Reality of SMS Machine Stars.................

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    08102909smsfan.jpg

    රූපවාහිනියේ රියැලිටි රැල්ල හරිම තරගකාරීය.සිංදු කියන්නට බැරි වුණත් එස් එම් එස් වැඩිම ප්‍රමාණයක් ලබන්නා ජයග්‍රාහකයාය.දැන් මේ zඑස් එම් එස් වැඩේටZ තාරකාවන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. සිම් කාර්ඩ් මැෂින් එකක් යොදාගෙන තත්පරයට එස් එම් එස් එක ගණනේ සිම් 20 කින් එස් එම් එස් යැව්වොත් ඡන්ද පැය ගණන තුළ කෙතරම් එස් එම් එස් යැවිය හැකිද?
    මේ ගැන අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ප්‍රසිද්ධ තාරකාවන් කිහිප දෙනෙකු ගැනම ගොසිප් ලංකා වෙත වාර්තා වනවා.

    10102909SMS_remote_control.jpg

    මෙම අපූරු මැෂිම නිර්මාණය කළ බව කියැවෙන්නේ නිශාන්ත වෙත්තසිංහ නමැත්තෙකි. මීට කලකට පෙර පැවති අයි.ටී.එන්. zරන් තරුZ තර`ගයේ දෙවෙනියා බවටද පත්වූයේ ඔහුය.තාරකාවක් බවට පත්වීමේ වංචනික ක්‍රියාව කෙසේ වෙතත් ඔහු වාසය කරන ඇහැළියගොඩ ප්‍රදේශයේ අසල් වැසියන්ව ඔහු රවටා ඇත්තේ අමුතුම ක්‍රමයකටය.ඔහු අසල්වැසියන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත් හිතවත්කම පෙන්වා එකතුකරගෙන ගොස් ජංගම දුරකතන ආයතන මගින් සිම් කාර්ඩ් මිලට ගෙන තිබේ. අනතුරුව ඒවා යොදාගෙන තම zඑස් එම් එස් ඡන්ද මැෂිමZ පණ ගන්වා තිබේ.නිශාන්ත ඒ නිසාම තරුවක් වූයේය.මේ කිසිවක් නොදන්නා අසල් වැසියන්ට තරු විසි වූයේ මාසය අන්තිමට ලක‍ෂයේ, ලක‍ෂ එකහමාරේ ජංගම දුරකතන බිල්පත් ආවිටය.ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතාගේ බිලද එක් ලක‍ෂ විසිනමදාහක් බවට වාර්තා විය.අසල් වැසියන් ඔහුට මේ ගැන පැමිණිලි කළත් ඔහු මේ වැඩය කළ බව පිළිනොගනී.තමන්ගේ නමට බිල ආ විට අනුන්ට එය පැවරිය නොහැකි බව දුරකතන සමාගම පවසයි.
    එකම අංකයකින් එස් එම් එස් වැඩි ගණනක් යැවිය නොහැකි යයි මෙම තරග වලදී පුන පුනා කීවත් එය අසත්‍යයක් විය හැකි බවද මේ අනුව පෙනී යනවා.එසේම අලූත් සිම් වල ගාස්තු පැය 24කින් පසුව පමණක් අප්ඩේට් කරන බැවින් එම කාලය ඇතුළත සීමාව ඉක්මවා ඇමතුම් යැවීමේ හැකියාවද මෙහිදී නිශාන්ත පාවිච්චි කර තිඛෙනවා.
    නිශාන්තගේ එස් එම් එස් මැෂිම ඔහු පමණක් නොව තවත් තාරකාවන් ගණනාවකගේම ජනප්‍රියතාව වර්ධනය කර දුන් වටිනා භාණ්ඩයකි. නිශාන්ත මෙම සේවාව කලක් තිස්සේ කුලියටද සපයන්නෙකි.කලක් රටම කතාබහ කළ zඋගත් බුද්ධිමත් ස්ටාර්Zගේ සාර්ථකත්වයේ රහස වූයේ මේ මැෂිම බවටද ආරංචි පළවෙනවා.

    මෙම හෙළිදරව්වට අදාළ හ`ඩ කොටස් පහත පළවේ.
    ග්‍රාම සේවක මහතාගේ අදහස අසන්න
    http://www.thetel.org/GL/GS.mp3

    ගම් වැසියන් මේ ගැන පළ කළ අදහස් අසන්න
    http://www.thetel.org/GL/villagers1.mp3

    නිශාන්තගෙන් මේ ගැන විමසූ විට ලබා දෙන බොරු පිළිතුර අසන්න
    http://www.thetel.org/GL/Nishanthalie1.mp3

    ගනුදෙනුකරුවෙකු ලෙස කතා කළ විට ඔහුගේ වචන වලින්ම ඇත්ත කියන සැටි අසන්න
    http://www.thetel.org/GL/Nishanthatrue1.mp3

    දුරකතන සමාගම පනවන මුදල් සීමාව ඉක්මවා පාවිච්චි කිරීමේ හැකියාව සොයාගත් බව ඔහු කියනවා
    http://www.thetel.org/GL/nishanthatrue2.mp3

    එස් එම් එස් මැෂිම නිර්මාණය කළ තාක‍ෂණය ඔහුම කියන අයුරු අසන්න
    http://www.thetel.org/GL/nishanthatrue3.mp3

    (නිශාන්තගේ ඡායාරූපයක් අපට සොයාගත නොහැකි විය පාඨක ඔබ සතුව ඇත්නම් අප වෙත එවන්න.ගොසිප් ලංකා හෙළිදරව්වට කරුණු සැපයූ නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනට ස්තූතිය)​

    Source
     
    Last edited:

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    මචන් ඕක බොරුවක් බන්. sms machine එකක් කියලා එකක් නෑ. මුන් කරන්නෙ බිල් එක update වෙන්න කලින් පුලුවන් තරම් sms කරන එකයි. pc එකට ගහල උනත් යවන්න ප්යුලුවන්නෙ
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් ඕක බොරුවක් බන්. sms machine එකක් කියලා එකක් නෑ. මුන් කරන්නෙ බිල් එක update වෙන්න කලින් පුලුවන් තරම් sms කරන එකයි. pc එකට ගහල උනත් යවන්න ප්යුලුවන්නෙ

    මත් ඔය ෆොන් එක වෙනස් කරනව කියන කතාවනම් දන්නෙ නෑ....එකත් කරන්න පුලුවනි ඇති එකම නම්බර් එකට එස්.එම්.එස් යන්න හදන්න පුලුවනිනේ..... අපි ප්‍රෙස් කරන හම එකෙන්ම යන්නෙ සිග්නල් එකක්නේ.....එක ඔටෝ වෙන්න සර්කිට් එකක් හඩන එක කරන්න පුලුවනි දෙයක් කියලයි මම හිතන්නේ........

    එත එච්චර දගලන්නෙ මොකටද ඩොන්ගල එකක් අරන් පොඩි සොෆ්ට් වෙයාර් එකක් හදා ගන්න එක ඊට වඩා ලේසීනේ............
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Dan owa wadak na eka number ekakin 1i valid keyala ganne!,Mega star eke unath 1i ne gaththe...

    "එකම අංකයකින් එස් එම් එස් වැඩි ගණනක් යැවිය නොහැකි යයි මෙම තරග වලදී පුන පුනා කීවත් එය අසත්‍යයක් විය හැකි බවද මේ අනුව පෙනී යනවා.එසේම අලූත් සිම් වල ගාස්තු පැය 24කින් පසුව පමණක් අප්ඩේට් කරන බැවින් එම කාලය ඇතුළත සීමාව ඉක්මවා ඇමතුම් යැවීමේ හැකියාවද මෙහිදී නිශාන්ත පාවිච්චි කර තිඛෙනවා."

    අනික මචන් සාදාරණ තරගයක් කියල පෙන්නන්න ඔය කතාව කිවුවට.....ලංකවෙ සල්ලි පස්සෙ දුවන මේ මාධ්‍ය ඇත්තටම ඔහොම 1කට සීම කරල තමන්ට ලැබෙන ලොකු ආදායමක් නැති කර ගනී කියල හිතන්න පුලුවනිද ???
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,628
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "එකම අංකයකින් එස් එම් එස් වැඩි ගණනක් යැවිය නොහැකි යයි මෙම තරග වලදී පුන පුනා කීවත් එය අසත්‍යයක් විය හැකි බවද මේ අනුව පෙනී යනවා.එසේම අලූත් සිම් වල ගාස්තු පැය 24කින් පසුව පමණක් අප්ඩේට් කරන බැවින් එම කාලය ඇතුළත සීමාව ඉක්මවා ඇමතුම් යැවීමේ හැකියාවද මෙහිදී නිශාන්ත පාවිච්චි කර තිඛෙනවා."

    අනික මචන් සාදාරණ තරගයක් කියල පෙන්නන්න ඔය කතාව කිවුවට.....ලංකවෙ සල්ලි පස්සෙ දුවන මේ මාධ්‍ය ඇත්තටම ඔහොම 1කට සීම කරල තමන්ට ලැබෙන ලොකු ආදායමක් නැති කර ගනී කියල හිතන්න පුලුවනිද ???

    1k kewwata samahara aya 2-3k sms yawanawa athi!,Mega star eka gana kewwoth talent ekata wada salli,politics nisa niyama sudussata thana labune na keyanna puluwan,mokak unath sms reality shows ohoma thama Sirasa superstar unath 1st & 2nd season wala sms walin 1st una ayata wada 2nd,3rd place gaththa ayata mama kemathi!:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    machan oka microcontroller ekakin phone ekath ekka communicate karana gadjet ekak.

    api hand type & send karana de meken auto wenawa. ekai seen eka.

    okama phone eka PC ekata set karala / HSDPA modem ekakinuth puluwan wei.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියල වැඩක් නෑ මෙගා ස්ටාර් චාටර්
    සිරසෙ නම් එලකිරි වගේ කරනවා
    නියම අදහස් ටිකක් ලොක්කා බොහොම අගනෙයි කිව්ව මෙන්න
    කාලීන මාතෘකාවකි
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචන් ඕක බොරුවක් බන්. sms machine එකක් කියලා එකක් නෑ. මුන් කරන්නෙ බිල් එක update වෙන්න කලින් පුලුවන් තරම් sms කරන එකයි. pc එකට ගහල උනත් යවන්න ප්යුලුවන්නෙ
    :lol: lol. උඹට විකාර, මැෂින් එකේ ෆොටෝසුත් එක්ක දාල තිබ්බ දැන් මාස හයකට විතර කලින් රිවිර පත්තරේ:dull: