අයියා කෙනෙකු ඇත පවසමි උගෙ තරම

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අයියා කෙනෙකු ඇත පවසමි උගෙ තරම

    ඇවිදින් මෙරට දිගු කලකට පෙර සිටම
    තවමත් නොමැත තමන්ට යයි ගෙය ඉඩම
    සොයනා මුදල පුදනා හොර අඹු වෙතම
    අයියා කෙනෙකු ඇත පවසමි උගෙ තරම



    බ්‍රහස්පතිට හිමි වූ සැම දින සවස
    දැක ගත හැකිය මොහුගේ මුහුණේ වෙනස
    ඉගිලී පැමිණ ගෙදරට වැඩ ඇරි විගස
    හැඩවැඩ දමයි නගරය වෙත යනු පිණිස



    ක්‍රීම් බෝතලෙන් තලියක් මුහුණෙ උලා
    සැන්ට් බෝතලෙන් කාලක් ඇඟට හලා
    ටයි,බෝ නැතත් කිට මරමින් සකලකලා
    අනංගයා පිටවෙයි හොර අඹුව බලා


    (to be continued tomorrow):P
     
    • Like
    Reactions: Freezii

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගුරු දින සවස සතුටින් ඉගිලිලා යන
    මොහු යලි එන්නෙ ශනි දිනයේ උදෑසන
    කරත්තයට අහු උන කජු ලෙලි මුහුණ
    මිනිහගෙ වගේ හරියට ගැහැණිය මැරුන

    මෙලෙසින් සති දවස් ගත වෙන අතර
    දවසක් මුගේ මුහුණේ දුටුවෙමි අඳුර
    මොහු හා දිනක් කඩයට යන අතරතුර
    විමසා බැලිමි කියපන් කේවල් නොකර

    නොකියා බැරිය අසනා විට උඹ මල්ලී
    නොකියනු වෙන අයට වැඩපොල යයි හෙල්ලී
    කොතරම් ලව් කලත් පුදමින් මම සල්ලී
    තව එක බුවෙක් සෙට් කරගෙන අර බැල්ලී:angry:

    to be contd....tonight...:P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හොර ගෑණිගේ හොර මිනිහෙක් ගැන සිතනා
    මේ අවලමා ගැන මට නම් කලකිරුනා
    කුලී ගෙයක තනිකර අඹු දරු දෙදෙනා
    කොටුවක් පැන්න බොට නිසි දඬුවම් ලැබුනා

    ඇවිදින මෙවැනි රටවල දැඩි දුක් විඳිමින්
    එන්නට උනේ ඇයි දැයි අමතක කරමින්
    හොර අම්බුවන් සොයන් තැන තැන නිදිවදිමින්
    සිප ගනු කෙලෙස යලි ගොස් තම අඹු දරුවන්

    ඇත්තම කතාවක් කීවෙමි මම කවියෙන්
    පැත්තම ගියත් මෙය පවසමි ඇති සැටියෙන්
    බොත්තම ගලවනා හොර අඹුවන් සොයමින්
    රොත්තම කුදලලා පැටවිය යුතු මෙරටින්

    මම කී කතාවේ නායක වූ අයියා
    ගිල ඇති නිසා පෙති නගිනා (පෑ මිටියා):rofl:
    රුධිර පීඩනේ නහුතෙට නැග හිටියා
    සියරට ගියේ හිමි කරගෙන දියවැඩියා


    කලහොත් යමක් නොම කල යුතු කිසි දිනක
    ප්‍රතිපල ලැබෙන එක නම් වැලකිය නොහැක
    අර අයියා වගේ පැන්නොත් කොටු ගමක
    අවසන ලැබෙනු ඇත උරුමය ලෙඩ ගොඩක.....:no::no:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    You must spread some Reputation around before giving it to sanath ekanayake again
    it's ok machan:D
    4.gif
    :D