ලක්බිම and Porn star

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    වෙබ් අඩවිවල නිරුවත් දර්ශණවලට පෙනී සිටි අයගේ ඡායාරූප මාධ්‍යයේ පලකිීරීම – “සියළුම දෛනික පුවත්පත පළ නොකරන්න තීරණය කළා.’’ සිරි රණසිංහ – ලක්බිම පමණක් එම ඡායාරූප පළකරයි.

    වෙබ් අඩවිවල නිරුවත් දර්ශණවලට පෙනී සිටි අයගේ ඡායාරූප මාධ්‍යයේ පලකිීරීම – සියළුම දෛනික පුවත්පත පළ නොකරන්න තීරණය කළා.’’ සිරි රණසිංහ – නමුත් ලක්බිම පමණක් එම ඡායාරූප පළකරයි.
    වෙබ් අඩවිවල නිරුවත් දර්ශණවලට පෙනී සිටින කාන්තාවන් සහ පිරිමින් ගේ ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමත් සමඟ කිසිදු හිරිකිතයකින් තොරව සහ කිසිදු මාධ්‍ය ආචාරධාර්මික විග්‍රහයකින් තොරව ඊයේ(8) ලක්බිම පුවත්පත දෙවන පිටුවේ එම ඡායාරූප පළ කළේය.
    නමුත් ලක්බිම හැරුනු කොට අනිකුත් දෛනික පුවත් පත් සියල්ලම වාගේ මෙම ඡායාරූප පළකිරීමෙන් තමන් වැලකී සිටින බවත් එයට හේතුවන කරුනුත් පිලිබඳව අදහස් පල කර තිබීම, මාධ්‍ය නිදහසත්, ප්‍රජාතාන්ත්‍රවාදයත් අභියෝගයකට ලක්වෙමින් තිබෙන කාලයක පැසසුමටත්, ගෞරවයටත් පාත්‍ර වන්නකි. (අද වනතුරු කිසිවෙකුත් පළ කර නැත.)
    ඒ පිළිබදව අද(9) ඩේලිමිරර් පුවත්පතට අදහස් දැක්වා අැති ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතා මෙසේ පවසයි.
    ‛‛අපිට පොලීසිය මේ ෆොටෝ ලබා දීලා ඉල්ලීමක් කරා අපේ පත්තරවල මේවා පලකරන්න කියලා, වැරදිකරුවන් හොයාගන්න සහයෝගයක් හැටියට. නමුත් අපි තීරණයක් ගත්තා මේ ෆොටෝස් පත්තරවල පලකරන්නේ නෑ කියලා.
    හේතුව, මේක මිනිසුන්ගේ පුද්ගලිකත්වය පිළිබඳව වන කාරණයක්. මේ මිනිස්සු කවුද කියලා අපි දන්නේ නෑ. අනෙක පොලීසිය මේ පිංතූර ගත්තේ මොන තත්වයන් යටතේ ද කියලත් අපි දන්නේ නෑ. දැන් තාක්ෂණයට අනුව පුලුවන් ඕනම පිංතූරයක් වෙනස් කරන්න, සංස්කරණය කරන්න. මේ ඔක්කොම සලකලා සියළුම දෛනික පුවත්පත් මේ පින්තූර පළ නොකරන්න තීරණය කළා. ’’

    නමුත් මෙහි දී විශේෂ කරුණ වන්නේ ලක්බිම පමණක් මෙම තීරණයට පිටුපාමින් එය ඊයේ(9) මෙම පිංතූර තම පුවත්පතේ පළකිරීමය.
    දැන් එම ඡායාරූප ලක්බිම ‛පවුලේ පුවත්’ පතේ පළවී හමාරය. ලක්බිම මුදලාලිටත්, ඒ මුදලාලිට කඩේ යන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අයටත් අවුරුද්ද අවසානයේ බොන්ස් වැඩි වැඩියෙනුත් ලැබෙයි. කොහෙන් හරි සම්මානත් ලැබෙයි. ඒ අන් කිසිවක් නොව එම ඡායාරූප පොදු රස(?) වින්දනය උදෙසා ‛මහජනයාට ප්‍රසිද්ධ කිරීම’ යන කාරණාව සලකා ය. එයත් ඒක් හොඳ රියැලිටි වැඩක් යැයි මර්විනුත් හෙට අනිද්දා ලක්බිමට සම්මානයක් දෙන්නට ද බැරි නැත.
    පුදුමයට නොව, පුදුම නොවන්නට කරුණ නම් බොහෝ ලාංකීය පත්තර මුදලාලිලාට සහ බත් පැකට් එකක්, සරමක්, ෂර්ට් එක්ක ලබා දී ඡන්ද අරගෙන පාර්ලිමේන්තු යන දේශපාලන අතකොලුවලට මෙම පුවත් පත් අයිති වීම ය. පුවත් පත් මෙන්ම පුවත් පතේ මාධ්‍යවේදීන් සහ සේවකයන් ද ඔවුන්ගේ ‛සල්ලිවලින්’ පාලනය කිරීම නිසාය.
    දැන් ලක්බිම කියවන ඊනියා පාඨකයින් ඊයේ රස කර මේ පිංතූර බලන්නට ඇත. කියවන අය විතරක් නොවෙයි එය මුද්‍රනය කළ අය සේම පත්තර මුදලාලිටත් එය රසවත් සිදුවීමක් වන්නට ඇත. කුහක වින්දනයයක් ඔවුන් ලබනුයේ අන් කිසිවක් නිසා නොව ඒ ලක්බිම පෞද්ගලිකත්වය ‛පොදු’ කළ නිසාය. නමුත් කරුනු කිහිපයක් පවතී.
    එකක් නම්. මේ මුහුණු ඒ අයගේම වග සහතික කරමින් ලක්බිම මේවා පළකළේ ද? කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි වන දේ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමට ඇති සාදාචාරාත්මක අයිතිය, රේස් බුකියකට එහා ගිය එකක් බව ලක්බිම නොදන්නේ ද? කෙනෙකුගේ පෙඃද්ගලිකත්වය, මාධ්‍ය ආචාරධර්ම, නව තාක්ෂණය හා සබැදි ක්‍රියාවලීන් පිළිබඳව කිසිදු තැකීමක් නොකර සිදු කළ මේ ‛අවිචාරවත්’ ක්‍රියාව මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් විනාශ කරමින් රාජපක්ෂ රෙජීමය යන ගමනට තව තවත් තල්ලුවක් දීම නොවන්නේද?
    අනෙක නම් මෙම ඡායාරූපවල නිවැරදි බාවය පිළිබඳව කිසිදු පරීක්ෂනයකින් තොරව පලකිරීමේන් එයට කිසිදු සම්බන්ධයක් නැති පිරිමියෙකුට හෝ ගැහැනියකට කුහක ලාංකිකයින්ගෙන් සමාජ ගර්භාවක්, අයුක්තියක් සිදුවුවහොත් එයට ලක්බිමට වගකිව හැකි වන්නේ ද?
    කෙසේ වෙතත් ‛ලක්බිම’ පුවත නිසා අවිචාරවත් වන්නට හැකි මේ ‛බිම’ යම් පමණකට හෝ විචාරශීලී බාවයකින් තම මාධ්‍ය භවිතාව සිදු කිරීමට තීරණය කළ(මෙම කරුණේ දී හෝ) ලක්බිම හැර අන් සියලු මාධ්‍යට(තවමත් මේ ඡායාරූප පල කර නැති, ඉදිරියේදී පලකිරීමට නියමිත මාධ්‍යවලටත් හැර) විචාරශීලි පුරවැසියන්ෙග් ගෞරවය හිමිවිය යුතු ය.
    (දැන්)පසු සටහන
    පසු ගිය යුද සමයේ සටන් කාමීන්ගේ සහ මියැදුණූ සාමාන්‍ය ජනයාෙග් නිරුවත් මළ සිරුරු මෙන්ම වෙඩි වැදී මිය ගිය, සිරුරු කෑලී මෙම සියලු මාධ්‍ය(එකක් දෙකක් හැරෙන්නට) පිටු පුරා, රූපවාහිණී තිර පුරා පළ කරමින් ලේ දකිමින්, වේදනාව විකුණමින්, සියලු මාධ්‍ය අචාරධර්මයන් කුඩු පට්ටම් කරමින්, යුද උන්මාදයෙන් ප්‍රිත්‍රි වූ සැටි ලියුම්කරුට මතකය.
    දැන් ඒ උණ්ඩයම, ඒ තුවක්කුවම තමන් දෙසටත් එල්ල වී තිබීම බොහෝ ජනයාට මෙන්ම, බොහෝ පත්තර, රූපවාහිණී, ගුවන් විදුලි මුදලාලිලාටත් සිතා ගන්නට තව වැඩිකල් යන්නෙ ද නැත.
    ඉතින් දැන් ආපහු කිරිබත් කමුද?
    තපූ
     
    • Like
    Reactions: EYE and Srilankan1

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    machan poddak pehedhili madhi.
    umba dhen kiyanne oya lipiya liyapu ekkenaata oya vidhiyata kiyanna aithiyak ne kiyaladha,neththam ehema kiyana eka hari kiyaladha?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට පෙනෙනා හැටියට පිස්සුව හොදටම තද වෙලා ය.


    තරගෙට දේශප්‍රේමී සුචරිතකාමීන් සියලු රැකියා ක්ෂෙත්‍ර හරහා ප්‍රාදුර්භූත වෙමින් තිබේ. මෑතකම උදාහරණය එන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙනි.


    ඒ නිරුවත් රගපෑම්හි යෙදුනු අයගේ රූප පුවත්පත්වල පළ කර හෝ ඔවුන් අල්ලා ගන්නා ලෙස දී ඇති නියෝගයෙනි.‍‍‍


    47000 වෙසගනන් ඉන්නා රටක උන් කරා හොර රහසේ ඇදී යන තවත් මිනිසුන් ලක්ෂ ගණනින් ඉන්නා රටක නිරුවත් සිනමාපටවල පෙනී සිටීම පුවත්පතක ප්‍රසිද්ධ කර දඩුවම් දීමට තරම් වැරැද්දක් වුනේ කෙසේදැයි මට වටහා ගත නොහැකි ය.


    අපි මේ රට ගැන දනිමු. මෙහි වෙසෙන්නන්ට මේ ආරංචිය ගෙවල් ගිනි තැබීමටත් පරපුරම අපහාසයට ලක්කර ගම්දනව්වලින් පන්නා දැමීමටත් දෙන උඩ ගෙඩියක් වනු ඇතැයි අපට හැගේ. මේ ගිනි තියන්නේ ධර්මද්වීපය බව මේ තීරණ ගන්නා අයට නොතේරෙන්නේ අපේ කරුමෙට ය.


    මේ ඊනියා සුචරිතවාදී දේශප්‍රේමීන් මේ සියල්ල කරන්නේ රටේ සිදුවන වැඩපිළිවෙලට බකප් එකක් දී තමන් ද එහි කොටස් කරුවන් වන්නට ය. හොද පොත්වල නම ලියා ගන්න ය. වන්නාට ය. ස්වාර්ථය සළසා ගැනීම ගැන උන්ට දොස් කියා පළක් නැති මුත් මේ සිදුවෙමින් තිබෙන දෙයෙහි බරපතළකම වටහා ගැනීමට යම් සිහිබුද්ධියක් ඇති මිනිසුන්වත් කටයුතු කළ යුතුව ඇතැයි අපට හැගේ.


    සුචරිතය අප දන්නා පමණින් සිත්වල වගා කළ යුතු එකකි. එය කෝටුමස් කිරීම මගින් කළ නොහේ. එයින් අදහස් කරන්නේ වැරැද්දට දඩුවම් නොදිය යුතු බව නොවේ. දඩුවම දීම තුළ තව වැරැද්දකට ඉඩක් නොතිබිය යුතු බව කියන්න ය. එය ශිෂ්ඨත්වයේ අවම සීමාවන් තුළ වත් රැදවිය යුතු බව කියන්න ය.


    සුචරිතය ඇති කිරීම ද සුචරිතවත්ව කළ යුතු බව කියන්න ය. අප මේ ගැන සටහන් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඒත් එය නැවත නැවතත් පුනරුච්චාරණය කළ යුතුව තිබේ.
    අප කළින් සටහන් වල කීවේ මෙතේ බුදුන් ඉක්මණින් ඉපදිය යුතු බව ය. දැන්නම් සිදුව තිබෙන්නේ ජේසු තුමාට නැවත උපදින ලෙස ඉල්ලා සිටින්නට ය. ‍හේතුව එතුමාට බේරා ගන්නට මරියා මග්දලේනාලා පහළව ඇති බැවිනි. පව්කාරයින් උන්ට ගල්ගසන්නට ඉඩ ඇති බැවිනි.


    එතෙක් ගැහැණුන්ට ගල් ගසන්නට ලෑස්තිවන පව්කාරයින්ට අපි මෙසේ කියමු. රහසින්වත් පව් කළ නැති එකෙක් හොයා දීපියව්. ඒකාට ගල් දහසක් අතට දීමට අපි කැමැත්තෙමු. ඒ අප සියල්ලන්ට ගසන්නට ය.



    http://beyondframe.wordpress.com/2010/11/05/ජේසුතුමනි-නැවත-පහළ-වනු-මැ/
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    mama hamadaama kiyawanne lakbima paththare! :):):):)

    thiththa wunath aththa athi sati palakarana paththarayak lakbima paththare.
    :yes::yes::yes::yes:
     
    Last edited:

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    issara nan oka hoda news paper 1k. irida lakbima aluth vidihe articles ehema sahenna damma. oke aithi kaaraya aanduwen chande illuwata passe dan nan lakbima = = silumina/ dinamina. redi nathuwa kade yanawa .
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    anith eka me photos wala nae Anusha Rajapaksa, Anusha Sonali, Udayanthi, Nirosha Virajani

    mokada un amathilata p*ka dena nisada?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    issara nan oka hoda news paper 1k. irida lakbima aluth vidihe articles ehema sahenna damma. oke aithi kaaraya aanduwen chande illuwata passe dan nan lakbima = = silumina/ dinamina. redi nathuwa kade yanawa .

    ubata denna ona uththere ubage comment ekema thiyenawa.uba hama deyak ganama palanne kola pata kannadi dala.anika lakbimeth ona tharam mahindatawiruddawa katha karana ayata ida deela thiyenawa.ara jepponge hadunneththi ge article eka hama iridama yana ekak.ehema thiyeddi uba kohomada kiyanne lanbima silumina dinamina gaanata watila kiyala?