රූපවාහිනියේ රියැලිටි රැල්ල හරිම තරගකාරීය.සිංදු කියන්නට බැරි වුණත් එස් එම් එස් වැඩිම ප්‍රමාණයක් ලබන්නා ජයග්‍රාහකයාය.දැන් මේ zඑස් එම් එස් වැඩේටZ තාරකාවන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. සිම් කාර්ඩ් මැෂින් එකක් යොදාගෙන තත්පරයට එස් එම් එස් එක ගණනේ සිම් 20 කින් එස් එම් එස් යැව්වොත් ඡන්ද පැය ගණන තුළ කෙතරම් එස් එම් එස් යැවිය හැකිද?
මේ ගැන අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ප්‍රසිද්ධ තාරකාවන් කිහිප දෙනෙකු ගැනම ගොසිප් ලංකා වෙත වාර්තා වනවා.
මෙම අපූරු මැෂිම නිර්මාණය කළ බව කියැවෙන්නේ නිශාන්ත වෙත්තසිංහ නමැත්තෙකි. මීට කලකට පෙර පැවති අයි.ටී.එන්. zරන් තරුZ තර`ගයේ දෙවෙනියා බවටද පත්වූයේ ඔහුය.තාරකාවක් බවට පත්වීමේ වංචනික ක්‍රියාව කෙසේ වෙතත් ඔහු වාසය කරන ඇහැළියගොඩ ප්‍රදේශයේ අසල් වැසියන්ව ඔහු රවටා ඇත්තේ අමුතුම ක්‍රමයකටය.ඔහු අසල්වැසියන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත් හිතවත්කම පෙන්වා එකතුකරගෙන ගොස් ජංගම දුරකතන ආයතන මගින් සිම් කාර්ඩ් මිලට ගෙන තිබේ. අනතුරුව ඒවා යොදාගෙන තම zඑස් එම් එස් ඡන්ද මැෂිමZ පණ ගන්වා තිබේ.නිශාන්ත ඒ නිසාම තරුවක් වූයේය.මේ කිසිවක් නොදන්නා අසල් වැසියන්ට තරු විසි වූයේ මාසය අන්තිමට ලකෂයේ, ලකෂ එකහමාරේ ජංගම දුරකතන බිල්පත් ආවිටය.ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතාගේ බිලද එක් ලකෂ විසිනමදාහක් බවට වාර්තා විය.අසල් වැසියන් ඔහුට මේ ගැන පැමිණිලි කළත් ඔහු මේ වැඩය කළ බව පිළිනොගනී.තමන්ගේ නමට බිල ආ විට අනුන්ට එය පැවරිය නොහැකි බව දුරකතන සමාගම පවසයි.
එකම අංකයකින් එස් එම් එස් වැඩි ගණනක් යැවිය නොහැකි යයි මෙම තරග වලදී පුන පුනා කීවත් එය අසත්‍යයක් විය හැකි බවද මේ අනුව පෙනී යනවා.එසේම අලූත් සිම් වල ගාස්තු පැය 24කින් පසුව පමණක් අප්ඩේට් කරන බැවින් එම කාලය ඇතුළත සීමාව ඉක්මවා ඇමතුම් යැවීමේ හැකියාවද මෙහිදී නිශාන්ත පාවිච්චි කර තිඛෙනවා.
නිශාන්තගේ එස් එම් එස් මැෂිම ඔහු පමණක් නොව තවත් තාරකාවන් ගණනාවකගේම ජනප්‍රියතාව වර්ධනය කර දුන් වටිනා භාණ්ඩයකි. නිශාන්ත මෙම සේවාව කලක් තිස්සේ කුලියටද සපයන්නෙකි.කලක් රටම කතාබහ කළ zඋගත් බුද්ධිමත් ස්ටාර්Zගේ සාර්ථකත්වයේ රහස වූයේ මේ මැෂිම බවටද ආරංචි පළවෙනවා.
මෙම හෙළිදරව්වට අදාළ හ`ඩ කොටස් පහත පළවේ.
ග්‍රාම සේවක මහතාගේ අදහස අසන්න
http://www.thetel.org/GL/GS.mp3
ගම් වැසියන් මේ ගැන පළ කළ අදහස් අසන්න
http://www.thetel.org/GL/villagers1.mp3
නිශාන්තගෙන් මේ ගැන විමසූ විට ලබා දෙන බොරු පිළිතුර අසන්න
http://www.thetel.org/GL/Nishanthalie1.mp3
ගනුදෙනුකරුවෙකු ලෙස කතා කළ විට ඔහුගේ වචන වලින්ම ඇත්ත කියන සැටි අසන්න
http://www.thetel.org/GL/Nishanthatrue1.mp3
දුරකතන සමාගම පනවන මුදල් සීමාව ඉක්මවා පාවිච්චි කිරීමේ හැකියාව සොයාගත් බව ඔහු කියනවා
http://www.thetel.org/GL/nishanthatrue2.mp3
එස් එම් එස් මැෂිම නිර්මාණය කළ තාකෂණය ඔහුම කියන අයුරු අසන්න
http://www.thetel.org/GL/nishanthatrue3.mp3
(නිශාන්තගේ ඡායාරූපයක් අපට සොයාගත නොහැකි විය පාඨක ඔබ සතුව ඇත්නම් අප වෙත එවන්න.ගොසිප් ලංකා හෙළිදරව්වට කරුණු සැපයූ නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනට ස්තූතිය)
Source
Last edited:




