරන්නේ, මිනිහාට සුද්දියෝ එහෙම දැක්කම ඉන්න බැහැ.......

පාර පෙන්නන ගමන් සුද්දි අක්කලාව ෆොටෝ ගහනවා, ඇස්පෙනීම් පොඩ්ඩක් දුර්වල නිසා සුද්දි අක්කව ෆොටෝ ගත්තට වදින්නේ background එක.
ඒවා තමයි මේ දවස්වල අපිට පෙන්නන්නේ.

මෑන් කොහොමහරි අර කොච්චි අතුගාන දවස්වල වැටිච්ච පර්ස්, මුදු, මාල, කරාබු එහෙම ඇහිඳලා එකතුකරගත්ත සල්ලි වලින් ලඟදී බයික් එකකුත් ගත්තා........

ලයිසන් ගන්න ගියාට ඇස්පෙනීම් දුර්වලයි කියලා දීලා නෑ, බොරුවට L බෝඩ් එකක් ගහගෙන දඩකොලේකුත් ලියාගෙන පදිනවා.

ඔන්න ඉතිං බයික් එක ගත්ත ගමන් කෙල්ලව දාගෙන රවුමක් යන්න ඕනේ කියලා දෙන්නා එක්කම නැගලා බීච් එකට ගියාලු......බීච් එකට ගිහිල්ලා මුන්දෙන්නා නිකං ඉන්නැතුව කුඩයක් යටට වෙලා මුකුළුකරන් ඉඳලා.....මේක දැකපු කොච්චියෙක් පෙරේරව පොලීස් ස්ටේශන් එකට එක්කං ගිහිල්ලා හොඳටම නෙලලා කෙල්ලටත් වොර්නිංග් එකක් දීලා එවලා.......කට්ටියටම පෙරේරාලගේ ගෙදර ගියොත් බලාගන්න පුළුවන් අතකුත් එල්ලගෙන ඉන්නවා බොරුවට බයික් එකෙන් වැටුණා කිය කිය.....

අතපය ඔතාගෙන අවුරුදු 2ක් ඉන්න කියලා ඩොක්ටර් අන්කල් කිව්ව නිසා මෙයාගේ කෙල්ලත් මෙයාට බන්දන්න ගහක් හොයන්න මේ දවස්වල සෑහෙන මහන්සිවෙනවා.

ඔයාලාවත් දන්නවානම් මෙයාට බන්දන්න හොඳ ගහක් කියන්න,

වැඩේ කියන්නේ මූ අතක් එල්ලගෙනත් පාඩුවේ ඉන්නේ නැතුව කෝච්චි ගැනයි ලයිට් කණු ගැනයි පොස්ට්ස් දාලා ඔන්න මේ දවස් වල 9,000ක් ගහන්නයි යන්නේ...


Mr PERERA
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif



පෙරේරාට එහෙනම් පෝස්ට්ස් 9,000ට සුභ පතන ගමන්ම ඉක්මන් සුවයලබා වෙනදාවගේම එළකිරි සාමාජිකයන්ට බලලා රසවිඳින්න ඉතාම වටිනා ත්‍රෙඩ්ස් තව වැඩි වැඩියෙන් දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....:);)

gccongratulations17.gif

Get-Well-Soon-Butterfly-Flowers.gif


 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked::shocked: මාර මඩක් නේ ශියාන් ගහල තියෙන්නේ ... උඹට ගහන්න පෙරේරා නෙමේ මිසිස් පෙරේරා ... පරිස්සම් වෙලා හිටපන් ... :P

    පෙරේරා සහෝදරයට උණුසුම් සුබපැතුම් !!! :D
     
    • Like
    Reactions: Mr PERERA

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම් තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා &#34

    සුභ පැතුම්
    තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා...

    ********


    මචන්. උඹේ කතාව නම් මෑක්සා. :D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සියලු යක්ශ,ප්‍රේත කුම්බාන්ඩ දෝශ දුරුවී රට වටා රස්තියාදු ගැසීමට හැකිවේවා!! යන යන හැම තැනකම කෝච්චියක් තිබේවා!!



     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Congratz Mr Perera!!!!!!! :D:D:D

    (
    aka කෝච්චි පෙරේරා, aka ලොරි පෙරේරා , aka ගස් පෙරේරා, aka ලයිට් පෙරේරා,
    aka
    L board පෙරේරා)




    58575congrats05.jpg


    රා බෝතලයක් හම්බුනේ නැහැ. මේකෙන් shape කරගන්න හොඳේ :P