ලොව පුරා විවිධ සගරාවල පල වූ රසවත් කතා අතුරින් කිහිපයක් පහතින් දක්වා ඇත.මෙම කතා වල විශේෂත්වය වන්නේ ඒවා රසවත් මෙන්ම යම් හාස්‍යයක් ගැබ් වී තිබීමයි.
පෙනීම දුර්වල වුවද ඇස් කන්නාඩි පැළඳීම මා ප්‍රිය කටයුත්තක් නොවීය.යාබද නිවසට අලුතෙන් පවුලක් පදිංචියට ආ පසු මා ඒ නිවස පසු කරන සෑම විටකම ගේට්ටුව අසල දිනපතා පාර බලා සිටින යෝධ කළු බල්ලාට "හෙලෝ" කීවෙමි.මා මගේ කන්නාඩි නො පැළඳීමේ පුරුද්ද අතහැර දැමුවේ ඒ සිටින්නේ බල්ලෙකු නොව කසළ බෑගයක් බව දැන ගත් පසුව ය.
අප ප්‍රධාන පාරට ආසන්නයේ ජීවත් වූ බැවින් අපේ සිව් හැවිරිදි පුතා හට පාරට නොයන්නැයි නැවත නැවත කියන්නට සිදු විය.ඔහු එය කොතරම් සිතට ගත්තාදැයි කියතොත් එක් දිනක් ඔහු"අම්මා...අම්මා වත්තේ ගේට්ටුව කවුද ඇරලා මම එළියට යාවි"යි කෑ ගැසුවේ ය.
ඇලස්කාවේ මා නිවාඩුව ගත කරද්දී මා දුටු දැන්වීම් අතර ප්‍රධාන තැනක් දෙනු ලැබුවේ වලසුන්ගෙන් ප්‍රවේසම් විය යුත්තේ කෙසේද?යන්නය.උන්ට ආහාර නොදිය යුතු බව,ඔවුන්ගෙන් මග හැරිය යුතු දේ සියල්ල මෙම දැන්වීම් වල සඳහන් විය.ඉතා කුඩා ඉන්ධන පිරවුම් හලක අතින් ලියා තිබූ දැන්වීමක් වඩාත් සිත් ගත්තේය.එය මෙසේය"අවවාදයයි වලසෙකු ලුහුබඳින්නේ නම් මෙම ස්ථානයට ඇතුල් නොවන්න".
මුතුහර සගරාව ඇසුරෙනි
අයින්ස්ටයින්
ඇල්බට් අයින්ස්ටයින්ගේ රියදුරු ද භාහිර පෙනුමෙන් ඔහුට තරමක් සමානය.දිනක් අයින්ස්ටයින් දේශනයක් පැවැත් වීමට දුෂ්කර ප්‍රදේශයකට යමින් සිටියේය.දේශනය පැවැත්වෙන ස්ථානයට ලං වත්ම ඔහුට දැඩි නිදිමත ගතියක් දැණුනෙන් දේශනය පැවැත් වීමට රියදුරාට භාර දී අයින්ස්ටයින් වාහනය තුළ නින්දට වැටුනේය.අයිනස්ටයින් මෙන් පෙනී හිඳිමින් රියදුරා සාර්ථකව ද්ශනය පැවැත් වූයේ ය.එහෙත් අවසානයේ දී අසනු ලැබූ එක් ගැටළුවකට පිළිතුරු රියැදුරු ළඟ නොවීයය.එහෙත් ඔහු නිර්භයව නැගී සිට,"ඇයි මේ වගේ සරළ ප්‍රශ්න අහන්නෙ,මගෙ රියැදුරාටත් මේකට උත්තර දෙන්න පුළුවන්"යි කියා අයින්ස්ටයින්ව සභාවට කැඳවීය.අයින්ස්ටයින් රියදුරා මෙන් පෙනී හිඳ පිළිතුරු දී සභාව පුදුමයට පත් කළේය.
ගාන්ධිතුමාගෙ සපත්තු ජෝඩුව
ගාන්ධිතුමා දිනක් කෝච්චියෙන් ගමනක් යමින් සිටියේය.කෝච්චියේ ඉදිරි පස අසුනේ සුදු ජාතිකයෙක් ද සිටියේය.අධිරාජ්‍යවාදයට විරුද්ධව කටයුතු කළ නිසා ගාන්ධිතුමා සමග මෙම සුදු ජාතිකයා මහත් තහරකින් පසු විය.මද වෙලාවකින් ගාන්ධිතුමාට නින්ද ගියේය.ගාන්ධිතුමා නින්දට පෙර තම පාවහන් කුට්ටම ගලවා පසෙකින් තබා තිබුණි.මෙය දුටු සුදු ජාතිකයා පාවහන් කුට්ටම කවුලුවෙන් එළියට විසි කර නින්ද ගියාක් මෙන් ඇස් දෙක පියාගෙන සිටියේය.ගාන්ධිතුමා මද වෙලාවකින් අව්දි විය.පාවහන් යුගලය නැත.සිද්ධිය තේරුම් ගත් එතුමා පසෙකින් තබා තිබූ සුදු ජාතිකයාගේ සපත්තු දෙක ද කවුලුවෙන් ඉව්තට විසි කළේය.ඇස් ඇර බැලූ සුදු ජාතිකයා තම සපත්තු කුට්ටම නොතීබූ හෙයින් කෝපයට පත්ව"මගේ සපත්තු දෙක කොහෙදැ"යි විමසුවේය.මද සිනහවක් පෑ ගාන්ධිතුමා මෙසේ පිළිතුරු දුන්නේය,"ඔබේ සපත්තු දෙක මගේ සපත්තු දෙක සොයාගෙන ගියා".ලැජ්ජාවට පත් සුදු ජාතිකයා එතැනින් නැගිට ඉවතට ගියේය.
විශේෂ නිවේදනය
කැන්සාස් ගුවන් තොටුපළෙහි නොනවත්වා කළ නිවේදනයකි.කෙනෙකුගේ නමද සඳහන් කළ නිවේදකයා නැවත වරක් පැහැදිලිව ප්‍රධාන ඇමතුම් පද්ධතියෙන් ගුවන් මගීන් ඇමතුවේය."අපට ඔබේ ශ්‍රවණ ආධාරකය(කන් නො ඇසෙන පුද්ගල්යින් භාවිතා කරන උපකරණය) ලැබී තිබේ.කරුණාකර ඔබේ අනන්‍යතාව තහවුරු කොට පාරිභෝගික සේවා කවුළුවෙන් එය ලබා ගන්න"
ඇස් කන්නාඩි
පෙනීම දුර්වල වුවද ඇස් කන්නාඩි පැළඳීම මා ප්‍රිය කටයුත්තක් නොවීය.යාබද නිවසට අලුතෙන් පවුලක් පදිංචියට ආ පසු මා ඒ නිවස පසු කරන සෑම විටකම ගේට්ටුව අසල දිනපතා පාර බලා සිටින යෝධ කළු බල්ලාට "හෙලෝ" කීවෙමි.මා මගේ කන්නාඩි නො පැළඳීමේ පුරුද්ද අතහැර දැමුවේ ඒ සිටින්නේ බල්ලෙකු නොව කසළ බෑගයක් බව දැන ගත් පසුව ය.
මවගේ අවවාදය
අප ප්‍රධාන පාරට ආසන්නයේ ජීවත් වූ බැවින් අපේ සිව් හැවිරිදි පුතා හට පාරට නොයන්නැයි නැවත නැවත කියන්නට සිදු විය.ඔහු එය කොතරම් සිතට ගත්තාදැයි කියතොත් එක් දිනක් ඔහු"අම්මා...අම්මා වත්තේ ගේට්ටුව කවුද ඇරලා මම එළියට යාවි"යි කෑ ගැසුවේ ය.
අපූරු දැන්වීම
ඇලස්කාවේ මා නිවාඩුව ගත කරද්දී මා දුටු දැන්වීම් අතර ප්‍රධාන තැනක් දෙනු ලැබුවේ වලසුන්ගෙන් ප්‍රවේසම් විය යුත්තේ කෙසේද?යන්නය.උන්ට ආහාර නොදිය යුතු බව,ඔවුන්ගෙන් මග හැරිය යුතු දේ සියල්ල මෙම දැන්වීම් වල සඳහන් විය.ඉතා කුඩා ඉන්ධන පිරවුම් හලක අතින් ලියා තිබූ දැන්වීමක් වඩාත් සිත් ගත්තේය.එය මෙසේය"අවවාදයයි වලසෙකු ලුහුබඳින්නේ නම් මෙම ස්ථානයට ඇතුල් නොවන්න".
මුතුහර සගරාව ඇසුරෙනි
Last edited:
palle balanna link eka thiyaagannam 