මේක මං ගොඩ කාලෙක ඉදන් දාන්න හිටිය thread එකක්... mkv වලට චිත්‍රපටි encode කිරීම
ඒත් මේ වැඩ අස්සෙ දාන්න හම්බුනේ නෑනෙ..ඔන්න ඉතින් ඒකට වෙලාව
මුලින්ම කියන්න ඕන මේක අලුත් දෙයක් නම් නෙවෙයි..ඒත් ගොඩක් කට්ටිය දන්නේ නෑ..මං දන්න විදියට මේ ගැන සිංහලෙන් ලියැවුන එකම tutorial එක තමයි මේක
මේ ක්‍රරමයට තමයි ලෝකෙ ඉන්න සුපිරිම mkv Encoders ලා වන Ultrascorp, .rony., Sun, Team TDK, Coolvin, BoB, ShAaNiG චිත්‍රපටි encode කරලා අපේ අතට හම්බවෙන්නෙ

වැඩි කතා නැතිව වැඩේට බහිමු එහෙනම්
ඒත් මේ වැඩ අස්සෙ දාන්න හම්බුනේ නෑනෙ..ඔන්න ඉතින් ඒකට වෙලාව

මුලින්ම කියන්න ඕන මේක අලුත් දෙයක් නම් නෙවෙයි..ඒත් ගොඩක් කට්ටිය දන්නේ නෑ..මං දන්න විදියට මේ ගැන සිංහලෙන් ලියැවුන එකම tutorial එක තමයි මේක

මේ ක්‍රරමයට තමයි ලෝකෙ ඉන්න සුපිරිම mkv Encoders ලා වන Ultrascorp, .rony., Sun, Team TDK, Coolvin, BoB, ShAaNiG චිත්‍රපටි encode කරලා අපේ අතට හම්බවෙන්නෙ


වැඩි කතා නැතිව වැඩේට බහිමු එහෙනම්
මේකට අපිට software 5ක් ඕන වෙනවා
මම මේ පහල දාලා තියෙන ඒවා මුලින්ම download කරගන්න
1) MeGUI
Download
Code:
http://www.softpedia.com/get/Multimedia/Video/Encoders-Converter-DIVX-Related/MEGUI.shtml
2) AviSynth
Download
Code:
http://www.softpedia.com/get/Multimedia/Video/Video-Editors/AviSynth-Final.shtml
3) Nero AAC Codec
Download
Code:
http://www.nero.com/eng/downloads-nerodigital-nero-aac-codec.php
4) K Lite mega codec pack
Download
Code:
http://www.codecguide.com/download_k-lite_codec_pack_mega.htm
5) .net framework 2.0
Download
Code:
http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=0856EACB-4362-4B0D-8EDD-AAB15C5E04F5&displaylang=en
මුලින්ම මේ ටික ඔක්කොම download කරගන්න
( K Lite pack එක හරි CCCP එක හරි කලින් දාලා නම් තියෙන්නෙ දැන් දාන්න ඕන නෑ. ඒ වගෙම .net framework එකත් already installed නම් ඒක කරන්න ඕනත් නෑ)
පියවර 01
MeGUI open කරගන්න..open කරලා සාමාන්‍ය software එකක් වගෙ install කරන්න
දැන් MeGUI එක open කරන්න..අහයි AviSynth
detect කලේ නෑ..install/download කරන්නද කියලා..ඒක No කරන්න
දැන් options කියන tab එකට ගිහින් MeGUI එක සම්පූර්නයෙන් update කරන්න
update වෙනකොට මෙන්න මේ වගේ import window එකක් එයි
ඒකෙ මේ අන්තිමට තියෙන option හැර අනික් ඔක්කොම ටික් කරලා OK කරන්න
මේ වගෙ වෙන තව import windows 2ක් එනවා
ඒවගෙ නම් ඔක්කොම options ටික් කරලා OK කරන්න..
overwrite කරන්න ඇහුවොත් overwrite කරන්න
දැන් ඒ වැඩෙ හරි
පියවර 02
AviSynth එක install කරගන්න
මුකුත් settings හදන්න නැහැ
පියවර 03
දැන් download කරගත්ත Nero AAC Codec rar file එක C:\Program Files\megui ඇතුලට ගිහින් extract කරන්න
ඊට පස්සෙ මේ වගෙ executable files 3ක් එයි
එවා double click කරලා execute කරන්න
දැන් මූලික පියවර ටික හරි
දැන් කොම්පීටරේ restart කරලා ගන්න
පියවර 04
දැන් MeGUI එක ආයෙ open කරගන්න
Ctrl + R ඔබන්න.නැත්තම් Tools --> AVISynth Script Creator click කරන්න
එතකොට AVISynth Script Creator එක open වෙයි
දැන් මේ විදියට video file එක open කරලා settings හදන්න
දැන් ආයෙ MeGUI window එකට එන්න
ඒකෙත් මෙන්න මේ විදියට settings හදාගන්න
A,B - මේවායෙ කිසි වෙනසක් නොකර මේ විදියටම තියාගන්න
C - 264x Scratchpad තෝරන්න
D - File format එක MKV කරන්න
E - Audio input එකට අපි Video එක විදියට input කරපු file එකම දෙන්න
F, G - රූපයෙ පෙන්නලා තියෙන විදියට මේ Audio settings හදාගන්න ( කලින් හරියට Nero AAC codec execute කලේ නැත්තම් මේ codec එක පෙන්නන්නෙ නෑ )
H - දැන් Auto encode කියන එක ඔබන්න
A - මෙතනින් ආයෙමත් Container එක MKV කියලා තොරන්න ( Default තිබ්බෙ නැත්තම් )
B - Output file එකට තමන්ට ඕන location එකක් සහ නමක් දෙන්න
C - Drop down arrow එක click කරන්න
D - Select size click කරලා තමන්ට කැමති Size එකක් දෙන්න
Tip : As per the experts who has invented this...
100MB = 30 Mins
200MB = 60 Mins
300MB = 90 Mins etc.
දැන් ඒ වැඩෙ හරි
දැන් යන්න Queue කියන tab එකට..ගිහින් start කියන button එක ඔබන්න
ඊට පස්සෙ අපේ file එක encode වෙන්න පටන් ගනී
Encode වෙන එකේ වේගය රඳා පවතින්නේ අපේ Processor එකේ speed එක මත
හොඳ processor එකක් නම් ඉක්මනට encode වෙනවා
මගෙ i3, 2.27 Ghz processor එකේ 350MB, 120MB වලට encode වෙන්න විනාඩි 22ක් ගියා

කරුණාකරලා Pentium 4 3.0Ghz processor එක හෝ ඊට අඩුවෙන් තියෙන අය මේක අත්හදා බලන්න එපා


මොකද මේකෙන් encode වෙනකොට CPU එක 100% use කරනවා
මං නම් Dual core තියෙන අයටත් මේක අනුමත කරන්නේ නෑ
බලන්න මගේ i3 processor එක කොච්චර busy ද කියලා

ඔන්න එහෙනම් මගෙ එලකිරි යාලුවොන්ටත් මේක අත්හදා බලන්න පුලුවන් වෙයි

ලග තියෙන DVD, AVI files එහෙම තියෙනවනම් encode කරලා බලන්න
නියම MKV Quality එක ගන්න පුලුවන් මේකෙන් විතරයි

Subtitles දාගන්න ඕන නම් මෙන්න මේ software එක dl කරලා මේ විදියට වැඩේ කරගන්න
හැබයි file එක encode උනාට පස්සෙ තමා ආයෙ දාන්න වෙන්නේ

Download
Code:
http://www.bunkus.org/videotools/mkvtoolnix/win32/mkvtoolnix-unicode-4.3.0-setup.exe
කලින් threads වගෙම මේක හදන්නත් ගොඩක් මහන්සි උනා
ඒ හින්දා යම් දැනුමක් ලබා ගත්තා නම් ස්තූතියි කියලා යන්න..ඒක තමයි ලබන ලොකුම සතුට


මේ සම්බන්ධ ලිපි ලබා දුන් 300mb united සහ Team TDK කන්ඩායම් වල සාමාජිකයින්ට ස්තූතිය !!!

