*විදෙස් ඇමතුම් බදු ඉහළට -දේශීය ඇමතුම් ගාස්තු පහතට

විදේශ ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන බද්ද රුපියල් 2 ක දක්වා ඉහළ නංවන බවත්, දේශීය ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන ගාස්තුව 2011 ජූලි මස සිට රුපියල් 2 සිට රුපියල් 1 .50 දක්වා පහළ දැමීමට කටයුතු කරන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
*මෘදුකාංග මත අයකරන වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවතට
ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා වැට් බද්ද ඉවත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2011 අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කරයි.
*සෑම රණවිරු පවුලකම තෙවන දරුවාට රුපියල් ලක්ෂයක්
සෑම රණවිරු පවුලකම උපදින තෙවන දරුවාට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය.
*මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ ආදායම් බද්ද ඉහළට
මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ කර්මාන්ත සඳහා අයකරනු ලබන ආදායම් බද්ද 35% සිට 40% දක්වා ඉහළ නංවන බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
*පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්
සියලුම පෞද්ගලික අංශ හා සංස්ථා සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙම සේවක විශ්‍රාම වැටුප් අරමුදල ඒ සඳහා 2%ක ප්‍රතිශතයක් සේවක වැටුපෙන්ද 2%ක ප්‍රතිශතයක් සේවා යෝජකයින්ගෙන් ද අයකරනු ලබයි.
එමෙන්ම මෙම අරමුලද සඳහා සේවක අර්ථසාධක අරමුදලෙන් ද 2%ක ප්‍රතිශතයක් මෙම අරමුදලට බැර වන බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සඳහා වසර 10 ක අවම සේවා කාලයක් පැවතීම ද අවශ්‍යය.
*රාජ්‍ය සේවකයින්ට 5%ක අන්තර් දීමනාවක්
රාජ්‍ය සේවකයින්ට 5%ක අන්තර් දීමනාවක් වශයෙන් වැටුප් වැඩිවීමක් ලබා දීමට මෙවර අයවැය තුළින් යෝජනා වී තිබේ.

ඒ අනුව ඇතැම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 3500කට ආසන්න ප්‍රමාණයකින් පමණ ඉහළ යනු ඇති බව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව පවතින වැටුප් විෂමතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙකුගේ වැටුප් වර්ධක අහිමි වී ඇති බවත් කඩිනමින් වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා එහි දී කියා සිටියේය.
තවද රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාව ද ලබන වසරේ සිට රුපියල් 300ක් දක්වා ඉහළ නැංවීමට මෙවර අයවැය තුළින් යෝජනාවිය.
මේ අතර ලබන වසරේ දී උපාධිධාරීන් දස දහසකට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම සඳහා ද මෙවර අයවැය තුළින් යෝජනා ඉදිරිපත් වී ඇත.
ඒ අනුව රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසකට මෙසේ උපාධිධාරීන් බඳවා ගැනීමට අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කළ බව ජනාධිපතිවරයා පැවසීය.
*ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත් අයකරයි

ආනයනික වැඩසටහන් මත අයකරන බද්ද කේබල් ටීවී සම්බන්ධතා සඳහා ද අයකිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ තුළින් උපයන ආදායම දේශීය සිනමා කර්මාන්තය නැංවීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව අද පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
*වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 10%න් ඉහළට
වාහන ලියාපදංචි ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කළ බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
එමෙන්ම වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 10%න් වැඩි කිරීමට ද කටයුතු කරන බව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
*උපාධිධාරීන් 10, 000 ට රාජ්‍ය අංශයේ රැකියා
ලබන වසරේ දී උපාධිධාරීන් 10, 000 ට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම සඳහා ද මෙවර අයවැය තුළින් යෝජනා ඉදිරිපත් වී ඇත.
ඒ අනුව රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසකට මෙසේ උපාධිධාරීන් බඳවා ගැනීමට අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කළ බව ජනාධිපතිවරයා පැවසීය. 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
*ඒකක 90 ට වැඩි විදුලිය සඳහා බද්ද 8% න් වැඩි කරයි

:
ඒකක 90 ට වැඩි විදුලි පරිභෝජනය සඳහා අය කරනු ලබන බදු මුදල 8% න් ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.
2011 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

:ඒකක 90 ට වැඩි විදුලි පරිභෝජනය සඳහා අය කරනු ලබන බදු මුදල 8% න් ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.

Last edited: