ඕසෝන් ස්ථරයේ විනාශය කාලගුණය සහ
දේශගුණයට බලපාන්නේ මෙහෙමයි.
දේශගුණයට බලපාන්නේ මෙහෙමයි.
පෘථිවියේ වායුගෝලය මඟින් සූර්යයා ගෙන් ලැබෙන තාපය රඳවා ගැනීමට ඇති හැකියාව වීදුරු බිත්තිවලින් හා වීදුරු වහලයකින් සමන්විත හරිතාගාරයක් තුළ තාපය රඳවා ගැනීමට සමාන කරන්න පුළුවනි.කාබන්ඩයොක්සයිඩ් , මීතේන්, ක්ලෝරෝෆ්ලොරෝ කාබන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ ජලවාෂ්ප ප්‍රධාන හරිතාගාර වායු ලෙසින් සැළකෙනවා. මෙම වායු පෘථිවියේ වායු ගෝලයේ පහළ මට්ටම්වල සුළු ප්‍රමාණයෙන් ස්වභාවිකව පවතිනවා. සූර්යයාගේ සිට පෘථිවියට පැමිණ නැවතත් අවකාශයට පිට කරනු ලබන තාප ප්‍රමාණයෙන් කොටසක් වායුගෝලය තුළ රඳවා ගැනීමෙන් පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරීම මෙම හරිතාගාර වායු මගින් සිදු කෙරෙන්නකි.මෙයට හරිතාගාර ආචරණය යැයි පවසනවා.
හරිතාගාර වායු ස්වභාවිකව නොතිබුණා නම් පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -18 ක් පමණ වීමට ඉඩ තිබුණි. එහෙත් සුළු ප්‍රමාණවලින් හරිතාගාර වායු තිබීම නිසා එම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 කින් ඉහළ ගොස් තිබෙනවා. මින් පැහැදිලි වන්නේ ජීවීන්ගේ පැවැත්මට මෙම හරිතාගාර වායු ඉතා වැදගත් කාර්ය භාරයක් සිදු කරන බවයි. එහෙත් මෑතක සිට පෘථිවි වායුගෝලයේ පවතින හරිතාගාර වායු ප්‍රමාණයෙ ඉහළ නැගීමක් සිදුවී තිබෙනවා. ඊට හේතුව මිනිස් කි‍්‍රයාකාරකම්ය. ඉන්ධන පිළිස්වීම, වන විනාශය සහ මිනිසා තමන්ගේ එදිනෙදා කටයුතු සඳහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ද, වායු ගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ ගොස් තිබෙනවා. හරිතාගාර වායුවල සාන්ද්‍රණය තව තවත් වැඩිවීමට ඉඩ හැරියහොත් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය වර්ෂ දස දහසක කාලය තුළ දී පැවති උෂ්ණත්වයේ වැඩිවීමට වඩා වැඩි වේගයකින් ඉහළ යනු නිසැකයි.
වායු ගෝලයේ සාමාන්‍යයෙන් පැවතිය යුතු මෙම හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ නැගීම හේතුවෙන් ඕසෝන් වායු ස්ථරයට හානි සිද්ධ වෙනවා. ක්ලෝරීන්, බ්‍රෝමින් වැනි පරමාණු ද, ක්ලොරෝ ෆ්ලෝරෝ කාබන් හේලෝන වැනි මිනිසා විසින් නිපදවනු ලබන වායු වලින් ඕසෝන් ස්ථරය විනාශ වන්නේ කෙසේ දැයි මඳක් විමසා බලමු. ෆ්ලෝරීන් සහ ක්ලෝරීන්් එක්වී ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් සෑදී තිබෙනවා. මෙහි අඩංගු ක්ලෝරීන් පරමාණු ඕසෝන් විනාශ කිරීමට මුල් වෙනවා. වායුගෝලයේ දිගු කලක් රැඳී සිටීමට හැකියාවක් ඇති ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වායුගෝලයට එකතු වෙනවා. මෙසෙ එකතු වන ඛ්ජ්ඛ් සූර්ය ශක්තියේ අඩංගු පාරජම්බුල කිරණ අවශෝෂණය කර ක්ලෝරීන් පරමාණු නිදහස් දිගින් දිගටම ඕසෝන් වායු අණු බිඳ දමනවා. මෙසේ ඕසෝන් වායුවෙන් බිඳ වැටෙන ඔක්සිජන් පරමාණුවක් ක්ලෝරීන් පරමාණුවක් හා එක්වී ක්ලෝරීන් මොනොක්සයිඩ් අණුවක් සාදනවා. ක්ලෝරීන් මොනොක්සයිඩ් අණුව ද නැවතත් බිඳ වැටී වෙන්වන ක්ලෝරීන් පරමාණුව නැවතත් ඕසෝන් අණුවක් සමඟ ප්රතිකි්රයා කරනවා. මෙම ක්ලෝරීන් පරමාණුව වායුගෝලයේ රැඳී සිටිනතාක් මෙම කි‍්‍රයාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා.
ඕසෝන් වායු ස්ථරය තුනී වන්නේ මේ ආකාරයටයි.මිනිසා විසින් සිදුකරනු ලබන විවිධ කි‍්‍රයාවලිවල ප්‍රතිඵලයක් ලෙසින් වැඩිවෙමින් පවතින හරිතාගාර වායුවල බලපෑම ද, කාන්තාරකරණයේ ප්‍රතිඵලයක් ලෙස ද ලෝක ගෝලයේ දේශගුණ රටාවල විවිධ විපර්යාස ඇති වෙන්නට පටන් ගෙන තිබෙනවා. මේ නිසා පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. 19 වැනි ශත වර්ෂය අවසාන භාගයේ සිට මේ දක්වා පෘථිවි ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3 සහ සෙල්සියස් අංශක 0.6 ක අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා.
පොදුවේ ගත් විට ගොඩබිමෙහි රාතී‍්‍ර කාලයේ උෂ්ණත්වය වැඩි වීම දිව කල උෂ්ණත්වයේ වැඩවීමට වඩා වැඩි වී තිබෙනවා. එමෙන්ම පසුගිය ශතවර්ෂ තුළ දී මුහුදු මට්ටම සෙ. මී. 10 සිට සෙ. මී. 25 ක ප්‍රමාණයකින් වැඩි වී තිබෙන අතර ඊට ප්‍රධාන හේතුව ද පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමයි. මේ නිසා ධ්‍රැවාසන්න වල අයිස් තට්ටු දිය වී යාමේ තර්ජනයට ද ලක් වී තිබෙනවා.ලෝකයේ සමහර ප්‍රදේශවලට වැඩි වර්ෂපතනයක්් ලැබිය හැකි අතර සමහර ප්‍රදේශවල වර්ෂාපතනය අඩුු වී යයි. අධික උෂ්ණ දින ගණන වැඩිවනු අතර සීතල දවස් ගණන අඩුවේ. ජල ගැලීම්, සුළි සුළං ද වැඩිවනු අතර දීර්ඝ නියඟයන් ද ඇති වීමේ හැකියාව තිබෙනවා.


